𝑴𝒚 𝑷𝒓𝒊𝒏𝒄𝒆 || MYG ✅

By Ms_Crazy7

3.1K 559 139

" ඔයා මට කොහොම සැලකුවත් කමක් නැහැ...! ඔයාට මේ හිතේ තියන තැන එහෙම්මමයි..." 🥀 • S̶o̶ Y̶e̶o̶n̶ • ____... More

𝘗𝘢𝘳𝘵 01 🍃
𝘗𝘢𝘳𝘵 02🍃
𝘗𝘢𝘳𝘵 03 🍃
𝘗𝘢𝘳𝘵 04 🍃
𝘗𝘢𝘳𝘵 05 🍃
𝘗𝘢𝘳𝘵 06 🍃
𝘗𝘢𝘳𝘵 07 🍃
𝘗𝘢𝘳𝘵 08 🍃
𝘗𝘢𝘳𝘵 09 🍃
𝘗𝘢𝘳𝘵 10 🍃
𝘗𝘢𝘳𝘵 11 🍃
𝘗𝘢𝘳𝘵 12 🍃
𝘗𝘢𝘳𝘵 13 🍃
𝘗𝘢𝘳𝘵 14 🍃
𝘗𝘢𝘳𝘵 15 🍃
𝘗𝘢𝘳𝘵 17 🍃
𝘗𝘢𝘳𝘵 18 🍃
𝑷𝒂𝒓𝒕 19 🍃
𝘗𝘢𝘳𝘵 20 🍃
𝘗𝘢𝘳𝘵 21 🍃
𝘍𝘪𝘯𝘢𝘭 🍃
𝐄𝐩𝐢𝐥𝐨𝐠𝐮𝐞 ✨️

𝘗𝘢𝘳𝘵 16 🍃

116 26 3
By Ms_Crazy7

කොච්චර කන තද කරන් අහන් හිටියත් කිසිම දෙයක් ඇහෙන්නැතිවෙද්දි ඇත්තටම මට කේන්ති ගියා..ඒත් එකපාරට උනේ මං කීයටවත් හිතපු නැති දෙයක්...

………………………………………………………
එතැන් සිට 🪴
Author pov🌷~

එකපාරට යුන්ගිගෙ රූම් එකේ දොර ඇරෙද්දි දොරට කන තියන් ඇලවිලා වගේ ඇතුලෙ කතා වෙන ඒවා අහගන්න ට්‍රයි කරපු කෙල්ලගෙ බැලන්ස් එක නැතිවෙලා ගිහින් දොර ඇරපු යුන්ගිගෙ ඇගට වැටුනෙ කොල්ලා සෝයොන්ගෙ ඉන වටේ අතක් යවල කෙල්ලව රූම් එක ඇතුලට ඇදලා ගනිද්දි..

[ A/N : සැජ්ජයි වගේ ඒයි 🙈 ]

යුන්ගි කෙල්ලව රූම් එක ඇතුලට අරන් දොර වහලා කෙල්ලව දොරට හේත්තු කරගත්තෙ සෝයොන්ගෙ ඇස් ලොකු වෙද්දි..

🌼" ම්...මො..මොකද්ද ක්..කර..න්න හ..හදන්නෙ... "😶

🐱" මෙච්චර වෙලා ඇතුලෙ කතාකරපුවා අහන් හිටියද ආහ්.."

🌼" අ..අ..නියෝ..අහන් හි...හිටියෙ නෑ "

🐱" එහෙනම් මොකද දොර ලග ඉදන් හොරගල් ඇහින්දෙ.."

🌼" එතන ගල් නෑනෙ හොරාට ඇහිදින්න.." 🙄

සෝයොන් කියපු එකට යුන්ගිට හිනාවක් යන්න ආවත් කොල්ලා හිනාව පාලනේ කරගත්තෙ කෙල්ලව තව බය කරන්න හිතන්..

🌼" මා..මාව අතාරිනවද.."

යුන්ගි ඉන්නෙ ශෝට් එකක් විතරක් ඇදගෙන වගේම තමන් ඉන්නෙ යුන්ගිගෙ ඇගට හේත්තු වෙලා කියල තේරුනාම සෝයොන් ඇහුවෙ හාට් එක එකසිය ගානට ගැහෙද්දි..
සෝයොන් ඉන්නෙ යුන්ගිගෙ ඇගට හේත්තුවෙලා නිසා යුන්ගිට හොදටම දැනෙනවා කෙල්ලගෙ හාට් බීට් එක..

ඕනවටත් වඩා සෝයොන් යුන්ගිගෙ ඇගට හිරවෙද්දි යුන්ගිගෙ පාලනේ කොල්ලගෙන් ගිලිහුනේ කොල්ලා හිමීට සෝයොන්ගෙ තොල් වලට නැමෙද්දි..
කෙල්ලත් යුන්ගිගෙ ඇගට හිරවෙලා හිටපු නිසා කෙල්ලගෙත් හැඟීම් ඇවිස්සෙන්න ගත්තෙ කොල්ලගෙ උනුසුම් හුස්ම මූනට වදිනවත් එක්කමයි..

යුන්ගි හිමීට කෙල්ලගෙ තොල් තමන්ගෙ තොල්වලින් අල්ලගත්තෙ කෙල්ලගෙ ඇසුත් හිමීට පියවෙලා යද්දි...
කොල්ලගෙ එක අතක් කෙල්ලගෙ බෙල්ලයි කම්මුලයි අතර රැදවෙද්දි කෙල්ලගෙ ඉන වටේ තිබුන අත තව තද උනේ කෙල්ලත් තමන්ගෙ අත් දෙක යුන්ගිගෙ බෙල්ල වටේ ඔතාගනිද්දි..

කොල්ලා කිස් කරන ගමන්ම කෙල්ලව උස්සලා ගත්තෙ කෙල්ලත් කිස් එක බ්‍රේක් නොකරම කොල්ලගෙ ඉන වටේ කකුල් දෙක ඔතාගනිද්දි..
කොල්ලා කෙල්ලව අරන් ඇවිත් හිමීට ඇදෙන් තියල කෙල්ලගෙ ඇග උඩට ආවෙ එක තප්පරේකටවත් කිස් කරන එක නවත්තන්නෙ නැතුව...
කෙල්ලට හුස්ම ගන්න අමාරුවෙනවා කියල තේරෙද්දි යුන්ගි හිමීට තොල් අරන් ආවෙ කෙල්ලගෙ බෙල්ලට..
කෙල්ලගෙ බෙල්ලෙ සියුම් තැන් උරවන ගමන් මාක්ස් තිය තිය කොල්ලා කිස් කරද්දි කෙල්ල ඇදේ රෙද්ද අත් අතරට ගුලි කරගෙනහැඟීම උපරිම විඳින්න ගත්තත් ඕවර් යනවා කියල තේරුනාම කොල්ලා කෙල්ලගෙ lips උඩින් පෙක් එකක් තියලා කෙල්ලගෙ නලලට නලල තියාගෙන හිටියෙ කෙල්ලත් සද්දයක්වත් නැතුව එහෙම්මම ඉද්දි..

🐱🌼 : මියානේයෝ...

දෙන්නගෙම හිතට දැනුන වරදකාරී හැඟීම නිසා දෙන්නම එකටම කිව්වත් ටිකකින් කෙල්ල තමන් කරපු දේ නිසා ඉක්මනට යුන්ගිව තල්ලු කරලා යුන්ගිගෙ රූම් එකෙන් එලියට දිව්වෙ හිතට දැනුන වරදකාරී හැඟීම නිසා..

.

.

Author pov🌷~

සෝයොන් රූම් එකේ බැල්කනි එකේ අත්වැටට බරදීලා කල්පනා කරේ ටිකකට කලින් යුන්ගි එක්ක උන දේ ගැන..

' මං ඇත්තටම ඇයි එහෙම කරේ ?? එයා එච්චර දෙයක් කරනකම් බලන් හිටියෙ මොකද ?? ඇ..ඇත්තටම මං එයාට කැමතිද ?? අනියා... ඒ...ඒක වෙන්න බෑ.. අනික මං කැමති උනත් කවදාවත් එයා මං වගේ දුප්පත් කෙල්ලෙක්ට කැමති වෙන්නෑ... හහ්..
ඔයා හීන දකිනවා වැඩී සෝයොනා.. ඔයාට විඳවන්න වෙයි කවදහරි මේ නොලැබෙන දේවල් ගැන හීන දැකලා..'

සෝයොන් රෑ අහස දිහා බලාගෙන හිතුවෙ ආයෙ යුන්ගිට ලං වෙන්නැ කියලා හිතාගෙන...
ඒත් එකපාරට කවුරුහරි ඇවිත් කෙල්ලගෙ ඉන වටේ අත්දෙක යවලා කෙල්ලව බැක්හග් කරේ කෙල්ල ගැස්සිලා යද්දි..

🌼" අ...අතාරිනවා මාව..ත..තමුසෙ ක්..කව්ද ආහ්.."

🐱" ෂ්.....මට ටිකක් මෙහෙම ඉන්න ඕනි.."

යුන්ගි කතාකරද්දි කෙල්ල දගලන එක නැවැත්තුවෙ කීයටවත් යුන්ගිගෙන් මේ වගේ දෙයක් බලාපොරොත්තු නොවුන නිසා.. කෙල්ලත් සද්ද නැතුවම හුස්මවත් පාත නොදා හෙල්ලෙන්නෙ නැතුව හිටියා..

🐱" මං සද්ද නොකර ඉන්න කියල විතරයි කිව්වෙ.. හුස්ම නොගෙන ඉන්න කිව්වෙ නෑ.."

ටිකකින් කෙල්ල හුස්ම ගන්නැ කියල තේරුනාම යුන්ගි කිව්වෙ කෙල්ල හිමීට ගත්ත හුස්ම පාත දාලා කතා කරද්දි..

🌼" මො...මොනව කරනව කියලද හි..හිතන්නෙ..මට ඉන්න දීලා යනවා.."

සෝයොන් කොච්චර කිව්වත් යුන්ගි හෙල්ලුනේම නැති නිසා කෙල්ලත් කටපියාගත්තා..

🐱" කලින් වුන දේ....ඒක...මියානේ..."

කෙල්ල තමන්ව ප්‍රතික්ශේප කරන්නෙ කලින් වුන දේ නිසා කියල හිතපු යුන්ගි සොරි කිව්වෙ කෙල්ලගෙ හිත හදන්න උනත් සෝයොන් ඒක තේරුම් ගත්තෙ වැරදියට..

🌼" තමුසෙට මාව මොකෙක් වගේද පේන්නෙ ආහ්..මාව තමුසෙට පේන්නෙ සෙල්ලම් බඩුවක් වගේද.. හිතෙන හිතෙන වෙලාවට කිස් කරන්නයි හග් කරන්නයි බනින්නයි..ආහ්.." 🥺

යුන්ගිව තල්ලු කරලා කොල්ලගෙ පැත්ත හැරුන කෙල්ල කෑගහල යුන්ගිගෙන් ඇහුවෙ ඇත්තටම හිතේ තිබ්බ දුකට..
කෙල්ලට හිතුනෙම යුන්ගි තමන්ව සෙල්ලමකට අරන් කියලා..

🌼" මාත් කෙල්ලෙක්..මටත් හැඟීම් දැනීම් තියනවා..ඕනි වෙලාවට ආදරෙන් ලගට ගන්නයි එපා වෙලාවට පැත්තකට දාන්නයි මං බෝනික්කෙක් නෙවෙයි.. මටත් දරාගන්න පුලුවන් සීමාවක් තියනවා.. මට මගේ පාඩුවෙ ඉන්න දීලා යන්න..යනවා ඉතින්..." 🥺😣

සෝයොන් යුන්ගිට කෑගහලා කොල්ලව රූම් එකෙන් එලියට දාලා දොර ලොක් කරේ දොර දිගේම රූටලා බිම ඉදගන්න ගමන්...
කෙල්ල දොරට ඔලුව හේත්තු කරන් පැය ගානක් ඇඩුවෙ යුන්ගි හම්බෙන්න කලින් සැහැල්ලුවෙන් ගෙවපු ජීවිතේ දැන් ටොන් ගානක් බර වෙලා වගේ දැනෙද්දි..

.

.

.

After one months 🍃
Author pov🌷~

ගොඩක් වේගෙන් කාලෙ ගතවෙලා නෙවෙයි ඉගිලිලා ගියේ එදා සිද්ධිය නිසා සෝයොන් යුන්ගිගෙන් ඈත් වෙලා ඉන්න උපරිම ට්‍රයි කරද්දි.. ඒත් ඒකෙන් උනේ යුන්ගි සෝයොන්ට තව තව ලං උන එක විතරයි.. සෝයොන් එදා යුන්ගිට බැන්නත් යුන්ගි එයාගෙ විදිහ වෙනස් කරේ නෑ.. කොල්ලා එයාට හිතුන වෙලාවට සෝයොන්ව හග් කරා.. කිස් කරා.. ආදරෙන් සැලකුවා.. කෙල්ල ගැන හොයලා බැලුවා..

සෝයොන් පිටින් අකමැතියි වගේ පෙන්නුවට කෙල්ලගෙ හිත ඒ දේවල් වලට ආසකරා.. යුන්ගිගෙන් ඒ දේවල් බලාපොරොත්තු උනා..සෝයොන් කොච්චර තමන්ගෙ හිත පාලනේ කරගන්න හැදුවත් කෙල්ලගෙ හිතත් හෙව්වෙම යුන්ගිව.. කෙල්ල පිලිගන්න අකමැති උනත් යුන්ගි කරන දේවල් නිසා කෙල්ලත් යුන්ගිට ආදරේ කරන්න පටන් අරන් තිබුනා..

වගේමයි යුන්ගිත්...
යුන්ගිට ඕනි උනේම කොහොමහරි කෙල්ලව තමන් ලග තියාගන්න පේනමානෙකින්..
සෝයොන් යුන්ගිගෙන් ඈත් වෙන්න කොච්චර හැදුවත් යුන්ගි කරේ තවත් හේතුවකින් සෝයොන්ට ලං උන එක විතරක්ම උනත් යුන්ගිට තේරුන්නෑ තමන්ගෙ හිතේ සෝයොන් ගැන තියන හැඟීම...
නෑ...ඇත්තටම කිව්වොත් යුන්ගිට ඕනි උනේ නෑහැඟීම තේරුම් ගන්න..

හැබැයි යුන්ගිහැඟීම තේරුම් අරගෙන සෝයොන්ව ලංකරගත්තනම් වෙන්න තිබුන දේවල් මීටවඩා ගොඩාක් වෙනස්වෙන්න තිබ්බා...

.

.

.

@Min Industry
So yeon pov🌷

අදත් ඉතිම් වෙනද වගේම බැනුම් අහන්න හිතන් තාම ඉවර නොකරපු ප්‍රොජෙක්ට් එකත් අරන් මන් පූස්ගෙ කැබින් එක ලගට ගියා...මේ කාලෙදිම මං පුලුවන් තරම් එයාව මගෑරලා හිටියෙ එයා මට ලංවෙනවා වැඩි නිසා..
මොකද මට කවදාවත් ඕන උනේ නෑ අයිතිකරගන්න බැරි දේවල් ලං කරන් දුක් විඳින්න..
වුනත්....
ආහ් මට තේරෙන්නෑ.. මං කොච්චර එයාගෙන් දුරස්වෙන්න හැදුවත් එයා කරන දේවල්වලින් වෙන්නෙ මගෙ හිත එයාවම බලාපොරොත්තු වෙන එක..
ඔව්...
මං පිලිගන්න අකමැති උනත් මං ඒ නපුරු CEO ට ආදරේ කරන්න පටන් අරන්...

මන් කැබින් එකේ දොරට තට්ටු කරන්න හිතන් අත ඉස්සුවත් මන් එහෙම්මම ෆ්‍රීස් උනේ කැබින් එක ඇතුලෙන් කෙල්ලෙක්ගෙ වොයිස් එකක් ඇහුන නිසා..මොනවද ඇතුලෙ වෙන්නෙ කියල දැනගන්න තිබ්බ කුතුහලේට මන් දොරට කන තියාගත්තා..

ගොඩක් පැහැදිලිව ඇහුනෙ නැතත් කෙල්ලෙක් අඩ අඩ මොනාද කියනවනම් ඇහෙනවා.. මොකාද යකූ ඒ..👀 මං නොදැන මට නොකියා මගෙම මිනිහගෙ කැබින් එකට ගිහින් වැලපෙන වැලහින්න..

එක පාරම කිසිම සද්දයක් නැතුව ගියානෙ....ඇතුලෙ මොනාහරි ලොකු සීන් එකක් වෙනව කියල තේරුනාම මන් දොරට තට්ටු කරලා එන්න කියන්න කලින්ම රූම් එකට කඩාගෙන පැන්නා..

ඇතුලෙ වෙන දේ දැක්කම මගෙ ඇස් ලොකු උනේ මගෙ පපුවට පිහියකින් අනිනවා වගේ දැනෙද්දි..
දෙන්නා හිටියෙ කිස් කරන ගමන්..
පූස්ගෙ මූන මට නොපෙනුනත් කිස් කරන විදිහ අදුරගන්න මට බැරිකමක් නෑනෙ...
මන් ආපු ගමන් දෙන්නා දෙපැත්තට උනේ විදුලි වේගෙන්..

මන් තාමත්දෙන්නා දිහා බලන් හිටියෙ ඇස්වලට කඳුලු උනනවා කියල තේරෙද්දි උනත්කඳුලු එයා ඉස්සරහා බිමට වට්ටන්නෙ නැතුව ඉන්න ලොකු උත්සාහයක් දැරුවා..
එයාගෙ ඇසුත් ලොකු වෙලා මන් දිහයි අර කෙල්ල දිහයි බැලුනා..

🐱" තමුන්ට මැනස් කියලා දෙයක් නැද්ද ආහ්...කැබින් එකට එන්න කලින් දොරට තට්ටු කරලා එන්න දන්නැද්ද "

මන් ලග ඇස් නැවතුනාට පස්සෙ අර කෙල්ල ඉස්සරහම මට පූස් බැන්නෙ මගෙ හිතට මොකද්ද නුහුරු හැගීමක් දැනෙද්දි..
මන් එයා දිහාම බලන් හිටියෙ මෙයා මට බැන්නෙ තට්ටු නොකර කැබින් එකට ආපු එකට නෙවෙයිදෙන්නට ඩිස්ටර්බ් කරපු නිසා කියල හිතෙද්දි..

🌼" මි...මියානේ ස්..සර්...මියානේ..."

මන් කදුලු පිරුන ඇස් එයාගෙන් හංගගෙන දෙපාරක්ම ඔලුව පාත් කරලා සමාව අරන් තව මොහොතක්වත් එතන රැඳෙන්නෙ නැතුව කම්පැනි එකෙනුත් එලියට ආවෙ කඳුලු ඔහේ ගලන් යද්දි..
ඔලුව රිදෙන නිසා ලීව් එකක් අරන් හේසු ඔන්නිටත් කියලා මං කෙලින්ම ආවෙ ගෙදරට..

.

.

මගෙ රූම් එකට ගිහින් වොෂ්රූම් එකේ ශවර් එක යටට ගියේ ඇදන් හිටපු ඇදුම් පිටින්මයි.. හිතේ හැටියට එතන ඉදන් ඇඩුවෙ මට බාධා කරන්න කවුරුත් මේ වෙලාවෙ ගෙදර නැති බව දැනගෙනමයි..
මං පැය ගානක් නොදන්න හේතුවක් නිසා ශවර් එක යටට වෙලා ඇඩුවෙ කලින් හිටපු සැහැල්ලු කෙල්ල මගෙන් ගොඩක් ඈතට ගිහින් කියලා තේරෙද්දි..

' ආහ්...වේ සෝයොනා වේ.. මොකද මේ අඩන්නෙ තමුසෙ..හේතුවක්වත් නොදැන අඩන්නෙ පිස්සුද...'

මන් මටම කියාගන්න ගමන් වොශ්රූම් එකෙන් එලියට ආවෙ ඔලුව පැලෙන්න වගේ රිදෙද්දි.. මං නිකමට clock එක දිහා බැලුවෙ වෙලාව දැනගන්න උනත් මගෙ ඇස් ලොකු වුනේ වෙලාව දැකලා..
ඔමෝ....6 ත් පහුවෙලා.. මං මෙහෙට ආවෙ 3 ට නෙහ්.. මං පැය තුනක් තිස්සෙ නාලද එතකොට..

ටොක්....ටොක්....ටොක්....🚪

මං ගැස්සිලා ගියේ කවුරුහරි දොරට තට්ටු කරන සද්දෙට...

🧡" ඒයි සෝයොනා...තමුසෙ මැරිලද ඇතුලෙ..මේ දොර අරිනවකො.."

🌼" ආශ්...ඉන්න ඉන්න මේ එනවා.."

මං හොබී ඔප්පටත් බැන බැන ගිහින් දොර ඇරියම හොබී ඔප්පා මටත් රවාගෙන බලන් ඉන්නකොට මාත් ඊට නොදෙවෙනි වෙන්න රැව්වා..
රැවිල්ලෙන් උනත් මේ සෝයොන් කාටවත් සෙකන්ඩ් වෙන්නෑ..😌

🧡" මොකද සෝයොනා වෙලා තියෙන්නෙ.. දැන් කීයෙ ඉදන්ද මං දොරට තට්ටු කරන්නෙ.. ඔයාව ගන්න කම්පැනි එකට ගියාම ලීව් එකක් දාලා ආවා කිව්වා..අරූට කෝල් කරාම ආන්සර් කරන්නෑ...
ඒකයි අපි කට්ටියම ගෙදර ආවෙ.. අර
යුන්ගියත් තාම නෑ.. "

හහ්..එතකොට අරයා ඇවිත් නෑ තාම.. ඔව් ඉතින්..කෙල්ල එක්ක ඇවිදින්න යන්න ඇති දෙන්නම..
මං ගැස්සිලා ගියේ එකපාරට හොබී ඔප්පා මාව රූම් එක ඇතුලට අරන් දොර වහලා දාද්දි..

🌼" යා යා මොකද කරන්න හදන්නෙ ආහ්... ලැජ්ජ නැද්ද කෙල්ලෙක් ඉද්දි මගෙ රූම් එකට ඇවිත් දොර වහන්න.."

🧡" ඊව්...මං කොහොමත් තමුසෙ ගැන interest නෑ.. මගෙ කෙල්ල ලස්සනයි තමුසෙට වඩා.."😒

හොබී ඔප්පා රව රව කිව්වෙ මටත් ලාවට හිනාවක් යද්දි.. හොබී ඔප්පා මාව dressing table එක ඉස්සහින් ඉන්දවලා ටවල් එක අරන් මගෙ කොන්ඩෙ පිහදාන්න ගත්තෙ බැන බැනමයි..
හොබී ඔප්පා කියන්නෙ ඇත්තටම හරිම හොද කෙනෙක්.. එයාගෙ හිත ගොඩක් හොදයි කියල මං තේරුම්ගත්තෙ මෙහාට ආපු දවස්වලමයි..

ටිකකින් මන් හොබී ඔප්පා එක්කම ඇවිත් සෝෆා එකෙන් ඉදගත්තෙ කුකියගෙ ඔලුවට ටොක්කක් ඇනගෙනමයි...

🐰" යාහ්.. ඔලුවට අනින්නෙපා ඕයි මොලේ හෙල්ලෙනවා.." 😩

🐯" උබට එහෙම එකක් තියනවත.." 👀

🐥" අපි දන්නෑනෙ..නේත සෝයොනා.."

🌼" ඒකතමා ජිමිනා.." 😂

අපි තුන්දෙනාම එකතුවෙලා ජන්කුක්කව බයිට් එකට අරගත්තෙ පොඩි එකා අසරණ වෙලා ජින් ඔප්පා ලගට යද්දි..

🌼" ජින් ඔප්පේ..ඕං ඔයාගෙ බබා එනවෝඕ..." 😂

මං හිනා වෙවී ටේමින් ඩබලට හයි ෆයිව් එකක් දැම්මෙ හොබී ඔප්පත් හිනා වෙවී බලන් ඉද්දි..

🧡" වේ...මොකද ඔහොම බලන්නෙ ආහ්.." 😐

මං හිමීට හොබී ඔප්පගෙ පැත්ත හැරුනම හොබී ඔප්පා බයෙන් වගේ ඇහුවෙ මගෙ බැල්ම අල්ලන්නෙ නැති නිසා වෙන්නැති..

🌼" හොබී ඔප්පා ඔම්මලා මොකද කිව්වෙ.." 🌚

🐨" ඒකගැන මටත් අමතක උනා.. ඔම්මලා කැමති උනාද ජීසුට.."

🧡" නේ..ලගදිම ජීසුලගෙ ගෙදර යන් කිව්වා.."

🐥" ආව්ස්...ඒකත් එහෙනම් ජයසිරි මංගලම් කිව්වලු.."

ජිමින් ඔප්පා හිනා වෙවී කිව්වෙ ජින් ඔප්පයි ජන්කුකයිත් සෝෆා එකෙන් ඇවිත් ඉදගනිද්දි...

🌼" ජූන් ඔප්පත් ඉක්මනට කෙල්ලෙක් හොයාගත්තනම් තුන්දෙනාටම එකටම ගන්න තිබ්බා.." 😌

මං හිනා වෙවී ජූන් ඔප්පා දිහා බලන් කියද්දි ජූන් ඔප්පගෙ මූන රතු වෙන්න ගත්තෙ හැමෝටම හිනා යද්දි..

" ඕහ්...අද හැමෝම මෙහෙද.."

මේන් ඩෝ' එක පැත්තෙන් ඇහුන කටහඬ නිසා හැමෝමපැත්ත බැලුවම ඇවිත් හිටපු කෙනාව දැකලා මං ඉදන් හිටපු තැනින් නැගිටුනා..

🐰" මේකි මොකද මෙහෙ.."

මගෙ එහාපැත්තෙ හිටපු කුකී කියද්දි මට තේරුනා මෙයාලා එයාව හොදට අදුරනවා කියලා.. ඒ ඇවිත් හිටියෙ දවල් අලි ඔලුවා කිස් කරපු කෙල්ල.. ඒ කෙල්ලගෙන් ඇස් අහකට නොගෙනම මං හිටපු විදිහටම ගල් ගැහිලා හිටියෙ වෙන කිසි දෙයක් තේරුම්ගන්න බැරුව..

💙" සේරි...මොකද මෙහෙ කරන්නෙ.."

💄" අයියෝ ජින් ඔප්පාහ්... මේ මගෙ නම්ජාචිංගුගෙ ගෙදරනෙ.. අනික අමතක උනාද මං හිටියෙ මෙහෙ කියල.. මං ටික කාලෙකට විතරනෙ UK ගියේ.."

[ A/N ලමයි මං කලින් සේරි කොහෙ ඉන්නව කියලද කිව්වෙ කියල මට මතක නෑ.. UK නෙවෙයිනම් සොරි 🙂]

එතකොට එදා මෙයාද කෝල් කරේ.. මං හිතුව වගේම සේරි කියන්නෙ අලි ඔලුවගෙ යෝත්චින් තමයි..
අයිශ්... ඇයි මගෙ පපුව රිදෙන්නෙ මෙච්චර 😣

💄" ආහ්..මේ කව්ද ජින් ඔප්පා.. මං දැක්ක කම්පැනි එකෙත් ඉන්නව.."

එකපාරට සේරි කතාකරන්න ගත්තම මට තේරුනා අහන්නෙ මං ගැන කියල.. මොකද මෙතන එයා නොදන්න කෙනෙක්ට කියල ඉන්නෙ මං විතරනෙ..

🐨" ඔයාට ඒක වැඩක් වෙන එකක් නෑ මං හිතන්නෙ.."

🐱" මොකද්ද ජූන් වැඩක් නැත්තෙ.."

මෙච්චර වෙලා බිම බලන් හිටපු මං ඔලුව ඉස්සුවෙ පූස්ගෙ සද්දෙට..

💄" අනියෝ බේබි..මේ කෙල්ල කව්ද කියල මං ඇහුවෙ ජූන් ඔප්පගෙන්.. "

🐱" හ්ම්ම්..ඔයා රූම් එකට යන්න සේරි.. ජින් හ්‍යොං ඔයාට රූම් එකක් පෙන්නයි.."

💙" හ්ම්..එන්න සේරි "

💄" ඒත් බේබි..මං වෙනදා හිටපු රූම් එකේම ඉන්නම්කො..ඔයාගෙ රූම් එකට එහාපැත්තෙ රූම් එක  "

ජින් ඔප්පා ගෙස්ට් රූම් එක පැත්තට යන්න හැදුවත් සේරි පූස්ගෙ අතේ එල්ලිලා ඇහුවෙ මං එයාලා දිහාම බලන් ඉද්දි..

🧡" ඒත් ඒකෙ දැන් සෝයොන් ඉන්නව සේරි.. ඔයා ගෙස්ට් රූම් එකේ ඉන්න.."

💄" මං මොකටද ගෙස්ට් රූම් එකේ ඉන්නෙ..මං ගෙස්ට් කෙනෙක් නෙවෙයිනෙ.. නේද බේබි."

සේරි තවත් පූස්ගෙ අත බදාගෙන කිව්වෙ මාත් අලි ඔලුවගෙ උත්තරේ දැනගන්න බලන් ඉද්දි..

🐱" සෝයොන්.. ඔයාට පුලුවන්නෙ ගෙස්ට් රූම් එකේ ඉන්න.."

🐰" ඒත් හ්‍යොං..."

අලි ඔලුවා මගෙන් අහද්දි ඇත්තටමවගේ උත්තරයක් මං බලාපොරොත්තු උනෙ නැති නිසා මට කියන්න දෙයක් මතක් නොවුනත් කුකී මං වෙනුවෙන් කතා කරත් අලි ඔලුවා රවලා බලපු ගමන් කුකී ඔලුව නවාගත්තා..

🌼" ම්...මං ඉ..ඉන්නම්.."

කතාකරගන්න බැරි උනත් අමාරුවෙන් වචන ගලපගෙන මං කතා කරේ සේරි මූනම හිනාවකින් පුරෝගනිද්දි..
මං රූම් එකෙන් බඩු ටික ගන්නත් කලින්ම එයා රූම් එක පැත්තට උඩ පැනගෙන ගියේ මං පූස් දිහාම බලන් ඉද්දි..
මං මගෙ බඩු ටික ගන්න රූම් එකට යන්න හදද්දි එහෙම්මම නැවතුනේ පූස් කතා කරපු නිසා..

🐱" සෝයොන්..මේ බෑග් ටිකත් අරන් යන්න රූම් එකට.."

මගෙ දිහාට සේරිගෙ බෑග්ස් ටික දික් කරන ගමන් අලි ඔලුවා කිව්වෙ මට ඇඩෙන්න එද්දි..
මං මේ ගෙදර වැඩකාරියෙක් නෙවෙයිනෙ..

💙" යුන්ගියා..ඔය කෙල්ල අනුන්ගෙ බෑග් අදින්න නෙවෙයිනෙ ඉන්නෙ.. උබෙ කෙල්ලනෙ..උබම ගිහින් දීපන්.."

ජින් ඔප්පා මං වෙනුවෙන් කතා කරපු නිසා ඇත්තටම එක විනාඩියකට හිතුනා මං වෙනුවෙන් කෙනෙක් ඉන්නවනෙ කියලා..
මං ඉක්මනට මගේ රූම් එකට ආවෙ බඩු ටික අරගන්න..

💄" ආහ්..ඉක්මනට මේ කුනුගොඩවල් ටිකත් අරන් යන්න.. මට රෙස්ට් කරන්න ඕනි.."

ඇස් වලින් වැටෙන්න පොරකන කඳුලු අමාරුවෙන් පාලනේ කරගෙන කාමරෙ තිබ්බ මගෙ ඇදුම් ටිකයි ඩොකිව්මන්ට්ස් ටිකයි එදා මගෙ උපන්දිනේට ඔප්පලා දීපු තෑගි ටිකයි අනික් ඔක්කොම මගෙ කියල තිබ්බ බඩුයි අරගෙන ගෙස්ට් රූම් එකට ඇවිත් දොර වහගෙන අඩන්න ගත්තෙ හිතට දැනුන අසරණකම නිසා..
රෑටවත් නොකා ඔලුව රිදෙනවා කියල බොරුවක් කියල නිදාගත්තෙ ජින් ඔප්පගෙ හිත රිද්දන්න බැරි නිසාමයි..

❤️………………………………………………❤️

හායිම්..

ඉස්සරහ මොනවා වෙයි කියලද හිතන්නෙ..
ඕතරී තාම බාල්දි දැම්මෙ නෑනෙ..
ඉදිරියට සුපිරි බාල්දි ටිකක් වැටෙනවා කෙල්ලට..

ඒනම් මං ගියෝ..
මරණ තර්ජන බාරගනු ලැබේ 🙂

✍ කුරිරු ඕතරී 😈

Continue Reading

You'll Also Like

1.4M 59.4K 106
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
169K 5.9K 43
❝ if I knew that i'd end up with you then I would've been pretended we were together. ❞ She stares at me, all the air in my lungs stuck in my throat...
250K 8.8K 99
Ahsoka Velaryon. Unlike her brothers Jacaerys, Lucaerys, and Joffery. Ahsoka was born with stark white hair that was incredibly thick and coarse, eye...
673K 33.8K 61
A Story of a cute naughty prince who called himself Mr Taetae got Married to a Handsome yet Cold King Jeon Jungkook. The Union of Two totally differe...