𝑴𝒚 𝑷𝒓𝒊𝒏𝒄𝒆 || MYG ✅

By Ms_Crazy7

3K 559 139

" ඔයා මට කොහොම සැලකුවත් කමක් නැහැ...! ඔයාට මේ හිතේ තියන තැන එහෙම්මමයි..." 🥀 • S̶o̶ Y̶e̶o̶n̶ • ____... More

𝘗𝘢𝘳𝘵 01 🍃
𝘗𝘢𝘳𝘵 02🍃
𝘗𝘢𝘳𝘵 03 🍃
𝘗𝘢𝘳𝘵 04 🍃
𝘗𝘢𝘳𝘵 05 🍃
𝘗𝘢𝘳𝘵 06 🍃
𝘗𝘢𝘳𝘵 07 🍃
𝘗𝘢𝘳𝘵 08 🍃
𝘗𝘢𝘳𝘵 09 🍃
𝘗𝘢𝘳𝘵 10 🍃
𝘗𝘢𝘳𝘵 11 🍃
𝘗𝘢𝘳𝘵 12 🍃
𝘗𝘢𝘳𝘵 13 🍃
𝘗𝘢𝘳𝘵 14 🍃
𝘗𝘢𝘳𝘵 15 🍃
𝘗𝘢𝘳𝘵 16 🍃
𝘗𝘢𝘳𝘵 17 🍃
𝘗𝘢𝘳𝘵 18 🍃
𝑷𝒂𝒓𝒕 19 🍃
𝘗𝘢𝘳𝘵 20 🍃
𝘍𝘪𝘯𝘢𝘭 🍃
𝐄𝐩𝐢𝐥𝐨𝐠𝐮𝐞 ✨️

𝘗𝘢𝘳𝘵 21 🍃

132 28 11
By Ms_Crazy7

තවත් දරාගන්න බෑ කියල හිතෙද්දි වොශ් රූම් එකේ ශවර් එක යට ඇදන් හිටපු ඇදුම් පිටින්ම ඉදගෙන ඇඟ දිගේ බේරිලා යන වතුර දිහා බලාගෙන මං කෑගහලා අඬන්න ගත්තෙ මේ වෙලාවෙ මට බාදා කරන්න කවුරුත් එන්නෑ කියල දැනගෙන...

.

.

.

After one month 🍃
Author pov🌷~

කිසිම විශේෂත්වයක් නැතුව සෝයොන්ගෙ ජීවිතේ ගලාගෙන ගියේ එකදිගට සේරිගෙන් තිබ්බ කරදර වැඩිවෙද්දි..
කෙල්ල කිසිම දෙයක් නොකියාහැමදේම ඉවසන් හිටියෙ තමන් ඉන්නෙ අනුන්ගෙ තැනක නිසා..
ඔයාලට හිතෙන්න පුලුවන්
' ඉතින් සෝයොන්ට යුන්ගිගෙ ගෙදරින් යන්න පුලුවන්නෙ ' කියලා..
හැබැයි කෙල්ල එහෙන් නොගියෙ හේතුවක් නිසා..

සේරි මොනව කරත් ඉවසන් හිටියත් හැමකෙනාටම වගේ සෝයොන්ගෙත් ඉවසීමේ සීමාව කවදහරි නැතිවෙන්න පුලුවන්..
ඒක කවද කොහොම වෙයිද කියල ඉතින් දන්නෙ දෙවියොම විතරයි..

.

.

.

Yoongi' s house
Author pov🌷

⏲️......ට්‍රීං......ට්‍රීං......ට්‍රීං.......⏲️

🌼" ආආආආආආහ්...."

කන ලඟ ඉදන් එලාම් එක කෑගහන සද්දෙට කෙල්ල කොට්ටෙ අරන් කන් දෙක වහගත්තත් එලාම් එක එකදිගට වදින නිසා සයිඩ් ටේබල් එක අතගාලා අමාරුවෙන් එලාම් එක ඕෆ් කරේ ආයෙ ඩුවට් එක ඔලුවෙ ඉදන් පොරවගන්න ගමන්..

ටිකකින් මොකක්හරි දෙයක් මතක් උනා වගේ කෙල්ල ඩුවට් එක අයින් කරල කොන්ඩෙත් විහිදගෙන ඇඳේ ඉදගත්තෙ ඇස් හිනී කරන්..
එකපාරට බෙල්ල හරෝලා නයිට් ස්ටෑන්ඩ් එක උඩ තිබ්බ එලාම් එක දිහා බැලුවම වෙලාව දැක්ක ගමන් කෙල්ලගෙ ඇස් උඩ ගියේ හොදටම පරක්කුවෙලා නිසා..

🌼" අයිශ්...පරක්කු උනොත් අරූ මාව මරන් කයි " 😬

ඇදෙන් බිමට පැන්න පාර ඩුවට් එක පැටලිලා කෙල්ල ගුවන්ගත උනේ චොක් ගාලා නහය බිම ඇනෙද්දි..

🌼" අවුච්...ඔම්මාහ් " 😩

නහයත් අතගගා ඩුවට් එකට පයින් ගහලා අයින් කරපු කෙල්ල වැටි වැටී වොශ් රූම් එක ඇතුලට ගියේ දෙයියො සිහි කර කර..

.

.

🌼" හෝඕඕඕඕඕඕව්....."

කෙල්ල පාන් පෙත්තක් කකා බස් හෝල්ට් එකට දුවන් එද්දිම බස් එක එතනින් ගියේ කෙල්ල ටික දුරක් බස් එක පස්සෙන් දුවන් යද්දි..

🌼" ආයිශ්...මෝඩ ඩ්‍රයිවරයා.. දැක දැක දාලා ගියානේ..."

බිම තිබ්බ ගලක් අරන් බස් එක ගිය පැත්තට විසි කරලා කෑගහපු කෙල්ල තරහින් අඩි පොලවෙ හැප්පුවෙ මිනිස්සු නිකන් අමුතු ජීවියෙක් දිහා බලනවා වගේ කෙල්ල දිහා බලද්දි..
ආයෙ බස් එකක් එනකම් පයින්ම පාර දිගේ කෙල්ල දුවන්න ගත්තෙ පරක්කු නිසා..

.

.

🍁" සෝයොනා...මේ මොකද " 😳

🌼" හැහ්....හැහ්....හැහ්....ෆූහ්.... අම්මෝහ්.....හාහ්...." 🥵

කම්පැනි එකෙන් ඇතුලට දුවපු ගමන් කෙල්ල මේන් ඩෝ' එක ලග ඉදන්ම දනිස් දෙකට අත් දෙක තියන් හති අරින්න ගත්තෙ බල්ලෙක් වගේ දිවත් එලියට දාගෙන..
කෙල්ලව දැක්ක හේසු පුදුමෙන් කෙල්ලගෙන් ඇහුවෙ මොනවහරි කරදරයක් වෙලා කියල හිතලා..

🌼" මු...මුකුත් නෑහ්...ප...පයින්..ආ.. ආවෙහ්..." 🥵

🍁" 😅😅😅😅😅"

කෙල්ල හති දදා කියද්දි හේසු හිනාඋනේ දෙයක් මතක් වෙලා.. හේසු හිනාවෙද්දි කෙල්ල රවලා බැලුවෙ මේක හිනාවෙන්න තරම් දෙයක්ද කියල අහන්න වගේ බැල්මක් එක්ක..

🌼" මො...මොකෝ හිනාවෙන්නෙ ආහ් "😒

🍁" අනියා...මට දෙයක් මතක් උනා.."

🌼" ඒ මොකද්ද " 😑

🍁" ඔයා කම්පැනි එකට ආපු පළවෙනි දවසෙත් මේ විදිහටම පිස්සු බල්ලෙක් පැන්නුවා වගේ දුවන් ඇවිත් හතිඇරියා " 😅

හේසු හිනාවෙවීම කියද්දි කෙල්ලටත් හිනාවක් ගියේදවස මතක් වෙලා..

🍁" ඒකනෙවේ..අන්න සර් ඔයාව හොයනව.. හොදටම කේන්ති ගිහින් ඉන්නෙ.." 😐

හේසු එහෙම කිව්වම කෙල්ල ඇස් කරකෝලා හිතින් යුන්ගිට රැව්වා..

🌼" ඒ මනුස්සයා කොහොමත් ඉන්නෙ නැට්ට ගිනිගත්ත ගමන්නෙ ඔන්නි " 😑

කෙල්ල හේසුටත් යනවා කියාගෙන කැබින් එකට ආවෙ දැන් අනිවාරෙන් යුන්ගිගෙන් කනේ ඇගිලි ගහගන්න බැනුම් අහන්න වෙන නිසා..

.

.

🌼" සර්....? "

🐱" එනව අයිසෙ.."

කෙල්ල හොද හුස්මක් අරන් කැබින් එක ඇතුලට ගියේ යුන්ගි මොනා කිව්වත් තරහ ගන්නැ කියල හිතාගෙන..

🐱" බලනවා අයිසෙ..තමුසෙලට හරියට වැඩක් කරගන්න බෑ මදිවට කම්පැනි එකට එන්නෙත් හිතුන හිතුන වෙලාවට.. මේක අම්බලමක් කියල හිතුවද.. කෝ මං ඊයෙ රෙඩි කරන්න කිව්ව ෆයිල් එක..? අද මීටින් එකේ ෆයිල් එකත් නෑ.. අද උදේ 8.30 වෙද්දි බෝඩ් මීටින් එකක් රෙඩි කරන්න කිව්වා කරාද..මුකුත් නෑ...මුකුත් නෑ.. පඩිය විතරක් හරියට ගන්නවා " 😡

යුන්ගි අත පය විසික් කර කර තරහට මූනත් රතු කරන් කෙල්ලට කෑගහන්න ගත්තෙ කන් අඩි පැලෙන තරම් සද්දෙන්..

🌼" සර්...ඒ ෆයිල් ඔක්කොම මං ලොකර් එකට දාලා ගියේ " 😐

යුන්ගි බැනලා ඉවරවෙලා කැබින් එකේ ලොකු වින්ඩෝ එකෙන් එලිය බලාගත්තෙ සාක්කු වලටත් අත් දෙක දාගෙන.. යුන්ගි ටිකක් සංසුන් උනා කියල තේරුනාම සෝයොන් ඉක්මනට නිදහසට කරුණු ඉදිරිපත් කරන්න ගත්තෙ කොල්ලා එක බැල්මක්වත් කෙල්ලට නොදී බලන් ඉද්දි..

🐱" හරියටම තව පැය භාගෙකින් 9 වෙද්දි බෝඩ් මීටින් එක රෙඩි කරල තියෙන්න ඕනි.."

🌼" අරස්සෝ සර්. "

කෙල්ල යුන්ගිට bow කරල ඉක්මනට කැබින් එකෙන් එලියට ගියේ රාජකාරි වැඩකදි ඇරුනම වෙන කිසිම වෙලාවක වචනයක්වත් මේ මාසෙ ඇතුලත යුන්ගි එක්ක කතා නොකරපු නිසා..
එදා සේරි බැන්නම කෙල්ල අඩලා අඩලා අන්තිමට හිතාගත්තෙ කම්පැනි එකේදිවත් අත්‍යවශ්‍ය වැඩකට ඇරුනම යුන්ගි එක්ක කතා කරන්නැ කියලා කෙල්ල හිතාගත්තා..
සෝයොන් යුන්ගිගෙන් ටික ටික ඈත්වෙද්දි යුන්ගිට ඒක දරාගන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ..
කොච්චර කෙල්ලව කතාවට අල්ලගන්න හැදුවත් කෙල්ලහැමවෙලේම යුන්ගිව මගෑරපු නිසා කොල්ලා පරන හිටපු යුන්ගිම වෙන්න ගත්තා..
සෝයොන් ඉදපු කාලෙ කෙල්ල එක්ක රණ්ඩු කරපු, එකටඑක කියපු, හිනාවෙලා හිටපු, කෙල්ලගෙන් ලැබෙන ප්‍රෑන්ක් වලට ආපිට රිටර්න් එක දුන්න යුන්ගි නැති වෙලා ගිහින් ආයෙත් පරන හිටපු නපුරු, හිතුවක්කාර යුන්ගි මතුවුනා..

.

.

Yoongi pov🌷

මං දන්නව මගෙ හිතේ දැන් සේරි ගැන කිසිම හැඟීමක් නෑ කියලා..
ඉස්සර ඉදන් ආදරේ කියන එක මං හරියට තේරුම් අරන් නෑ.. මට ආදරේ කියන දේ හරියට තේරුනේ සෝයොන් මගෙ ජීවිතේට ආවට පස්සෙ..
ඔව්.....
මං සෝයොන්ට ආදරේ කරනවා කියලා මගෙ හිතට තේරුම් ගියේ කෙල්ල මගෙන් ඈත් වෙනකොට..

කෙල්ල හරියට මැජික් එකක් වගේ මාව වෙනස් කරේ.. මං හැමවෙලේම හිනාඋනා, වෙනදට වැඩිය කතා කරා, මගෙ සහෝදරයො එක්ක කාලෙ ගෙව්වා.. ඒත් අද එයාම ආයෙත් මාව පරණ යුන්ගිම කරා..

මට තේරෙන්නෑ මගෙන් කෙල්ලට උන වැරැද්ද මොකද්ද කියලා..
මොනව උනත් කෙල්ල මෙහෙම වෙනස් වෙන්න හේතුව සේරි කියල මගෙ හිත කිව්වා..
ඉස්සර වගේ මාත් එක්ක කතා නොකරනකොට, මං දිහා ඔලුව උස්සලා නොබලනකොට, මං එක්ක හිනා නොවෙනකොට කතා නොකරනකොට මගෙ හදවත පුදුම විදිහට රිදෙන්න ගත්තෙ..
මට දැන් තේරෙනවා ඒකට හේතුව..
මං කෙල්ලට ආදරෙයි. හැබැයි ඒක මට කියාගන්න බෑ සේරි ඉන්නකං..
හැබැයි කෙල්ල මාව මගාරිද්දි මට කෙල්ල එක්ක එන්නෙ පුදුම තරහක්. හැමවෙලේම බැලුවොත් අර සෝජුන්කාරයා එක්කමයි. වෙලාවකට මට හිතෙනවා මේකි සෝජුන්ට කැමතිද කියලා..
හැබැයි බේබි ඔයා මගේ විතරයි...😌
මොන දේ උනත් !!

.

.

Next day
@Yoongi' s house
So Yeon pov🌷

අද කාලෙකට පස්සෙ ඔන්නිලා දෙන්නම මෙහෙ ඇවිත් නිසා කට්ටිය එකතුවෙලා පාටියක් දාන්නයි යන්නෙ..
ජින් ඔප්පා යුන්හි ඔන්නි එක්ක කෑම ගැන බාරගන්නවා කිව්ව නිසා කාටවත්ගැන කිසිම ප්‍රශ්නයක් තිබුන්නෑ..
පාටි එක ගාඩ්න් එකේ තියමු කිව්ව නිසා හොබී ඔප්පයි ජීසු ඔන්නියි ගාඩ්න් එකට වෙලා පාඩුවෙ එතන හදන ගමන් මලක් කඩන් ඉද්දි අර පූස්නාම්බා නම් හිටියෙ දවසම සෝෆා එකේ පතබෑවිලා..
අම්මපා මූට නිදියන්න තියනවනම් කෑම ඕනිත් නෑ.. 😒
ජූන් ඔප්පා නම් කම්පැනි එකේ වැඩකට ගියේ අද ජින් ඔප්පාත් නැති නිසා හවසට එන්නම් කියලා..
ටේමින් ඩබලත් වෙනසක් නෑ..
උන් දෙන්නත් කොහෙද ගිහින් මායි කුකියයි තමයි අන්තිමට ඉතුරු උනේ..

බඩේ ලැව් ගින්නක් පැතිරෙන්න ගත්ත නිසා පොඩි බඩගින්නට සුපර් ජිම් පප්පාස් ස්පෙශල් කියලා මොනවහරි හොයාගෙන රූම් එකෙන් එලියට ඇවිත් පඩි දෙක දෙක අතෑර අතෑර පඩිපෙළ බැහැගෙන ආපු මං ඊයෙ පෙරේදා ඉදන් මගෙ වටේ කැරකෙන සිකුරට පිං සිද්ද වෙන්න කටින් ධම්මපද රාශියක් විහිදවමින් අන්තිම පඩියෙදි ගුවන්ගතවෙලා පස්ස බිම ඇනගත්තෙ අති සෝබමාන ආකාරයෙන්.. 🥲

වැටුන ඉක්මනට මං හිටගත්තෙ වටේට රබර් ඇහැ දානගමන් මං වැටුන එක දැක්ක මොකාහරි ඉන්නවද කියල බලන ගමන්මයි..

🌼" හොද වෙලාවට අර සමයම නැත්තෙ.. දැක්කනම් මේක පත්තරේටත් දාලා මදි පාඩුවට මට කැලෑ පත්තරත් ගහයි. එහෙව් එකී " 😒

අම්මෝ පස්ස 🤧
වැටුන පාර හොදවයින් පස්සට පාරක් වැදුන නිසා රිදුන පස්සත් අතගාගෙන අමාරුවක් නෑ වගේ කිචන් එක පැත්තට ගියේ මොනව උනත් ගින්න අමතක කරන්න බැරි නිසා..

[ හැබැයි කෙල්ල දැක්කෙ නෑලු එයා වැටෙන එක දැකපු පූසෙක් හිනාව හිර කරගෙන ඉන්න ගිහින් පුටුවෙන් බිමට වැටිලා කැපිච්ච පණුවෙක් වගේ නලියනවා..🙂 ]

මං කිචන් එක පැත්තට යනකොට කුක්කා ඉන්නවා උලුවස්ස ලගින් හොම්බ කිචන් එකට දාගෙන පස්සත් දික් කරන්..
අර කාගෙදෝ වගේ එකපාරට මතුවෙන මගේ වල් කමයි වනචරකමයි මේ වෙලාවෙත් එලියට පැන්නා මිත්‍රවරුනි..
කිසි ලෝභකමක් නැතුව අත දිගෑරලා හයේ පාරක් කුක්කගෙ පස්සටම එල්ල කරාම කොල්ලා ගැස්සිලා ගිහින් කෑගහගෙන උඩ පැනලා මගෙ පැත්තට හැරුනෙ පස්සත් අල්ලන්..

🐰" ආයිශ් මුගෙ අ*%ට #%$* බේ*ක හු%&..." 😑

කුක්කගෙ කටින් රමණීය ලෙස කුනුහරප වැලක්ම පිටවෙද්දි පොඩි එකාගෙ හැදියාව දරාගන්න බැරි තැන මං අත දිගෑරලා ඔලුවටම පොල් ටොක්කක් ඇන්නා තට්ටෙ හිල්වෙන්නම

🌼" මොනාද යකෝ තෝ කියවන්නෙ.. කාටහරි ඇහුනොත් " 😒

🐰" අයිශ්...මොකද්ද සෝ ඔයාට වෙලා තියෙන්නෙ.. මොන ඉලව්වකටද මයෙ සුට්ටන් හා පස්සට ගැහුවෙ " 😑

🌼" හිහී...දන්නැද්ද ඉතිම් " 🌝

මං සයිඩ් අයිස් දාගෙන අතේ ඇඟිලි එකට හප්ප හප්ප කිව්වෙ කුක්කා මට ඇඩ්‍රස් නැති වෙන්නම රවද්දි..

🐰" බලනවකො.. පාඩුවෙ ෆිල්ම් එකක් බල බල හිටියා.. කොහෙන්දෝ කඩාපාත්වෙලා ඒක විනාස කරානෙ "

🌼" මොන ෆිල්ම් එකක්ද " 🙄

🐰" තමුසෙත් බලනවකො.. පට්ට ෆිල්ම් එක ඈහ්..කෑගහන්න බෑ හැබැයි " 🌝

කුක්කා එහෙම කිව්වම මාත් කුක්කා වගේම උලුවස්ස අස්සෙන් කිචන් එකට හොම්බ දැම්මෙ මගෙ ඔලුවට උඩින් කුක්කගෙ බලු හොම්බත් කිචන් එකට එබෙද්දි..
ඔමෝ ඔමෝ.. 😱
ජින් යුන්හි කපල් එක කිචන් එකේ කොටු කොටු දර්ශන පෙන්නනවා..
ගෝඩ් !! මයි පුවර් ලිට්ල් අයිස්

මං ඔලුව උස්සලා කුක්සන් දිහා බැලුවෙ තනි ඇහැට ඇඩෙද්දි... මූත් මගෙ දිහාට කැත හිනාවක් දාලා ආයෙ කිචන් එක ඇතුල බැලුවෙ අපි දෙන්නා කටවලුත් ඇරගෙන බලන් ඉන්න බවක් නොදැන ජින් ඔප්පා දිගටම එයාගෙ වැඩේ කන්ටිනිව් කරන් යද්දි...

🌼" කව්ද ඩෝ ලයිට් නිව්වේහ්.." 😵

🐰" ශිකේ...කෑවා කෑවා හොදම කෑල්ල කෑවා.." 😵

එකපාරට වටේම අදුරුවෙලා යද්දි මං කෑගහන්න ගත්තෙ ලයිට් නිව්ව එකාට බැන බැන.. මං එක්කම කුක්කත් කෑගහන්න ගත්තෙ එයාටත් මුකුත් පේන්නෙ නැතුව ගිය නිසාද කොහෙද..

🐯" යාහ් ජින් හ්‍යොං.. මොනවද මේ ප්‍රසිද්ධියෙ කරන ඒවා "

🐥" ලැජ්ජ නැද්ද ජින් හ්‍යොං..මේ පොඩි උන් දෙන්නත් දැක්කා.."

🌼" කව්ද යකොව් පොඩි.. මං ලොකු ලමේක් කියල දන්නැද්ද "

🐰" මට 18+ යකොව් "

ටේ ඔප්පගෙයි ජිමින් ඔප්පගෙයි කටහඬවල් ඇහෙනවත් එක්කම ආය නිවල තිබ්බ ලයිට් දැම්මෙ මායි කුක්කයි ටේමින් ඩබල කිව්ව දේට තරයේ විරුද්ධ වෙද්දි..
අපි දෙන්නම කිචන් එක පැත්ත බලද්දි යුන්හි ඔන්නි ජින් ඔප්පගෙ පපුවෙ ඔලුව තියාගෙන ඉන්නව වගේම ජින් ඔප්පා මූනත් රතු කරන් අපි දිහා බලන් ඉන්නව දකිද්දි මට තේරුනා ෆිල්ම් එක ඉවරවෙලා කියල..

💙" උබලට ලැජ්ජ නැද්ද යකුනේ මේවා බලන් ඉන්න " 🙂

🌼🐰" ඔයා ලැජ්ජ නැතුව පෙන්නනවනම් අපි මොකටද බලන්න ලැජ්ජ වෙන්නෙ " 😌

මායි කුක්කයි දෙන්නම එකපාරම කියද්දි ජින් ඔප්පගෙ මූන ඇදවෙලා ගියේ ටේ ඔප්පයි ජිමින් ඔප්පයි බිම පෙරලි පෙරලි හිනාවෙද්දි..
අහිංසක කපල් එක තව ජෝක් එකට නොගෙන මං කුක්සන් එක්කම එතනින් ගියේ ඊලග කපල් එක මොනව කරනවද කියල බලන්න.. 🌝

.

.

Time passed 🍃
Next day
Author pov🌷~

🌼" ආශ්...පන්ඩිතකමට එක්කන් යන්නම් කියල කුදලන් ආවා.අන්තිමට පයින් යන්න උනේ " 😑

කෙල්ල බෑග් එකත් අල්ලන් ඉස්සරහින් ඇවිදන් යන යුන්ගිට බැන බැන පස්සෙන් ගියේ යුන්ගි එක්ක ඇවිත් වෙච්ච දෙයක් නිසා කොල්ලට රව රව..
කෙල්ලව එක්කන් යන්නම් කියලා කොල්ලා වාහනේ දාගෙන ආවෙ පුරුදු විදිහට කම්පැනි එකෙන් එලියට එද්දි..
මගක් එද්දි කාර් එකේ බ්‍රේක් ඩවුන් එකක් නිසා කාර් එක පාර මැදම නවතිනකොට දෙන්නා කාර් එක පාරෙ දාලා ඉස්සරහට එන්න ගත්තෙ ටැක්සි එකක් හම්බෙනකන්..

🌼" මේ ඕයි..බස් එකේවත් යමු " 😒

🐱" වට්..? මින් කම්පැනි එකේ චෙයාමන් බස් එකේ යන්න..? මොන ලැජ්ජ නැති වැඩක්ද ඒක " 😑

කෙල්ල කිව්ව එකට කොල්ලා ගමන නවත්තලා හැරිලා ඇහුවෙ තිබ්බ ලොකුකමට.. මොන දේ උනත් අලි ඔලුවෙ නම් කිසි අඩුවක් නෑ කියලා තේරුනාම කෙල්ල කට ඇද කරලා කොල්ලට රැව්වා..

🌼" පුහ්...මහ ලොකු චෙයාමන්. වාහනයක්වත් නැතුව පයින් ගාටනව "

කෙල්ල ඇහෙන නෑහෙන ගානට මිමිනුවත් යුන්ගිට ඒක ඇහුනා..

🐱" මට ඇහුනා.."

🌼" ඇහෙන්න තමයි කිව්වෙ " 😒

🐱" කොෆි එකක් බීලා යමුද.. මට මහන්සී.."

ටිකකින් යුන්ගි කියද්දි කෙල්ලත් මුකුත් නොකියා ඔලුව වැනුවෙ එයාටත් මහන්සි නිසා..
ඉස්සරහා තිබ්බ කොෆි එක ඇතුලට යන්න කොල්ලා දොර තල්ලු කරත් දොර ඇරුනෙ නෑ.. කොල්ලා දොර බදාගෙන කොෆිශොප් එකේ එලියෙ පැත්තට දොර අදිනකොට කෙල්ල කොල්ලව එහාට තල්ලු කරා..
කෙල්ල දොර කොෆිශොප් එකේ ඇතුල් පැත්තට තල්ලු කරන් දොර ඇරගෙන යද්දි කොල්ලා බලන් හිටියෙ තමන්ට ඇරගන්න බැරි උන දොර කෙල්ල ඇරියෙ කොහොමද කියලා..

.

.

දෙන්නා කොෆිශොප් එකෙන් එලියට එන්න කලින් එකපාරට වැස්සක් කඩාගෙන වැටෙන්න ගත්තෙ දෙන්නා ශොප් එක ඇතුලෙම ටික වෙලාවක් ඉද්දි..

🐱" ගෝඩ් හතටත් ලගයි.."

වොච් එක දිහා බලපු යුන්ගි කිව්වෙ මෙච්චර වෙලා වැස්සෙන් බේරෙන්න එහාටයි මෙහාටයි දුවන මිනිස්සු දිහා බලන් හිටපු කෙල්ලගෙ ඇස් යුන්ගි දිහාවට හැරෙද්දි..

🌼" වැස්ස කියල නොබලා යමු යුන්ගිශි.. තව පරක්කු උනොත් කට්ටිය බයවෙයි "

කෙල්ල එහෙම කියල ඉදන් හිටපු තැනින් නැගිට්ටෙ එලියෙන් ටැක්සි එකක් අල්ලගන්න හිතන්.
දෙන්නම ශොප් එකේ ඩෝ එක ලගට වෙලා ටිකක් හිටියෙ යනවද නැද්ද කියලා කල්පනා කරනවා වගේ.. ඒ එක්කම වගේ එයාලගෙ ඉස්සරහින් ටැක්සි එකක් නැවැත්තු ඇතුලෙ හිටපු කෙනා කුඩයක් අරන් බහිද්දි..
කෙල්ල ටැක්සි ඩ්‍රයිවට ඉන්න කියද්දි යුන්ගි තමන් දාගෙන හිටපු කෝට් එක ගලවලා දෙන්නගෙ ඔලුව උඩින් අල්ලගත්තෙ කෙල්ල බෙල්ලෙන් එහාට වෙලා කොල්ලා දිහා ' මේ මොන විකාරයක්ද ' වගේ බැල්මක් දාද්දි..
යුන්ගි ලාවට හිනාවක් දාද්දි කෙල්ල කොල්ලා දිහා බලාගෙනම මෙච්චර වෙලා අතේ තියන් හිටපු කුඩේ ඉහලගෙන ටැක්සි එක ලගට ගියේ වෙච්ච දේ හිතාගන්න බැරිඋන කොල්ලා විනාඩියක් දෙකක් එහෙම්මම ඉද්දි..

🌼" යුන්ගිශි...එන්නැද්ද ?? " 🙄

🐱" ම්...මේ එනවා "

කෙල්ල ටැක්සි එක ලග ඉදන් අහද්දි යුන්ගි ඉක්මනට ටැක්සි එක ලගට දුවලා ගියේ කෙල්ලගෙ වෙනස්වෙන හැසිරීම ගැන කල්පනා කර කර..

.

.

.

Next day
@Min Industry
So yeon pov🌷

🌼" සර්...මට එන්න කිව්වද..? "

කැබින් එකේ ග්ලාස් විඩෝ එකෙන් එලිය බලාගෙන සාක්කු දෙකට අත් දෙකත් ඔබාන හිටපු පූස්ගෙන් මං ඇහුවෙ ඉක්මනට යන්න හිතන්..

🐱" ඇයි මාව මගාරින්නෙ ?? "

🌼" සොරි සර්..?? "

🐱" නිකං මං කියන දේ තේරෙන්නෑ වගේ හැසිරෙන්න එපා සෝයොනා.."

හැමදාම මගෙන් එකම ප්‍රශ්නෙ අහද්දි මං හැමදාම වගේ අසරණ උනා..
' මං ඔයාට ආදරෙයි..ඒත් ඔයාගෙවත් සේරිගෙවත් සම්බන්දෙ කඩලා දාන්න ඕනි නැති නිසයි මගාරින්නෙ ' කියල කියන්න කොච්චර ඌමනා උනත් වෙනදා වගේම මං නිහඬ උනා.
අනික ඔයා ආදරෙත් සේරිටනෙ යුන්ගි..
ඒක එහෙමනම් ඇයි මාව මෙහෙම රිද්දන්නෙ..? මාව සෙල්ලම් බඩුවක්ද ඔයාට..? මාව ටයිම් පාස් එකටද ලං කරගත්තෙ..? එහෙම නැත්තම් මෙහෙම හැසිරෙන්නෙ මගෙ ඇඟ නිසාද..?
අනී...මොනවද මේ හිතන්නෙ.එයා කවදාවත් මං දිහා නරක විදිහට බලලවත් නෑ...

🐱" මට උත්තර දෙනවා සෝයොන්..? මොකද්ද තමුසෙයි අර සෝජුනායි අතර තියන සම්බන්දෙ ආහ්..? " 🤨

මගෙ උරහිස් දෙකෙන් තදට අල්ලං මගෙ මූනටම එබිලා එහෙම අහනකොට මගෙත් ඉවසීමේ සීමාව පැන්නා..
ඇයි මේ කොහෙවත් ඉන්න සෝජුන්ව මේකට ඇදලා ගත්තෙ..?
මෙයා හිතන්නෙ මායි සෝජුනුයි ඩේටින් කියලද..? 😳 වැරදිලාවත් ඒක එහෙමද..

🌼" යුන්ගිශි..මොකද්ද මේ කරන විකාරෙ..? හැමදාම එකම දේ අහන්නෙ මොකද..? හැමවෙලේම ඇයි මගාරින්නෙ ඇයි මගාරින්නෙ මගෙන් උන වැරද්ද මොකද්ද සෝජුන් කව්ද ඔයාගෙ... මොකද්ද වෙලා තියෙන්නෙ. මේක කම්පැනි එක..මං ඔයා යටතෙ වැඩ කරනවා කියලා මගෙ personal life එක ඔයාගෙ පාලනේට ගන්න බෑ..🤨
අනික සෝජුන් මගෙ කවුරු උනාම මොකද.. මගෙයි සෝජුන්ගෙයි අතර තියෙන්නෙ මිස්‍ටර් යුන්ගිගෙයි මිස් සේරිගෙයි අතර තියන දේම තමයි..
එතනින් එහාට මුකුත් කතා ඕන්නෑ.."

අද කවදාවත් නැතුව මට හුගක් කේන්ති ගිහින් මගෙ උරහිසේ තිබ්බ එයාගෙ අත් දෙක එහාට විසිකරලා කෑගැහුවෙ හිතේ තිබ්බ දුකටමයි..
මට ඕනි කරේ මේකෙ අවසානයක් දකින්න.. මං සෝජුන් මගෙ නම්චින් කියල කිව්වෙ එයා රට නිසා ඒක එච්චර අවුලක් නොවේවි කියලා..

ඇත්තටම සෝජුන් කියන්නෙ මගෙ හොදම යාලුවා.. එයා ආදරේ කරේ හේසු ඔන්නිට. හේසු ඔන්නිගෙන් කැමැත්ත ගන්න තමයි එයා මාව නිතරම හම්බුනේ.. සෝජුන් මට වඩා වැඩිමල් උනත් තාම එයාට ඔප්පා කියාගන්න මට බෑ.. අනික සෝජුන් ඔප්පා යන්න කලින් කියල ගියේ ඕනිම ප්‍රශ්නෙකදි.... විශේෂෙන් යුන්ගි ගැන ප්‍රශ්නෙකදි ඕනිම උනොත් එයාගෙ නම පාවිච්චි කරන්න කියලා.. හේසු ඔන්නිත් අවසර දුන්නා..
හේසු ඔන්නිව යාලු කරගන්න ප්ලෑන් ගහන්න අපි ගොඩක් වෙලාවට නිතර හම්බුන නිසා අපි ඩේටින් කියල ගොඩක් අය හිතපු එකත් ඒකට වාසියක් උනා..

මං යුන්ගිට කෑගහල එතනින් එන්න හැරුනත් මගෙ අතකින් ඇදලා අරන් මගෙ තොල් වලට බරවෙලා ඒවා වේගෙන් කිස් කරන්න ගත්තෙ මං එයාගෙන් ගැලවෙන්න එයාගෙ පපුවට ගහද්දි.. ඒත් මගෙ අත් දෙකම පිටිපස්සට කරලා තනි අතින් අල්ලගෙන අනික් අත මගෙ බෙල්ලයි කම්මුලයි අතර තියාගෙන වේගෙන් ලිප් කිස් කරන්න ගත්තෙ තරහා පෙන්නන්න වගේ..

මංකිස් එකට react නොකරපු නිසා එයා මාව අතෑරලා පස්සට වෙනකොට මෙච්චර වෙලා තිබ්බ තරහා කඳුලු වෙලා මගෙ වේදනාවත් එක්ක කම්මුල් දිගේ කඩන් වැටුනෙ කවදාවත් මං ආදරේ කරපු යුන්ගිගෙන් මෙහෙම දෙයක් බලාපොරොත්තු නොවුන නිසා..
තිබ්බ තරහටයි දුකටයි මං එයාගෙ කම්මුලට හයියෙන් පාරක් ගහලා අඩ අඩම ඉක්මනට මගෙ කැබින් එකට ඇවිත් දොර වහගෙන ඒකටම හේත්තුවෙලා අඩන්න ගත්තෙ හිතේ තිබ්බ දුකටමයි..

.

.

Yoongi pov🌷

කෙල්ල කිස් එකට ප්‍රතිචාර නොදක්වපු නිසා මං එයාව එහෙම්ම අතෑරියෙ මං කරපු දේ දරුණු වැඩී කියල මටම හිතෙද්දි උනත්වෙනකොටත් මං පරක්කු වැඩී..
කෙල්ලගෙ ඇස්වලින් කදුලු වැටෙනකොට මගෙ කම්මුල රත්වෙන්න පාරක් වැදුනෙ මට හිතාගන්න බැරි වෙද්දි.. මටත් තරහා ගියා..
අනික් පැත්තට කෙල්ලට ගහන්න හැරුනත්වෙද්දි කෙල්ල අඩාගෙන කැබින් එකෙන් ගිය නිසා ටේබල් එක උඩ තිබ්බ ඔක්කොම අතින් තල්ලු කරලා බිමට වට්ටලා විනාඩි ගානකින් මුලු කැබින් එකම වනසලා දාපු මං එහෙම්ම සෝෆා එකට වැටුනෙ හති අරින ගමන්..

🐱" ආආආර්ර්ර්ර්ර්ර්ර්හ්හ්හ්.." 😫

මං සෝෆා එකේ තිබ්බ කොට්ට දෙකත් බිමට විසි කරලා කොන්ඩෙත් අත් දෙකෙන්ම ඇදගන්න ගමන් බිමට නැවුනෙ දනිස් දෙකට වැලමිට තියාගෙන කොන්ඩෙ අතර අත් රදෝගෙනම..

ශිට්.....💥 මේ ඔක්කොම උබ නිසා සේරි.. මේවට වගකියන්න ඕනි තමුසෙ.. මාවයි මගෙ කෙල්ලවයි වෙන කරෝපු තමුසෙ තමයි...😫

මං තරහින්ම කා' කී එකයි ෆෝන් එකයි අරන් කැබින් එකෙන් ආවෙ කැබින් එක ක්ලීන් කරන්න කියලා ක්ලීනින් සර්විස් එකට කියාගෙනමයි..

.

.

.

❤️......................................................❤️

ගොඩ කාලෙකින් නේ ලමයි 🙂

අනේ සොරි ෆෝන් එකෙ පොඩි අවුලක්..
මගෙ නෝට් පෑඩ් එක ඩිලිට්වෙලා කෙල්ලනි..
අයියෝ මං අලුතින් ලියන්න හිටපු කතා දෙක තුනකම, මේ කතාවෙත් ඇතුලුව ඔක්කොම නෝට් තිබ්බෙ ඒකෙ.. 😫
දැම් ඉතිම් හුලං තමයි සැක් 🙂💔

ඒනම් අවසාන එකෙන් හම්බෙමූ.. 👋
බායි..
සරංහේයෝ ❤️

කුරිරු ඕතරී 😈

Continue Reading

You'll Also Like

94.4K 2.9K 75
Alastor X Female Reader You and Alastor have been best friends since you were 5 years old. With Alastor being the famous serial killer of your time...
1.2M 52K 98
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
356K 15.3K 39
જ⁀➴ᡣ𐭩 hidden, various hazbin hotel characters x female reader જ⁀➴ᡣ𐭩 𝑰𝒏 𝒘𝒉𝒊𝒄𝒉 we follow an angel named y/n, who had her bes...
408K 12.3K 94
Theresa Murphy, singer-songwriter and rising film star, best friends with Conan Gray and Olivia Rodrigo. Charles Leclerc, Formula 1 driver for Ferrar...