"ග්‍රෙගෝ, හැකි ඉක්මණින් කුමරු රැගෙන ආරක්ෂිත තැනකට පිටව යන්න..ඔවුන් දැනටමත් අපගේ සීමාව ආක්‍රමණය කොට අවසන්.. අප හැකිතරම් වේලාවක් ඔවුන් නවතාගන්නම්.. කරුණාකර මගේ පුත් කුමරා තනිනොකර නියමිත කාලය එළඹෙන තෙක් ඔහුට ආරක්ෂාව සපයන්න.. මේ මොහොතේ මට විශ්වාස කළ හැකි එකම පුද්ගලයා නුඹයි..මා දන්නවා ඔබ ඒ විශ්වාසය රකින බව..දැන් ඉක්මණින් මෙතැනින් පිටව යන්න ග්‍රෙගෝ..."
"රැජිණියනි, මා ඔබතුමියට පොරොන්දු වෙනවා මගේදිවි ඇති තුරා කුමරුව රැකබලාගන්නා බවට..පරිස්සම් වන්න රැජිණියනි.."
තම රැජිණියට හිසනමා ආචාර කරමින් එසේ කියූ ග්‍රෙගෝ නම් තරුණ ඇල්ෆා රැජිනගේ තුරුලේ සනීපයට ගුලිවෙලා නිදන් හිටිය පුංචි කුමාරයාව තම දෝතට ගනිමින් එතැනින් පිටව ගියේ වෘක රාජධානියේ අනාගතය පිළිබඳ තිගැස්මක් හිත තුළ සඟවගෙනයි...
වේදනාත්මක කෙඳිරිලි, කෑගැසීම් අතරේ රෞද්‍ර ගෙරවුම් හඬවල් තම තියුණු දෙසවන් හරහා ගමන් කරද්දි තදඅළු පැහැ හැඩිදැඩි,ශක්තිමත් වෘකයෙක් හීයක වේගයෙන් ඉදිරියට ඇදුණේ තම පිට මත ඇති ලොම් අතර ගුලි වී සැපට නිදන් ඉන්න පුංචි ගැලවුම්කාරයා ආරක්ශා කිරීමේ අරමුණෙන්.
ඝන අන්ධකාරය මුළු පරිසරයම වෙලා ගත් මොහොතක, සඳ එළියේ ආධාරයෙන් විශාල වනයක් මැදින් වේගයෙන් ඉදිරියට ඇදෙන වෘකයාගේ ඉව රෞද්‍ර වෘකයන්ට නොදැනුනේ සඳ දෙව්දුව ඊට අකැමැති නිසා කියලා අනුමාන කරන්න පුලුවන්. වේගයෙන් ඉදිරියට ඇදී ආ වෘකයා වනයේන් පිටතට පැමිණ මිනිස් ලෝකයට පා තබා යළිත් තම මිනිස් ස්වරූපයට පැමිණෙමින් කුමරුව තම දෝතට ගෙන කුමරු දෙස බලාසිටියේ මහත් වූ අනුකම්පාවකින්.
වනයෙන් පිටතට පැමිණි තරුණයා ඉක්මන් අඩි තියමින් ඉදිරියට ගියේ ජනාකීර්ණ නගරයක් තුළටයි.දරුවෙකු තුරුල් කරගෙන මධ්‍යම රාත්‍රියේ සක්මනේ යෙදෙන තරුණයාට ඇතැමුන්ගේ අවධානය යොමු වුනත්, ඒකිසිදු බැල්මක් තම ගමනට බාධාවක් කර නොගත් ග්‍රෙගෝ, කුලී රථයක ආධාරයෙන් ඇතුලු පාරක කෙළවරට වී පිහිටා තිබෙන ගොඩනැගිල්ලක් අසලට පැමිණ කුලී රථ හිමියාට මුදල් ගෙවා ගොඩනැගිල්ලේ ගේට්ටුව විවෘත කරගනිමින් ඒ තුළට ගමන් කළා...
මාස හතක් අටක් පමණ වයසැති කුඩා බිළින්දාව 'ජෝසප් අනාථ නිවාසය' හි දොරටුව අසළින් තබා මද වේලාවක් කුමරු දෙස බලා සිටියේ වරදකාරි හැඟීමකින්..
"මාගේ කුමරුවනි, මට වෙනත් විකල්පයක් නෑ.. මට දහස් වාරයක් සමාවන්න කුමරුණි... නියමිත කාලය පැමිණෙන තෙක් ඔබ මිනිස් දරුවෙකු ලෙස හැදී වැඩෙණු ඇතියි...."
අනාථ නිවාසයේ දොරටුව ඉදිරිපස සිටගත් ග්‍රෙගෝ, එසේ පැවසුවේ සමාව අයදින ස්වරයකිනි. හයක් හතරක් නොතේරෙන පුංචි කුමරුට හිසනමා ආචාර කොට අනාථ නිවාසයේ දොරට තට්ටු කර, වේගයෙන් එතැනින් පිටව ගොස් අන්ධකාරය තුළ සැඟව එහි දොර දෙස බලාසිටියා.මද වේලාවකින් දොර විවෘත කරමින් එළියට පැමිණි මැදි වියේ ගැහැණු අයෙක් තම දෙපා මුල හඬමින් සිටින බිළිදා වඩාගෙන වටපිට බලන අයුරු ග්‍රෙගෝ බලා සිටියේ ලා කඳුළු පටලයක්ද තම දෑස් තුළ සඟවගෙනයි.
වටපිට බැලූ එම කාන්තාව බිලින්දා රැගෙන ගොඩනැගිල්ල තුළට ගොස් දොර නැවත වසාදැමූ පසු ග්‍රෙගෝ එතනින් නික්ම ගියත්, කුමරුගේ ආරක්ශාව වෙනුවෙන් ඔහුට වෙනත් විකල්පයක් තිබුණානම් ඔහු නිසැකවම කුමරුව මෙවන් ස්ථානයක දමා නොයන්න තිබුණා......
-වසර 17කට පසු-
Someone's Pov -
ඩක... ඩක... ඩක... ඩක...
ම්ම්... රෝලර්කෝස්ටර් ලයිට් වර්සන්...
හැබැයි බන් මොන ඇදේ කිව්වත් කෝච්චියේ යද්දි අර ඩක ඩක සද්දෙයි ගැස්සිල්ලයි නැති උනාම නිකන් ලුණු නැති පරිප්පුව වගේ වෙනවා.. ආ නැද්ද??? කෝච්චිය උනත් ගස්ස ගස්ස යද්දි තමා බන් ඒකෙත් පොඩි මෙව්ව එකක් තියෙන්නේ...
හෙනකඳයා වගේ එකපාර පාත්වෙලා කියවන්නේ මේ මොකාද කියලා ඔයාලා බලනව ඇතිනෙහ්?? මං නෙතුන්... නෙතුන් හසරැල් ද සිල්වා..
නෙතුන් හසරැල් ද සිල්වා
අවුරුදු 17
මම ඇවිල්ලා මචං අනුරාධපුරේ එල ගමේ කොල්ලෙක්... අම්මගෙ වදේට ශිෂ්‍යත්වේ පාස් වෙලා නගරෙ ලොකු ඉස්කෝලෙකට ගියත් මචන් මං තාම කන්පියුස් වෙලා ඉන්නේ මං ඕලෙවල් මේතරම් හොදට පාස් උන විදිහ හිතාගන්න බැරුව.. පාස් වෙයි කියල හිතුවට කීයටවත් මං නම් හිතුවෙ නැ මං මේතරම් ඉහලින් පාස් වෙලා කොළඹ ලොකු ඉස්කෝලේකටත් යන්න පුලුව්න් වෙයි කියලහ්.. සමහරවිට 'අපේ සීයා ගුරුකම් දන්නවා මේක පාස් කරලා නොඑව්වොත් හැදිගෑවිලම යන්න මතුරනව' කියලා පේපරේ උඩ ලියල යැව්ව නිසා පාස් කරලා එව්වද කියලත් වෙලාවකට හිතෙනවා..
කොහොමින් කොහොම හරි මං ඕලේවල් පාස් වෙලා මේ කොළඹ යනගමන් ඉන්නේ..එහේ ඉස්කෝලෙක ඉගෙනගන්න මට අවස්ථාව ලැබුණා.. මොනා උනත් දාහෙන් එකකට ලැබෙන චාන්ස් එකක් නිසා මාත් ඉතින් මේ උඩ දාගෙන යනවා.. හැබැයි අපරාදෙ කියන්න බෑ අපේ අනුරාධපුර මෙහෙට වඩා දාහෙන් සම්පතක් කියලා මට හිතුනේ මෙහෙ පාරවල් වල ට්‍රැෆික් එකයි,කොන්ක්‍රීට් වනාන්තරෙයි දැක්කට පස්සේ...අනේ මන්දා මෙහෙ උන් කොහොම ජීවත් වෙනවද කියලා.. මට දැන්මම ඇතිවෙලා වගේ..
තෙරපිලා තෙරපිලා තව ටිකෙන් මැරෙනව යකූ... තාම කෙල්ලෙක්ගේ අතින් අල්ලලා නෑ එහෙම මම හිත හදන් මැරෙන්න කොහොමද... පුදුම සෙනඟක්නේ ඉන්නේ... සමහරවිට අද සිකුරාදා නිසා කස්ටිය ගෙවල් වලට යන නිසාද මන්දා මේතරම් සෙනඟ.. කොහොමහරි සෙනඟ ගොඩ අස්සේන් රිංගලා රිංගලා මන් කෝච්චියෙන් එලියට බැහැගත්තා..
"පුතා...හසරැල්...මෙහෙ මෙහෙ..."
හම්ම්බේ දෙයියෝ බුදුන් දැක්කා වගේ...මේ ඉන්නේ මං ඇස් කරක කරක හොයපු මනුස්ස පරානේ... අපේ මාමා... අපි අනුරාධපුර හිටියට මෙයැයිලා ඉන්නේ කොළඹ... මගේ හැටි දන්න නිසා වෙන්නැති අපේ අම්මා මාව මාමාට භාර කරලා තමා මෙහෙ එව්වේ... කොහොමත චූටි පුතාගේ හපන්කම්... ම්ම් පුදුමයි නේද...
"කොල්ලො උඹෙ උස... තාත්තගේ කපාපු පලුව දැන්නම්..."
මම රූං ගාලා දුවගෙන ගිහින් මාමාගෙ ඇගට පැන්නම මාමා අමාරුවෙන් මාව වාරුකරගෙන සුපුරුදු තැටිය දිගෑරියා... ඇත්ත.. මං අපේ අප්පච්චි වගේ.. රූපේ,හැඩරුව,උස,මහත ඔක්කොම අපේ අප්පච්චි වගේ..
මාමාගෙයි පුතාගෙයි ලව් එකට පස්සේ අපි දෙන්නම පිටකොටුවෙන් එලියට ඇවිත් ටැක්සි එකක් අරං මාමලගේ ගෙදරට යන්න පිටත් උනා..
"පුතා දැන් මොනාද ඉස්සරහට කරන්න ඉන්නේ..?"
"කොමස් සෙක්ශන් එකෙන් ඒලෙවල්ස් කරලා කැම්පස් යන්න තමා ඉතින් මාමේ..."
"ඔව් පුතා.. ඒක තමා වෙන්න ඕනේ.. අම්මා උබව එව්වේ මාව විශ්වාස කරලා කොල්ලො... එහෙ ඇන්ටිලට ඇස් ගගහ නටපු නාඩගම් මෙහෙ එහෙම නටන්න ලෑස්ති වෙන්න එපා..උබට කුඩ පාර තමා කන්න වෙන්නේ"
හරිනෙ හරිනෙ...අම්මා ඒකත් මාමාට කියලා..විලි ලැජ්ජාවේ සංතෝසේ බෑ අප්පා.. කොලුකමට ඇන්ටිලාට ඇස් ගැහුවා තමා ඒත් ඒව්වා මෙහෙම කියන එක මේ පුංචි පුතාගේ චරිතෙට හොද නෑනේ..ආ නැද්ද?? අතීතයේ යම් යම් දේවල් සිදු උනාට ඒවා වර්තමානෙට ගාවගන්න හොද නෑනේ...
කතාවෙන් කතාවෙන් අපි අන්තිමට මාමලගෙ ගෙදරටම ආවා.. වාහනේ සද්දේ ඇහිලද කොහෙද ගෙයින් ඔලුවට ඔලුව දාලා බලපු නැන්දා මාව දැක්කට පස්සේ මල්හතේ හිනාවක් මූණේ පුරවගෙන ඇවිත් කිටියෙ කිටියෙ මාව බදාගත්තා.. මට වඩා කොට උනු නැන්දවත් මං ආපිට බදාගත්තේ නැන්දා නැන්දා කිව්වට අම්මා වගේම මං නැන්දට ආදරේ කරන නිසා.. නැතුව මම මේ වැඩිය ඇල්ලිලිලි පැද්දිලි වලට ආස කෙනෙක් නෙමෙ එව්ව් එව්ව්..
හරියටම අවුරුදු හතරක්.. අවුරුදු හතරකට පස්සෙයි මම කොළඹ ආවේ.. අවුරුදු හතරකට පස්සෙයි මම මාමලව දැක්කේ.. එදා අපේ රේණු නැන්දගේ දුව බැන්ද දවසෙ ආවට පස්සේ අද තමා මම කොළඹ ආවේ.. ආගිය තොරතුරු කතාබහ කරාට පස්සේ නැන්දා මටම කියලා ලෑස්ති කරලා දුන්න කාමරේ පෙන්නුවේ වොශ් එකක් දාගෙනම ඇවිත් කෑම කන්න කියලා. ඇත්තටම කිව්වොත් මටත් මහ ලොකුවට බඩගින්නක් තිබ්බේ නෑ... එනකන්ම මං කරේ කඩචෝරු ගිලපු එකනෙ.. බඩේ කොහෙද ඉඩ..
මම බෑග් දෙක තුනත් උස්සන් කාමරේට ඇවිත් ඇද උඩින් බෑග් ටික දාල ශෝටකුයි ශර්ට් එකකුයි අරන් වොශ් රූම් එකට ගිහින් ගමන් මහන්සියත් යන්නත් එක්කම හොදට නාගත්තා.. අම්මට කෝල් එකක් ගන්නත් ඕනේ.. අපේ අප්පච්චි වැඩකලේ පොලිසියේ.. එයා පොලිස් නිලධාරියෙක් නිසා ගෙදර පාලනෙ කරෙත් නිකන් හිර ගෙයක් වගේ.. පෝලින් ගස්සලා පුපට නෙලපු නැති ටික විතරයි... ඒත් ඔය හිරගේකට පුළුවන්ද මේ චූටි පුතාව මෙල්ල කරන්න?? කොහෙත්ම බෑ මිත්‍රවරුනි කොහෙත්ම බෑ... අපේ අප්පච්චි ගෙදර හිරගෙයක් කරගත්තට මං කරේම හිරෙන් පැනපු එක..
හොදට නාලා කරලා කාමරෙන් එලියට ඇවිත් බලනකොට නැන්දා කෑම මේසෙත් ලෑස්ති කරලා...
"උඹ මේ හවස් යාමේ නෑවද...?? තියෙන මොලෙත් දියකරගනින්කො එතකොට හරි"
අපේ මාමා කිව්වොත් කියන්නේ ඔයවගේ කතාවක් තමා..අපි මාමයි පුතයි උනාට ඉන්නෙම යාලුවො දෙන්නෙක් වගේ..ඒකනෙ මං මාමට ආතරේ....
ම්ම්ම් ගමේ කෑම වගේනෙමෙ ඉතින් මෙහෙ කෑම..අවුලක්මත් නෑ.. හොදට ගලපල උයලා තිබුණා.. හොදට කිරට පරිප්පුවකුයි, සැරට හදපු චිකන් එකයි, පපඩමුයි බැදලා.. නියමයි!! කෑම ටික දැක්ක ගමන් මං කෑම මේසේ ගාවට පියාබගෙන ගිහින් ඉතියෝපියාවේ ඉදන් ආපු මොකාද එකා වගේ කාගෙන කාගෙන යන්න පටන් ගත්තා.. බඩ පැලෙන්නම කාලා නැන්දා එක්කත් කෝප්පයක් හොදලම මං ආවේ නිදාගන්න..
ඇද උඩ දාලා තිබ්බ බෑග් වල රෙදි,පොත් අනික් බඩු ටිකත් පිලිවට කාමරේ අසුරලා මම හෙමීට ඇදේ ඇලවෙන ගමන් ෆෝන් එක අතට ගත්තේ අම්මට කෝල් එකක් ගන්න හිතාගෙන.
"හෙලෝ අම්මා.."
"සුදුමහත්තයා... පරිස්සමට ගියා නේද..මාමා මට කෝල් කලා.."
"ඔව් අම්මේ මං පරිස්සමින් ආවා...."
අම්මා එක්කත් ටිකවෙලාවක් කතාකරලා ඇරලා තියෙන ජනේලෙන් එන හීතල හුළගත් විද විදම මම බැලුවේ හඳ දිහා..අද හඳ දිලිසෙනවා... මම ආසම විදිහට දිලිසෙනවා.. පාඩම්කරන පොත් මේසෙත් තිබුණෙ ජනේලේ ගාව නිසා සත්තයි මට පාඩම් කරනකන් දැන් ඉවසිල්ලක් නැ... ම්ම් චූටිපුතා හොදළමයෙක් වෙන්නයි යන්නේ...
හෙට සෙනසුරාදා... සදුදාට අලුත් ඉස්කෝලෙට යන්න ඕනේ.. මොනවගේ ඉස්කෝලයක්ද කව්ද දන්නේ? මොනවගේ උන් ඉන්නවද මන්දා.. මාමා නම් කිව්වේ නිවාඩු දවස් දේකේ කොළඹ ඇවිදින්න යමුයි කියලා..මාත් එකපයින් නෙමෙ දෙපයින්ම වැඩේට කැමති උනා.. ම්ම්ම් රුපයිල් දාහකවත් දඩයක් දාන්න ඕනි..
හද දිහා බලාගෙනම මාමගෙ පොකට් එකට විදින හැටි හිත හිත හිටපු මට ඒහෙමම නින්ද ගියේ ඇගට දැනුණු තෙහෙට්ටු ගතිය නිසාම වෙන්නැති...
--------------------------------------------------------------
හායි ළමයිනෙ... මේක මං ලියන දෙවෙනි කතාව උනාට මේ ඇක් එකෙන් දාන පලවෙනි කතාව..අනික් ඇක් එක හොයාගන්න නැ මොනා උනාත මන්තා 🥲🫠
ඔයාලා කතාව කියලා අදහස් කියාගෙන යන්න.. වෝට් කරලා කමෙන්ට් එකක් දාන්න.. ශෙයා කරන්න පුලුවන්නම්...
එහෙනම් මං ආයෙ ඉක්මනින් එන්නම් පරිස්සමින් ඉන්ඩලා 😌🤍