𝑴𝒚 𝑷𝒓𝒊𝒏𝒄𝒆 || MYG ✅

By Ms_Crazy7

3K 559 139

" ඔයා මට කොහොම සැලකුවත් කමක් නැහැ...! ඔයාට මේ හිතේ තියන තැන එහෙම්මමයි..." 🥀 • S̶o̶ Y̶e̶o̶n̶ • ____... More

𝘗𝘢𝘳𝘵 01 🍃
𝘗𝘢𝘳𝘵 02🍃
𝘗𝘢𝘳𝘵 03 🍃
𝘗𝘢𝘳𝘵 04 🍃
𝘗𝘢𝘳𝘵 05 🍃
𝘗𝘢𝘳𝘵 07 🍃
𝘗𝘢𝘳𝘵 08 🍃
𝘗𝘢𝘳𝘵 09 🍃
𝘗𝘢𝘳𝘵 10 🍃
𝘗𝘢𝘳𝘵 11 🍃
𝘗𝘢𝘳𝘵 12 🍃
𝘗𝘢𝘳𝘵 13 🍃
𝘗𝘢𝘳𝘵 14 🍃
𝘗𝘢𝘳𝘵 15 🍃
𝘗𝘢𝘳𝘵 16 🍃
𝘗𝘢𝘳𝘵 17 🍃
𝘗𝘢𝘳𝘵 18 🍃
𝑷𝒂𝒓𝒕 19 🍃
𝘗𝘢𝘳𝘵 20 🍃
𝘗𝘢𝘳𝘵 21 🍃
𝘍𝘪𝘯𝘢𝘭 🍃
𝐄𝐩𝐢𝐥𝐨𝐠𝐮𝐞 ✨️

𝘗𝘢𝘳𝘵 06 🍃

126 23 12
By Ms_Crazy7

🌼" ආහ්...මේ...මේ..අනියෝ..මට රූම් එකට යන්නෝනි ඒකයි.." 🙂

මන් එහෙටත් නැති මෙහෙටත් නැති ගොන් උත්තරයක් දීලා පූස්ටත් විරිත්තලා ඉක්මනට මගෙ රූම් එකට දුවලා ආවා...

………………………………………………………

එතැන් සිට...🍃
So Yeon pov🌷
After 3 days

අද මන් වෙනදට වඩා ටිකක් වැදගත් විදිහට ඇදගෙන සාන්ත දාන්ත තීන්ත කුප්පිය වගේ සෝෆා එකට වෙලා බලන් හිටියෙ පූශ්ගෙ කව්ද මන්ද යාලුවො ටිකක් එනව කිව්ව නිසා..

දකින මුල් වෙලාවෙම ඉතිම් සත්ත්වයෙක් වගේ ඉන්න බෑනෙ.. මොකද මට කියලත් බම්බුවෙ නම්බුවක් තියනවනෙ 😌

ඉස්සරහ දොර ඇරෙන සද්දෙට මන් ඉදන් හිටපු තැනින් නැගිට්ටෙ එක පාරට මොකෙක්ද එකෙක් ෆ්ලෑශ් වැහිලා වගේ දුවන් ඇවිත් ආයෙ මාව පෙරලගෙන සෝෆා එකට වැටෙද්දි මටත් හයියෙන් කෑගැහෙනකොට...

🌼 " ඈඈඈඈ..........හ්..මාව බේරගනියෝ......ඔම්මා....හ් "

" බුදාම්මෝඕඕහ්....මෙන්න මෝහිනී ගැහුවෝඕඕඕඕහ්....."

මගෙ කටින් සද්දෙට ඔපෙරාවක් කියවෙද්දි මගෙ ඇග උඩ හිටපු එකත් කෑගහන්න ගත්තා..

මාව පෙරලන් වැටුනෙ මොකා උනත් කොල්ලෙක් කියල මට තේරුනා.. එසැනින්ම මගෙ ඇග උඩ හිටපු එකා ඇදිලා ගියා වගේ දැනුන පාර මන් ඉක්මනට නැගිට්ටා.. මොනා උනත් ඇග උඩ හිටපු එකා මාර බරයි කොන්දත් කැඩිල වගේ...

සැක්..වස ලැජ්ජාවයි 🙂💔 වටේම ඉන්නෙ කොල්ලො ටිකක්.. දැන්නම් වලක් හාරන් වැලලෙන්න හිතනව..

මගෙ ඉස්සරහ හිටියෙ මූනත් දෙක කරන් ඉන්න දුස්ට පූස්.. එයා කව්ද මන්ද කියුට් කොල්ලෙක්ගෙ කොලර් එකෙන් අල්ලන් හිටියෙ..
වගේම තව කොට මොඩල් එකකුයි ලස්සන පෙට්ටි කටක් තියන කොල්ලෙකුයි බොඩි බිල්ඩර් වගේ සරීරයක් තියන මහා පුරුසයෙකුයි විශේෂන පදයක් දාන්න බැරි තරම් දිදුලන කොල්ලෙකුයි එක්ක මන් හොදට අදුරන මූනකුත් තිබ්බා...

🌼" හනේව්...ජින් ඔප්පේහ්.." 😃

මන් කෑගහගෙනම දූවල ගිහිම් ජින් ඔප්පගෙ බෙල්ලෙ එල්ලුනා... කාලෙකට පස්සෙ අනේව් මයෙ ජිනාව දැක්කෙ..

💙 " ආයිහ්...බෙල්ල.. බෙල්ල... කෙල්ල මගෙ බෙල්ල..." 

ජින් ඔප්පා කෑගහනව ඇහුනත් මන් තව ටිකක් බෙල්ලෙ එල්ලිලා ඉදලා ඔප්පගෙන් එහාට උනා..

🌼" කෝමෙයි ජිනෝ.. කාලෙකට පශ්ශෙ දැම්කෙ කොල්ලව.. තවත් ලම්සන වෙලාද කොහෙද.. " 🌚

මන් ඔප්පව මුරුංගා අත්තෙ තියන්න කියල හිතන් කිව්වම මේකා ඒක සීරියස් ගත්තනෙ..

💙" කොහොමත් එහෙම තමයි කෙල්ලෙ.. I'm world wide handsome you know " 😌

🌼" හාරි හාරි...මන් දන්නව.." 😒

💙" ඉතින් කෙල්ල මෙහෙ මොකද "

මන් කියන්න කට අරින්න හදනකොටම අර දුස්ටයා මැද්දෙන් පැන්නා..

🐱" ආහ්..මන් මේ මෙයාව ගෙදර වැඩට තියාගත්තා.."

🌼💙" මොකාක්..." 😳

මූ කිව්ව එකට මායි ජින් ඔප්පයි දෙන්නම එකට කෑගැහුවා..

🐥" ම්වෝ.. හ්යොන්ග්.ඔයා මේ වගේ ලස්සන කියුට් කෙල්ලෙක්ව ගෙදර වැඩට තියන් ඉන්නව කියන එක නම් විශ්වාස කරන්න බෑ.." 👀

🐱" වේ..වෙන මොනාට මන් මේ වගේ පිස්සියෙක් තියාගන්නද.." 🤨

💙" පොඩ්ඩක් ඔහොම ඉන්නව යුන්ගියා.. එදා මේ කෙල්ල ඇසිස්ටන් කියලා දැන් මේ කෙල්ල වැඩකාරි කියන්නෙ..මොන මගුලක්ද " 🤨

🐯" ආන්න පොයින්ට් එක...දැන් මොකද හ්‍යොන් කියන්නෙ.." 😌

🐱" මෙයා මගෙ ඇසිස්ටන් කියන එක ඇත්ත හ්‍යොන්.. ඒ වගේම මෙයා මගෙ ගෙදර වැඩකාරි කියන එකත් ඇත්ත.. "

මූ කියන ඒව මටම තේරෙන්නෙ නෑ.. යකෝ මන් කවද්ද මුගෙ වැඩකාරි උනේ.. හහ්..හිතේ ඇති වැඩකාරි කරගන්න. බලමුකො මොකද වෙන්නෙ කියලා. රිටන් එක සැර වෙයි ලොක්කා 😏

🐨" අනේ මන්ද යකෝ..උබල මොනා කතා කරනවද කියල මට නම් තේරෙන්නෙ නෑ.. " 🥲

🐱" ඔයා ඒව හිතන්න එපා හ්‍යොන්.. ඒයි සෝයොන්.. ගිහින් අපිට අයිස් කොෆී හදන් එනවා.."

මූ එහෙම කිව්වම මන් මූටත් රවලා කිචන් එකට ගියේ මොනදේ උනත් මේක මගෙ ගෙදර නෙමෙයි නිසා..

After few minites ………

🌼" මාව හැමෝම ඉස්සරහ ලැජ්ජ කරා නේද මින් යුන්ගි.. අපි බලාගමු එහෙනම්.." 😏

මන් මටම කියාගෙන අයිස් කොෆි රෙඩි කරන්න ගත්තා.. ඒ එක්කම පූස්ට මගෙ හිතේ තියන ආදරෙන් පොඩ්ඩකුත් එකතු කරන්න හිතුවා..

මන් කවුරු හරි එනවද කියලා මගෙ රබර් ඇහැ දාලා බැලුවෙ මන් ආදරේ එකතු කරනකොට කවුරුහරි ඒක දැක්කොත් හොද නැති නිසා.😌

කවුරුත් පේන මානෙක නැති නිසා මන් පැන්ට්‍රි එක උඩ පරිස්සමට හංගලා තියල තිබ්බ තුනපහ බෝතලේ අරගත්තෙ බෝතලේටත් හිනා වෙලා..

මන් එනකොට අත්‍යාවශ්‍ය වෙයි කියල පොඩි පොඩි බඩු වගයක් දාගත්තා.. හැබැයි ඒවා මෙච්චර ඉක්මනට ඕනි වෙයි කියල මන් හීනෙන්වත් හිතුවෙ නෑ සන්තෝ 🤧 ආදලෙයි මන්

🌼" ම්ම්..අපි ප්‍රථමයෙන් තුනපහ හැන්දක් පමණ එක් කර ගමු.. ආහ් නෑ.. හැඳි දෙකක්.. ඉන් පසු ලුණු කුඩු තේ හැන්දකුත් එක් කරගෙන හොදින් කලවම් කර ගනිමු...ෂාහ්...දැන් හරි.."😌

කෝ බලමු සූද...නරකම නෑ හැබැයි.. මන් එයාට මගෙ ආදරේ එකතු කරල හදපු කොෆි එක අනික් අයට හදපු ඒවත් එක්කම අරන් ගියා...

💙" ආනෙ..සෝ බබා කොෆි හදලත් ඉවරද.. මට උදව්වක් දෙන්න එන්න තිබ්බා හැබැයි.. "

🌼" ආහ්...අනේ ඕනි නෑ ඔප්පා..බීලා බලන්නකො රසද කියල "

හොද වෙලාවට මෙයා ආවෙ නැත්තෙ.. නැත්තම් මන් කොහොමද අනේ මගෙ බොසාට එයා ගැන මගෙ හිතේ බුර බුරා නැගෙන ආලය ප්‍රකාශ කරන්නෙ.. 🤧

මන් හැමෝටම කොෆි ටික දීලා පැත්තකට උනේ මූ මේක බිව්වම කොහොම ප්‍රතිචාර දක්වයිද කියල කියන්න බැරි නිසා..

මූ මන් දිහත් බලලා කොෆි එකෙන් උගුරක් බිව්වා විතරයි අනික් පැත්තට මුගෙ කටින්ටික එලියට විද්දෙ ඩිම්පල් ඔප්පා නෑවිලා යන්නම..

🐱" කෑහ්....තුහ්...තුහ්...මේ මොන මල ජරාවක්ද..ඊව්...ආශ්...තුහ් තුහ්.."

මගෙ හිනාව එලියට පයින්න බැරි වෙන්න ට්‍රේ එක හපාගත්තෙ මේකගෙ මූනෙ හැටි දැකලා..
හිනාව හිර කරන් ඉදලා ඇස් වලින් කදුලුත් එනව.. ඔක්කොම ශොක් වෙලා..
මු මටත් රව රව පඩි දෙක දෙක අතෑරලා පඩිපෙළ නැගලා එයාගෙ රූම් එකට ගියා..

💙" සෝ...මොනවහරි දැම්මද ඔයා කොෆි වලට.." 🤨

මගෙ හැටි දන්න නිසාම ජින් ඔප්පා එහෙම අහද්දි මන් දත් ඔක්කොම පේන්න විරිත්තලා හිනා උනා..

🌼" අනියෝ ඔප්පා... එයා කොහොමත් මන් කරන ඒවට කැමති නෑනෙ ඉටිම්"

💙" ම්ම්ම්..."

🌼" ඒක නෙවේ පස්නෙ..අනික් අය කව්ද කියල මට අදුන්වලා දුන්නෙ නෑනෙ " 👀

මෙච්චර වෙලා මට තිබ්බ දැවෙන පස්නෙ මන් ඒ ආකාරයට ඉදිරිපත් කලේ සලකා බලන්න හිතෙන හැන්ඩි කොල්ලො ටිකක් මෙතන ඉන්න නිසා.. 🌚

💙" ආහ්..මටත් ඒක අමතක වෙලාම ගියානෙ ඉතිම්.. ඔයා දන්නවනෙ මගෙ මල්ලිලා දෙන්නා ගැන.. මේ ඉන්නෙ ඒ දෙන්නා.."

ජින් ඔප්පා කොෆි නාපු ඔප්පවයි කියුට් කොල්ලෙක්වයි පෙන්නලා කිව්වෙ..

💙" මේ මගෙ ලොකු මල්ලි කිම් නම්ජුන් එතකොට මෙයා කිම් ටේහ්‍යුන් "

🌼" ආහ්..අන්‍යොන්හාසේයෝ "

මන් ඒ දෙන්නා දිහාට හැරිලා ඔලුව පාත් කරල bow කරේදෙන්න ලස්සනට හිනා වෙද්දි..

💙" එතකොට මේ ඉන්නෙ ජන්ග් හෝසොක්.. එයාගෙ තමයි ජන්ග් ෆැශන් කම්පැනි එක.. එතකොට මේ ඉන්නෙ ටේහ්‍යුන්ගෙ හොදම යාලුවො දෙන්නා.. පාක් ජිමින් වගේම ජියොන් ජන්ග්කුක්.. P&J කම්පැනි එකේ අනාගත අයිතිකාරයො.."

🌼" ඕහ් ඒමත් එකක්ද.. අන්‍යොන්හාසේයෝ. මන් ජන්ග් සෝයොන්...හෝසොක් ඔප්පගෙයි මගෙයි ස'නේම් එකයි නෙහ්.." ☺️

මන් අනික් අයටත් bow කරල කිව්වෙ එයාලත් මට අනික්පැත්තට හිනාවකින් සංග්‍රහ කරද්දි..

🌼"අර අලි ඔලුවා වගේ නෙමේ ඔයාලනම්.. හිනාවෙන්න දන්නව හොදට. කොහොම යාලුවො උනාද මන්දන්නෑ " 🙄

💙" මන් හිතන්නෙ සෝයොන් අපෙ කුකියගෙ වයසෙ.."

🌼" මෝහ්..එහෙමද..ඔයාටත් තාම 23ද"

🐰" නේ..කොහොමහරි අන්තිමට මට මගෙ වයසෙ කෙනෙක් හම්බුනා එහෙනම්.."

🌼" වේ ඔප්පා එහෙම කියන්නෙ "

🐰" අනී..මේ ජිමින් හ්‍යොනුයි ටේ හ්‍යොනුයි හැමවෙලේම මට වෙනස්කම් කරනවා.. කෙල්ලන්ට ලයින් දාන්නවත් එක්ක මටත් නොකියා " 😒

ජන්කුක් ඔප්පා එහෙම කිව්වම මට ඉබේම බැලුනෙ ජින් ඔප්පා දිහා.. මන් හිතුව වගේම ජින් ඔප්පා ඉන්නව ටේ ඔප්පයි ජිමින් ඔප්පයි දිහා බලන් පිඹ පිඹ ගිනි මකරා වගේ.. අද නම් ටේමින් ඩබල ඉවරයි වගේ.. 😂

💙" දැන් දෙන්නම මට පොඩ්ඩක් පැහැදිලි කරොත් හොදයි මොකද්ද ඒ කුකී කිව්වෙ කියලා.."

🐯" ආශ්....උබ අපිව කෑවා කුකියො.."

🐥" අපි බලාගමු එහෙනම් ආහ්.. එකටම ඉදලා පාවා දුන්නා නෙහ් "

දෙන්නම තරගෙට ජන්කුක් ඔප්පට රවද්දි මන් කතාව වෙනස් කරන්න හිතුවෙ ජින් ඔප්පගෙ හැටි දන්න නිසාමයි..

🌼" ආහ්ම්..මේ..ඒක නෙමේ..ජුන් ඔප්පා දැන් දිගටම ඔහොම ඉන්නද කල්පනාව ආහ්.."

🐨" ඔව්මයි..මටත් දැන් මතක් උනේ.. හොද වෙලාවට ටික දවසක් අපි මෙහෙ ඉන්නම ආවෙ.. ඉන්නකො මන් ඇදුම් බෑග් ටිකත් අරන් එන්නම් "

🧡" ආහ්..ඉන්න ජූන් මමත් උදව් කරන්නම්.."

ජූන් ඔප්පයි හෝසොක් ඔප්පයි බෑග් ගන්න කියලා එලියට ගියා.. මාත් කොෆි කප් ටික අරගෙන කිචන් එකට ගියේ ඩිනර් එකටත් මොනාහරි හදන්න හිතන්

Next day morning 🌄
So yeon pov🌷

අද නිවාඩු දවසක් කියලා මන් දවල් වෙනකන් නිදා ගත්තෙ නෑ.. උදේ පාන්දර එකොළහට නැගිට්ට හොද ලමයා වගේ.

නැගිටලා වොශ් කරන් ඇදුමකුත් ඇදගෙන පහලට ගියේ අදවත් අර නපුරව උදේ පාන්දර මූන දැකලා බැලුම් අහන්න නොලැබේවා කියලා ප්‍රාර්ථනා කර කර..

මන් රූම් එකේ දොර ඇරන් එලියට එනකොටම මගෙ රූම් එකට ටිකක් එහාට වෙන්න තිබ්බ රූම් එකකත් දොර ඇරිලා ආවෙ වෙන කවුරුත් නෙමේ..
හම්බෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරපු කෙනාමයි 😒

Yoongi pov🌷

  අද ඔෆිස් නැති නිසා මන් ටිකක් දවල් වෙනකන් නිදියන් ඉදලා පහලට යන්න කියලා රූම් එකෙන් එලියට එනකොටම එහා පැත්තෙ රූම් එකෙත් දොර ඇරන් එලියට ආවෙ මේ දවස්වල මට නොදැකම බැරි කෙනෙක්..
සෝයොන්...
අනේ මන්දාකෙල්ලව මේ දවස්වල නිතරම මතක් වෙනවා.. මොනවා උනත් ඊයෙ කරපු එකටනම් මන් රිටන් එකක් දෙනවමයි.. 😑

මන් කෙල්ල දිහා ටිකක් වෙලා බලන් හිටියෙ ඇයි කියන්න මටම තේරෙන්නෑ.. කෙල්ල නාලා කියලා හොදටම පේන්න තාම කෙල්ලගෙ කොන්ඩෙන් වතුර බිංදු වැටෙනවා..
ඇදන් හිටපු ශෝටයි ටීශර්ට් එකයි එක්ක කෙල්ලව ගොඩක් කියුට් විදිහට පේනවා..

කියුට් නෙමේ මේ කොල්ලො හත්දෙනෙක් ඉන්න ගෙදරක මෙච්චර කොටට ඇදන් ඉන්නවට මම නම් කැමති නෑ..අපිට උනත් හැඟීම් දැනීම් තියනවනෙ මන් කියන්නෙ 😒

🌼" ගුඩ්මෝනිම්..මොකද ඔහොම බලන්නෙ.."

කෙල්ල කතා කරපු නිසා මන් හරි සිහියට ආවෙ..

🐱" අහ්..මේ..අනි..මන් මේ බැලුවෙ මෙච්චර කැත කෙල්ලො ඉන්නවද කියලා මේ ලෝකෙ.."

මන් වැඩිය නොහිතා එහෙම කිව්වත් කෙල්ලගෙ මූනෙ තිබ්බ හිනාව නැති වෙලා ගියේ මන් බලන් ඉද්දිමයි..

' ආශ්..උබ මොකද්ද යුන්ගිකිව්ව ඕන්නැති කතාව.. බලපන්කො කරපු ගොන් වැඩේ.. '

මන් මටම හිතෙන් බැනගන්න ගමන් කෙල්ල දිහා බැලුවත් කෙල්ල ඔලුව පහලට හරවන් මන් දිහාවත් නොබලා පහළට ගියේ මාත් හිමීට කෙල්ලගෙ පස්සෙන් සාක්කු දෙකට අත් දෙක ඔබන් පඩිපෙළ බහිද්දි..

🐥🐯🐰" ගුඩ්මෝනිම් සෝයොනා.."

පොඩි උන් තුන්දෙනා කෙල්ලව දැකලා එකපාරම එහෙම කිව්වෙ කෙල්ලගෙ මූන ආයෙත් හිනාවකින් පිරෙද්දි..
ඇති යන්තන් එහෙම හරි හිනා උනා..

මාත් හිමීට ගිහින් සෝෆා එකෙන් වාඩි උනේ ජන්කුක් නැගිටලා ගිහින් සෝයොන්ගෙ අතකින් අල්ලගනිද්දි..

🐰" සෝයොනා..ඔයා එනවද මාත් එක්ක වීඩියෝ ගේම් ප්ලේ කරන්න..මුන් දෙන්නා එක්ක බෑ මුන් දෙන්නා හොර කරනවා.." 🙁

ජන්කුක් පොඩි එකෙක් වගේ සෝයොන්ගෙ අතිනුත් අල්ලන් තොලත් නොපිට හරවන් කිව්වෙ සෝයොන් ලස්සනට හිනා වෙලා ඔලුව වනද්දි..

🐰" හූ...ඇද්ද දැන් උබල දෙන්නට..ආයෙ උබලා එකෙක්වත් එපා.. මට ගේම් ප්ලේ කරන්න දැන් ඉන්නව හොද පට්නර් කෙනෙක්..හූම් " 😌

ජන්කුක් හෙන ආඩම්බරෙන් කියලා සෝයොන්වත් ඇදගෙන එයාගෙ රූම් එකට යන්න ගියේ මන් එකපාරට කෑගහද්දි..

🐱" යාහ්...ජන්කුකා..කොහෙද ඔය කෙල්ලව එක්කන් යන්නෙ ආහ්.." 😑

🐰" කොහෙවත් යන්නැ හ්‍යොන්.. මගෙ රූම් එකට යන්නෙ ගේම් එකක් ප්ලේ කරන්න "

කුක් පඩිපෙළ නගින ගමන්ම විනාඩියකටවත් නවතින්නෙ නැතුව කියලා ගියේ මන් කන්ෆියුස් වෙලා බලන් ඉද්දි...

After few hours 🍃

පැය දෙක තුනක් ගියත් තාම දෙන්නම නෑ..ජින් හ්‍යොන් දෙතුන් පාරක් ගිහින් දෙන්නට කතා කරත් එක්කෙනෙක්වත් නෙවෙයි ආවෙ..😒

කොහොමහරි ජින් හ්‍යොන් කන්න කතා කරාම දෙන්නම තරගෙට පඩිපෙළ බැහැලා දුවන් ආවෙ පොඩි උන් වගේ..

කාලා ඉවරවෙන්න ඔන්න මෙන්න තියනකොට මහ හයියෙන් වහින්න ගත්තෙ අපිත් කරන්න දෙයක් නැතුව සෝෆා එකට වෙලා ඉන්නකොට..

🧡" මේ..අපිට කරන්න දෙයක් නැද්ද අනේ..කම්මැලියිනෙ.."

මන් සෝෆා එකට වෙලා නිදියන් ඉන්නකොට හොබී කිව්වෙ නිහඩතාවෙ බිඳින ගමන්..

🐥" ඒක තමයි අනේ..ගේම් එකක්වත් කරමුකො..මොකද කියන්නෙ.."

🌼" ඕහ්..ඒ අයිඩියා එකනම් මරු..අපි truth or dare කරමු.." 😌

💙" මොකද එකපාරට ඒකම කරන්න හිතුනෙ..මට නම් අල්ලන්නෑ ඔයාව.."

ජින් හ්‍යොන් සෝයොන්ට කියනකොට ජූන් මැද්දෙන් පැනලා කතාව නැවැත්තුවා..

🐨" ආහ්..මෙන්න මන් බෝතලයක් ගෙනාව..පටන් ගමුද.."

🐰" අරස්සෝ..යුන්ගි හ්‍යොන්..අනේ එන්නකො නිදියන් ඉන්නැතුව.."

ජන්කුක් එහෙම කිව්වම මන් ඇස් ඇරලා කුක්ටත් රවලා හරිබරි ගැහිලා සෝෆා එකේ ඉදගත්තා..

🐯" අරස්සෝ..එහෙනම් මන් මුලින් පටන් ගන්නම්.."

ටේහ්‍යුන් එහෙම කියලා බෝතලේ කැරකුවාම ආවෙ සෝයොන්ට..

🐯" සෝයොන් truth or dare "

🌼" ම්ම්ම්..truth "

මන් ලොකුවට අවධානෙ නොදුන්නත් ටේහ්‍යොන් අහන්න යන ප්‍රශ්නෙයි සෝයොන්ගෙ උත්තරෙයි හොදට අහන් ඉන්න හිතාගත්තෙ වැඩි උනන්දුවක් නොපෙනෙන්න..

🐯" කොල්ලෙක් ඉන්නවද.."

🌼" ම්වෝ..ඔහොමත් අහනවද ඔප්පා පොල්ලෙන් ගහනවා වගේ.." 🥲

🐥" උත්තරේ දෙන්න මගාරින්නෙ නැතුව.." 😌

🌼" අරස්සෝ..අරස්සෝ..දැන්නම් නෑ"

🐯" ම්වෝ..දැන්නම් නෑ කිව්වෙ කලින් හිටියද.."

🌼" එක ප්‍රශ්නයයි අහන්න පුලුවන් ඔප්පේ..දැන් මගෙ වාරෙ " 😌

සෝයොන් බෝතලේ කැරකුවාම ආවෙ ජින් හ්‍යොන්ට..

🌼" truth or dare ඔප්පෙ " 🌚

💙" මට ඔය බැල්ම එච්චර අල්ලන්නෙ නෑ..හ්ම්...truth "

🌼" අම්ම්ම්...ෆස්ට් කිස් එක කාටද දුන්නෙ.."

💙"යාහ් කපටි කෙල්ල..අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා නේ.. ෆස්ට් කිස් එක මගෙ යෝත්චින්ට.." 🥲

🧡🐨🐥🐯🐰🐱" ම්වෝඕඕඕහ්.. යෝත්චින් කිව්වා.. " 😳

🌼" මන් හිතුවා..මන් හිතුවා..එදා ඉදන් මන් දැනන් හිටියෙ මොකක්මහරි හොරයක් තියනවා කියලා.. ආයෙ චාන්ස් එකක් එයිනෙ.. "

සෝයොන් ඇස් හීනි කරලා කිව්වෙ මටත් ජින් හ්‍යොන් ගැන පුදුම හිතෙද්දි.. නිකමටවත් අපිට එහෙම එකක් මීටර් වෙලා නෑනෙ..

ජින් හ්‍යොන් කැරකෙව්වම ආවෙ කුකියට..

💙" truth or dare කුකියෝ.."

🐰" මට බයත් හිතෙනව හ්‍යොන් ඔයාගෙ මූන දැක්කම..ඩෙයා.."

💙" ම්ම්..ගැලරි එක ඕපන් කරලා පෙන්නන්න "

🐰"යාහ් ජින් හ්‍යොන්.. අන්ද්වේ.. ඒකනම් කරන්නෙ නෑ කොහොමටවත් "

🧡" ඔයා ඩෙයා කියලා කිව්වා කුකියෝ"

ජන්කුක් මූනත් බෙරි කරන් ගැලරි එක ඕපන් කරලා පෙන්නුවා..
ම්වෝ..මන් කීයටවත් හිතුවෙ නෑ මෙහෙම එකක්..

💙" ආහ්...මට හිතුන හැම වෙලේම හොබියගෙ කම්පැනි එක අස්සෙ රිංගද්දි.. මේක ඉවර උනාම බලාගමු කුකියෝ.."

ජින් හ්‍යොන් ඇස් හීනි කරලා රැව්වම කුකියා බෝතලේ කැරකෙව්වා.. ආවෙ ටේහ්‍යුන්ට..

🐰" truth or dare ටේටේ හ්‍යොන්.." 😌

🐯" උබව මට ශුවර් නෑ..truth හොදයි"

🐰" ආශ්...අරස්සෝ..හැමදාම රෑට රෑට බලන්නෙ මොනාද ලැප් එකෙන් "

🐯" ආශ්..ඒකත් දැක්කද හාවෝ.."

🐨" කියනවා කියනවා ටේ.. "

🐥" අද නම් අපි දෙන්නා කම්බස් පුතෝ "

🐯" රෑට බැලුවා අපි දෙන්නා අනාගතේදි අවශ්‍ය කරන දේවල්.."

💙" ම්වෝ...ඒ මොනාද.."

ජින් හ්‍යොන් ඇසුත් ලොකු කරන් ඇහුවෙ අනික් අයත් මන් වගේමමොනාද කියලා කල්පනා කරද්දි..
ඒත් එකපාරට අපි හැමෝම උඩ ගියේ ඇහුන බෝම්බ පුපුරන සද්දෙට..

🌼" හහ් හහ් හහ් හාහ්..අම්මෝහ්.. ටේ ඔප්පා ඔයාලනම්...හාහ් හාහ් හා..." 😂

කෙල්ල හිනා උනාට අපි කාටවත් මීටර් උනෙ නැ ඇයි කෙල්ල හිනා උනේ කියන එක තියා ටේයි ජිමිනුයි බලපු අනාගතේට ප්‍රයෝජනවත් වෙන එකවත්

කොහොමහරි ටේහ්‍යුන් හිනාව කාගෙන බෝතලේ කැරකෙව්වම ආවෙ ආයෙත් ජින් හ්‍යුන්ට..

🐯" හ්‍යුන් truth or dare "

💙" truth හොදයි.."

🐯" යෝත්චින්ගෙ නම මොකද්ද "

💙" ඇති යන්තම් ඕක ඇහුවා.. මන් බොක්ක රත්වෙලා හිටියෙ වෙන එකක් අහයි කියලා.. එයාගෙ නම යුන්හි "

🌼"අනේව්...කියුට් නේම් එකක්.. ඔයා මට එහෙනම් එයා ගැන කලින් කිව්වෙ නෑ නේද ඔප්පා..මන් තරහයි " 😪

සෝයොන් පොඩි එකා වගේ තොල් උල් කර කර කියලා අත් දෙකත් පපුව හරහා බැදගෙන ජින් හ්‍යොන්ට ගස්සලා අහක බලාගත්තා..

💙" අයිගෝ.. මගෙ සෝ බබා තරහද ඉතිම්.. අරස්සෝ..මියානේයෝ කලින් නොකිව්වට.."

🌼" යාලු වෙන්නනම් මාව එයා බලන්න එක්කන් යන්න ඕනි..හාද " 😌

💙" ම්වෝ..මේ වැස්සෙ.."

🌼" ආශ්..කව්ද මල්ලි මේ..ලව් කරන්නෙ කොහොමද මන්ද මේ වගේ කෙනෙක්.. දැන් නෙමේ පස්සෙ දවසක.." 😑

💙" ආහ් ඒකමිසක්..අරස්සෝ..මන් එක්කන් යන්නම්.."

🐨" හාරි..හාරී..ඔයා එහෙනම් එහෙමයි නේද හ්‍යොන්..ඔයාට ඉස්සෙල්ලා ආව කනට වඩා පස්සෙ ආපු අග ලොකු උනා එහෙනම් නෙහ්.." 🤧

ජූන් ජින් හ්‍යොන්ට රවලා බොරුවට නහය උඩට අදින්න ගත්තෙ අනික් අයත් ජූන් කිව්ව එක පිලිගනිද්දි..

💙" නවත්තගනිල්ලා උබලගෙ ඔය බටර් ගෑවිල්ල.. ඔය එකෙක්ටවත් වඩා මට මගෙ යුන්හි ලොකුයි හරිය.." 😒😌

🧡" පුහ්..අපිට ඔය මුකුත් ඕනි නෑ මේක කරපිය හ්‍යොන්.."

හොබියා එහෙම කිව්වම ජින් හ්‍යොන් හොබීටත් රවලා බෝතලේ කැරකුවා..
මේ පාර ආවෙ ජිමිනට..

💙" ජිමින් truth or dare "

🐥"අම්ම්..ඩෙයා හොදයි.."

ජිමින් එහෙම කිව්වම සෝයොන් ජින් හ්‍යොන්ගෙ කනට කරලා මොනාහරි කිව්වා.. මොනවද දන්නැ කිව්වෙ

💙" අරස්සෝ..එහෙනම් ටේහ්‍යුන්ට කිස් එකක් දෙන්න.."

🐥🐯" ම්වෝඕඕඕඕ..අන්ද්වේඒඒ.. ඒකනම් කීයටවත් එපා හ්‍යුන්.."

🌼" ඩෙයා කිව්වනම් කරන්නම වෙනව පාත්තයෝ.."

🐥" යාහ්..ඔහේ තමයි ජින් හ්‍යොන්ට මේව කියල දුන්නෙ එහෙනම්.. අපි පස්සෙ බලාගමු එහෙනම් " 🤧

🌼" මගෙ පස්සෙ මොනා බලන්නද ඔප්පෙ.. ඕක ඉක්මනට දෙන්නකො. "

කොහොමහරි ජිමින් ටේහ්‍යුන්ගෙ කම්මුලට කිස් එකක් දිහා එහාට උනේ ටේහ්‍යුන් කෑගගහා එයාගෙ මූන අතුල්ලද්දි. ජිමිනුත් වෙනසක් නෑවිදිහටම කට අතුල්ලනවා....
අපි හැමෝම හිනාවෙන්න ගත්තෙ මේ විකාරෙ දැකලා..

🌼" අරස්සෝ..දැන් කරකවන්න ජිමින් ඔප්පා.."

ජිමින් සෝයොන්ට රව රව බෝතලේ කැරකුවාම ආවෙ සෝයොන්ට.. සෝයොන්ගෙ මූන තැලුන දෙහි ගෙඩියක් වෙද්දි ජිමින්ගෙ මූනට ආවෙ මහ අමුතු හිනාවක්..

🐥" truth or dare සෝයොන්.."

🌼" truth කිව්වොත් අනිවාරෙන් මොකක් හරි ලොකු දෙයක් අහයි.. ඩෙයා එකකට දෙන්න තරම් අමාරු දෙයක් නෑනෙ ඒ නිසා ඩෙයා.."

🐥" යුන්ගි හ්‍යුන්ට විනාඩි දෙකක කිස් එකක් දෙන්න.."

ජිමින් කිව්ව දේ නිසා මුලු පරිසරයම නිහඩ උනේ කපුටෙක්ගෙ කාක් කාක් සද්දෙ විතරක් ඇහෙද්දි..

ජිමින් ඒක කිව්ව ගමන් හිත ඇතුලෙන් පොඩි සතුටක් ආවත් මන් බැලුවෙ සෝයොන් දිහා .. එතකොටම එයත් මන් දිහා බැලුවෙ ඇසුත් ලොකු කරන්..

🌼" අන්...අන්ද්වේ..ඒ..ක නම් වෙන්නෙ.. නෑ කී..යටවත් "

🐯" අනිවාරෙන් ඔයාට කරන්න වෙනවා සෝයොනා..ඔයාමයි ඩෙයා කිව්වෙ "

ටේහ්‍යුන් එහෙම කිව්වම සෝයොන් ඉදන් හිටපු තැනින් නැගිට්ටෙ මාවත් පුදුම කරලා.. කෙල්ල මන් ලගට ඇවිත් මගෙ කම්මුලට තොල් තදකරේ මගෙ වගේම අනික් අයගෙන් ඇස් ලොකු වෙලා පොඩි තුන විතරක් සූස් ගාද්දි..

කෙල්ල විනාඩි දෙකක් තොල් තදකරන් ඉදලා මගෙන් එහාට වෙලා දුවලා පඩිපෙළ නැගලා කාමරේට ගියා..

මන් වගේම අනික් අයත් ශොක් වෙලා හිටියෙ වචනයක්වත් කතාකරගන්න බැරුව..

🧡" ඒ මොකද ඒ උනේ.."

🐨" අනේ මන්ද මට තේරෙන්නෙත් නෑ "

🐱" ඔය මොලගෙඩි ගෙවෙයි ඒක හිතන්න ගියොත්..ඒ නිසා ඒව නොහිතා ගිහින් නිදියන්න හැමෝම.."

මන් එහෙම කියලා පඩිපෙළ නැගලා උඩට ආවෙ අනික් අයත් දහාතේ කල්පනා කර කර උන එකයි මන් කිව්ව එකයි තේරුම් ගන්න උත්සාහ කරද්දි..

❤️………………………………………………❤️

                   කුරිරු ඕතරී 😈

මතුසම්බන්ධයි..

Continue Reading

You'll Also Like

1.7M 58.5K 72
In which the reader from our universe gets added to the UA staff chat For reasons the humor will be the same in both dimensions Dark Humor- Read at...
136K 2.7K 44
"You brush past me in the hallway And you don't think I can see ya, do ya? I've been watchin' you for ages And I spend my time tryin' not to feel it"...
968K 24.3K 23
Yn a strong girl but gets nervous in-front of his arranged husband. Jungkook feared and arrogant mafia but is stuck with a girl. Will they make it t...
763K 17.3K 46
In wich a one night stand turns out to be a lot more than that.