Mr. Handsome🌼 ~ KSJ (Complet...

By kimhima55

11.2K 2.2K 512

නිහඩ ඔහු දරුණුද...? කටකාර ඇය කෙබඳුද ...? More

CHAPTER 1🤍
CHAPTER 2🤍
CHAPTER 3🤍
CHAPTER 4🤍
CHAPTER 5🤍
CHAPTER 6🤍
CHAPTER 7🤍
CHAPTER 8🤍
CHAPTER 9🤍
CHAPTER 10🤍
CHAPTER 11🤍
CHAPTER 12🤍
CHAPTER 13🤍
CHAPTER 14🤍
CHAPTER 15🤍
CHAPTER 16🤍
CHAPTER 17🤍
CHAPTER 18🤍
CHAPTER 19🤍
Chapter 21🤍
Chapter 22🤍
Chapter 23🤍
Chapter 24🤍

Chapter 20🤍

368 89 8
By kimhima55


Jungkook : Hyung අපිට කිව්වෙත් නෑනේ අපි කවුද කියලා දැනගත්තේ කොහොමද කියලා.

Tab එකේ business වැඩක් කර කර හිටපු ජින් ඔලුව උස්සලා බැලුවේ ජන්කුක් අහපු ප්‍රශ්නෙට. Sj කියන්නේ ජින් කියලා දැනගත්ත දවසේ ඉදන් ජන්කුක්, ජිමින් දෙන්නා වැඩි හරියක් කාලය ගත කරේ ජින් එක්කමයි. වෙනදා ජින් එක්ක කාලය ගත කරත් දැන් වැඩියෙන් කාලය ගත කරන්න ඒ දෙන්නා හිටියෙම එහේ.

Jimin : ඔව් hyung එදා මං නම් හිතුවේ අපි දෙන්නාගේ අවසානේ තමා කියලා. මොකද Sj කියන්නේ කවුද කියලා දැනගත්ත ගමන් hyung ඒ කට්ටියව අනිත් ලෝකේ පෙන්නනවානේ.

ජිමින් කිව්ව කතාවට හිනා වෙවී tab එක පැත්තකින් තියලා ජින් හිටපු තැනින් නැගිට්ටා.

Jin : Yaah මං නිකමට නෙමෙයි නේ koreaවල Mafia king උනේ. ඔයාලා මං ලගට ආපු දවසේ ඉදන් මං දන්නවා ඔයාලා කවුද කියලා. මගේ ලගට ගන්න කට්ටියව මං එසේ මෙසේ ගන්නේ නෑ. එයාලා ගැන හොයලා තමා මං ලගට ගන්නේ.

එහෙම කියලා ජින් එයාගේ අත් ඔරලෝසුව දිහා බැලුවා.

Jin : ජන්කුක් ගෙදර යන්නේ නැත්තම් noonaට call එකක් දීලා කියන්න. එයා බයවෙයි නැත්තම්. මම මගේ room එකට යනවා. තේහ්‍යුන් ආවොත් මාව හම්බවෙන්න කියන්න.

Jimin : මාත් පොඩි nap එකක් දානවා මෙතන.

ජිමින් එතනම හාන්සි වෙද්දී ජින් එයාගේ කමරේට ගියා. Bathroom එකට ගිහින් wash එකක් දාගෙන towel එකත් ඇදගෙන එලියට ඇවිත් phone එක check කරා.

Jin : කවුද මේ unknown number එකකින් call කරලා තියෙන්නේ...  yaaaahhhh මං තමුන්ගේ hyung වුනා කියලා ඕනේ ඕනේ වෙලාවට මගේ room එකට එන්න බෑ. බලනවා තව පොඩ්ඩෙන් phone එකත් බිම

Redial කරන්න කලින් තේහ්‍යුන් එතනට කඩාගෙන පැන්නේ හතිත් හල හල.

Tae : ම- මට පස්සෙ බනින්න.

තේහ්‍යුන් හති හල හල එහෙම කිව්වත් ජින් තේහ්‍යුන් දිහා බලන්නේ නැතුව එයා එයාගේ පාඩුවේ හිටියා.

Tae : Hyung tulip කියන්නේ වෙන කවුරුත් නෙමෙයි. සන්හී.

Jin : Mwo? සන්හී? Taehyung are you kidding me right now?

ඒත් එක්කම කලින් unknown number එකෙන්ම ජින්ගේ phone එකට call එකක් ආවා.

Sehun : මං සේහුන් කතා කරන්නේ ජින්ශී. මං උබේ phone එකට link එකක් එව්වා ඒක open කරලා පොඩ්ඩක් බලන්න.

Jin : මට තමුසේගේ විකාර වැඩ බල-

Sehun : ඕක සන්හිට සම්බන්ධ දෙයක් කියලා කිව්වොත්. අහ් අනික ඕක live එකක්.

සේහුන් එහෙම කියද්දී ජින් එයගේ phone එකට එවලා තියෙන link එක open කරලා බලන කොට තේහ්‍යුන්නුත් ජින්ගේ phone එකට එබිලා බැලුවා. එතන හිටියේ සන්හී. වෙනදා දාගෙන scarf එක එයා දාගෙන හිටියේ නැති නිසා ඒ සන්හී කියලා ඒ දෙන්නට ලේසියෙන් අදුරගන්න පුලුවන් වුනා. ඒයා ඉන්නේ කොහෙද කියලා දෙන්නටම හිතා ගන්න බැරි වුනා. සන්හී මොනවා හරි හොයනවා වගේ තමා එයාලට තේරුනේ.

Sehun : දන්නවද ජින් උබේ lovely girlfriend දැන් ඉන්නේ මගේ room එකේ. ගෙදරට guardsලා දාලා තියෙද්දිත් කොහොමද දන්නේ නෑ හොරෙන්ම ආවේ. Anyway එයාත් එක්ක මට personal වැඩක් තියෙනවා Mr. Kim Seokjin.

Jin : Oh sehun dont you fcking dare!!! Shit!!! Jungkook !!! Jimin !!!

ජින් අතේ තිබ්බ phone එකත් පොලොවේ ගහලා පල්ලෙහාට දුවගෙන ගියේ තේහ්‍යුන්නුත් ජින්ගේ පිටිපස්සේන් දුවගෙන එද්දී. මොකද ඒ දෙන්නම දැනගෙන හිටියා සේහුන් කිව්ව කතාවේ තේරුම.

Jimin : මොකද්ද වුනේ hyung

Jin : අපි ඉක්මනට යන්න ඕනේ. ඉක්මනට ready වෙන්න.  Tulip, tulip-

Kook : ඇයි noonaට මොකද? ඇයි මගේ noonaට මොකද hyung ??

Jin : එතකොට තමුසේ දැනගෙන හිටියද ? දැනගෙන හිටියා නම් ඇයි මට කිව්වේ නැත්තේ???!!

ජින් ජන්කුක්ගේ කොලර් එකෙන් අල්ලලා කෑගහද්දී රණ්ඩුව බේරන්න මැදට පැන්නේ ජිමින්.

Jimin : Hyung අපි ඕක පස්සේ විසදගමු. අපි ඉක්මනට සන්හී ලගට යමු.

___________

Sung-hee : Aish මේක කොහෙද තියෙන්නේ? කොහෙද තියෙන්නේ කියලා හොයන්න මං හොයන්නේ මොනවද කියලවත් දන්නේ නෑනේ. Aish ඒකෙන් වැඩක් නෑ මොනවම හරි දෙයක් ඇතිනේ...

සන්හී සේහුන්ගේ කාමරේ හැම අස්සක් මුල්ලක් නෑරම හෙව්වේ නම්ගිල්, සේහුන් දෙන්නා එකතු වෙලා Jeon family එකෙන් පලිගන්න හේතුව. හැමතැනම හෙව්වත් කිසිම දෙයක් හොයාගන්න බැරි වුනා. ඒත් එයා පොත් රාක්කයේ තිබ්බ එක පොතක් අතට ගද්දී ඒකේ ඇතුලේ තිබුන photo එකක් බිමට වැටුනා. සන්හී ඒක අතට අරන් බැලුවේ නිකමට වගේ. ඒතන photo එකේ නම දෙනෙක් හිටියා. දෙන්නෙක් ඇරෙන්න අනිත් හත්දෙනාවම සන්හී අදුරනවා. මොකද ඒකේ හිටියේ Mr. Jeon, Mrs. Jeon, sung-hee, sunhee, jungkook, namgil ඒ වගේම  sehun. ඒක එයාල පුංචි කාලේ ගත්ත photo එකක්. මොකද ජන්කුක්වයි සුන්හිවයි එයාලගේ ඔම්මයි අප්පායි වඩාගෙන හිටියේ. Jeon family එකයි නම්ගිල්, සේහුන් ඇරෙන්න එතන හිටියේ ගෑනු කෙනෙකුයි, සේහුන්ගේ වයසෙම වගේ පිරිමි ළමයෙකුයි.

Sung-hee : මේ දෙන්නා කවුද. මේ සෙහුන්ගේ ඔම්මා වෙන්න ඇති. එයා නැට්ජි වෙලා ගොඩක් කල් කියලා එක දවසක් මට අප්පා කිව්වා. එතකොට මේ එයාට එහා පැත්තෙන් ඉන්න අනිත් පිරිමි ළමයා. ඒ සේහුන්ගේ hyungද? එහෙනම් දැන් කෝ එයා. අපි ඉස්සර මෙහෙම හිටියා නම් ඇයි නම්ගිල් අපිව මරන්න හදන්නේ?

Sehun : ඔයාගේ අප්පා නිසාම තමා Miss. Jeon Sung-hee.

Sung-hee : සේහුන්!!

Sehun : දේ දේ, ඔයා මගේ room එකේ මොකද කරන්නේ baby මාව මතක් වුනාද ඔයාට.

Sung-hee : ඇයි අපිත් මේ photo එකේ ඉන්නේ කියලා කියනවා. මේක කොහෙන්ද තමුසෙට??

Sehun : Easy easy, කෑගහන්න එපා. මගේ අප්පා jail එකේ ඉදන් ආවේ අද එයා නිදි දැන් ඒ නිසා සද්ද කරන්න එපා. වැඩිය කෑගහන්නත් බැරි එකේ සරලවම කියන්නම් ඔයාගේ අප්පා වංචාකාරයෙක්

Sung-hee : Mind your words Oh Sehun. මොනවද තමුසේ මේ කියන්නේ??

Sehun : ඒකට කියන්නේ ඇත්ත කියලා. ඔයාලා දෙන්නා එකතු වෙලා run කරන business එක තියෙනවා නේද? ඒක හරි නම් අපේ. ඔයාගේ අප්පා මගේ අප්පාව රවට්ටලා ඔක්කොම එයාගේ නමට හරවාගත්තා. Business එක විතරක් නෙමෙයි නැති වුනේ. ඔම්මා ඔම්මා මගේ අප්පාගෙන් divorce එක ගත්තා. මොකද ජියෝන් ඔම්මාට කියලා තිබ්බා අප්පා business එක එයාගෙන් උදුරගෙන එයාව මරලා දාන්න හැදුවා කියලා. ඒ වගේම අප්පාට වෙන ගෑනු කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා. ඔම්මාත් ඒක විශ්වාස කරා මොකද තමන්ගේ cousin brother බොරු කියන්නේ නෑ කියලා හිතුවා. Divorce එකෙන් පස්සේ ඔම්මා මගේ hyungවත් අරන් යන්න ගියා. අපිට එදා වේලවත් කන්න නැතුව පාරට වැටිලා හිටියේ. අප්පාට මට මේ mafia world එකට එන්න උනෙත් ඌ නිසා. ඒකයි අපි jeon family එකෙන්ම පලිගන්නේ. ඌ හිතන්නවත් නැතුව ඇති අපි මෙහෙම කරයි කියලා.

සේහුන් වියරුවෙන් හිනා වෙද්දී සන්හීට මේ කිසිම දෙයක් හිතා ගන්න බැරි වුනා. ඇස් දෙකෙන් කදුලු බේරුනේ කිසිම දෙයක් හිතා ගන්න බැරි නිසා. අප්පා එහෙම කරේ නෑ කියලා හිතුවත් එයා එයාගෙන්ම ප්‍රශ්න කරා ඇත්තටම එයා එහෙම කරාද කියලා. එයාට එයාගේ ඔම්මාගෙයි සන්හීගෙයි මූණ මැවිලා පෙනුනා. මේ ඔක්කොම එතකොට එයා නිසාද?

Sehun : Aish baby girl ඔයා අඩනවාද? ඒවා අමතක කරාලා දාමුකෝ. කවුරු නැත්තත් මං ඔයාට ඉන්නවානේ

සේහුන් කට කොනින් හිනා වෙන ගමන් සන්හීට ලං වුනා. සන්හිගේ ඉනට අත තියෙනවත් එක්කම එතන ලග තිබ්බ metal vase එකෙන් සේහුන්ගේ ඔලුවට ගහලා එතනින් දිව්වේ සේහුන් ලේ පෙරාගෙන ඔලුව අල්ලගෙන බිම ඉදගද්දී.

සන්හී සේහුන්ගේ room එකෙන් එලියට එද්දී බය වෙලා හිටියේ. බය, දුක, කලකිරීම හැමදේකම මුසු වුන හැගීමක් එයාට දැනුනේ. එයාගේ අප්පා ගැන සේහුන් කිව්ව දේවල්, එතකොට දැන් ටිකකට කලින් එයාට වෙන්න ගියපු දේ ඒ හැමදේම නිසා සන්හී හිටියේ ගොඩක් බය වෙලා. කොච්චර බය වෙලාද කිව්වොත් එයා ලේ පෙරාගෙන බිම වැටිලා තිබුනු මිනී දෙකකට උඩින් පැනලා ආවා කියාලාවත් එයාට ගානක් තිබ්බේ නෑ. වට පිටාවෙන් ඇහෙන සද්දවත් ඇහුනේ නැති තරම්.

පිටිපස්ස හැරී හැරී දුවද්දී ඉස්සරහින් ආපු කෙනාව සන්හී දැක්කේ නෑ. ආපු කෙනාගේ ශක්තිමත් ඇගේ හැප්පෙද්දී සන්හී විසික් වෙන්නේ නැතුව බේරුනේ එයා සන්හිව අල්ලගත්ත නිසා.

Sung-hee : ජි-ජින්

ගැහි ගැහී ඔලුව උස්සලා බැලුවත් ඉස්සරහ හිටියේ ජින් කියලා දැනගත්ත නිසාම සන්හිගේ ඇඩිල්ල තවත් වැඩි වුනා. ජින්ගේ පිටිපස්සේ ජිමින් හිටගෙන හිටියත් ජන්කුක් තේහ්‍යුන් දෙන්නම එතන හිටියේ නෑ.

__________________________☆______________________

Ending එක happy වෙයිද ?
නැත්තම් sad වෙයිද ?
😁♥️

Continue Reading

You'll Also Like

63.5K 9.9K 22
යන්නට හෝ ඉන්නට නොකියමි ඒත් තව තවත් බැඳෙමි තව තවත් තැවෙමි රිදව ගමි මුලු සංසාරයම... 🥀✨ කැමති ලෙස ඇවිත් යන්නට පමණක් කියමි.... ආදරේ එයම යැයි මං..නුඹට ක...
31.2K 4.7K 34
නොලැබීම් ගොඩක් මැද ජීවත් වෙන තරුණ ගෑණු ළමයෙක්... තමන් පණටත් වඩා ආදරය කල තරුණියගේ මරණයට, පලිගැනීම එකම විසඳුම කරගත් තරුණයෙක්... සතුටෙදි වගේම දුකේදී ළඟි...
170K 17.7K 23
"𝙏𝙤𝙪𝙘𝙝 𝙮𝙤𝙪𝙧𝙨𝙚𝙡𝙛, 𝙜𝙞𝙧𝙡. 𝙄 𝙬𝙖𝙣𝙣𝙖 𝙨𝙚𝙚 𝙞𝙩" Mr Jeon's word lingered on my skin and ignited me. The feeling that comes when yo...
1.4K 232 17
වියෝනා ඇඩ්ලර් තවත් එක් ජීව විද්‍යාඥවරියක්.. ඇයට ජීවිතයේ තිබුණේ එකම අරමුණක් පමණයි.. ඇයගේ හොඳම මිතුරන් ගේ උදව්වෙන් ඇය තමන්ගේ අරමුණ ජයගන්න උත්සහ කලත් එක...