𝑴𝒚 𝑷𝒓𝒊𝒏𝒄𝒆 || MYG ✅

By Ms_Crazy7

3K 559 139

" ඔයා මට කොහොම සැලකුවත් කමක් නැහැ...! ඔයාට මේ හිතේ තියන තැන එහෙම්මමයි..." 🥀 • S̶o̶ Y̶e̶o̶n̶ • ____... More

𝘗𝘢𝘳𝘵 01 🍃
𝘗𝘢𝘳𝘵 02🍃
𝘗𝘢𝘳𝘵 03 🍃
𝘗𝘢𝘳𝘵 04 🍃
𝘗𝘢𝘳𝘵 06 🍃
𝘗𝘢𝘳𝘵 07 🍃
𝘗𝘢𝘳𝘵 08 🍃
𝘗𝘢𝘳𝘵 09 🍃
𝘗𝘢𝘳𝘵 10 🍃
𝘗𝘢𝘳𝘵 11 🍃
𝘗𝘢𝘳𝘵 12 🍃
𝘗𝘢𝘳𝘵 13 🍃
𝘗𝘢𝘳𝘵 14 🍃
𝘗𝘢𝘳𝘵 15 🍃
𝘗𝘢𝘳𝘵 16 🍃
𝘗𝘢𝘳𝘵 17 🍃
𝘗𝘢𝘳𝘵 18 🍃
𝑷𝒂𝒓𝒕 19 🍃
𝘗𝘢𝘳𝘵 20 🍃
𝘗𝘢𝘳𝘵 21 🍃
𝘍𝘪𝘯𝘢𝘭 🍃
𝐄𝐩𝐢𝐥𝐨𝐠𝐮𝐞 ✨️

𝘗𝘢𝘳𝘵 05 🍃

118 22 5
By Ms_Crazy7

මන් හිමීට ඔලුව උස්සලා මාව ඇදල ගත්ත කෙනා කව්ද කියල බලද්දි හිටපු කෙනා දැක්කම මගෙ කටත් ඇරුනා..

🌼" ඔයා..." 😳

………………………………………………………

එතැන් සිට.......🍃
Still So Yeon pov🌷

" මෙතන මොකද්ද මේ වෙන්නෙ ආහ්.."🤨

එයාගෙ සද්දෙට මාවත් ගැස්සුනා වගේ.. ඔව්..ඔව්..ඒ ඇවිත් හිටියෙ වෙන කවුරුත් නෙමේ මගෙ බොසා..🙂

" ඒ පාර තමුන් කව්ද ආහ්...කවුරු උනත් කමක් නෑ..මේ කෙල්ලට බඩු ටික පැක් කරගන්න උදවු කරනවා.පුලුවන් නම් මේ කරදරකාර කෙල්ලවත් අරගෙනම යනව.."

එහෙම කියලා ඉවරවෙලා මටත් බැන බැනමිනිහා ගියා..

" මාස 3 කින් සල්ලි දීලා නෑ..ඒ මදිවට එනව මෙතන මිනිස්සු එක්කන් මොකද අහන්න..හහ්..හිතුව මදි.. කොහොමහරි මන් එහෙනම් ඒ යස්ස කෙල්ලගෙන් බේරුනා අන්තිමට...හාහ්.." 😌

සැක්..ලැජ්ජාව බාල්දියෙන් එකයි. දැන් ඉතිම් යන්න තැනකුත් හොයාගන්න එපැයි..මොනා කරන්නද කියල තේරෙන්නැහ්...😪

🐱" මොකද මෙතන උනේ ආහ්..මන් එනකොට මොකද්ද අර කරන්න ගිය ලැජ්ජ නැති වැඩේ..ඒ මදිවට අර මිනිහ කාටද අර බැන බැන යන්නෙ.. උත්තර දෙනව සෝයොන්..ඇයි කටේ මොනවහරි හිරවෙලාද " 🤨

🌼" ආහ්...මේ..මට ගෙදරින් යන්න කිව්වා..මන් ඒකයි මේ..අරයට වැදලා හරි ශේප් කරගන්න බැලුවෙ.."

🐱" එහෙම කරන්නෙ කොහොමද.. ගෙදර තමුන්ගෙනම් අනික් අය කොහොමද තමුසෙව එලවන්නෙ මන් අහන්නෙ.." 🙄

මූ ඉදලා ඉදලා කිව්ව එකට මට එක පාරට හිනාගියේ මෙච්චර ලොකු බිස්නස්මන් කෙනෙක් වෙලත් මේව දන්නෙ නැති නිසා...

🌼" හාහ් හහ් හහ් හා...😂 මො... මොකද්ද..කි...කිව්වෙ..දැන්.." 😂😂

🐱" වේ...මොකද ඒ පාර තමුසෙ හිනා වෙන්නෙ ආහ්..ගුලි කාලද.." 😒

මන් බඩත් අල්ලන් දෙකට නැවිලා හිනාවෙද්දි මේකා ඒක අහපු හැටියට මන් නවත්තගන්න ගියපු හිනාව ආයෙ වැඩිවුනා...
කොහොමහරි මන් හිනාව පාලනේ කරගත්තෙ පූශ් රවන්න ගත්ත නිසා..

🌼" ආහ්...ම්හ්..අරස්සෝ.. මේක මගෙ ගෙදර නෙවේ මනුස්සයො..මන් මෙහෙ ඉන්නෙ කුලියට.හිතුවද තමුන්ලා වගේ ලොකු ලොකු අයට ගෙවල් දෙක තුන තිබ්බට අපිටත් ඒවගේ ගෙවල් දෙක තුන තියනව කියල...
අපි වගේ දුප්පත් අය ඉන්නෙ කුලියට..
මේක මගේ ගෙදර නෙවේ මන් මෙහෙ හිටියට ගෙදර අයිති එයාට..තේරුනාද..
ඉතින් මාව මේ ගෙදරින් එලියට දාන්න එයාට පුලුවන්.."

මන් පොඩි එකෙක්ට විස්තර කරලා දෙනව වගේ කියල දුන්නම එයා තේරුනා වගේ ඔලුව හෙලෙව්වා..

🌼" හ්ම්ම්...පිස්සු කොල්ලා.." 😄

මන් ඇගිලි තුඩු වලින් ඉස්සිලා එයාගෙ කොන්ඩෙ අවුල් කරල හිනාවෙවී කිව්වෙ එයා ඇසුත් ලොකු කරන් බලන් ඉන්නකොට.. මන් කරේ මොකද්ද කියලා මට තේරුනේ පස්සෙ..

🌼" ආහ්...මේ...දැන් ඉතින් මට ඉන්න තැනකුත් හොයාගන්න වෙනව අදම."

මන් කතාව වෙන පැත්තකට හරවන්න කියල හිතන් එහෙම කිව්වෙ ඇස් කොනින් එයා දිහත් බලන ගමන්..

Yoongi pov🌷

🐱" ම්ම්හ්...ඔයාට ඕනිනම් මාත් එක්ක මගෙ ගෙදර ඉන්න පුලුවන්.. වැරදියට හිතන්නෙ නැත්තන්..ඔයාට පුලුවන් ඕනිනම් පස්සෙ මට ඒකට ගෙවන්න.."

මන් ඇත්තටම එහෙම කිව්වද..මෝහ්.. යුන්ගියා මොකද්දකිව්වෙ ආහ්.. දැන්ම කියනව වැරදිලා කියවුනෙ කියල.

එක්කො මොකද වෙන්නෙ ඉතින්.. මගෙ කෙල්ලනෙ..ම්වෝ...මගෙ.. මේ පිස්සි කොහොමද මගෙ වෙන්නෙ...

ආශ්..උබට දැන් පිස්සු හැදීගෙන එනවද යුන්ගියා..දේ..මේ කෙල්ල නිසා තමයි ඔක්කොම..🙄

🌼" ම්වෝ...චින්චා..ඇත්තටමද කිව්වෙ.. අනේ කුමාවෝ යුන්ගිශී... ඒක ඇත්තටම මට මේ වෙලාවෙ ලොකූ උදව්වක්.." 😊

කෙල්ල මාව එකපාරට හග් කරල එහෙම කියලා මට bow කරලා ගේ ඇතුලට දුවගෙන ගියා..
ආශ්...මේ කෙල්ලනම්.මට පිස්සු හදවනවා.. 😑

After 2 hours 🍃
@Yoongi's house
So Yeon pov🌷

[A/N යුන්ගිගෙ ගෙදර මේක ඈහ්.. මන් හොරෙම් ගහගත්තෙ.. 😌]

මන් මගේ කියල තිබ්බ ඔක්කොම බඩු ටික පැක් කරන් ආවම මෙයා මාවත් කාර් එකට දාගෙන ආවා..

කාර් එක ලොකු ගේට් එකකින් ඇතුලට දැම්මෙ ලස්සන ලොකු ගෙයක් එක්ක ලොකු ගාඩ්න් එකකට..
කාර් එක නැවැත්තුවාම මන් කාර් එකෙන් එලියට බැහැලා කටත් ඇරන් බලන් හිටියෙ ගෙදර දිහා..

සාම්ත...ඔයාට කියන්න මේක ගෙයක් නෙමේ මාළිගාවක් වගේ.මාරම ලස්සනයි ගෙදර..ඒ වගේම ගාඩ්න් එකම මාර ලස්සනයි..ලස්සන ලස්සන මල් ගොඩක් වවලා..

දැක්ක ගමන් මගෙ හිතට අල්ලලා ගියා.. මේ තඩි ගෙදර මෙයා විතරද දන්නැ තනියම ඉන්නෙ..

🌼" මේහ්...මේ ගෙදර ඔයා තනියමද ඒයි ඉන්නෙ.." 🙄

දැවෙන පස්නෙ ඉදිරිපත් කරේ ඕක ඇහුවෙ නෑ කියන්නෙ මට නිකන් කෑවෙ නෑ වගේ නිසා..

🐱" ම්ම්...දේ..දැන් මන් විතරයි."

🌼" ම්වෝ..දැන් කියල කිව්වෙ..කලින් කවුරුහරි හිටියද මෙහෙ.."

🐱" ඒ පණ්ඩිතකම් වලින් වැඩක් නෑනෙ ඔයාට..බෑග්ස් ටික අරන් එනව ඇතුලට"

එහෙම කියාගෙන මෙයා සාක්කු දෙකට අත් දෙකත් දාන් ගේ ඇතුලට ගියා.. මේ අහිම්ශක කෝට්ට වගේ ඉන්න මං ඔක්කොම බෑග් උස්සන් එන්න ඕනිද.. පොඩ්ඩක්වත් මනුස්සකමක් නැද්ද මන්ද
දුශ්ටයා.. 😒

මන් එයාටත් රව රව බෑග්ස් ටික බිම දිගේ ඇදගෙන වගේ ගේ ඇතුලට ගියා කොහොමහරි..

🌼" ආහ්...මන් ඉන්නෙ කොහෙද " 🙄

🐱" ම්ම්..එනව යන්න ඔය ටිකත් අරන්"

නපුරා ආයෙත් එහෙම කියල පඩිපෙළ නැගලා උඩ තට්ටුවට ගියා..මාත් ඉතින් මොකාද එකා වගේ බෑග් ටික පුරුස දෛර්‍යය දාලා ඇදන් ගියා...

කොරිඩෝ එකේ කොනේම තිබ්බ කාමරේ දොර ඇරියම මන් බෑග් ටිකත් දොර ලග දාලා ඇතුලට ගියා.. වෝහ්.. මාරයිනෙ අනේ ලොකු බලන්නකො 😮

මන් කටත් ඇරන් රූම් එක ඇතුලට ඇවිදන් ගියේ හීනෙන් වගේ.. මගෙ ලොකුම හීනයක් තමයි මේ වගේ මගෙම කියලා ලොකු ගෙදරක ජීවත් වෙන එක..

ඒක අද ඇත්ත වෙලා..හැබැයි මගේ ගෙදර නෙවෙයි..කමක් නෑ ඉතිම් මෙහෙම හරි ලැබුනනෙ..

මන් කාමරේ හැම අස්සක් මුල්ලක් නෑරම බැලුවෙ මාර ආසාවෙන් වගේම පුදුමෙන්..අන්තිමට මගෙ ඇස් නතර උනේ කාමරේ දකුණු පැත්තෙ තිබ්බ ලොකු ග්ලාස් එක ලග..

🌼 " අනේහ්...සෝල් සිටි එකම ලස්සනට පේනවා..වාව් " 😃

මන් ග්ලාස් එකට මූනත් තද කරන් ග්ලාස් එකෙන් එහා පේන සෝල් සිටි එක දිහා බලන් හිටියෙ පොඩි එකක් වගේ කටත් ඇරන්..

ඒක ග්ලාස් ඩෝ එකක් කියල දැක්කම මන් ඒක ඇරන් බැල්කනි එකට ගියේ මාර ආසාවෙන්.. බැල්කනි එකේ අත්වැටට බරවෙලා වටේ බැලුවෙ පොඩි සීතලකුත් එද්දි..

මන් අත් දෙකත් දෙපැත්තට දික් කරලා ඇස් වහගෙන ටික වෙලාවක් සෝල් සිටි එක හරහා එන සීතල හුලං පාර වින්දෙ ලොකු හුස්මක් පපුව පුරෝලා උඩට අරගන්න ගමන්..

🐱" දැන් ඇතුලට ආවොත් හොද නැද්ද.. සීතල අල්ලයි " 🤨

මන් ලගින්ම පිටිපස්සෙන් ඇහුන කටහඬට මන් හැරිලා බැලුවෙ එයා සාක්කු දෙකට අත් දෙක ඔබන් මන් දිහා බලන් ඉද්දි..

🌼" අහ්...ඕහ්..හ්ම්ම් "

එයා කියපු දේ පිළිඅරන් මන් ඩෝ එකත් වහලා එයා පස්සෙන්ම රූම් එක ඇතුලට ආවා..
රූම් එකේ දොර ලග අතෑරලා ආපු බෑග් ටික රූම් එක ඇතුලෙ තියෙද්දි මට තේරුන ඇතුලට ගෙනාවෙ එයා කියල..

🐱" ම්ම්..මන් යන්නම්.ඔයා වොශ් එකක් දාගෙන පහළට එන්න ඩිනර් එක ගන්න. මොනවහරි ඕනි උනොත් මට කතා කරන්න..අරස්සෝ "

🌼" ම්ම්..නේහ්.."

එයා එහෙම කියල යන්න හැරිලා දොර ගාවටම ගියාම මන් එයාට කතා කරේ එයා මට කරපු උදව්වලට ස්තූති කරන්න ඕනි නිසා..

🌼" ආහ්..යුන්ගිශි.."

🐱" ඕහ්...වේ.."

🌼" ආහ්..මේ..මන්..මෙච්චර කල් මට කරපු හැම උදව්වකටම කුමාවෝ.. ඒක කියන්න නැවැත්තුවෙ.. මේහ් ඔයා යන්න ඒනම්.." 🥲

මට ඊට වඩා දෙයක් කියාගන්න බැරි උනා.. මුල් ටික එයා දිහා බලන් කිව්වත් අන්තිම ටික කියද්දි මන් හිටියෙ බිම බලන් හොරෙන් එයා දිහා බලාගෙන..

🐱" හ්ම්...හ්ම්..අනික..මට ඔෆිස් එකේදි විතරක් ගරු කරලා කතා කරාම ඇති.. ඔෆිස් එකෙන් පිට එහෙම ඕනි නෑ.. යුන්ගි කියන්න.. නැත්තම් ඔප්පා කිව්වත් කමක් නෑ..ඕනි විදිහක්.."

එයා එහෙම කියලා ඔලුවත් කස කස මන් දිහා හොරෙන් වගේ බලලා එලියට ගියේ මාව රත් වෙනව වගේ දැනෙද්දි..

මොනවද එයාකිව්වෙ.. ඔප්පා කිව්වට කමක් නෑ කිව්වා..අනේහ් 😩❤️
මන් මගෙ රතු වෙලා තියන කම්මුල් වලට අත් දෙක තියන් හිතුවෙ මොනවදඋනෙ කියල..

Yoongi pov🌷

🌼" ආහ්..යුන්ගිශි.."

🐱" ඕහ්...වේ.."

කෙල්ල කතා කරපු නිසා රූම් එකෙන් එලියට යන්න හිතන් ගියපු මන් ආයෙ හැරුනෙ...

🌼" ආහ්..මේ..මන්..මෙච්චර කල් මට කරපු හැම උදව්වකටම කුමාවෝ.. ඒක කියන්න නැවැත්තුවෙ.. මේහ් ඔයා යන්න ඒනම්.." 🥲

කෙල්ල බිම බලන් අන්තිම ටික මුමුණද්දි මට හිනාවක් ගියේ කෙල්ලගෙ විකාර දැකලා..ඒත්හිනාව කෙල්ල දකින්න කලින් මන් නවත්තගත්තා..

කෙල්ල හැම වෙලේම මට යුන්ගිශි යුන්ගිශි කියන එකට මන් කැමති නෑ.. එහෙම කතා කරනකොට හරියට මට හිතෙනව අපි දෙන්නා ගොඩක් ඈතයි වගේ හැඟීමක්

🐱" හ්ම්...හ්ම්..අනික..මට ඔෆිස් එකේදි විතරක් ගරු කරලා කතා කරාම ඇති.. ඔෆිස් එකෙන් පිට එහෙම ඕනි නෑ.. යුන්ගි කියන්න.. නැත්තම් ඔප්පා කිව්වත් කමක් නෑ..ඕනි විදිහක්.."

ම්වෝ...යුන්ගියා..මොකද්දකිව්ව පිස්සු කතාව ආහ්..මොනවදකිව්වෙ ඔප්පා කිව්වට කමක් නෑ කියලා..
ආහ් උබත් කරගන්න වැඩ.දැන් ඉතින් කියලා ඉවරනෙ..😐

මන් ඔලුවත් කස කස හොරෙන් එයා දිහත් බලලා මගෙ රූම් එකට ගියේ මාව රත් වෙනව වගේ දැනෙද්දි..

මාත් මගෙ රූම් එකට ඇවිත් ඉක්මනට වොශ් එකක් දාගෙන පහළට ගියේ ඩිනර් එක රෙඩි කරන්න..

කෙල්ල ගැන හිත හිතම මන් ඩිනර් එක රෙඩි කරන්න ගත්තා..මන් මේ කෙල්ලව මෙහෙ ගෙනාව වගේ නෙමෙ දැන් හදිස්සියෙවත් අර යස්ස පැටව් ටික මෙහෙට කඩන් පාත් උනොත් කෙල්ලෙක් ගේ අස්සෙ දාන් ඉන්නව කියල රටේ නැති කතා මට කියන්න ගනී

කොයි එකටත් පුලුවන් ඉක්මනට අරුන් ටිකට කියන්න ඕනෙ මෙයා ගැන..

එක්කම මට මතක් උනේ ඉස්සර මන් එයාවත් මේ විදිහටම මෙහෙ ගෙනාවා..

………………………

Flashback 🍃
Yoongi pov🌷

🐱 " පැටියො ඔයා වොශ් කරන් පහලට එන්නකො මන් ඩිනර් එක රෙඩි කරන්නම් "

💄" නේ යුන්ගි.. තෑන්ක්ස් මට හෙල්ප් කරාට "

🐱 " ඔයා මගෙ යෝත්චින් සේරි.. තෑන්ක්ස් කරන්න ඕනි නැ "

මන් එහෙම කියාගෙන පහලට ගියේ කෙල්ල මට හිනාවෙලා රූම් එකේ දොර වහගනිද්දි..

කෙල්ලගෙ ගෙදර ප්‍රශ්නයක් වෙලා කෙල්ලට යන්න තැනක් නැතුව ඉන්නකොට මන් කෙල්ලව මෙහෙ අරන් ආවෙ මන් ලගම තියාගන්න ඕනි නිසා..

මන් ඩිනර් එක රෙඩි කරනකොට කෙල්ල මගෙ එහාපැත්තෙන් පැන්ට්‍රි එකට හේත්තු වෙලා මන් කප කප හිටපු කැරට් වලින් කෑලි දෙක තුනක් අරන් කටේ දාගත්තෙ මට හිනාවක් යද්දි..

🐱" අහ්...ස්..ආව්හ්.." 😣

කෙල්ල දිහා බලන් කැරට් කපපු නිසා පිහියට මගෙ ඇගිල්ලක් කැපිලා යද්දි මට කෑගැහුනා..

💄" වේ යුන්ගි..අහ්..කපා ගත්ත නේද අත..කෝ දෙන්න බලන්න.. "

කෙල්ල මට බනින ගමන් මගෙ අත ඇදලා අරන් බලන දිහා මන් බලන් හිටියෙ හිනාවක් මූනට එද්දි..

💄" ආහ්..මේක එච්චර ලොකු තුවාලයක් නෙමෙයි. ඔහොම කෙයාලස් විදිහට වැඩ කරන්න එපා. ඩිනර් එක රෙඩි කරල මට කතා කරන්න "

කෙල්ල මගෙ අත අතෑරලා එහෙම කිව්වෙ මගෙ ඇස් ලොකු වෙද්දි.. මේක ලොකු තුවාලක් නෙමෙයි කියල කිව්වට ගැඹුරට කැපිල තියන විදිහ ඕනි කෙනෙක්ට පේනවා.. වෙන කෙල්ලෙක් උනානම් කදුලු පුරෝගෙන බෙහෙත් දානවා ඒත් මෙයා..
අනි..අනි..නෙගටිව් විදිහට හිතන්න එපා අද උන ප්‍රශ්නෙ නිසා කෙල්ලට අප්සට් ඇති..ඒකයි එයා එහෙම කිව්වෙ..

මන්ම මගෙ හිත හදාගෙන මගෙ හිත රවට්ට ගත්තා..

……………… Flashback end ………………

Still Yoongi pov🌷

🐱" ආව්හ්...ආහ්..ස්ස්..."

අතීතෙ ගැන හිත හිත ඉන්නකොට එදා වගේම මගෙ නොසැලකිලිමත් කම නිසා ඇඟිල්ල කැපුනෙ මට ආයෙත්දේ මතක් කරලා...

🌼 " අහ්...යුන්ගිශි..මොකද මේ කරගත්තෙ ආහ්.." 😟

මන් ලේ බේරෙන ඇඟිල්ල දිහා බලන් ඉන්නකොට කොහෙදෝ ඉදන් දුවන් ආපු  සෝයොන් මගෙ අත ඇදලා අරගත්තෙ මන් පුදුම වෙලා බලන් ඉද්දි..

🌼" අයිගෝ.. හොදටම කැපිලනෙ.. පොඩ්ඩක් කල්පනාවෙන් වැඩ කරන්න බැරිද..කෝ ෆස්ට් ඒඩ් එක " 🥺

කෙල්ල ඇස්වල කදුලු පුරෝගෙන මගෙ දිහා බලලා ඇහුවත් මට ඒකට උත්තරයක් දෙන්න සිහියක් තිබ්බෙ නෑ

මගෙන් උත්තරයක් නොලැබුන නිසාද කොහෙද කෙල්ල ලිවින් රූම් එක පැත්තට දුවලා ගියා.. ඇයි මේ කෙල්ල මෙහෙම කලබල වෙන්නෙ..

එදත් මෙ විදිහටමනෙ තුවාල උනේ. ඒත් එදා සේරි මෙච්චර කලබල උනෙ නෑනෙ..ලොකු තුවාලයක් නෙමෙයි කියල ගියපු මගෙ කෙල්ලට වඩා මෙයා මන් ගැන කලබල උනෙ ඇයි..
මට තේරෙන්නෑ..

කෙල්ල ආපහු ෆස්ට් ඒඩ් එකත් අරන් ඇවිත් dinning table එක උඩින් තියල මන් ලගට ඇවිත් මාවත් ඇදන් ගිහින් පුටුවකින් ඉන්දෙව්වෙ එයත් පුටුවක් ඇදගෙන මන් ලගින් ඉදගන්න ගමන්..

කෙල්ල ඇස්වල කදුලු පුරෝගෙන මගෙ ඇගිල්ලට පිබ පිබ හිමීට බෙහෙත් දාන විදිහ දිහා මන් බලන් හිටියෙ..ඒක කලින් එක තරම් ලොකු තුවාලයක් නොවුනත් කෙල්ල පුදුම පරිස්සමකින් තුවාලෙට බෙහෙත් දැම්මෙ...
මහා ලොකු ගලක් පපුව උඩ තිබ්බ වගේ බරක් මගෙ හදවතට දැනෙද්දි..

…… So Yeon pov🌷 ……

මන් මෝඩ පූස්ගෙ තුවාලෙට බෙහෙත් දාලා ඉවරවෙලා එයා දිහා බැලුවෙ රිදුනද අහන්න..

🌼 " ග්..ගොඩක් රි..දෙනවද "

මගෙ කටින් වචන පිට උනෙත් අමාරුවෙන්.. අනේ මන්දා ඇයි මට මෙච්චර දුක හිතෙන්නෙ කියලා මෙයාට මෙහෙම තුවාලයක් උන ගමන්..
ඒක එච්චර ලොකු දෙයක් නොවුනත් මට ඇඩෙන්නෙ ආවෙ ඇයි කියලා මටම තේරෙන්නෙ නෑ..

🐱" ආහ්..අනියෝ..ඉන්න මන් ඩිනර් එක රෙඩි කරලා ගේන්න "

පූස් එහෙම කියලා නැගිටින්න හදනකොට මන් එයා නැගිටින එක නැවැත්තුවෙ එයාට තුවාලයක් තියන් ඩිනර් එක රෙඩි කරන්න බැරි නිසා..

🌼" අන්ද්වේ..ඕනි නෑ  ඔයා ඔහොම ඉන්න මන් ඩිනර් එක රෙඩි කරන්න "

මන් එහෙම කියලා කිචන් එකට ගියේ දන්න විදිහකට ඩිනර් එක රෙඩි කරන්න හිතන්.. පණ්ඩිතයා වගේ බාර ගත්තට මොකද මට උයන්න බෑ.. 🙂💔

කෑම හදන එක ගැන දන්න මගුලක් නැති උනත් මන් වැඩ්ඩා වගේ කොන්ඩෙත් උඩට කරලා බැදගෙන ටැමිල් ෆිල්ම් වල වගේ ඇදන් හිටපු ඇදුමෙ අත් දෙකත් උඩට උස්සලා බලපු ඩ්‍රාමා එකක් සිහි කරන් කෑම හදන්න ගත්තා..

මොකද්ද මන්දා නම මතක නැති ඩ්‍රාමා එකක තිබ්බ විදිහ හිතින් මවාගෙන මන් ඒ විදිහට කෑම හැදුවට මොකද කන්න පුලුවන් වෙයිද දන්නැ 🙂
කොයි එකටත් මුලින්ම අර අලි ඔලුවට කන්න දෙන්නෝනෙ 😌

…… After 20 minutes ……

හාහාපුරා කියලා මන් මුලින්ම හදපු කෑම එක සුබ නැකතින් දකුණු කකුල පෙරට තියලා මේසෙට serve කරා..

අලි ඔලුවා අතට චොප්ස්ටික් දෙකත් දීලා මගෙ බඩේ ඉන්න පණු පැටව් කොච්චර කිව්වත් මේසෙන් ඉදගන්නෙ නැතුව අවදානමට පෙර සූදානම කියලා දුවන්න බලාගෙනම හිටියෙ කොයි මොහොතෙ මගෙ ඔලුව උඩට පිගානක් පාත් වෙයිද කියලා නොදන්න නිසා...

අලි ඔලුවා මන් දිහත් බලලා මන් හදපු නමක්වත් නොදන්න කෑම එකෙන් ටිකක් කෑවෙ බලාගෙන ඉන්නකොටම එයාගෙ මූන වෙනස් වෙද්දි..

හරිනෙ පුතෝ..ඒකියන්නෙ මොකක් හරි කෑම එකේ අවුලක්..දැන් ඉතිම් දුවපන්..

මන් එහෙම හිත හිත ඉදල එක පාරට සූටිං මාටිං එකේ වගේ උඩ පැනලා එක තැන රේස් කරලා හැටට හැටේ අඩි දහයක් විතරයි දුවන්න හම්බුනෙ අලි ඔලුවගෙ වොයිස් එක ඇහිලා මන් එකපාරට බ්‍රේක් ගැහුවා..

🐱" යාහ්...කොහෙද ඒ පාර දුවන්නෙ ආහ්.. " 🙄

🌼" ආහ්..මන් මේ..මේ..ආහ්..රූම් එකට යන්න හැදුවෙ " 🙂

එකපාරට කටට ආපු බොරුව කියල දැම්මෙ මේකා ඇස් දෙක හීනි කරන් මන් දිහා බලද්දි..

🐱" ම්ම්..මොනා උනත් කෑම හදන්න තේරෙනව නේහ් රසට.."

එක පාරට මෙයාගෙ කටෙන් පිටවුන words ටික ඇහිලා මට අදහගන්න බැරි උනා..

🌼" ම්වෝ..ඇත්තටමද ඔය කියන්නෙ.. ඒව රසයිද " 😯

මන් ඇස් ලොකු කරන් පුදුමෙන් බලන් හිටියෙ එයා කිව්ව දේ අදහගන්න බැරුව.. මන් ඉක්මනට දුශ්ටයා ලගට ගිහින් එයාගෙ අතේ තිබ්බ චොප්ස්ටික් දෙක ඇදලඅරන් කෑම එකෙන් ටිකක් අරන් කාලා බැලුවෙ ඇත්තනද කිව්වෙ කියල දැනගන්න..

වෝහ්..ඒව ඇත්තටම ගොඩක් රසයිනෙ 🙄 මට හිතාගන්න බෑ...මන් ඔලුව උස්සලා බැලුවෙ මගෙ කම්මුලට රස්නෙට කාගෙහරි හුස්ම වැදෙන නිසා..

🌼" බුදාම්මෝහ්...." 😱

මන් කෑගහගෙන පස්සට උනේ මගෙ මූන ලගම තිබ්බ තඩි පූශ්ගෙ මූන දැකල..
හැබැයි මොනා උනත් ලගට බලනකොට මාර ලස්සනයි 🌚

🐱" මොකද අයිසෙ බෙරිහන් දෙන්නෙ.. ආශ්...මගෙ කනත් කීන් ගෑවා.." 😒

මන් දිහා රවල බලලා කිව්වම මටත් දෙන්න කට උත්තර නැති උනා..

🌼" ආහ්...මේ...මේ..අනියෝ..මට රූම් එකට යන්නෝනි ඒකයි.." 🙂

මන් එහෙටත් නැති මෙහෙටත් නැති ගොන් උත්තරයක් දීලා පූස්ටත් විරිත්තලා ඉක්මනට මගෙ රූම් එකට දුවලා ආවා...

❤️………………………………………………❤️

හායි ඉතිම් 🙂

කවුරුත් මාව හෙව්වෙ නෑ නේ 😪
කමල්ලෑ ඔන්න එකක් දුන්නා
වෝට් කරලා, කමෙන්ට් කරලා, ශෙයා කරලා හෙල්ප් එකක් දෙන්න 😪💔

බායි
කුරිරු ඕතරී 😈

Continue Reading

You'll Also Like

361K 21.5K 77
Y/N L/N is an enigma. Winner of the Ascension Project, a secret project designed by the JFU to forge the best forwards in the world. Someone who is...
1M 38.6K 90
𝗟𝗼𝘃𝗶𝗻𝗴 𝗵𝗲𝗿 𝘄𝗮𝘀 𝗹𝗶𝗸𝗲 𝗽𝗹𝗮𝘆𝗶𝗻𝗴 𝘄𝗶𝘁𝗵 𝗳𝗶𝗿𝗲, 𝗹𝘂𝗰𝗸𝗶𝗹𝘆 𝗳𝗼𝗿 𝗵𝗲𝗿, 𝗔𝗻𝘁𝗮𝗿𝗲𝘀 𝗹𝗼𝘃𝗲 𝗽𝗹𝗮𝘆𝗶𝗻𝗴 𝘄𝗶𝘁𝗵 �...
170K 9.3K 44
╰┈➤ *⋆❝ 𝐲𝐨𝐮 𝐭𝐡𝐢𝐧𝐤 𝐢'𝐝 𝐩𝐚𝐬𝐬 𝐮𝐩 𝐚 𝐟𝐫𝐞𝐞 𝐭𝐫𝐢𝐩 𝐭𝐨 𝐢𝐭𝐚𝐥𝐲? 𝐢 𝐥𝐢𝐭𝐞𝐫𝐚𝐥𝐥𝐲 𝐤𝐞𝐞𝐩 𝐦𝐲 𝐩𝐚𝐬𝐬𝐩𝐨𝐫𝐭 𝐢𝐧 𝐦𝐲 �...
383K 6.3K 79
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...