𝑴𝒚 𝑷𝒓𝒊𝒏𝒄𝒆 || MYG ✅

By Ms_Crazy7

3K 559 139

" ඔයා මට කොහොම සැලකුවත් කමක් නැහැ...! ඔයාට මේ හිතේ තියන තැන එහෙම්මමයි..." 🥀 • S̶o̶ Y̶e̶o̶n̶ • ____... More

𝘗𝘢𝘳𝘵 01 🍃
𝘗𝘢𝘳𝘵 02🍃
𝘗𝘢𝘳𝘵 03 🍃
𝘗𝘢𝘳𝘵 04 🍃
𝘗𝘢𝘳𝘵 05 🍃
𝘗𝘢𝘳𝘵 06 🍃
𝘗𝘢𝘳𝘵 07 🍃
𝘗𝘢𝘳𝘵 08 🍃
𝘗𝘢𝘳𝘵 09 🍃
𝘗𝘢𝘳𝘵 10 🍃
𝘗𝘢𝘳𝘵 11 🍃
𝘗𝘢𝘳𝘵 12 🍃
𝘗𝘢𝘳𝘵 13 🍃
𝘗𝘢𝘳𝘵 14 🍃
𝘗𝘢𝘳𝘵 15 🍃
𝘗𝘢𝘳𝘵 16 🍃
𝘗𝘢𝘳𝘵 17 🍃
𝘗𝘢𝘳𝘵 18 🍃
𝘗𝘢𝘳𝘵 20 🍃
𝘗𝘢𝘳𝘵 21 🍃
𝘍𝘪𝘯𝘢𝘭 🍃
𝐄𝐩𝐢𝐥𝐨𝐠𝐮𝐞 ✨️

𝑷𝒂𝒓𝒕 19 🍃

105 27 1
By Ms_Crazy7

After one week
Author pov🌷~

ගෙවුන සතිය පුරාවටම සේරිගෙන් සෝයොන්ට පුදුම වදයක් තිබ්බෙ..
කෙල්ල මොනා කරත් සේරිට ඒකට ඇදයක් නොකියා ඉන්නම බැරි උනා වගේම ඉඩක් ලැබෙන හැමවෙලේම කෙල්ල පුලුවන් උපරිමෙන් වද දුන්නා..
හැබැයි යුන්ගි ඉන්න තැනනම් සේරි බබා වගේ ඉන්නෙ යුන්ගිට තරහ ගියාම මොනවගේද කියල දන්න නිසා වගේම කොල්ලගෙන් අනුකම්පාව ගන්න..
හැබැයි අනික් කවුරු හිටියත් එතන යුන්ගි නැත්තම් සේරි සෝයොන්ට වද දෙන්න පුරුදුවෙලා හිටියා..

සේරි පුලුවන් හැමවෙලේම කම්පැනි එකට ගියත් ඒ ගොඩක් වෙලාවට කෙල්ල යුන්ගි එක්ක ඉන්න නිසා සේරිගෙන් බේරෙනවා උනාට කම්පැනි එකේදිත්  අනික් මිනිස්සුන්ට වගේම සෝයොන්ටත් සේරි අපහාස කරා..
ඉතින් සේරි කම්පැනි එකට එනවට එතන වැඩකරන කිසිම කෙනෙක් කැමති උන්නෑ වගේම සේරි ඇවිත් හිටියොත් එයාට පේනමානෙකවත් නොයින්න හැමෝම වගබලාගත්තා..
අනික් කොල්ලො හයදෙනාට වගේම යුන්හි, ජීසු දෙන්නටත් සේරිව එපා වෙලා තිබ්බෙ..
මොකද ඒ කාටවත් සේරි පාඩුවෙ ඉන්න දුන්නෑ.. ඒ වුනත් යුන්ගි ඉන්න තැනදි උපරිම අහිංසකයි වගේ රගපාලා කොල්ලො හයදෙනා එක්ක යුන්ගි රණ්ඩු වෙන තරමට යුන්ගිව එයාලගෙන් ඈත් කරලා, බොරු කියලා තිබ්බා..
සේරිගෙ බොරුවට අහුවුන යුන්ගි අනික් හැමකෙනෙක් දිහාම බැලුවෙ වැරදි කෝණෙකින්..

.

.

@Min Industry

👤" අන්න අදත් අර මළඇණේ ඇවිත්ලු.."

👥" හාපෝ..එහෙනම් අදත් ඉදල ඉවරයි.."

👤" ඒකතමයි..මං නම් අද දවසට යන්නෑ මිස්ටර් මින්ගෙ කැබින් එක පැත්තෙ."

🗣️" අපි නම් මෙහෙම හරි බේරෙනවා.. ඒත් අර අහිංසක සෝයොන් ගැන මට දුකයි "

👥" වේ?? දුක් වෙන්නෙ මොකටද "

🗣️" ඇයි අනේ.. අපි වගේ එයාට අරකිගෙන් හැංගිලා ඉන්න විදිහක් නෑනෙ.."

👤" ඒකනම් ඇත්ත හැබැයි. මං දැක්කා දවස් දෙක තුනක්ම අරකි සෝයොන්ට කරදර කරනවා.."

👥" පව් අනේ.. මට පේන්නෙ අර ගෑනි සෝයොන්ට වදදෙන්නෙ හිතලමද කොහෙද.. කොයි වෙලෙත් පැටලෙන්නමයි බලන්නෙ. "

🗣️" ඕකට කොනකින් හරි මිස්ටර් මින් ගෑවිලා ඇති.."

👥" යාහ් කට කට.. හිමීට කියනව. කාටහරි ඇහුනොත් ජොබ ඉවරයි " 

👤" නේ..යමු දැන් මෙතනින්. අර ඇනේ ආවොත් විනාසයි "

කතා කර කර හිටපු employees ලා තුන්දෙනා ඉක්මනට එතනින් ගියේ එයාලගෙ පිටිපස්සට වෙලා හේසු මේවා අහන් හිටිය බව නොදැන..

.
.

Yoongi' s cabin

🐱" එහෙනම් මේ ටික මෙ......"

💄" බේබී..."  

යුන්ගි කිය කිය හිටපු එක නැවතුනේ එකපාරට කැබින් එකේ දොර ඇරන් ආපු සේරි නිසා..
යුන්ගි ලග හිටන් හිටපු සෝයොන් එතනින් ටිකක් එහාට උනේ තව තප්පර ගානකින් සේරි ගස්සගෙන පද්දගෙන යුන්ගි ලගට එනවා කියල අත්දැකීමෙන් දන්න නිසා..

🐱" ඔයා යන්න සෝයොන්..මේක හේසු එක්ක බලන්න එහෙනම් "

🌼" ඕකේ සර්.."

කෙල්ල ෆයිල් එක අතට අරගෙන යුන්ගිට bow කරලා කැබින් එකෙන් එලියට ගියේ ලොකු හුස්මක් පාත දාලා..

🐱" මං කියල තියෙනව තමුසෙට කම්පැනි එකට එන්න එපා කියලා " 🤨

💄" මොකද්ද බේබි.. මේකෙ චෙයාමන්ගෙ ෆියුචර් වයිෆ් මමනෙ. මට එන්න අයිතියක් නැද්ද.."

සේරි තොල් උල් කරන් කියුට් මූනක් හදාගන්න ට්‍රයි කරන ගමන් කිව්වෙ යුන්ගි හිත යටින් සේරිට බනිද්දි..

🐱' mind : ෆියුචර් වයිෆ්...my ass.. හිතන් ඇති වයිෆ් වෙන්න 😒

🐱" ඒ වුනත් ආයෙ මෙහෙ එන්න එපා.. තාම වයිෆ් උන්නෑනෙ. උනාට පස්සෙ බලමු.." 🤨

යුන්ගි රවාගෙන කියලා ලග තිබ්බ ෆයිල් එකක් පෙරලගෙන මූන ඔබාගත්තෙ සේරිව ඉක්මනට යවාගන්න හිතන්..
කොල්ලටත් සේරිව වදයක් වගේ තේරුනේ..

💄" බේබී.. මට ශොපින් කරන්න ඕනි. කාඩ් එක දෙන්නකො.. "

🐱"වට් ?? ගිය සතියෙත් ශොපින් කරා නේද සේරි.. ඒ ඇඳුම් අදිනවවත් මං දැක්කෙ නෑ " 🤨

💄" මොකද්ද යුන්ගී...ඔයාට දෙන්න බැරිනම් කියන්න මං යන්න " 

සේරි මූනත් ඇද කරන් කියද්දි යුන්ගි තරහටම කාඩ් එකක් ඇදල අරන් සේරිගෙ පැත්තට විසි කරා.

🐱"ඕකත් අරන් මෙතනින් යනව සේරි මගෙ යකා අවුස්සන්නෙ නැතුව. "

💄" කුමාවෝ බේබි..බායි " 

යුන්ගිට ෆ්ලයින් කිස් එකක් දෙනගමන් කියපු සේරි වන වන කැබින් එකෙන් එලියට ගියේ යුන්ගි ලොකු හුස්මක් පාත දාද්දි..

.

.

Day by day skipped 🌿
Author pov🌷~

" මිස්...මේ මාසෙ ඔක්කොම ප්‍රොෆිට් ඩීටෙල්ස් මෙතන තියනවා.."

🌼" ආහ් ඕකේ.. ඔතනින් තියල යන්න"

කෙල්ල ෆයිල් එක දිහාම බලන් කිව්වෙ තව චෙක් කරන්න එහෙම්පිටින්ම ෆයිල් කන්දක්ම තියන නිසා..
සෝයොන් අමාරුවෙන් ෆයිල් කන්දම චෙක් කරලා සයින් කරන්න තියන ඒවා වෙනම වෙන්කරලා monthly profits ඩීටෙල්ස් තිබ්බ ෆයිල් එක අරන් චෙක් කරන්න ගත්තා..

🌼' ගෝඩ්... මොකද මේ මෝල් එකෙන් මෙච්චර ඩ්‍රෙසස් ගොඩක් නිකන් අරන් තියෙන්නෙ..සතියක් ගානෙ මේක වෙලානෙ.මදිවට හොටෙල්ස් වලත් මේ වගේ නිකන් ෆැසිලිටීස් මිස්යූස් කරලා බෑන්ක් එකෙනුත් ලක්ෂ ගානක් පිටට ගිහින්.. කව්ද මෙච්චර මේවා විනාස කරන්නෙ...
වට් ?? මේ ඔක්කොම කරල තියෙන්නෙ සේරිද ?? මේවා අර මෝඩය දන්නැද්ද.කලිනුත් මේ විදිහටම වෙලාද" 😳

ෆයිල් ඔක්කොම පෙරල පෙරල සෝයොන් බලන්න ගත්තෙ හැමතැනම වගේ ප්‍රොෆිට් වල බැලන්ස් එකේ ප්‍රශ්න තියන නිසා..
කෙල්ල පරන ෆයිල් ඔක්කොම වගේ අරගෙන මෙච්චර කාලෙකට හැම මාසෙකම වගේම අවුරුද්දකම ප්‍රොෆිට් ඩීටෙල්ස් බලන්න ගත්තෙ කලබලෙන්..
පහුගිය මාස තුනක ඇරෙන්න ඊට කලින් හැම මාසවලම ප්‍රොෆිට් බැලන්ස් ප්‍රශ්න තිබ්බා..

ප්‍රශ්න තියන අවුරුදු වල ඉන්කම් චෙක් කරන්න ගත්තෙ ඒවල වැරදි තියනවද බලන්න..
හැබැයිහැම එකේම ප්‍රඩක්ට්ස්, ෆැසිලිටීස් වගේම සල්ලිත් මිස්යූස් කරල තිබ්බා..
හැම එකම වෙන්න හේතුව සේරි කියලත් ෆයිල් චෙක් කරපු කෙල්ලට තේරුනා..

🌼" මෙතන මීට වඩා ලොකු දෙයක් තියනවා වගේ.. ඔක්කොටම කලින් අර මනුස්සයා මේවා දන්නවද කියල දැනගන්න ඕනි. "

කෙල්ල එහෙම හිතල සයින් කරන්න තිබ්බ ෆයිල් එක්කම ප්‍රොෆිට් ඩීටෙල්ස් තියන ෆයිල් එකත් අරන් යුන්ගිගෙ කැබින් එකට ගියා..

🌼" සර් මේ ෆයිල්ස් ඔක්කොම චෙක් කරා.. සයින් කරන්න තියෙන්නෙ. "

🐱" ඕකේ.. monthly profit ෆයිල් එක හම්බුනාද සෝයොන්.."

🌼" ආහ්..නේ සර්.. මෙන්න "

කෙල්ල යුන්ගිගෙ අතින් ෆයිල් එක තිබ්බම කොල්ලා ඒක චෙක් කරන්න ගත්තෙ නලල රැලි කරන්..

🐱" අපේ මීට වඩා ප්‍රොෆිට් එකක් තියෙන්න ඕනි නේද.. ඉන්කම් එක කලින් මාසෙට වඩා 15% කින් වැඩිවුනා කියල කලින් කිව්වනෙ.."

🌼" නේ සර්.. මං හිතන්නෙ බැලන්ස් එක වැරදි ඇති.. මං ඒක චෙක් කරන්නම්.."

🐱" ඕකේ..මට හරියට ඔක්කොම ඕනි"

යුන්ගි කිව්වම කෙල්ල ෆයිල් එක අරන් කොල්ල්ට bow කරලා කැබින් එකෙන් එලියට ආවෙ ලොකු කල්පනාවක..

🌼' මං හිතුවෙ දන්නව ඇති කියල එයාගෙ යෝත්චින්ගෙ වැඩ.. මං හිතුවට වඩා සේරි කපටියි වගේ..කොහොමහරි මේවා හොයාගන්න ඕනි..
කාගෙන්ද හෙල්ප් එකක් ගන්නෙ ?? "

කෙල්ල තොලත් හපාගෙන හිත හිත කැබින් එකට ආවට පස්සෙ තමයි එයාට කෙනෙක් මතක් උනේ..

🌼" එයා හෙල්ප් කරයි "

කෙල්ල තමන්ටම කියාගෙන කෝල් එකක් ගත්තෙ කොහොමහරි මේ ප්‍රශ්නෙ විසඳනවා කියල හිතාගෙන..

.

.

@Yoongi' s house

🌼" ජින් ඔප්පා වැඩ වගේ.."

💙" නේ.. මං ඉතින් තනියම ඔක්කොම කරගන්න එපැයි. මොකද එකෙක් හිටියට උදව් කරනවැයි.." 😒

කිචන් එකට ආපු සෝයොන්ටත් රව රව ජින් ආයෙ එළවළු කපන්න ගත්තෙ ඉක්මනට කෑම ටික හදන්න හිතන්.

🐰" මේ ඉන්නෙ..මං ඔයාව හෙව්වා සෝ"

කිචන් එකෙන් ඇහුන ජින්ගෙයි සෝයොන්ගෙයි සද්දෙටපැත්තට බෙල්ල දාපු ජන්කුක් කිව්වෙ සෝයොන් ලගට ඇවිත් කරට අතදාගන්න ගමන්..

🌼" මෙන්න වැඩක්.. මොකෝ මාව හෙව්වෙ ආහ් " 😒

කෙල්ල කටත් ඇද කරල ජන්කුක්ට රවල ඇහුවෙ ජන්කුක් කෙල්ලගෙ කම්මුලෙන් කිස් එකක් තියල ඇදවෙලා යන කෙල්ලගෙ මූන දිහා බලන් හිනාවෙද්දි..
ජිනුත් පොඩි ඩබලගෙ විකාර දිහා බල බල හිනාවෙනවා..

🐰" අපි දෙන්නා මැච් වෙනවා නෙහ් හ්‍යොං.." 😌

ඇහිබැමි නටව නටව කියපු ජන්කුක් ජින්ට ඇහැක් ගැහුවෙ කෙල්ලව අවුස්සන්න හිතන්..

💙" නේ නේ " 😅

කොල්ලා කරන්න යන දේ තේරුන ජිනුත් ඒකට ෆුල් සපෝට් එක දුන්නෙ මේ කෝලම් වලට හිනාවෙවී..

🌼" හපෝ.. වෙන නැතුවට.." 😒

ජන්කුක් හිතුවා වගේම සෝයොන් කටත් ඇද කරන් රවාගෙන කියලා බුම්මගෙන පපුව හරහා අත්දෙක බැඳගත්තෙ කෙල්ලගෙ කියුට් ඇක්ශන් දැකලා ජින් ජන්කුක් දෙන්නා වගේම කිචන් එකට එනගමන් හිටපු යුන්ගිටත් හිනායද්දි..

🐱" ජින් හ්‍යොං..මොනවද උයන්නෙ ? "

💙" අපිට කිම්චි රයිස් එකක්.. මගෙ සෝට ජින් ස්පෙශල් gimbap එකකුයි.."

කෙල්ල දිහා බලන් හිනාවෙවී කියපු ජින් සෝයොන්ගෙ කොන්ඩෙ අවුල් කරේ කෙල්ල කට උල් කරන් බෙල්ලත් ඇල කරලා ජින් දිහා ආදරෙන් බලද්දි..

💙" මං ඔය මූනට රැවටෙන්නැ " 😌

කෙල්ල ජින් දිහා බලන් ඉන්න විදිහ දැක්කම ජින් ගත් කටටම කිව්වෙ සෝයොන්ගෙ මූන ඇදවෙලා යද්දි..

🌼" හාපෝ මොකද්ද ජින් ඔප්පා.. මට ඇත්තටම ආදරේ හිතුනෙ " 😑

🐰" හා හා මේ..ජින් හ්‍යොංට ආදරේ හිතුනට කමක් නෑ ආදරේ කරන්න යන්න එපා..යුන්හි නූනගෙන් කන්න වෙයි උබට.." 😂

ජන්කුක් හිනාවෙවී කියද්දි ෆ්‍රිජ් එකෙන් කූල් වතුර එකක් අරන් ඒක බොනගමන් ෆ්‍රිජ් එකට හේත්තු වෙලා හිටපු යුන්ගිත් ලාවට හිනාවෙද්දි..
කෙල්ල නම් හැටට හැටේ රවනවා බිත්ති වලටත් එක්කම..

💄" හරිම බඩගිනියි...කන්න මොනවද ඉව්වෙ ජින් ඔප්පා..."

කට්ටියගෙම මූනුවල තිබ්බ හිනාව නැතිවෙලා ගියේ සේරිගෙ සද්දෙට..
සේරි කිචන් එකෙන් ආපු සුවඳට ඉව අල්ල අල්ල ගිහින් නැවතුනේ ජින් සෝයොන්ට හදපු gimbap ප්ලේට් එක ළග..

💄" ඕහ් gimbap.. " 

ප්ලේට් එකෙන් gimbap එකක් කටට දාගත්ත සේරි ප්ලේට් එකත් අරන් හැරුනෙ ඒක අරන් ගිහින් කන්න කියලා හිතන්...
සේරි ප්ලේට් එක ගත්ත ගමන් සෝයොන්ගෙ මූනෙ තිබ්බ හිනාව මැකිලා ගියේ මූන කලුවෙලා යද්දි..
ඒවා ජින් කෙල්ලටම හදපු නිසා කෙල්ලගෙ මූන අඳුරුවෙලා යනවා දැක්ක ජන්කුක්ටයි ජින්ටයි හොදටම තරහා ගියේ ඒවා හැදුවෙ සෝයොන්ට නිසා..

🐰" මේ...ඕක හැදුවෙ තමුසෙට නෙවෙයි සෝට.. ඒ නිසා ඕක තියලා යනවා." 🤨

💄" ඕහ්..අයිම් සොරි ජන්කුක්.. මේ ප්ලේට් එකේ නමක් ගහල තිබ්බෙ නෑ" 

සෝයොන් දිහාවට කින්ඩි හිනාවක් දානගමන් කියපු සේරි යන්න කියල අඩියක් තිබ්බත් එතනම නැවතුනේ ජින්ගෙ සද්දෙට..

💙" එකපාරක් තමුසෙට කිව්වනෙ. මගෙන් හොද පදෙන් අහගන්නැතුව ඕක දීලා යනවා සේරි.. " 😡

ජින් එහෙම කියල ඉස්සරහට එන්න හැදුවෙ ප්ලේට් එක ගන්න උනත් හැමෝම පුදුම කරලා සේරි සෝයොන් ඉන්න පැත්තට ආවා..

💄" මෙන්න තමුසෙගෙ gimbap එක.."

සේරි ප්ලේට් එක කෙල්ලට දික් කරාම කෙල්ලත් අත දික් කරේ ඒක ගන්න උනත් සේරි ඕනකමින්ම ප්ලේට් එක අතෑරියෙ ඒක බිම වැටිලා සද්දෙට බිඳිලා යද්දි..

💄" ඕහ් සොරි අනේ..මගෙ අත ලිස්සුවනෙ." 😏

කට කොනින් හිනාවෙලා ඇදලා කරලා ඒක කිව්ව සේරිට ගහන්න හිතන් ජන්කුක් ඉස්සරහට පැන්නත් සේරි ඉක්මනට එතනින් දුවල ගිහින් රුම් එකේ දොර වගගත්තා..

💙" සෝ ?? ආ යූ ඕකේ ? " 😟

තාමත් බිම වැටිලා කැඩිලා ගිහින් තිබ්බ ප්ලේට් එක දිහා බලන් ඇස්වල කඳුලු පුරවන් ගල්පිළිමයක් වගේ ඉන්න කෙල්ලගෙ උරහිස් දෙකෙන් අල්ලලා ජින් ඇහුවෙ කෙල්ල සද්ද නොකර එහෙම්ම ඉද්දි..

🐰" ඔයාට තුවාලද සෝ ?? " 😕

කොල්ලා අහද්දි යාන්තමට ඔලුව හොල්ලපු කෙල්ල නෑ කියලා ඇගෙව්වා..

🌼" ම්...මන් රූම් එකට යනවා ඔප්පා "

💙" එතකොට ඩිනර් එක ? "

🌼" මට බඩගිනි නෑ ඔප්පා. ගුඩ්නයිට් "

අමාරුවෙන් මූනට හිනාවක් ගන්න ගමන් කිව්ව කෙල්ල එතනින් ගියේ මේ දේවල් දිහා කිචන් එකේ අයිනක තිබ්බ ෆ්‍රිජ් එක ලගට වෙලා මුකුත් නොකියා බලන් හිටපු යුන්ගි දිහාත් ඇස් කොනින් බලාගෙන..

.

.

Next day
Coffee shop ☕

" මං ගොඩක් පරක්කුද කෙල්ල ?"

ටේබල් එකේ පුටුවක් ඇදලා ඒකෙන් ඉදගන්න ගමන් ඉස්සරහ හිටපු කෙල්ලගෙන් කොල්ලා ඇහුවෙ කෙල්ල රවද්දි..

" යසයි එන වෙලාව.. මං ඔයාට එන්න කිව්වෙ 10 ට සෝජුනා.. දැන් 10.45 යි "

◽️" මේ....ට්‍රැෆික්..ට්‍රැෆික් තිබ්බනෙ. ඒකයි " 🙂

සෝජුන් කෙල්ල දිහා බලන් අමාරුවෙන් හිනාවෙලා කිව්වෙ කෙල්ලගෙ මූන තිබ්බ දරුණු බව නිසා..

◽️" දැන් කියනවකො ඇයි මට එන්න කිව්වෙ කියල "

🌼" ම්...මේකයි සෝජුනා. මට පොඩි උදව්වක් ඕනි "

◽️" මං ඔයාට නොකරන උදව් තියනවද මැණික.. කියන්නකො " 😌

සෝජුන් කෙල්ලට හිනාවෙලා කියද්දි කෙල්ල කට ඇද කරලා සෝජුන්ට විරිත්තුවා..

" මං විස්තර වගයක් හොයාගන්න ඕනි "

කෙල්ල වටේ බලලා අතේ තිබ්බ එන්විලොප් එක සෝජුන් අතෙන් තිබ්බෙ කොල්ලා කෙල්ල දිහා මේ මොකද්ද වගේ බලද්දි..
කෙල්ලයි කොල්ලයි වටේ අයට ඇහෙන්නෙ නැති වෙන්න අයිනෙම ටේබල් එකකට වෙලා හීමිට කතාකරද්දි දෙන්නම දැක්කෙ නෑ එයාලා ලංවෙලා කතා කරන එක තව කෙනෙක් ෆොටෝ ගහනවා කියලා..

.

.

At night 🌜️
Yoongi' s house

💙" ආ නෝනා.. කොහෙ ගිහින්ද දන්නෑ මේ එන්නෙ " 😒

කෙල්ල වෙනදට වඩා පරක්කු වෙලා ගෙදර ආපු නිසා හැමෝම කෙල්ල දිහා බලන් හිටියෙ ඒකට හේතුවක් දැනගන්න..මොකද එයාලා කෙල්ල ගැන හොයලා බැලුවා හැමවෙලේම..

🌼" හී...දන්නැද්ද ඉතින් පොඩ්ඩක්. "

ජින්ගෙන් බේරෙන්න හිතන් ගොන් හිනාවක් දාලා කෙල්ල කිව්වෙ ජින් දිගටම කෙල්ල දිහා රවන් බලන් ඉන්නකොට..

🌼" රවන්න එපා අනේ..මං යාලුවෙක් හම්බෙන්න ගියා " 🙄

කෙල්ල මූනෙ තිබ්බ හිනාව අයින් කරන් කටත් ඇද කරගෙන කිව්වෙ අද නම් ජින්ගෙන් බේරෙන්න වෙන්නැති බව තේරුන නිසා..

🐯" ඔයාට යාලුවො නෑනෙ.. අයි මීන් ඔයා කිව්වෙ ඔයාට යාලුවො නෑ කියලනෙ "

🐥" අපි නොදන්න ඔයාගෙ යාලුව කව්ද සෝයොනා ? "

කොල්ලො දෙන්නම කෙල්ල දිහා බලන් ඇහුවෙ කන්න වගේ.. කෙල්ල ජිමින් ටේ දෙන්නට රවන්න ගත්තෙ බේරෙන්න කියල කිව්ව එක දෙන්නා සීරියස් අරන් නිසා..

🌼' මුන් දෙන්නනම්..මාවම කන්න ඇවිත්ද කොහෙද. " 😒

🧡 " පව් ජින් හ්‍යොං..කෙල්ලට ඉන්න දෙන්නකො " 

හැමදාම වගේ කෙල්ලව බේරගන්න කතා කරපු හෝසොක්ට ජින්ගෙන් ලැබුනෙ දවා අලුකරන බැල්මක්...
ජින් හොබීට රවන්න ගන්නකොටඅවසරෙන් කෙල්ල ඉක්මනට රූම් එකට දිව්වෙ අනික් අය හිනාවෙද්දි..

💙" අයිශ්...උබ තමා හොබියා මේ කෙල්ලව නරක් කරන්නෙ " 😑

🧡" මං මොනවද කරේ " 🥲

හැමදාම වගේ අන්තිමට කෙල්ල බේරගත්ත හොබීට උනේ ජින්ගෙන් හොද පදෙන් අහගන්න..
පව් අහිංසකයා..නිකාං බැනුම් අහනවා..

.

.

Next day

🌼" උනට කොත්තමල්ලි බිව්ව රෝසා.. රෝසා.. කඩෙන් මාලු අරන් ආපු රෝසා.. රෝසා.. සුරංගනීට මාලු දුන්න රෝසා.. රෝසා.. අපිත් එක්ක හරි යාලුයි රෝඕඕඕඕඕඕඕසාහ්.. රෝසා නැතුව ගේ පාලුයි රෝසාආආආ.." 

ඉරිදා නිවාඩු දවසක් නිසා උදේම නාපු කෙල්ල පුරුදු විදිහටම සිංදුවකුත් කිය කිය කොන්ඩෙ ඩ්‍රයි කරන්න ගත්තෙ පස්සත් තාලෙට දෙපැත්තට වනන ගමන්...

🐰" සෝයොනාආආ.."

🌼" බුදාම්මෝඕඕඕ.."

එකපාරට රූම් එකේ දොර කඩාගෙන ඇතුලට පැන්න ජන්කුක් කෙල්ලගෙ නම කියලා කෑගහද්දි කෙල්ලත් එකපාරට ආපු සද්දෙට බයවෙලා කෑගැහුවෙ මෙච්චර වෙලා සැපට ඇඳ බදන් නිදන් හිටපු යුන්ගිත් ඇදෙන් බිමට වැටෙන තරම් සද්දෙන්...

🐱" වේ වේ ?? කව්ද මැරුනෙ ? කාගෙද බෙල්ල මිරිකුවෙ ??  " 

තාමත් නිදිමතේ හිටිය කොල්ලා රූම් එකෙන් එලියට ඇවිත් පහළ තට්ටුවට පඩිපෙළේ වැටෙන් එබිලා ඇහුවෙ කොල්ලව දැකපු ජිමින් බයවෙද්දි..

🐥" ඔමෝ යුන්ගි හ්‍යොං.. මොකද මේ කොන්ඩෙත් අවුල් කරන් ඩුවට් එකත් ඇඟ වටේ ඔතාගෙන.. ජින් හ්‍යොං ඔයාව රූම් එකෙන් එලියට දැම්මද.."

🐯" වෙන්න බෑනෙ ජිමීනා..ජින් හ්‍යොං මෙතනනෙ.. "

ඉස්සරහ ඉන්න ජින් දිහා බලලා ටේ කියද්දි ජිමින් මුකුත් නොකියම බලන් හිටියෙ ඔලුවත් කස කස ආයෙ රූම් එක පැත්තට යන යුන්ගි දිහා..

.

.

Time passed 🍃

🌼" යොබුසෙයෝ.....අරස්සෝ මං එන්නම් "

කෙල්ලට කෝල් එකක් ආවම ඒක ආන්සර් කරල උත්තර දුන්න කෙල්ල ඉක්මනට ඉදන් හිටපු තැනින් නැගිට්ටෙ වටේ හිටපු අයත් පුදුම කරලා..

🐰" සෝ..ඔයා කොහෙද යන්නෙ "

🌼" ආහ් කුකී..මේ...යාලුවෙක් කතා කරේ. කම්පැනි එකෙ වැඩක් " 🙂

ජන්කුක් කතා කරද්දි තමයි කෙල්ලට මතක් උනේ මෙච්චර වෙලා කට්ටියව වට කරගෙන පච කියෝ කියෝ නේද හිටියෙ කියල..

🐱" මං නොදන්න මගේ කම්පැනි එකේ වැඩේ මොකද්ද සෝයොන් " 🤨

කෙල්ල එකපාරට ගැස්සිලා ගියේ පිටිපස්සෙන් ආපු කටහඩට..
' අද නම් ඉවරයි ' කියල හිතෙද්දි කෙල්ල තොලත් හපාගෙන හිමීට හැරුනෙ පඩිපෙළ පැත්තට..
යුන්ගි සාක්කු දෙකට අත් දෙකත් දාන් ඇහිබැමකුත් උස්සගෙන කෙල්ල දිහා බලන් ඉන්නව දැක්කම කෙල්ලට තඩි කෙල ගුලියක් ගිලුනෙ කොල්ලගෙ මූනෙ තිබ්බ සීතල බැල්මට..
හැබැයි කෙල්ල සතුටු උනා සේරි ගෙදර නොහිටිය නිසා. මොකද සේරි මෙතන හිටියනම් එක දෙක කරනවා..

🐱" මං ඇහුවෙ මං නොදන්න වැඩේ මොකද්ද කියලා " 🤨

🌼" ම්-මේ..ප්‍රොෆිට්..ප්‍රොෆිට් එකේ බැලන්ස් එක ගැන. "

🐱" ඉතින් මට නොකිව්වෙ " 🤨

🌼" ඒක...ඒක...ම්-මමනෙ බලන්න ඉන්නෙ. ඒ-ඒකයි නොකිව්වෙ " 😐

කෙල්ල ගොතගහහා කියල දැම්මෙ බැනුම් අහන්න හිතන් උනත් යුන්ගි මුකුත් නොකිය සෝෆා එකෙන් ඉදගත්තා..

🌼" ම්-මං එහෙනම් යන්නම් "

කෙල්ල ඉක්මනට රූම් එකට ගියේ එන්න කිව්ව තැනට ඉක්මනට යන්න හිතාගෙන..

.

.

Coffee shop

🌼" මට එන්න කිව්වෙ ඇයි "

" මං එන්න කිව්වෙ අරක පෙන්නන්න "

එතන හිටපු මනුස්සයා වින්ඩෝ එකෙන් පෙන්නුවෙ කොෆි ශොප් එක ඇතුලෙ අත් අල්ලන් වාඩිවෙලා ඉන්න කපල් එකක්..

🌼" කපල් එකක් පෙන්නන්නද එන්න කිව්වෙ " 😒

" අනියා..එන්න ඇතුලට යමු "

සෝයොන්මනුස්සයා එක්ක අර කපල් එක ඉදන් හිටපු මේසෙ හොදට පේන මේසෙකින් ඉදගත්තෙකපල් එක දැකලා සෝයොන්ගෙ ඇස් පුදුමෙන් ලොකු වෙද්දි..

🌼" එ-ඒ දෙන්නා...කපල් එකක්ද.. එතකොට " 😶

" ඔයා හිතන දේ හරි.. "

සෝයොන්ගෙ ඇස් දිහාම බලාගෙනමනුස්සයා කිව්වෙ කෙල්ලට වචනයක්වත් කතා කරගන්න බැරි වෙද්දි..

.

.

.

❤️………………………………………………❤️

හායි ලමායි..

මේක ඊයෙ දෙන්න හිටියෙ යාලුවො එක්ක ඇවිදින්න ගිය නිසා බැරි උනා 🙂

මොකද මේ පිස්සු කතාවෙ වෙන්නෙ කියල මටම තේරෙන්නෑ..

කව්ද ඒ සෝයොන් එක්ක හිටියෙ ??
කාවද ඒ සෝයොන් දැක්කෙ ??

පුලුවන් නම් උත්තර දෙන්න 😌

වෝට් එකක් හලන් යන්න
බායි 👋

කුරිරු ඕතරී 😈

Continue Reading

You'll Also Like

178K 9.6K 44
╰┈➤ *⋆❝ 𝐲𝐨𝐮 𝐭𝐡𝐢𝐧𝐤 𝐢'𝐝 𝐩𝐚𝐬𝐬 𝐮𝐩 𝐚 𝐟𝐫𝐞𝐞 𝐭𝐫𝐢𝐩 𝐭𝐨 𝐢𝐭𝐚𝐥𝐲? 𝐢 𝐥𝐢𝐭𝐞𝐫𝐚𝐥𝐥𝐲 𝐤𝐞𝐞𝐩 𝐦𝐲 𝐩𝐚𝐬𝐬𝐩𝐨𝐫𝐭 𝐢𝐧 𝐦𝐲 �...
1.7M 58.5K 72
In which the reader from our universe gets added to the UA staff chat For reasons the humor will be the same in both dimensions Dark Humor- Read at...
356K 15.3K 39
જ⁀➴ᡣ𐭩 hidden, various hazbin hotel characters x female reader જ⁀➴ᡣ𐭩 𝑰𝒏 𝒘𝒉𝒊𝒄𝒉 we follow an angel named y/n, who had her bes...
857K 52.7K 117
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...