Mr. Handsome🌼 ~ KSJ (Complet...

By kimhima55

11.2K 2.2K 512

නිහඩ ඔහු දරුණුද...? කටකාර ඇය කෙබඳුද ...? More

CHAPTER 1🤍
CHAPTER 2🤍
CHAPTER 3🤍
CHAPTER 4🤍
CHAPTER 5🤍
CHAPTER 6🤍
CHAPTER 7🤍
CHAPTER 8🤍
CHAPTER 9🤍
CHAPTER 10🤍
CHAPTER 11🤍
CHAPTER 12🤍
CHAPTER 13🤍
CHAPTER 14🤍
CHAPTER 15🤍
CHAPTER 16🤍
CHAPTER 17🤍
CHAPTER 18🤍
CHAPTER 19🤍
Chapter 20🤍
Chapter 21🤍
Chapter 22🤍
Chapter 24🤍

Chapter 23🤍

391 85 6
By kimhima55

Jin : ලස්සනයි

Sung-hee : දැන් මහන්සි කියලා කිව්වා නේද?

Jin : ඔයාව දැක්කම මහන්සිය නැති වුනා.

ජින්ගේ mansion එකේ garden එකේ තියෙන bench එකේ සන්හිගේ ඔඩොක්කුවේ ඔලුව තියාගෙන ජින් සන්හීගේ මූණ දිහා බලාගෙන ඉද්දී සන්හී චෙරි ගෙඩියක් වගේ රතු වෙලා හිටියේ.

Sung-hee : Yaaah එහාට වෙන්න මම යනවා.

Jin : Andwae! මං මේ අහන්න ගියේ අපි දෙන්නා marry කරන්නේ කවද්ද කියලා.

Sung-hee : ඒත් ජිමිනුයි මිරෙයි marry කරලා සතියක්වත් නෑනේ. ඒ ගමන්ම ආයේ wedding එකක් ගන්නේ කොහොමද?

Jin : ඇයි බැරි?

Sung-hee : ඒක නෙමෙයි. ඇයි ඔයා මට කැමති වුනේ?
සන්හී ජින්ගේ ප්‍රශ්නේ මග ඇරියේ හිතලමයි.

Jin : හැමදේකටම. වැඩියෙනම දගකාරකමටයි. නිහතමානී ගතියටයි.

Sung-hee : ඒ කියන්නේ මාව office එකේ දැක්ක ගමන්ම මට කැමති වුනාද?

Jin : Ani, අවුරුදු 9කට කලින්

Sung-hee : Mwo?

Nine years ago~
Jin- 20 years
Sung-hee/ taehyung/ jimin - 17 years
Jungkook - 15 years

"Aish!!! කොහෙ බලාගෙනද යන්නේ"

"ජෙසුවම්මිදා!!"

ජින් cafe එකෙන් එයා කැමතිම pink drink එකයි, strawberry cake කෑල්ලකුයි අරගෙන table එකකට යන්න ගියේ එයාට තිබුන බඩගින්න නිවාගන්න. ඒත් නොහිතපු විදිහට highschool  uniform එකක් ඇදගෙන හිටපු ගෑණු ළමයෙක් ඇවිත් ජින්ගේ ඇගේ හැප්පෙද්දී ජින්ගේ අතේ තිබ්බ drink එක බිමට හැලුනා. දන්න වැඩ කෑලි ටික දාලා ඇගේ හලාගන්නේ නැතුව බේරුනත් drink එක හැලුනේ එයාට බොන්න චුට්ටක්වත් ඉතිරි නොකර.

"Gwenchana"

එහෙම කිව්වට ජින්ට අතේ තිබ්බ cake කෑල්ල ඒ ගෑනු ළමයාගේ ඔලුවේ ගහන්න තරම් තරහක් තිබ්බත් ඒ වෙලාවේ ජින්  එයාගේ තරහ පාලනය කරගත්තා. ආයේ drink එකක් order කරන්න තරම් mood එකක් තිබ්බේ නැති නිසා කේක් කෑල්ලත් අරගෙන ගිහින් අයිනකට වෙලා ඉදගෙන එතන තිබ්බ ලොකු glass එකෙන් එලිය බලාගෙන එයා එයාගේ කේක් කෑල්ල හිමින් කන්න පටන් ගත්තා.

"Oppa, miyanhae මගේ අතින් ඔයාගේ drink එක හැලුනානේ. මං හිතන්නේ oppa අරගත්තේ pink drink එකක් නේද?"

එහෙම කියලා ජින් ගත්ත pink drink එකම එයා ලගින් ඒ ගෑනු ළමයා තිබ්බා. කලින් ඒ ගෑනු ළමයාගේ මූණවත් නොදැක්කට ඒ ගෑනු ළමයා හරිම හුරුබුහුටි. ලොකු ඇස්, ඉණ ගාවට තරම් දිග කොන්ඩෙන් එයාට ලස්සනක් ගෙනාවත් එයාගේ තොලට යටින් තියෙන උපන් ලපය නිසා එයාට ගෙනාවේ අමුතුම ලස්සනක්. ජින්ගේ විදිහට ඒ තමයි ජින් දැක්ක ලස්සනම ගෑනු ළමයා.

"අහ් ...මේ.. ම-''

"සන් ඉක්මනට එන්න අපිට පරක්කු වෙනවා."

ඒ ඇහුන ගැඹුරු කටහඩ හොදට හුරුපුරුදු වුනත් ජින්ට ඒ කාගෙද කියලා අදුරගන්න බැරි වුනා. ඒ පිරිමි ළමයා කෑගැහුවේ cafe එකේ entrance එක ගාව නිසා ඒ කවුද කියලා ජින්ට හරියට පෙනුනේ නෑ. ජින්ට ඔලුව නමලා ආචාර කරලා ඒ ගෑනු ළමයා entrance එක ලගට යද්දී ඒ පිරිමි ළමයා එයාගේ අතින් ඇදගෙන දුවද්දී  ඒ කවුද කියලා ජින් දැක්කා.

"තේහ්‍යුන් ?"

ජින් එයාගේ drink එක බීලා කාර් එකෙන් ආයේ ගෙදර යන මග දිගට හිතුවේ එයාට cafe එකේදී මුනගැහුන ගෑනු ළමයා ගැන. ඒත් ජින්ට මතක් වුනේ තේහ්‍යුන් එයාගේ අතින් අල්ලගෙන ගුවපු හැටි. ජින් කාර් එක drive කරගෙන ඉස්සරහට යනවත් එක්කම එකවරම break ගහලා නවත්තන්න වුනේ කාර් එක ඉස්සරහට ගෑනු ලමයා නිසා. ජින් හිටියේ වෙන කල්පනාවක නිසා ජින් දැක්කේ නෑ එයා පාර පනිනවා. එයාව දැක්කම ජින් පුදුම වුනේ එයාට cafe එකේ හම්බුන ගෑනු ලමයාම නිසා. ඒ ගෑණු ළමයත් බය වෙලා බලාගෙන හිටියේ තව ටිකෙන් එයාගේ ජීවිතේ මොන වගේ වෙයිද කියලා හිතලා. ඒත් ඒ ගෑනු ළමයාට ගොඩක් වෙලා එහෙම ඉන්න බැරි වුනේ වෙන පිරිමි ළමයෙක් ඇවිත් අතින් ඇදගෙන දුවපු නිසා. ඒතන තේහ්‍යුන් හිටියත් ඒ තේහ්‍යුන් නෙමෙයි. ජින්ට වැඩි වෙලාවක් ගියේ නෑ ඒ කවුද කියලා අදුරගන්න. මොකද ඒ තේහ්‍යුන්ගේ හොදම යාලුවා.

"ජිමින් ? Aish මට පිස්සු හැදීගෙන එනවද මේ කෙල්ල හැමතැනම ඉන්නවානේ."

ජින් ඒක ගැනම හිත හිතම ගෙදර ගියා.

"Eomma!! Taehyung තාම ගෙදර ආවේ නැද්ද?"

ජින් එයාගේ ඔම්මාගේ අගේ පොඩි එකෙක් වගේ එල්ලිලා අහද්දී ජින්ගේ ඔම්මාත් ජින්ව පොඩි එකෙක් වගේ හුරතල් කරා.

"නෑ එයා අද එන්න පරක්කු වෙනවා. ඇයි මේ කවදාවත් නැතුව නම්දොන්සෙන්ග් ගැන හොයන්න හිතුනේ"

"මම එයාගේ hyungනේ ඔම්මා."

එහෙම කියාගෙන එයාගේ room එකට ගියත් ජින් බලාගෙන හිටියේ තේහ්‍යුන් ගෙදර එනකන්. පැය දෙකකට විතර එයාගේ room එකෙන් එලියට ආපු ජින් කෙලින්ම හියේ තේහ්‍යුන්ගේ room එකට. ඒ වෙද්දිත් තේහ්‍යුන් ගෙදර ඇවිත් තිබ්බා.

"Tae මට ටිකක් තමුසේ එක්ක කතා කරන්න ඕනේ."

"මොකද්ද hyung"

"යෝජාචින්ගු කෙනෙක් ඉන්නවද?"

"මේ මට aniyoo. මං තාම ඕවට චූටි වැඩී."

"එහෙනම් අර අතින් ඇදගෙන දිව්වේ cafe එක ලගදී?"

"අහ්හ්හ් සන්හියා. එයා මගේ හොදම යාලුවෙක් hyung. ගිය අවුරුද්දේ අපේ school එකට ආවේ."

"එතකොට ඒ ජිමින්ගේ යෝජාචින්ගුද?"

"Ani, ඒ ජිමින්ගේ පොඩි කාලේ ඉදන්ම යාලුවෙක්. ජිමිනාගේ යාලුවෙක් නිසා තමා මාත් එයාව අද්‍රරගත්තේ. ජිමින් කැමති වෙන girl කෙනෙක්ට. එයා කැමති සන්-"

"අහ්හ් මට ඒකෙන් වැඩක් නෑ.''

"එයාගේ නම්දොන්සෙන්ග් කලින් ඉදන් අපේ school එකේ. අහ්හ් hyungට මතකද hyung head prefect වෙලා ඉන්න දවස්වල banana milk  එකක් එයාගෙන් හොරකම් කරා කියලා කොල්ලෙක්ට ගැහුවේ. ජන්-"

"මට ඕවගෙන් වැඩක් නෑ."

ජින් එහෙම කියාගෙන එතනින් ගියත් සන්හීට boyfriend කෙන්ව්ක් නෑ කියලා දැනගත්තම එයාට දැනුනේ අමුතු සතුටක්. ජින් එයාගෙන් අහපු ප්‍රශ්නේ තමයි,

        Is that first sight love?
______

"Hyung අද හවස මාව ගන්න ඕනේ නෑ. මට හවස soccer practice තියෙනවා"

"Arasseo "

තේහ්‍යුන් එහෙම කියාගෙන කාර් එකෙන් බැහැලා gate එක ගාවට දිව්වා.

ජින්ට සන්හිව බලන්න වුවමනාවක් තිබ්බා. මොකද ඒ වෙද්දිත් එයා  දැනගෙන හිටියා එයාගේ first love එක සන්හී කියලා. සන්හීව බලන්න අවස්ථාවක් විදිහට හැමදාම ජින් තේහ්‍යුන්ව උදේට school එක ලගින් බස්සන්නයි, හවසට ගන්නයි පුරුදු වුනා. එහෙම ගියපු ගොඩක් වෙලාවට සන්හිව බලාගන්න ජින්ට පුලුවන් වුනා. තේහ්‍යුන් හවස ගන්න එන්න එපා කිව්වත් ජින් gate එක ලගට ගිහින් කාර් එක නවත්තගෙන බලාගෙන හිටියේ සන්හී එනකම් බලාගෙන හිටියා. ඒත් සන්හිගේ අතේ එල්ලි එල්ලි හිනා වෙවී ආව පිරිමි ළමයා දැකලා ජින්ට තරහ ගියා. සන්හිත් ඒ පිරිමි ළමයාගේ කොන්ඩේ අවුස්සලා තවත් ගෑනු ළමයෙක් එක්ක අනිත් පැත්තට යද්දී සන්හී එක්ක ආපු පිරිමි ළමයා ජින් ඉන්න පැත්තට ඇවිදගෙන ආවා.

කවුද ඒ කොල්ලා දැකලා පුරුදුයි. Aish this brat, Jeon Jungkook. Banana milk කොල්ලා.

ජන්කුක් කාර් එකට ලගට එනකන් ඉදලා shutter එකෙන් එලියට ඔලුව දාලා ජින් ජන්කුක්ට කතා කරා.

"ජන්කුක්ශී"

"අහ්හ් ජින් hyung කාලෙකින් නේ. මොකද මේ පැත්තේ. තේහ්‍යුන් hyung කිව්වා අද එයාට soccer practice''

"අහ්හ් ඔව්නේ මට දැන් මතක් වුනේ. කොහෙද යන්නේ? මං යන්නෙත් ඔය පැත්තට ඕනේ නම් drop කරන්නම්"

"Gumawo hyung. මං පොත් වගයක් ගන්න යන්නේ"

ජන්කුක්  කාර් එකට නැග්ග ගමන් ජින් කාර් එක ඇරන් town එක පැත්තට ගියා.

"ඔයත් එක්ක gate එක ලගට ආවේ යෝජාචින්ගුද? ඔයාගේ කොන්ඩේ අවුස්සලා අනිත් පැත්තෙන් යන්න ගියේ."

"Andwae hyung ඒ මගේ noona. එයත් එක්ක යාලු වෙනවට වඩා හොදයි හං ගගට පැනලා මැරෙනවා. Hyung දැක්කේ නැද්ද එයාගෙත් මගේ වගේම lips වලට යටින් මේ mole එක තියෙනවා."

"අහ්හ් ඒ ඔයාගේ noonaද"

"Ani, මගේ යොන්දොන්සෙන්ග්. එයා ඒ වගේ තමා හැසිරෙන්නේ."

ඒ යන අතරමගදී එක විනාඩියකට ජන්කුක්ගේ කට නම් වැහුනේ නෑ. ඒකෙන් ප්‍රයෝජනය ගත්ත ජින් අතරින් පතර සන්හිගේ විස්තර අහලා එයාට ඕනේ හැමදේම ජන්කුක්ගෙන් දැනගත්තා.

I found my love

Back to the present~

Sung-hee : ඔයා එච්චර කල් ඉදන් මට කැමැත්තෙන් හිටියද? එතකොට මං නිසාමද මෙච්චර companies තියාගෙන අපේ company එකට ආවේ.

Jin : දේ. මට තව එක දෙයක් ඔයාට කියන්න තියෙනවා

Sung-hee : ඒ මොකද්ද
_______________

Continue Reading

You'll Also Like

1.5K 232 17
වියෝනා ඇඩ්ලර් තවත් එක් ජීව විද්‍යාඥවරියක්.. ඇයට ජීවිතයේ තිබුණේ එකම අරමුණක් පමණයි.. ඇයගේ හොඳම මිතුරන් ගේ උදව්වෙන් ඇය තමන්ගේ අරමුණ ජයගන්න උත්සහ කලත් එක...
652K 32.8K 61
A Story of a cute naughty prince who called himself Mr Taetae got Married to a Handsome yet Cold King Jeon Jungkook. The Union of Two totally differe...
37.3K 4.6K 17
ජීවිතේ කියන්නෙ පුදුමාකාර දෙයක්. එක තප්පරයෙන් ලොකු වෙනසක් කරන්න පුලුවන් .
466K 31.6K 47
♮Idol au ♮"I don't think I can do it." "Of course you can, I believe in you. Don't worry, okay? I'll be right here backstage fo...