Fantasy World || Ot7 || Compl...

بواسطة Cyra_00

8K 977 254

🎁 Gifts 🎁 ඔයාගේ හිතේ ලස්සන ප්ලොට් එකක් තිබිලත් කතා ලියාගන්න බැරිද ?? කතාවක් ඇතුලේ හරි bts member කෙනෙක්ගේ... المزيد

Intro
My Alpha - Chapter 01
My Alpha -chapter 02
My Alpha - chapter 3
My Alpha - Chapter 04
My Alpha - Chapter 06
My Alpha - Chapter 07
My Alpha - Final chapter
අදුරු සෙවනැලි - Chapter 01
අදුරු සෙවනැලි - Chapter 02
අදුරු සෙවනැලි - Chapter 03
අදුරු සෙවනැලි- Chapter 04
අදුරු සෙවනැලි -Chapter 05
අදුරු සෙවනැලි- Chapter 06
අදුරු සෙවනැලි - Chapter 07
අදුරු සෙවනැලි -Chapter 08
අදුරු සෙවනැලි - Chapter 09
අදුරු සෙවනැලි - chapter 10
අදුරු සෙවනැලි - Final Chapter
File No. 39 - Chapter 01
File No.39 - Chapter 02
File No.39 - Chapter 03
File No.39 -Chapter 04
File No.39 - Chapter 05
File No.39 - Final chapter
මේඝා - Chapter 01
මේඝා - Chapter 02
මේඝා - Chapter 03
මේඝා - Chapter 04
මේඝා - Chapter 05
මේඝා - Chapter 06
මේඝා - Chapter 07
මේඝා - Chapter 08
මේඝා - Chapter 09
මේඝා - Chapter 10
මේඝා - Final chapter
Forget me not - Chapter 01
Forget Me Not - Chapter 02
Forget me not - Chapter 03
Forget me not - Chapter 04
Forget me not - Final chapter
සැඩ රළ - chapter 01
සැඩ රළ - chapter 02
සැඩ රළ - chapter 03
කරුණාකර මාව වැලදගන්න - 01
කරුණාකර මාව වැලදගන්න - 02
කරුණාකරලා මාව වැලදගන්න - Final
sorry 🥺

My Alpha - Chapter 05

215 39 2
بواسطة Cyra_00

🐰 ඔ..ඔයා කවුද ටේහ්‍යුන් ??

🐯 වෙයාර්ෆුල්ෆ් කෙනෙක් !!

🐰 මොකෙක් ?? ඒ මොකෙක්ද ??

ජන්ග්කුක් පිටිපස්ස හැරිලා ටේහ්‍යුන්ගෙන් අහනකොට ටේහ්‍යුන් ඇස් ලොකු කරන් ජන්ග්කුක් දිහා බැලුවේ පුදුමෙන්..

🐯 ඔයා ඇල්ෆා කෙනෙක් වෙලත් වෙයාර්ෆුල්ෆ්ලාව දන්නේ නැද්ද ජන්ග්කු ??

🐰 මේ අහන්න ටේහ්‍යුන්...මන් මෙහෙට ආව පලවෙනිපාර මේක..මන් දන්නේ නෑ ඔයාලා කියන දෙවල්..මේට්, ඇල්ෆා, ඔමේගා තව පැක් එක ඔය මොනාද ?? මොක්කුද වෙයාර්ෆුල්ෆ්ලා කියන්නේ ??

ජන්ග්කුක් එක දිගට අහගෙන යනකොට ටේහ්‍යුන්ට දැනුයි තේරුනේ ජන්ග්කුක් ඇයි අමුතු විදියට හැසිරුනේ කියලා..ඉතින් ටේහ්‍යුන් තිරණය කරා ජන්ග්කුක්ට වෙයාර්ෆුල්ෆ්ලා ගැන කියලා දෙන්න..ඒ වගේම ජන්ග්කුක්ගේ හැංගිලා තියෙන ආත්මේ එලියට ගන්න..

🐯 වෙයාර්ෆුල්ෆ්ලා කියන්නේ අර්ධයක් මනුස්ස අර්ධයක් වෘක කොට්ටාශයක්..එයාලට පුලුවන් මනුස්ස වෙසින් වගේම වෘක වෙසිනුත් ඉන්න..හැබැයි ඒක කරන්න පුලුවන් අවුරුදු 18 උනාට පස්සේ පලවෙනි පරිවර්තනයෙන් පස්සෙයි..ඒත් ඔයා වගේ සමහර අය ඉන්නවා අවුරුදු 18 සම්පූර්ණ උනත් තමන්ගේ මේට් නොලැබෙනකම් සම්පූර්ණ පරිව‍ර්තනයක් කරන්න බැරි අය..

🐰 ඔ..ඔයා කියන්නේ මාත් ඔයාලා වගේ වෙයාර්ෆුල්ෆ් කෙනෙක් කියලාද ??

ජන්ග්කුක් ඇස් බෝල කරන් අහනකොට ටේහ්‍යුන් ඔව් කියලා ඔලුව වැනුවා..

🐯 ඔයා විතරක් නෙමෙයි..ඔයාගේ ඩැඩායි පපායිත් වෙයාර්ෆුල්ෆ්ලා තමයි..!!

🐰 ඔ..ඔයා බොරු කියන්නේ..

ටේහ්‍යුන් කියන දේවල් ජන්ග්කුක්ට විශ්වාස කරන්න බැරි උනා..ඇත්තටම ඒක ටිකක් විශ්වාස කරන්න අමාරුයි තමයි..මෙච්චර කාලයක් මනුස්සයෙක් විදියට ඉදලා එකපාරටම ඔයා මනුස්සයෙක් නෙමෙයි වෙයාර්ෆුල්ෆ් කෙනෙක් කිව්වාම ඔයාට උනත් ඒක පිලිගන්න අමාරුයිනේ..මන් හරිනේ ??

🐯 මන් බොරු නම් කියන්නේ ඔයාට කොහොමද මගේ සුවද දැනෙන්නෙ ?? ඔයා හිතනවාද සාමාන්‍ය මනුස්සයෙක්ට හොදට සුවද , පොඩි පොඩි සද්ද ඇහෙනවා කියලා...සාමාන්‍ය මනුස්සයන්ට වඩා පුංචි කාලේ ඉදන්ම ඔයාගේ ශක්තිය , කන් ඇසීම, දුර පෙනීම, ගද සුවද දැනෙන ප්‍රමාණය වැඩියි නේද ජන්කූ...ඔය තාමත් හිතනවාද ඔයා මනුස්සයෙක් කියලා ??

ටේහ්‍යුන් අහනකොට ටේහ්‍යුන් කියන හැමදෙයක්ම ඇත්ත කියලා තේරෙනකොට ජන්ග්කුක්ගේ ඔලුව ඉබේටම ඔව් කියලා උඩට පහලට ගියා..අකමැත්තෙන් උනත් එයා ඒක පිලිගන්න ඕන..එතනින් එහාට ඇල්ෆා, ඔමෙගා, බෙටා, මේට් , පැක් එක කියන්නේ මොකක්ද කියලා ජන්ග්කුක්ට කියලා දුන්නා..

🐰 ඒත් ඇයි අපිට ඔයා කියන විදියට වෘකයෙක් විදියට පරිවර්තනය ද මොකක්ද වෙන්න බැරි ??

🐯 ඉස්සර අපේ පැක් එක දෙකට බෙදිලායි තිබ්බේ..ඔයාගේ පපා ,මගේ හ්‍යුන්ග් ,මන් , මගේ පවුල සිල්වර් පැක් එකේ වෙනකොට ඔයාගේ ඩැඩා හොබි හ්‍යුන්ග් රෙඩ් මූන් පැක් එකේ හිටියේ..ඔයාගේ පපා කියන්නේ මගේ ඔම්මාගේ මල්ලි...ඒ කාලේ සිල්‍වර් පැක් එකයි රෙඩ් මූන් පැක් එකයි තරහකාරයෝ..ඒත් රෙඩ් මූන් පැක් එකේ මේන් ඇල්ෆාගේ පුතා ඒ කියන්නේ ඔයාගේ ඩැඩාගේ මේට් සිල්වර් පැක් එකේ ඔමේගා ජින් වෙනකොට පැක් දෙකම ඒකට විරුද්ධ උනා..ඉතින් ඒ නිසා එදා ලොකු සටනක් උනා..මගේ අප්පා වගේම ඔයාගේ ඩැඩාගේ අප්පාත් ඒ සටනෙන් මැරුනා ජන්කූ..අන්තිමට මගේ ඔම්මා හ්‍යුන්ග්නුයි , ජින් සමෝච්චනුයි එක්ක මෙහෙන් පැනලා ගියා..ඒ යනකොට තමයි ඔම්මා දැනගෙන තියෙන්නේ ඔම්මා වගේම ජින් සමෝච්චනුත් ඒ වෙනකොට ප්‍රෙග්නන්ට් කියලා..රෙඩ් මූන් පැක් ඇල්ෆා මැරුනට පස්සේ ඊලග පැක් එකේ අයිතිය ආවේ ඔයාගේ ඩැඩාට..ඒත් එයා ඒ හැමදෙයක්ම හොබි හ්‍යුන්ගීට දීලා එහෙන් පැනලා ඇවිල්ලා අපිව හොයාගෙන..එද තමයි ඔයාගෙ ඩැඩා පපාවත් අරන් මෙහෙන් පැනලා ගිහින් තියෙන්නේ..ඒ වගේම එදා බන්ධනයක් කරලා තියෙනවා ඔයාට ඔයාගේ මේට්ව හම්බුවෙනකම් පරිවර්තනය වෙන්න බැහැ කියලා..ඔයාගේ ඩැඩා ගියාට පස්සේ හොබි හ්‍යුන්ගීගේ මේට් මගේ හ්‍යුන්ග් උන නිසා අන්තිමට පැක් දෙකම එකක් වෙලා..

🐰 එතකොට ඔයාගේ ඔම්මා ??

ජන්ග්කුක් අහනකොට ටේහ්‍යුන්ගේ මූන දුකින් පිරිලා ගියා..ඒ වගෙම මේ වෙනකොට ටේහ්‍යුන් හිටියේ ඇතින්න උඩ ඉදන් ජන්ග්කුකව බදාගෙන ජන්ග්කුක්ගේ උරහිස උඩ ඔලුව තියාගෙන ජන්ග්කුක්ගේ සුවද විදින ගමන්..

🐯 සද දෙව්දුව දෙන්නෙක්ව මේටින්ග් බොන්ඩ් එකකින් එකතු කරන්නේ ඒ දෙන්නාට සදාකාලික බැදීමක් ඇති කරන්න ජන්කු...මගේ අප්පා මැරුනට පස්සේ ඔම්මා ජීවත් උනේ මන් වෙනුවෙන් විතරයි ජන්කු..මන් හම්බුවෙනකොට ඔම්මාත් අප්පා ලගටම ගිහින්...මේට් මැරුනම , මේට් ලග ඉදලත් මේට් තමන්ව පිලිනොගත්තාම දැනෙන වේදනාව වැඩියි ජන්කූ...ඒක රිදෙනවා..මන් මුලින් මගේ ඔම්මාට වෛර කරා මන් වෙනුවෙන් ජීවත් නොවුනට..ඒත් ඔයාව හම්බුවෙලා ඔයා මාව මගහරිනකොට ඔයා මගේ මේට් කියලා දැන දැනත් මට ලන් වෙන්න ඉන්න බැරි වෙනකොට මට හිතුනා ඔම්මා අප්පා ජීවතුන් අතර නැති වෙනකොට කොහොම ඉන්න ඇතිද කියලා..ඒ නිසා මන් තීරණය කරා තව දුරටත් ඔම්මාට වෛර නොකර ඉන්න..

ටේහ්‍යුන් කදුලක් එක්ක හිනා වෙලා කියනකොට ජන්ග්කුක්ගේ උරහිස උඩ තියෙන ටේහ්‍යුන්ගේ කොන්ඩේ ජන්ග්කුක් අතගෑවා..

🐰 මියානේ ටේ..ඔයාට එච්චර දුකක් දෙන්න මට ඕන උනේ නෑ..

🐯 ඒක මන් දන්නවා ජන්කූ...ඔයා හිතලා නෙමෙයිනේ එහෙම කරේ..ඒක නෙමෙයි ඔයාට ඕන නැද්ද පරිවර්තනය වෙන්න ??

ටේහ්‍යුන් අහනකොට සැකෙන් උනත් ජන්ග්කුක් ඔව් කියලා ඔලුව වැනුවා..කොහොම හරි ඉතින් ඉර බැහැලා ගිහින් හද පායන වෙලාවේ ටේකුක් දෙන්නා හිටියේ ගල මුදුනේ..ඒ වගේම ටේහ්‍යුන් ජන්ග්කුක්ට පරිවර්තනය වෙන විදිය කියලා දෙනගමන් හිටියේ.

🐯 මුලින්ම ඔයා සන්සුන් වෙන්න ඕන ජන්කූ..

🐰 හරි හරි මන් සන්සුන් වෙලා ඉන්නේ !!

🐯 තමුසේ කොහෙද සන්සුන් වෙලා ඉන්නේ ?? බලනවා අත පයත් ගැහෙනවා !!

අත්පය වෙව්ල වෙව්ල උඩ පනින ජන්ග්කුක් දිහා බලාගෙන ටේහ්‍යුන් රවන් කියනකොට ජන්ග්කුකත් ටේහ්‍යුන්ට අනිත් පැත්තට රැව්වා..

🐯 හරි මුලින්ම ලොකු හුස්මක් ගන්න..

🐰ඇයි හුස්මක් ගන්නේ ??

🐯 තමුසේ පන්ඩිතයා නොවී මන් කියන එක කරනවකෝ !!

ටේහ්‍යුන් කෑ ගැහුවාම ටේහ්‍යුන්ට රැව්ව ජන්ග්කුක් ආයි ලොකු හුස්මක් අරන් ටේහ්‍යුන් කියපු විදියට සන්සුන් උනා..

🐯 පලවෙනිපාර නිසා ඔයාට ටිකක් රිදෙයි හරිද !! පස්සෙ යනකොට ඒකට හුරුවෙයි..ඒ නිසා බය නොවී ලොකු හුස්මක් අරන් ඔයාගේ ඇතුලේ ඉන්න වෘක ආත්මෙට කතා කරන්න..

ටේහ්‍යුන් කියනකොට ලොකු හුස්මක් අරන් ඇස්වහගෙන ජන්ග්කුක් එයාගේ වෘක ආත්මෙට කතාකරන්න පටන් ගත්තා..

🐰 හායි වෘක ආත්මය..

🐯 කටින් නෙමෙයි හිතින් කතා කරනවා ජන්කූ..

ජන්ග්කුක් කරන මොඩ වැඩ වලට එපා වෙලා හිටිය ටේහ්‍යුන් ගහක් බදන් ගහට ඔලුව වද්ද ගනිද්දි ජන්ග්කුක් හිටියේ හිතින් කතා කරන ගමන්..

🐰 Mind : හායි වෘක ආත්මය..ඔයාට කොහොමද ??
                  හෙලෝ !!
                  ඔයාට මාව ඇහෙනවාදෝ...හලෝ...
                  වෘක ආත්මේ ඔයා ඉන්නවාදෝ..

🐰 යාහ් කතා කරනවා මගේ යකා අවුස්සගන්නේ නැතුව !!

මෙච්චර වෙලා හිතින් හිතලා අන්‍තිම ටික කටින් සද්දෙන් කෑ ගහනකොට මෙච්චර වෙලාගහට හේත්තුවක් දාගෙන හිටිය ටේහ්‍යුන් උඩ ගියා..අඹ ගෙඩියක් කකා හිටපු ලේනත් බය වෙලා ඒක අතාරිනකොට අඹ ගෙඩියත් ටොයින් ගාලා ටේහ්‍යුන්ගේ ඔලුවට වැටුනා..

🐯 ආව්...ඇයි මනුස්සයෝ කෑ ගැහුවේ ??

🐰 මේ වෘක ආත්මේ මාත් එක්ක කතා කරන්නේ නෑනේ..

🐯 ආහ් ජන්කූ...ඔයා මුලින්ම සන්සුන් වෙලා ඉන්න..එතකොට පුලුවන් එයා එක්ක කතා කරන්න..

🐰 පොත් කියවනකොට එහෙම මගේ හිතේ ඉදන් පොත් කියවන්නේ වෘක ආත්මේ වෙන්න බැරිද ??

ජන්ග්කුක් හෙන බුද්ධිමත් ප්‍රශ්නයක් අහනකොට ටේහ්‍යුන්ට පොලොවේ පස් කන්න හිතුනා..

🐯 දෙයියනේ ජන්කූ ඒ ඔයා අනේ !!

🐰 ඉතින් දැන් ඔයානේ කිව්වේ මායි වෘක ආත්මෙයි දෙන්නාම එක්කෙනෙක් කියලා..හුම්..

🐯 ආහ්හ්‍...ඔයා එක්ක කතා කරලා වැඩක් නෑ..ඒක නෙමෙයි ඔයාට ඕන නැද්ද මගේ ෆුල්ෆිව බලන්න ?? එයා නම් ඔයාව මීට් වෙන්න හුගක් ආසාවෙන් ඉන්නේ..

ටේහ්‍යුන් අහනකොට ජන්ග්කුක්ගේ ඇස් සතුටින් දිලිසුනා..ජන්ග්කුක් එක දිගට ඔලුව හොල්ලගෙන යනකොට ටේහ්‍යුනුත් ඒ දිහා හිනා වෙලා බලන් හිටියා..

🐯 හරි එහෙනම් මුලින් ඇස් වහගන්න..

🐰 ඒ මොකටද ??

🐯 ඇදුම් ගලවන්න..

🐰 යාහ් පිස්සුද මෙතන ඇදුම් ගලවන්න..

ජන්ග්කුක් කෑ ගහනකොට ලොකු හුස්මක් පහල දැම්ම ටේහ්‍යුන් එයාව ටිකක් සන්සුන් කරා..

🐯 මන් දැන් ඇදුම් පිටින් පරිවර්තනය උනොත් ඒවා ඔක්කොම ඉරිලා යයි..එතකොට ආයි මන් මනුස්සයෙක් උනාට පස්සේ ඇදන් ඉන්නේ මොනවාද ??

🐰 යාහ්..එහෙම එකක් වෙනවා කියලා තමුසේ මට කලින් කිව්වේ නෑනේ..වල් ඔමේගා..ඔහෙට ඕනේ මන් ඇදුම් නැතුව ඉන්නවා බලන්න නේද ??

🐯 පුහ් වැඩේමයි..දැකලා නැති එකක් ඈ ඕක..

🐰 යාහ් !!

ජන්ග්කුක් කෑ ගහලා රවලා අනිත් පැත්ත හැරෙනකොට ටේහ්‍යුන් හිමින් සැරේ ඇදුම් ගලවලා එයාගේ ෆුල්ෆ්ට හැරුනා..ජන්ග්කුක් තාමත් අනිත් පැත්ත බලන් ඉන්න නිසා හිමින් සැරේ ජන්ග්කුක් ලගට ආව ටේහ්‍යුන් එයාගේ තෙත හොම්බ ජන්ග්කුක්ගේ බෙල්ලේ ඇතිල්ලුවා..දැනෙන තෙත් ගතියට ජන්ග්කුක් පිටිපස්ස හැරුනාම දැක්කේ සුදුම සුදු ලොම් ගුලියක්..සුදු වෘකයාගේ පිට දිගේ රිදී ඉරක් ගිහින් තියෙනකොට ජන්ග්කුක් ඒ දිහා බලන් හිටියේ වශීවෙලා වගේ..

🐰 වාහ් ලස්සනයි..

ජන්ග්කුක් කටත් ඇරන් බලන් ඉන්නකොට සුදු වෘකයා ජන්ග්කුක් ලගට ගිහින් ජන්ග්කුකව ලෙව කෑවා..ජන්ග්කුක් පුලුන් බෝලෙව බදාගෙන හුරතල් කරනකොට ජන්ග්කුක්ටත් නොදැනි ජන්ග්කුක්ගේ ඇස් රතුපට වෙලායි තිබුනේ..පුලුන් බෝලේ එක්ක ජන්ග්කුක් සතුටින් ඉන්නකොට තව පැත්තක කෙනෙක් වෙනමම ප්ලෑන් එහෙක හිටියේ.

.

.

💥 ඇල්ෆා ඌ වෘකයෙක්ද මනුස්සයෙක්ද කියලා හිතාගන්න බැහැ..හැබැයි ඌට පරිවර්තනය වෙන්න බැහැ..

🐭 හහ් !! තාම පරිවර්තනය උනේවත් නැති දුර්වලයෙක් කොහොමද එයාගේ මේට් වෙන්නේ..හාහ් ටේහ්‍යුන් මගේ..හොදින් හරි නරකින් හරි ඔමේගා ටේහ්‍යුන් මගේ විතරයි...ජේක් !!

💥 බොස් ??

🐭 ලෑස්ති වෙනවා දඩයම් කරන්න..

.

.

.......................................... ♡....................................

واصل القراءة

ستعجبك أيضاً

31.1M 1.1M 49
"Screw the rules. I want you, Kim Y/N." THIS FIC WAS MADE INTO CLICKBAIT FOR A YOUTUBE VIDEO COMPLAINING ABOUT KOREABOOS LOLLL ITS NOT THAT BAD GIVE...
153K 2.3K 30
˚₊‧꒰ა ☆ ໒꒱ ‧₊˚ in which lando norris falls for oscar piastri's sister. or an upcoming rookie joins mclaren and his sister causes a stir.
3.1K 869 10
What will happen after they meet four years later? Will they accept each other again? or will they be separated from each other? ☆jikook ☆Top jungk...
14.6K 928 8
This is a book that i wrote to cope from the angsty storyline of Tokyo Revengers. Don't be shy, I know you need this too. • In which the author is de...