𝑴𝒚 𝑷𝒓𝒊𝒏𝒄𝒆 || MYG ✅

By Ms_Crazy7

3K 559 139

" ඔයා මට කොහොම සැලකුවත් කමක් නැහැ...! ඔයාට මේ හිතේ තියන තැන එහෙම්මමයි..." 🥀 • S̶o̶ Y̶e̶o̶n̶ • ____... More

𝘗𝘢𝘳𝘵 01 🍃
𝘗𝘢𝘳𝘵 02🍃
𝘗𝘢𝘳𝘵 03 🍃
𝘗𝘢𝘳𝘵 04 🍃
𝘗𝘢𝘳𝘵 05 🍃
𝘗𝘢𝘳𝘵 06 🍃
𝘗𝘢𝘳𝘵 08 🍃
𝘗𝘢𝘳𝘵 09 🍃
𝘗𝘢𝘳𝘵 10 🍃
𝘗𝘢𝘳𝘵 11 🍃
𝘗𝘢𝘳𝘵 12 🍃
𝘗𝘢𝘳𝘵 13 🍃
𝘗𝘢𝘳𝘵 14 🍃
𝘗𝘢𝘳𝘵 15 🍃
𝘗𝘢𝘳𝘵 16 🍃
𝘗𝘢𝘳𝘵 17 🍃
𝘗𝘢𝘳𝘵 18 🍃
𝑷𝒂𝒓𝒕 19 🍃
𝘗𝘢𝘳𝘵 20 🍃
𝘗𝘢𝘳𝘵 21 🍃
𝘍𝘪𝘯𝘢𝘭 🍃
𝐄𝐩𝐢𝐥𝐨𝐠𝐮𝐞 ✨️

𝘗𝘢𝘳𝘵 07 🍃

134 29 6
By Ms_Crazy7

🐱" ඔය මොලගෙඩි ගෙවෙයි ඒක හිතන්න ගියොත්..ඒ නිසා ඒව නොහිතා ගිහින් නිදියන්න හැමෝම.."

මන් එහෙම කියලා පඩිපෙළ නැගලා උඩට ආවෙ අනික් අයත් දහාතේ කල්පනා කර කර උන එකයි මන් කිව්ව එකයි තේරුම් ගන්න උත්සාහ කරද්දි..

………………………………………………………

එතැන් සිට...🪴
So Yeon pov🌷

ටික ටික දවස් පහුවෙලා කාලෙ පියාඹලා ගිහින් තිබ්බෙ මන් දැන් මෙහෙට ඇවිත් මාසයකට කිට්ටු වෙද්දි.. ඔප්පලා හැමෝම මෙහෙ නැවතුනා..

මාත් හරිම සතුටින් හිටියෙ මෙහෙ. මොකද කවදාවත් මට නොලැබුන ආදරේ ආරක්ෂාව හැමදේම ඔප්පලගෙන් මට ලැබුනා..

ඔප්පලා මාව බලාගත්තෙ එයාලගෙම නංගි කෙනෙක් වගේ.. මාත් ටිකෙන් ටික එයාලට වගේම මේ ගෙදරට හුරු උනා..
මේ ටික කාලෙට මන් තේරුම් ගත්ත ගොඩක් දේවල් තියනවා..

ජින් ඔප්පා මේ හැමෝම බලාගන්නෙ ඔම්මා කෙනෙක් වගේ..එයා මේ ගෙදර හැම දේම හොදට හොයල බලනවා වගේම මේ කාටවත් එයාට හොරෙන් හචිමක්වත් යවන්න බෑ.. ඒ තරම් ජින් ඔප්පා එයාලා හැමෝවම තේරුම් අරන් තියෙන්නෙ..අඩුම අර  නපුරටවත් බෑ එයාට මුකුත් හංගන්න.. ඒ වගේම හැමෝම ජින් ඔප්පා කියන දේ එකපාරින්ම අහනවා.. නපුරා කියලත් වෙනසක් නෑ..

වගේම ජූන් ඔප්පා.. එයා තමයි මේ ගෙදර හැමෝම අප්පා කෙනෙක් වගේ පරිස්සමට බලාගන්නෙ. මොන දේ උනත් ජූන් ඔප්පාහැමදේකින්ම අනික් අයව බේරගන්නවා. ජින් ඔප්පගෙ මල්ලි උනත් හැමෝම ජූන් ඔප්ප කියන දේ අහනවා කිසිම වාදකිරීමක් නැතුවම.. මන් තේරුම් ගත්ත විදිහට එයා තමයි මෙයාලගෙ ටීම් එකේ ලීඩර්. ලීඩර් උනත් හැමදාම ජින් ඔප්පගෙන් බැනුම් අහනවා මොකක් හරි කඩලා.එයා මොන දේ ඇල්ලුවත් කැඩිලා යන්නෙ ඉතාම පුදුම සහගත ලෙස...

වගේම හොබී ඔප්පා..හරිම ආදරණීයයි වගේම එයාගෙසන්ශයින් හිනාව තමයි හැමෝගෙම දවස සුබ දවසක් කරන්නෙ..හරිම සිරියාවන්ත හිනාවක් ඒකනම්. අර නපුරා වගේ නෙමේ ඕනෙ කෙනෙක් එක්ක ලස්සනට හිනා වෙලා ආතල් එකේ ඉන්නවා..

අනිත් ඩබල තමයි ටේ ඔප්පයි ජිමින් ඔප්පයි..හරිම ආදරණීය විදිහට මට සලකන්නෙ. දෙන්නා නිකන් තේ එකයි කෝප්පෙයි වගේ.. ආහ් ඒක එපා. එක්කො ජෑම් බෝතලෙයි මූඩියයි වගේ.. ඒකත් කැතයි.කමක් නෑ අන්න ඒවගේ කොහෙ ගියත් එකට. මොන දේ කරත් දෙන්නා එකටමයි කරන්නෙ. කාට මොනවා හැංගුවත්දෙන්නා අතර කිසිම රහසක් නෑ.. ටේ ඔප්පගෙ පෙට්ටි හිනාවයි ජිමින් ඔප්පගෙ ඇස් චූටි වෙන හිනාවක් හරිම ලම්සනාආආආආයි..❤️ජිමින් ඔප්පා හරියට ඒන්ජල් කෙනෙක් වගේ ඕනි කෙනෙක් තේරුම් ගන්නවා හරිම ඉක්මනට..දෙන්නා සෝල්මේට්ලා කියන්නෙ

එතකොට අන්තිම කෙනා ජන්කුක්.. සෙට් එකේ නසරානියා..එයා කැමති නෑ ඔප්පා කියනවට..මටම ගැලපෙන කෙනෙක් තමයි.එයාගෙ නසරානි වැඩ වලට මේ කාලෙ ඇතුලත බොක්කෙන්ම සපෝට් එක දුන්නෙ මන් තමයි. 😌
තඩි ඇගක් තිබ්බට වෙලාවකට පොඩි එකෙක් වගේ හුරතල්. හැබැයිදෙකම තිබ්බට මූ මහ වල් හාවෙක් කියලා මන් ඉක්මනට තේරුම් ගත්තා

ඔන්න ඔය විදිහට තමයි මන් එයාලව තේරුම් ගත්තෙ..නපුරව තේරුම් ගන්න මට නෙමේ මෙච්චර කාලයක් එකට හිටපු මෙයාලටවත් බෑ.හැබැයි හැමෝම නපුරා ගැන මට නොකියන දෙයක් තියනව. එකදවසක් එයා ඉස්සර මෙච්චර නපුරු නෑ කියල කුකි කිව්වා.ඒ ඇයි කියල අහන්න යනකොට ජින් ඔප්පා කන්න කතා කරා. ඉතින් ඔක්කොම අමතක කරලා මන් ඉගිල්ලිලා ගියා..

කෝමහරි මෙයාලත් මන් වගේ දෙමව්පියෝ නැතුව තමයි මේ තරම් දුර ඇවිත් තියෙන්නෙ. ඒ උනාටහැමෝම අද සතුටින්.එයාලා එක්ක ඉන්න නිසා මාත් සතුටින්. මොකද මෙයාලගෙ විකාර වැඩ මාව හැමවෙලේම සතුටු කරනවා වගේම මෙයාලගෙන් මට ලැබෙන ආදරේ මට දුක් වෙන්න ඉඩ තියන්නෑ..

නිකන් කකා බිබී ඉදලම ඇති වෙලා තිබ්බ නිසා මන් රූම් එකෙන් එලියට ආවෙ නසරානි වැඩක් කරන්න කුකිවයත් අල්ලගන්න හිතන්..

🌼" කුක්කෝ....ආහ්හ්හ්හ්හ්හ්හ්"

පඩිපෙළ ලගට ආවම දාගෙන හිටපු සෙරෙප්පු කට්ට පැටලිලා මාව පඩිපෙළෙන් වැටෙන්න ගියේ අදනම් අවසානෙ කියල හිතෙද්දි..

කේ ඩ්‍රාමා වල වගේ මන් වැටෙන්න කලින් අනික් පැත්තට කැරලිලා ගියේ අත් දෙකත් ඩ්‍රාමා වල වගේ දෙපැත්තට කරන්..ගෙදර වහල කැරකෙන සීන් එකක් තියෙද්දි මන් ඇස් වගගත්තෙ මාව පාවෙන ෆීලින් එකක් දැනෙද්දි..

විනාඩියක් දෙකක් ගියත් තාම මාව වැටුනෙ නැත්තෙ ඇයි කියල බලන්න එක ඇහැක් විතරක් ඇරල බලද්දි දැක්කෙ වෙන කවුරුත් නෙමේ අර දුස්ට ඔලුබක්කා.. යකෝ මට නිදහසේ මැරෙන්නවත් දෙන්නෑනෙ 🤧

මගෙ ඉන වටේ අත දාලා මාව එයාගෙ ඇගටම හේත්තු කරන් ඉන්න දුස්ට පූස්ගෙ ඇස් මගෙ මූන මුරාම වේගෙන් ගියේ මාත් එයාගෙ ඇස් අස්සෙ මංමුලා වෙද්දි..

" කැහැම්..කැහැම්..." 🗣️

එක පාරම මගෙ පිටිපස්සෙන් කහින සද්දයක් ආවා..කව්ද යකෝ මේ ලස්සන මොහොත විනාශ කරපු ගල් උගුඩුවා.
පූස් මගෙන් ඉක්මනට එහාට උනා.. සැක් ඔක්කොම මේ හිවලා නිසා තමා..

මගෙ ලස්සන ඩ්‍රාමා එක කාපු බූරු පැටියා කව්ද කියලා බලන්න මන් හැරුනම දැක්කෙ වෙන කවුරුත් නෙමේ මගෙ නසරානි කුක්කා..

🐰" ආහ්..ඩිස්ටර්බ් උනාද..මියානේයෝ. වැඩේ කන්ටිනිව් කරන් යන්න "

කුක්කා එහෙම කියලා මහ කැත හිනාවක් දාලා පහලට යන්න හැදුවම මන් ඉක්මනට ගිහින් කුක්කගෙ බෙල්ලෙ එල්ලුනා..

🌼" ඔයා හිතනව වගේ එකක් මෙතන උන්නෑ කුක්කෝ " 🙂

🐰" දැන් මන් හිතන එක ඔයා කොහොමද දන්නෙ ඈ.." 😌

🌼" ආශ්...මුකුත් නැ යන් පහලට " 😑

මන් කුකියගෙ බෙල්ලෙ එල්ලිලා එයා එක්කම පහලට ගියා..හැබැයිවැඩෙත් මරු..

.

.

…………… After few hours ……………

බඩ පැලෙන්නම ජින් ඔප්පගෙ කෑම වලට වැඩේ දීලා මායි කුක්කයි සෝෆා එකේ වැටිල හිටියෙ බඩ උස්සගන්නත් බැරි නිසා..කරන්න කිසිම දෙයක් නොතිබ්බ නිසා මන් කුක්කට කතා කරේ මොකක් හරි අලුගුත්තේරු වැඩක් නොකර ඉදල කහනවා කහනවා වගේ දැනෙද්දි..

🌼" ඒයි කුක්කො.. මොකෝ කියම්නෙ වැඩක් කරමුද.. බඩ බහින්නත් එක්ක "

🐰" වාහ්..තේබක්..කරමු කරමු. මොකද්ද කරන්නෙ "

🌼" එන්නකො යන්න.."

මන් පොඩි එකාවත් ඇදගෙන ගියේ ඔලුබක්කගෙ රූම් එකට.. අපි යනකොට එයා රූම් එකේ හිටියෙ නැ හොද වෙලාවට..

මන් කුක්කවත් ඇදගෙන බාත්රූම් එක ඇතුලට රිංගගත්තා..අම්මෝ මෙතන තියන ඒව ගොඩ.. ෂැම්පු, බොඩිවොශ්, මවුත්වොශ්,හෙයාඔයිල්,කන්ඩිශන වගේ ගොඩක් ඒව එතන තිබ්බා..

🌼" වාහ් කුක්කො..අර දුස්ටයා මෙච්චර ඒවා උලාගන්නවද.යකොව් මන් ලගවත් මෙච්චර නෑ..ඒක තමා ඔය කිරි සුදට බැබළි බැබලි ඉන්නෙ " 🙄

🐰" අනේමන්ද සෝ..ඒක නෙමේ දැන් මොන බනානා පුස්පයකටද මේක අස්සට රිංගුවෙ " 👀

🌼" පොඩි වැඩක් ඉතින්.."

මන් එහෙම කියලා මෙච්චර වෙලා හංගන් ආපු නිල් පාට ෆැබ්‍රික් පේන්ට් වතුටම මික්ස් කරල හදපු බෝතලේ ගත්තා.. මන් කුක්කා දිහා බලලා ඔලුබක්කගෙ ෂැම්පු බෝතල් කන්ඩිශන බෝතල් ඔක්කොම අරගෙන හිස් කරලා පේන්ට් පිරෙව්වෙ කුක්කගෙත් උදව්වෙන්..

කරලා අපි දෙන්නා මුකුත් නොදන්න බබාලා වගේ පාඩුවෙ මූවි එකක් බලන්න ගත්තෙ තව ටිකකින් ඔලුබක්කා නාන බව දැනගෙන.. 🙃

.

.

After 1 hour 🌿...........

💙" ලමායි ...ඔක්කොම එන්න කන්න.."

ජින් ඔප්පා එයාගෙ ටින් බෙලෙක්ක වොයිස් එකෙන් හයිපීච් එකෙන් කිව්වෙ ඊලග තප්පරේම ඩයිනින් ටේබල් එකේ පුටුවකින් ඉදගෙන ඉද්දි..

ටිකකින් හැමෝම ලන්ච් එක ගන්න ඩයිනින් ටේබල් එක ලගට එද්දි අපි දෙන්නනම් ප්ලේට්ස් ටිකට බෙදාගන්න හැදුවත් ජින් ඔප්පගෙ රැවිල්ල නිසා බොහොම අමාරුවෙන් ඉවසන් හිටියා..

අපි දෙන්නා හිටියෙ පඩිපෙළට පිටිපස්ස හරෝලා.. කවුරු හරි පඩිපෙළ බහිනවා ඇහෙනවත් එක්කම අනික් අයගෙ ඇස්පැත්තට ගිහින් නැවතුනා..

අපි බලාගෙන ඉන්නකොටම කට්ටියගෙ ඇස් ජිල් බෝල වගේ ලොකු වෙද්දි මායි කුකියයි මූනට මූන බලාගත්තෙ වෙන දේ තේරුන නිසා..

🧡" යුන්ගි හ්‍යොන්.. ඔයා අපිට කිව්වෙ නෑනෙ කොන්ඩෙ කලර් කරනව කියල."

🐥" ඒකනෙ හ්‍යොන්..කලින් කිව්වනම් මාත් එනවනෙ යන්න "

🐯" මොනව උනත් ඒ කලර් එක හ්‍යොන්ට හොදට මැචින්.."

හරියටම සීන් එක නොදැන කට්ටියම ඔලුබක්කගෙ හෙයා කලර් එක ගැන කියවද්දි එයා බලන් හිටියෙ මොන මගුලක්ද වගේ ලුක් එකකින් වෙද්දි මායි කුක්කයි හිමීට පුටුවලින් නැගිටල ටිකක් එහාට ගියේ තව ටිකකින් මෙතන බෝම්බ් බ්ලාස්ට් එකක් වෙනව කියල ඉවෙන් වගේ තේරුන නිසා..

🐱" ම්වෝ..මොනවද තමුසෙලා කියවන්නෙ ආහ්..මොන හෙයා කලර් එකක්ද "

🐨" වේ හ්‍යොන්..අපි මේ කිව්වෙ ඔයාගෙ කොන්ඩෙ ගැනනෙ " 🙄

🐱" ම්වෝ..මන් කවද්ද කොන්ඩෙ කලර් කරේ ආහ්.."

🐯" ඉතින් ඔය කරල තියෙන්නේ..මේ බලන්නකො.."

ටේ ඔප්පා එහෙම කියලා එයාගෙ ෆෝන් එකේ සෙල්ෆි කැම් එක ඔන් කරලා එයාගෙ මූනට දික් කරේ ඔලුබක්කගෙ ඇස් ලොකු වෙලා තරහට දත් එකට තද වෙද්දි...

🐱" ආර්ර්ර්ර්ර්ර්හ්හ්හ්හ්හ්හ්... සෝයෝඕඕඕඕඕන්..."

🌼" කුක්කො දුවන්නෝ..."

ගෙදර වහලෙ උලු..ආහ් නෑ සිවිලිම උඩ යන්නම ඔලුබක්ක කෑගැහුවෙ මාත් කුක්කට කෑගහලා දුවන්න පටන් ගනිද්දි.. මන් කිව්ව බෝම්බෙ තමා ඔය බ්ලාස්ට් උනේ..

අරූ පිස්සෙක් වගේ අපි දිහාට දුවන් එද්දි මායි කුක්කයි පන බේරගන්න ලිවින් රූම් එකට දිව්වා..කුක්කා එකපාරට කොහෙටද මන්ද අතුරුදහන් වෙද්දි අන්තිමට උගුලට අහු උනේ මාව..

🌼" යාහ් ජියොන් ෆකින් ජන්කූක්.. "

මන් මුලු සාලෙ වටේම පුටු උඩිනුයි මේස උඩිනුයි පැන පැන දිව්වෙ පිස්සු බල්ලෙක් වගේ මගෙ පස්සෙන් පන්නන අලි ඔලුවගෙන් බේරෙන්න..

අනික් අය අපි දෙන්නා දුවන දිහා බලන් හිනා වෙන්න ගත්තෙ කොමඩි ෆිල්ම් එකක් ලයිව් පෙන්නනවා වගේ..

දුවල දුවල අන්තිමට මන් ඩයිනින් ටේබල් එකේ එහා පැත්තෙයි එයා අනික් පැත්තෙයි නතර උනේ තිබ්බ මහන්සියටම..

🐱" මන් මේ හොදින් කියන්නෙ සෝයොන්.. ඔයා මෙහාට එනවද නැද්ද.."

🌼" ගහන්නෙ නැ කියල ප්‍රොමිස් වෙන්න.. එතකොට එන්නම් "  😶

මුගෙන් හොද හයේ හතරෙ පොල්ලකින් පාරක් කන්න වෙයි කියල බයටම මන් එහෙම කිව්වෙ..කියන්න බෑනෙ එක පාරට පිට පුපුරන්න දෙයිද කියල මහසෝනා වගේ 🥲

🐱" අරස්සෝ...මන් ගහන්නෑ.. දැන් එනවද නැද්ද.. "

🌼" අනී..මන් එන්නෑ..තමුසෙ මට ගහුවොත් එහෙම.."

🐱" ප්‍රොමිස් ගහන්නෑ කියල.."

මූ එහෙම කිව්වම මන් හිමීටපැත්තෙන් ආව ගමන් මූ මගෙ කන මිරිකල අල්ල ගත්තා..

🌼" ආහ්...ආයි...ඔයා ප්‍රොමිස් උනා ගහන්නැ කියලා.."

🐱" ගහන්නැ කියලනෙ කිව්වෙ.. "

🌼" ආහ්..රිදෙනව අනේහ්..රැවටුනා නෙමෙයි මම විශ්වාස කරා " 🤧

මන් කනත් අල්ලන් මූන කරත්ත රෝදෙට අහූන දෙහි ගෙඩිය වගේ කරගත්තා. පොඩ්ඩක්වත් දුක නැද්ද මන් අහන්නෙ. මන් වගේ අහිම්ශක ලම්සන සූටි මල් කෙල්ලෙක්ගෙ කන මෙහෙම මිරිකන්න..

💙" යුන්ගි.. දැන් ඇති ඔය කෙල්ලගෙ කන අතාරින්නකො.. අපි කන්න යන් "😂

ජින් ඔප්පා හිනා වෙවී කිව්වෙ ඔලුබක්කා තව ටිකක් තදට කන මිරිකලා මාව අතාරිද්දි..

මන් මූනත් බෙරි කරන් කනත් අල්ල අල්ලම කන්න ගියේ වටේ පිටේ තිබ්බ පුටු වලටත් එක්ක රව රව..😑

.

.

.

Day by day skipped 🌿
So Yeon pov🌷
@Min Industry

අද නම් මගෙ දවසම අජූතයි.
මගෙ කේන්දරේ ග්‍රහයො සීසිකඩ.. සෙනසුරු නීච වෙලා.. සිකුරු උග්‍ර වෙලා..
උදේ ඉදන් අකරතැබ්බමයි වෙන්නෙ 🙂

බොසා ෆයිල් එකක් අරන් එන්න කිව්ව නිසා මන් ඒකත් අරන් කැබින් එක ඇතුලට ගියා.. මූනනම් එච්චර හොද නෑ වගේ. බැනුම් අහන්න වෙයි හික් ගෑවෙන්න 🥲

🐱" මොනවද අයිසෙ මේ කරලා තියෙන්නෙ..තමුසෙට හරියට වැඩක් කරගන්නවත් බැරිද. මොනවද මේ හදලා තියෙන්නෙ.
මදැයි මමත් පව් කියලා ජොබ් එක දුන්නා. මෙහෙම වැඩ බැරි උන් ගන්නවට මටයි ගහන්න ඕනෙ.
ශික්..ගිහින් මේක ආයෙ හදන් එනවා."😠

කවදාවත් නැතුව අද ගොඩක් සැරෙන් මේ යකා මට කතා කරේ. කවදාවත් මේ වගේ මට කෙනෙක් බැන්නොත් නිකන් ඉන්නෙ නැති මන් අද මුකුත්ම නොකියා බලන් හිටියෙ ඇස් වලත් කඳුලු පිරෙද්දි..

යාහ්..මේ මොකද සෝයොනා කවදවත් ඔයා මේ වගේ දේවල් වලට කඳුලු පුරෝගන්න කෙනෙක් නෙමෙයිනෙ. අද විතරක් මොකද මේ..

🐱" තවත් මොනවද මගෙ මූන දිහා බලන් ඉන්නෙ ආහ්.. යනවා මෙතනින් "

මේ යකා ෆයිල් එකත් මගෙ ඇගේ වදින්නම වීසි කරේ මන් ගැස්සිලා යද්දි. මේ මන් බැනුම් අහන්නෙ නොකරපු වැරැද්දකට..

මන් කඳුලු හිරකරගෙන බිමට නැමිලා ෆයිල් එකේ කොල ටික එකතු කරන් දොර ලගට ගිහින් හැරිලා බැලුවෙ කවදාවත් නැතුව මට හුගක් අප්සට් ගිහින් තිබ්බ නිසා..

🐱" යනවා ඕයි.." 😠

එකපාරම මේසෙටත් අතින් ගහන ගමන් කෑගහගෙන නැගිට්ටාම මන් ඉක්මනට කැබින් එකෙන් එලියට ගියේ එකපාරට මෙයා මෙච්චර යකා නැටුවෙ ඇයි කියලා හිතන ගමන්..

.

.

.

.

After few hours 🍃

මන් නොක් කරලා ඇතුලට යන්න කලින් දොරෙන් ඇතුලට ඔලුව විතරක් දාලා බැලුවෙ තාම අර යකා පුපුරනවද බලන්න..

ම්ම්..දැන්නම් අවුලක් නෑ වගේ.

මන් එහෙම හිතලා කැබින් එක ඇතුලට ගියේ යස්සයා පුටුවෙ පිටිපස්සට ඔලුව බර කරන් ඉන්නකොට..

🌼" සර්...මේ ෆයිල් එක.."

🐱" ම්ම්..ඔතනින් තියලා යන්න"

මන් කතා කරාම එයා ඇස් අරින්නෙවත් නැතුව එහෙම කිව්වෙ..

🌼" සර්..."

🐱" වේ...ඒ පාර මොකද " 🤨

මන් කතා කරාම මේ පාරනම් කලින් වගේම ඇගට කඩාපැන්නා.. පුදුම ඩෝං යෑමක්නෙ යන්නෙ 😒

🌼"අනියෝ.. මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා අහන්න හැදුවෙ. කරදරයිනම් මන් යන්නම් එහෙනම් "

මන් එහෙම කියලා යන්න හැරුනත් මගෙ අත හිරවුනේ එයාගෙ අතකට.. මන් හැරිලා ඇයි කියලා ඇස් වලින් ඇහුවම එයා මුකුත්ම නොකියා මන් දිහා බලන් හිටියා..

එයාගෙ ඇස් දෙකත් රතු වෙලා..
මේ මිනිහා අඬලද.. ඒත් ඇයි 😶

🌼" වේ සර්..මොනවහරි ඕනිද."

🐱" නේ..මගෙ ඔලුව රිදෙනවා " 😣

එයා ඒක කිව්ව විදිහට ඇත්තටම මට දුක හිතුනා..

🌼" මන් ඔලුව මසාජ් කරන්නද" 😶

මගෙ කටින් එහෙම එකපාර කියවුනේ මටම හිතාගන්න බැරි වෙද්දි.. මට බනියි කියලා හිතුනත් එයා සද්ද නැතුවම පුටුව පිටිපස්සට ආයෙත් ඔලුව තියාගත්තෙ මන් අහපු ප්‍රශ්නෙට අවසර දෙන්න වගේ..

මාත් මුකුත් නොකියම එයාගෙ පුටුව පිටිපස්සෙන් හිටගෙන එයාගෙ කොන්ඩෙ අස්සෙන් ඇඟිලි ගෙනිච්චෙ එයා බර හුස්මක් පිට කරද්දි..
පිටවුන හුස්ම ඇතුලෙ ගොඩක් දේවල් තිබ්බා කියලා මට දැනුනෙ මගෙ හිතත් බර වෙද්දි..

මන් සද්ද නොකර එයාගෙ පිය වෙලා තියන ඇස්දිහාම බලන් ඔලුව මසාජ් කරා.. මට මෙයාව තේරුම් ගන්නම බෑ.

.

.

Yoongi pov🌷

මන් ඇත්තටම,මේ කෙල්ලට උදේ කෑගැහුවෙ සේරි තව කොල්ලෙක් එක්ක රෙස්ටුරන්ට් එකක ඉන්න ෆොටෝස් වගයක් unknown nb එකකින් මට එවලා තිබ්බ නිසා..

ඒවා ඇත්ත කියලා විශ්වාස කරන්න මට තාම බෑ..කාටහරි ඕනි මාව සේරිගෙන් වෙන් කරන්න. ඒත් ඒ කාටද.මට තේරෙන්නෑ.. 😣

ඒ තරහා මන් පිටකරේ සෝයොන්ගෙන්. කවදාවත් නැතුව මන් හේතුවක් නැතුවම කෙල්ලට බනිද්දි කෙල්ල මුකුත් නොකියා ඇස්වල කඳුලු පුරෝගෙන මන් දිහා බලන් ඉදපු විදිහ මතක් වෙද්දි මටම මන් එක්ක තරහයි..

හැබැයි පුදුම විදිහට මේ කෙල්ල මාව තේරුම් ගන්නෙ මට හිතාගන්න බෑ මගෙ යෝජාචිංගු උන සේරිවත් මන් ගැන කෙයා නොකරපු විදිහට මේ නොදන්න මන් ගැන මේ කෙල්ල කෙයා කරන හැටි..

.

.

Before few years 🍃

💄" බේබි.. මොකද අනේ ඔය. බාගෙට මැරිල වගේ. "

🐱" මගෙ ඔලුව රිදෙනවා බබා.. අනේ පොඩ්ඩක් මසාජ් කරන්න පුලුවන්ද"

💄" නෝ මිච්චස්සෝ.. ඔයාගෙ ඔලුව මසාජ් කරන්න ගියහම මගෙ නේල්ස් වලට ඩැමේජ් වෙනවා. මන් මේක මේ ලගදි හදාගත්තෙ " 

🐱" ඒත් ඉතින් මන්.."

💄" අරස්සෝ..මට පාටි එකකට යන්න තියනවා..මන් එහෙනම් යන්නම්. "

සේරි යුන්ගිට බායි කියාගෙනම ගියේ යුන්ගි ගැන පොඩ්ඩක්වත් බලන්නෙ නැතුව..

End ...

.

.

Again present
Yoongi pov🌷

එදා සේරි මන් ගැන බලන්නෙවත් නැතුව ගියාට මේ කෙල්ල මගෙ ඔලුව මසාජ් කරන්නෙ මුකුත්ම නොකියා..
මට තේරෙන්නෑ මේ කෙල්ලො කියන්නෙ මොනවගේ ජාතියක්ද කියලා..

🌼" සර්...මන් ඉක්මනට ම්ගෙ කැබින් එකට ගිහින් එන්නම් "

කෙල්ල  එහෙම කියලා මන් මුකුත්ම කියන්න කලින් මගෙ කැබින් එකෙන් එලියට ගියා.. ගිහින් විනාඩි පහක් යන්නත් කලින් ආයෙ ආවෙ වතුර බෝතලේකුත් අරන්..

🌼" ආ..මේ painkillers ටික බොන්න. එතකොට ඔය ඔලුව රිදෙන එක අඩු වෙලා යයි ඉක්මනට.."

කෙල්ල එහෙම කියලා ම්ගෙ අතට පේන්කිලර්ස් දෙකකුත් දීලා වතුර බෝතලේ මූඩිය්ත් ඇරලා මට දුන්නෙ මන් ඒක ඉක්මනට බීලා දාද්දි..

🐱" කම්සාහම්නිදා සෝයොන්. "

🌼" ක්වෙන්චනා..ආයෙ මොනවහරි ඕනි උනොත් මට කතා කරන්න "

කෙල්ල එහෙම කියලා කැබින් එකෙන් ගියේ මගෙ හිතේ ලොකු ප්‍රශ්න ගොඩක් එක්ක ලොකු බරක් ඉතුරු කරලා.. 😪

.

.

.

.

Time skipped 🌿
Next day
So Yeon pov🌷

එදා ජින් ඔප්පා කිව්ව නිසා මාව එක්කන් ගියාට එදායින් පස්සෙ මන් දිගටම කම්පැනි එකට ගියේ මේ යකා එක්ක..
යන ගමන් හැමදාම නිකන් ගියේ නෑ. පුලුවන් තරම් මෙයාට මන් වදදුන්නා.😌

මෙයා සාක්කු දෙකට අත් දෙක දාන් ගැම්මට ඉස්සරහින් යද්දි මන් නිකන් මොකාද එකා වගේ ෆයිල් ගොඩකුයි ටැබ් එකයි උස්සන් මෙයා පස්සෙන් යනවා..

මන් රිසෙප්ශන් එකේ හිටපු හේසු ඔන්නිටත් ඔලුව නවාගෙන මූ පස්සෙන්ම ගියේ පොඩි දේටත් බැනුම් අහන්න වෙන නිසා..

🐱" අද මොනවාහරි මීටින්ස් තියනවද මිස් සෝයොන් "

මෙ යකා මගෙන් එහෙම ඇහුවත් මට කියාගන්න විදිහක් තිබ්බෙ නෑ..මොකද මගෙ අතේ ෆයිල් ගොඩක් මූනත් වැහෙන්නම..

🐱" කන් ඇහෙන්නෙ නැද්ද හලෝ."

🌼" ඇස් පේන්නෙ නැද්ද හලෝ "

මාත් අනික් පැත්තට උත්තර දුන්නෙ මූට තව කොට වෙන්න අයින්න හිතේදි.. ඇයි යකෝ මේ ෆයිල් ගොඩ උස්සන් ටැබ් එක චෙක් කරන්නෙ කොහොමද 😒

🐱" තමුසෙගෙ කට වැඩී ආහ්.." 😒

🌼" මට ඒක හරි තියනවනෙ..ඇයි අඩු කරන්නද ආහ් " 😑

මාත් පුලුවන් උපරිම සද්දෙන් කිව්වත් ලිෆ්ට් එක ඇරුන නිසා කට වගගත්තා.. මන් මෙයා පස්සෙන්ම එයාගෙ ජැබින් එකට ගිහින් ටේබල් එක උඩින් ෆයිල් ටික තියලා ටැබ් එක අරන් මීටින්ස් තියනවද කියල චෙක් කරා..

🌼" සර්.. අර ලී කම්පැනි එකත් එක්ක තියන ප්‍රොජෙක්ට් එක ගැන කතාකරගන්න අද මීටින් එකක් #### හොටෙල් එකේ තියනවා. "

🐱" ම්ම්ම්..ඒක ඕකෙ කරලා ටයිම් එකක් දාගන්න. "

🌼" අරස්සෝ.. අද උදේ 10.30 ට මීටින් එක තියනවා. දැන්ම ගියොත් වෙලාවට යන්න පුලුවන් "

🐱" ඕකෙ. යමු. "

එහෙම කියල බොසා පස්සත් වන වන ආයෙ ලිෆ්ට් එක පැත්තට ඇවිදන් ගියේ මන් උගෙ පස්සට රවලා ඕනි ෆයිල් ටිකයි බෑග් එකයි අරන් එයාගෙ පස්සෙන් දුවද්දි..

.

.

.

Time passed 🍃
### hotel
So Yeon pov🌷

මීටින් එකේ වැඩ ගොඩක් හොදට කෙරුනා..හැබැයි එතන ඇවිත් හිටපු කෙල්ලෙක් අලි ඔලුවා දිහා බලන් ඇබරෙන්නයි, විරිත්තන්නයි පටන් ගත්තා.. මූටත් ඉතින් ඊට වඩා දෙයක් නෑ වගේකෙල්ලට හිනා වෙවී හිටියෙ

හැබැයි මටනම් ඒවා බලන් ඉන්න බැරුව තිබ්බෙ. අන්තිමට මීටින් එක ඉවර වෙලා මිස්ටර් ලී එක්ක ඩිනර් එක ගන්න අපිට කතා කරපු නිසා අපිත් මිස්ටර් ලී එක්කම ගියා..

යන්න කලිනුත් අර නැට්ටිච්චිට හිනා උනා කියන්නකො. මූට අපි එක්ක තමයි හිනා වෙන්නවත් බැරි. කොහෙවත් යන ගැනුන්ටනම් හිනාවෙනවා. දෙන්න හිතෙනව හොම්බට හැටක්. 😒

🌼" excuse me.. "

මට කෝල් එකක් ආපු නිසා මන් එතනින් ටිකක් එහාට ආවෙ කාට නැතත් මට මැනස් කියන එක තියන නිසා 😌
කෝල් එක අරන් යන්න හැරෙද්දි මාව කාගෙද ඇගක හැප්පුනා..

🌼" ආශ්..කව්ද යකෝ හැප්පුවෙ. "

මන් නලලත් අතගගා ඔලුව උස්සලා බලද්දි දැක්කෙ හිටන් ඉන්නවත් බැරි වෙන්නම බීලා හිටපු කොල්ලෙක්. එයාට පිටිපස්සෙන් එයාගෙ යාලුවො කියන්න පුලුවන් තව කොල්ලො තුන් දෙනෙකුත් හිටියා..

👦" ආහ්..ස්වීටී..බලපන්කො මේකිගෙ.. ලස්සන බන්.." 🥴

වැනි වැනිම මන් ලගට ඇවිත් මගෙ මූන අල්ලන්න හදද්දි මන් උගෙ අතට ගහලා පිටිපස්සට උනේ වෙන්න යන්නෙ හොද දෙයක් නෙවෙයි කියල දැනෙද්දි.

🧒" මොකද බේබි ඔච්චර සැර ආහ්.. කැමති නැද්ද පොඩි ෆන් එකක් ගන්න "

අනික් තුන්දෙනත් මාව වට කරගන්න ගමන් එහෙම කිව්වෙ දැන් මන් මොකද කරන්නෙ කියලා හිතාගන්න බැරි වෙද්දි
දැන්නම් ඇඩෙන්නත් වගේ. කවුරුත් උදව්වට ඇත්තෙත් නෑ.
උස්සන් ගියොත් ඒම. ආපු එකක් ඇති අරකිට විරිත්ත විරිත්ත 😶

එකපාරට මගෙ ඉස්සරහ හිටපු කොල්ලා පිටිපස්සට ඇදිලා ගියේ එහාපැත්තෙ තිබ්බ පූල් එකට ජබොක් ගාලා තව මොනවහරි වැටෙද්දි..
මගෙ ඇස් ලොකු උනේ ඉස්සරහා හිටන් හිටපු කෙනා දැකලා..

.

.

.

.

.

.

.

.


.


.

.

.

.

..


.

.

.

.

.

.

.

.

.

.

..



.

.

.

.



.


.

.

.

.

.

.

.


.



.



.


.

❤️………………………………………………❤️

හායි රෝසස්

කමෙන්ටුවකුයි වෝට් එකකුයි හලන් යන්න අනේව්
නැත්තන් මට මේක ලියන්න හිතෙන්නෙ නෑ 😪

කව්ද ආවෙ කියල ඊලග එකෙන් බලමු
යන්නාම්

කුරිරු ඕතරී 😈

Continue Reading

You'll Also Like

755K 17.1K 46
In wich a one night stand turns out to be a lot more than that.
1.2M 51.9K 98
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
361K 21.5K 77
Y/N L/N is an enigma. Winner of the Ascension Project, a secret project designed by the JFU to forge the best forwards in the world. Someone who is...
164K 4.9K 51
matilda styles, will you be my valentine? (please reject me so i can move on) ⋆ ˚。⋆୨💌୧⋆ ˚。⋆ IN WHICH christopher sturniolo falls for nepo baby or...