💜️ Still With You 💜️ ( OT7)...

Da ShineOT7sh

26.2K 4.7K 812

ආදරය... ජීවිතේ ජීවත් කරවන , ජීවිතේ විදින , විදවන , කෙනෙක් ළඟ සතුට පුරවන, තව කෙනෙක් ළඟ... Altro

1
2
3
4
5
6
7 🔞
8
9
10
11
12 🚫
13
14
15
16
17
18
🚫🔞 19 🔞🚫
20
21
22
24
25
26
27
28
Final Chapter
🌟 Author's Note 🌟

23

581 132 12
Da ShineOT7sh


ගෙවිලා ගියපු හැම රැයකම ජන්කුක් ටේහ්‍යුන්ග් තුරුලේ සැනසුනත් මේ ගතවෙන රෑ හැමදේම වෙනස් වෙලා තිබුනා...
වෙනදා ඉන්න ආක්‍රමණශීලී ටේහ්‍යුන්ග්ට වඩා නිවුණු අහිංසක ටේහ්‍යුන්ග් කෙනෙක් අද ජන්කුක්ගේ පපු මත්තෙ හිස තියන් ඔහුට තුරුලු වෙලා හිටියා .ජන්කුක්ගෙ දෑත් ටේහ්‍යුන්ගේ බද වටා එතී තිබුනා..

තම උපන්දිනය අද කියලා උදේ සිට වත් ඔහුට මතකයක් තිබුනෙ නෑ .
ඔහු අවදිවූ මොහොතේ ඉදන් මේ මොහොත වන තුරුත් අද ඔහුට අහන්නට දකින්නට ලැබුනෙ කිසිවෙක් තම ජීවිතේ සිදුවෙයි කියලා විශ්වාස නොකරන විදිහෙ දේවල්..

කැලඹුනු හිතින් කල්පනාකරමින් උන් ටේහ්‍යුන්ග්ට තමන් ජන්කුක්ගෙ තුරුලෙ සිටි ඒ ඉරියව්ව සුවපහසුවක් ගෙන ආවා..

කූ.... ඒක මේ වගේ හැගීමක් ද ?

කොයි.. ?? මොකක්ද ම්ම්.

මං කිව්වෙ ඔයා හැමදාම මං ගාව මෙහෙම ඉන්නකොට ඔයාට දැනෙන්නෙත් දැන් මට දැනෙන විදිහටමද..

මට දැනෙන්නෙ ටේහ්‍යුන්ගී මගෙ මුලු ජීවිතකාලෙම ඔයාලග ඔහොම ගතකරන්න ඕනෙ කියලා .
ඔයාගෙ හාට් බීට් එක මට දැනෙනකොට මං ඇත්තටම ජීවත්වෙනවා කියලා හිතෙනවා... එතනින් එහාට මට වෙන මොනවත් දැනෙන්නෙ නෑ..ඔයත් එක්ක මේ ගෙවපු කාලෙ තමයි මගෙ ජීවිතේ මං සතුටින්ම හිටපු කාලෙ ටේහ්‍යුන්ගී..

මටත් දැන් එහෙම හිතෙනවා කූ..
මුලු දවස පුරාම තිබුනු අව්ල් ටික සේරම ඔයා ළඟදි නැතිවෙලා ගිහින් වගේ...
අද විතරක් නෙවේ කූ.... ඒක හැමදාම එහෙමයි..ඔයා මගෙත් එක්ක එක වතාවක් හිනාවුනොත් මට මුලු දවසක් ජීවත්වෙන්න ඒ ඇති කුකී..
මේ ගෙවෙන හැම දවසකම ඔයා දිහා බලාගෙන නැගිටින්න , ඔයා දිහා බලාගෙනම නිදාගන්නයි මට ඕන..
අද කලා වගේ ආයෙත් නම් මට හොරෙන් කොහෙවත් යන්න එපා..
එක තත්පරේකට හරි ඔය මූන මට පෙන්නලා යන්න...

ටේහ්‍යුන්ග් කියන්නෙ ජන්කුක්ගේ ඒ පපුව සිපගෙන...

මං පොරොන්දු වෙන්නම් ටේහ්‍යුන්ගී..ආයෙත් එහෙම කරන්නෙ නෑ...ඒත් ඔයා දැන් පහුගිය දේවල් නිසා හිතින් විදවන්න එපා... ඔයාගෙ සූ වෙනුවෙන් දැන් කරන්න පුලුවන් එකම දේ එයාගෙ හීනෙ ඔයා හැබෑ කරන එක... එයා ඔයා දුකින් ඉන්නවට කැමතිනෑ ටේහ්‍යුන්ගී...

මං ඒ ගැන හිතුවා කූ... ආයෙත් මං ඒ ගැන දුක් වෙන්නෙ නෑ...

ඔයාගෙ සූ ට විතරක් නෙවේ ,
ඔයා ඔහොම ඉන්නකොට මටත් ඒක දරාගන්න බෑ..
මට ඕනෙ නිතරම දගමල්ලක් වගේ පිස්සු වැඩ කරන මගේ ටේහ්‍යුන්ග්ව..
දවල් තිස්සෙම මාත් එක්ක හුරතල් වෙන ටේහ්‍යුන්ග් ව...
ඒ වගේම නිදාගන්න ගියාම දරුනු කොටියෙක් වගේ මාව පාලනය කරන , මාව සතුටු කරන ටේහ්‍යුන්ව...
මං ආදරේ එයාට..
එහෙම නැතුව දුකෙන් කඩන් වැටිලා ,, බලාපොරොත්තු බිදගෙන ඉන්න , හූල්ල හූල්ල කදුලු පෙරන් අඩන ටේහ්‍යුන්ග් කෙනෙක් නම් මට එපා...

ජන්කුක් කිව්වෙ ඒ හිස සිපගෙන..

ඒ මොහොතෙ ජන්කුක්ගෙ පපුවෙන් ඉහලට එසවුනු ටේහ්‍යුන්ග් ඔහුගෙ තොල් තමන්ගෙ තොල් අතරෙ හිරකරගත්තෙ නොඉවසිල්ලකින් .
ඒ රාත්‍රියෙත් අන් හැමදාකම වගේ ජන්කුක් ටේහ්‍යුන්ගේ පාලනයට නතුවෙලා සුව,විඳිමින් ගතගකලා.
එදින වෙනදාටත් වඩා අනුරාගී සුන්දර රැයක් වුනා...
සම්පූර්ණ නිදිවර්ජිත රාතියකට පස්සෙ ඔවුන් නින්දට වැටුනෙ පාන්දර යාමෙ....

මොනතරම් වේදනාවන් වින්දත් මොනතරම් කරදර බාධක , හිත් රිදීම් , හිත් බිදීම් සිද්දවුනත් තමන් හදවතින්ම ආදරේ කරන කෙනාගෙ අත් අතර රැදෙන එක් මොහොතකින් අර තිබුනු සියලුම හිත් වේදනාවන් හිරු දුටු පිනි බින්දු වගේ නැතිවෙලා යනවා..

එයයි ආදරයේ සත්‍ය...

*********************

පසුදින ටේහ්‍යුන්ග් සහ ජන්කුක් අවදිවන විට දහවල් දොලහටත් ආසන්න වෙලා තිබුනා...
ඔවුන් ඒ ඇද සිටි නිදන ඇදුම් පිටින්ම පහලට එනවිට අනෙක් සිටලු දෙනාම කෑම කාමරයට එක්වෙලා බර කතාවක්...
එමින් සිටි ටේහ්‍යුන් සහ ජන්කුක් දුටු විට ජිමින් වහාම කතාව වෙනස් කරන්න උත්සහ කලත් ඉන් පලක් නොවුනෙ ඔවුන්ගෙ කලබලකාරී බව ජන්කුක්ගෙ හිතට කුතුහලයක් ගෙනා නිසා..

මොනවද කතාවෙන්නේ..
අපිව දැකලා කතාව වෙනස් කරා නේද

පිස්සුද , අපි මේ ඊයෙ රෑ ගැන කතාකර කර හිටියෙ...

ජිමින් එහෙම කිව්වත් ඔහුගෙ දුරකතනය සඟවාගත් අයුරින් ජන්කුක්ට නම් දැනුනෙ අමුත්තක්..

එක්වරම ඉදිරියට පැමිනි ජන්කුක් ජිමින් වෙතින් වහාම දුරකතනය ගෙන බැලුවත් එහි තිබුනු දේවල් නිසා ජන්කුක්ට හිටගෙන ඉන්නත් පන නැතිව ගියා....

හ්‍යුන්ග් මේක....
එදා අපි සල්ලි දීලා ඉවර කලානෙ..
ඇයි දැන් ආයෙත්..

ඌ කපටි මිනිහෙක් කුකී... මේවා පැපරාසිකාරයෙක්ට ලොකු ගානකට විකුනලා වගේ ..

එහි තිබුනෙ සෑහෙන කාලෙකට පෙර විශ්වවිද්‍යාල ගායන තරගය අතරෙ ටේහ්‍යුන්ග් සහ ජන්කුක් විවේකාගාරය තුල සිපගත් වීඩියෝව..

මින් පෙර අදාල පුද්ගලයාගෙ තර්ජනයන් හමුවේ ජින් විශාල මුදලක් ගෙවා ඔහුව නිහඩ කලද ඒ අවස්ථාව ටේහ්‍යුන්ග්ලාගේ ආරම්භක අවදිය නිසා ජින් එය දුර දිග රැගෙන ගියේ නැහැ...

නමුත් එය දැන් නොහිතූ ලෙස ආයෙමත් ඔවුන් වෙත පැමිනිලා..
පෙර ලෙස තර්ජනාත්මක ස්වරූපයෙන් නොවුනත් මෙය ඊට වඩා ඔවුන්ගේ ගමනට හානිකර විය හැකි බව නම් විශ්වාසයි. මුවෙන් නොකිව්වත් ඔවුන් හැමදෙනාම හිටියෙ ඒ ගැන බයකින්..
විශේශයෙන් ගතවුනු රැයෙන් පසු ටේහ්‍යුන් වෙත සමස්ත කොරියාවෙම අවදානය රැඳුණු මොහොතක මේවැන්නක් කොරියානු පැපරාසි මාද්‍යකින් වාර්තා කිරීම ඔවුන්ගේ කලා ජීවිතේට වගේම ව්‍යාපාරික කටයුතු වලටත් ඉතාම අවාසි සහගත දෙයක්.

නමුත් දැන් කලහැක්කක් නෑ..
මේ වන විටත් මෙයට සමාජ මාද්‍ය තුලින් විශාල ප්‍රචාරයක් ලැබෙමින් පවතිනවා..
ඔවුන්ගේ රසිකයින් මෙන්ම රසිකයින් නොවන තරුන ප්‍රජාව පවා ටේහ්‍යුන්ග් හා ජන්කුක් වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී හිටියත් සමස්ත කොරියානු වැඩිහිටි උදවියගේ මෙන්ම ප්‍රසිද්ධ චරිත කිහිපයකගේ විවේචන රැසකුත් මේ අතර දක්නට පුලුවන් වුනා..

මේ අතරෙ ජන්කුක්ට ඇමතුමක් ආවෙ තම පියාගෙන්..

අබොජී... කියන්න...

ආහ්... ඒක මේ....

දේ අබොජි , මං ඔයාව පැයකින් හම්බවෙන්නම්...

ඇමතුම විසන්දි කල ජන්කුක් තම ඇගිකි තුඩින් නලලත තෙරපවාගත්තෙ මේ වෙන්න යන දේවල් නම් එතරම් හොද නොවන බව හිතමින්..

ජන්කුකා .. මොකද වුනේ..

අර වීඩියෝ එක...
ඒක අබොජිත් දැකලා ..

ඔහ් ගෝඩ්.. දැන් ඉවරයි.
හැමදේම අව්ල් වෙන්නයි යන්නෙ...

මේ වනතුරුත් සියල්ල දෙස නිහඩව බලා සිටි ටේහ්‍යුන්ග් ආපිට හැරිලා තමන්ගෙ කාමරේට ආවෙ ඔහුගේ හිතේ මහා ගින්නක් පත්තුවෙමින් තියෙද්දි.
ඔහුට දැනුනු එකම දේ තමන්ට ජන්කුක්ව නැතිවේවි කියන දේ විතරයි. මොකද ඔහු දැනන් හිටියා ජන්කුක්ගෙ පියා මොනවගේ පුද්ගලයෙක්ද කියන එක....
කාමරයට පැමිනි ටේහ්‍යුන්ග් ඇතුළතින් අගුලු දාගත්තෙ ඔහුට නිදහසේ මේ ගැන කල්පනා කරන්න අවශ්‍ය නිසා

ටේහ්‍යුන්ගී ...
දොර අරින්නකො මට චේන්ජ් කරගන්න..

දැනට හ්‍යුන්ගෙ රූම් එකෙන් චේන්ජ් කරගන්න කුකී.. ඇදුමකුත් එයාගෙන් ගන්න... මට තනියම ඉන්න ඕන ටිකක්...ඔයා අබොජිව හම්බෙන්න යන්න ඉක්මනින් ..

ටේහ්‍යුන්ගී.. .. අව්ල් වෙන්න එපා ,
මං මේ දේවල් විසදගෙන එන්නම්..
මම ඉක්මනින් එනවා...

ජන්කුක් එතැනින් ඉවත්ව ගියේ වේදනාවෙන්. අනික් හැමදේටම වඩා ටේහ්‍යුන්ග් කලබල වෙලා ඉන්නෙ තම පියාගෙ ඇමතුම නිසා කියලා හොදටම දන්න ජන්කුක්ට තමන්ගෙ පියා එක්ක වගේම තමන් ගැනත් දැනුනෙ තරහවක්....
තමන්ගෙ පාලනයක් නැති හැගීම් නිසා අද ඇතිවෙලා තියෙන කරදර ගැන ඔහුට දැනුනෙ පසුතැවීමක්..

හෝසොක් හ්‍යුන්ග්...
පුලුවන් නම් ටේව ටිකක් බලන්න.
මං ඉක්මනින් ගිහින් එන්නම්...

මේ වෙලාවෙ ටේහ්‍යුන්ගේ හිතේ තියෙන අව්ල් සහගත බව නැති කරන්න පුලුවන් හොදම කෙනා හෝසොක් කියලා ජන්කුක් දැනන් හිටියා..

හරි ජන්කුක්..
පරිස්සමෙන් ගිහින් එන්නකො..
එලියෙ හිම වැටෙන්න පටන්ගනීවි තව ටිකකින්....
රෑවෙන්න කලින් එන්න බලන්න.
අද රෑ නිව් ඉයර් සෙලිබ්‍රේශන් එකත් තියෙනවනෙ...

දේ හ්‍යුන්ග් , මං ඉක්මනින් එන්නම්..

එසේ කියමින් ජන්කුක් ඉක්මනින් පිටවෙලා ගියා..

**********************

ජිමින්... මොනවද මේ වෙන්නෙ...
ඔහෙ ප්‍රශ්නයක් නෑ නේද..

සිදුවන දේ ගැන දැනගත් වහාම ලියා ජිමින් ඇමතුවේ ඔහු මේ මොහොතේ හිතේ කරදරෙන් ඉන්න බව ඇයට දැනෙන නිසා.

මට තේරෙන්නෑ ලියා මේ මොනවද වෙන්නෙ කියලා...
මට බය ජන්කුකීටයි ටේහ්‍යුන්ග්ටයි කුකීගෙ ගෙදර අයගෙන් කරදර වෙයිද කියලා .. වෙන නම් මොනවා උනත් කමක්නෑ

ජන්කුක්ගෙ ගෙදර ප්‍රශ්නෙ විතරයි දැන් තියෙන්නෙ ජිමින් ..
මොකද මෙහෙදි නම් ඔය අනිත් දේවල් ගැන කිසිම කතාවක් නෑ..
ඔය නිව්ස් එක මෙහෙත් වයිරල් යනවා.. ඒත් මෙහෙ හැමෝම ඔහෙ වගේ පටු විදිහට හිතන්නෑ ජිමින්...
තරුණ වැඩිහිටි මේ හැමෝම 3kings එක්ක ඉන්නෙ කියලා එයාලගෙ ෆීඩ්බැක් වලින් පේනවා...
මුලු කැම්පස් එකමත් ඔයාලා එක්ක ඉන්නවා..

ඒක ලොකු දෙයක් ලියා..
එක පැත්තකින්හරි සහනයක් තියන එක ඇත්තටම ලොකු දෙයක්..

ඔයාල පරිස්සමෙන් මේ දේවල් බලාගන්න ජිමින්. මේ වෙනකොට ටේහ්‍යුන්ග්ටයි ජන්කුක්ටයි ඔයාලා ඕනම වෙලාවක්..
ඒත් ප්‍රශ්නයක් වුනොත් හැමදේම දාලා ඔයාලා මෙහෙ එන්න ජිමින්.. තමන් ආදරේ කරන අය රැකගන්න එක තරම් අනිත් කිසි දෙයක් වටින්නෑ..

අපි බලමුකො ලියා..
මං ඔයාට හෙමින් කතාකරන්නම්..
උදේ ගියපු ජන්කුක් තාම නෑ..
අපි ඒකයි මේ බලන් ඉන්නෙ..
ටේහ්‍යුන්ග් එහෙන් කාමරේ ලොක් කරගෙන..එක ප්‍රශ්නයක් නෙවේ ලියා , කරදර එන්න ගත්තම ඔක්කොම එක පිටට එනවනේ...

ඔයාත් පරිස්සමෙන් ජිමින්.. කාලා බීලා ඉන්න මොනව කරන්නත්..

හරි ලියා..මං ඔයාට පස්සෙ ගන්නම්. බායි.

*******************

නිවසේ හැමතැනම බැලුවත් ජින් පේන්න නොහිටි නිසා ජුන් ඔහුව හොයාගෙන ආවෙ උඩුමහලේ එක් පසකට වෙන්න තියෙන පොදු බැල්කනි එකට...
ඔහු එනවිට ජින් බැලකනියේ තබා තිබූ පහත් අසුනකට වෙලා දුර ඈතක නෙත් රදවන් හිටියා..

හ්‍යුන්ග්... මොනවද ඔය තරම් කල්පනා කරන්නෙ.. ඔයා තාම ලන්ච් අරගෙනත් නෑ .දැන් පහත් පහුවෙලා...

කෑම කන්න පුලුවන් තරම් හිතේ නිදහසක් කොහෙද නම්ජුනා..

බයවෙන්න එපා හ්‍යුන්ග්..
ජන්කුක් එහෙම පරාදවෙන ජාතියේ කොල්ලෙක් නෙවේ...

ඇත්තටම මට මේ දේවල් වලින් බයක් තියෙන්නෙ ටේහ්‍යුන්ග් ගැනයි ජන්කුක් ගැනයි විතරයි නම්ජුනා..
බිස්නස් නම් මොනවා උනත් කමක්නෑ .සල්ලි වලට වඩා පොඩි උන් දෙන්නගෙ සතුටයි මට වටින්නෙ...

ඔහු තවමත් කතාකරන්නෙ ඉහල ඈත පේන නම්සැන් කුලුන දෙසට ඇස් යොමු කරගෙන..
ඔහුගෙ හිතට එක එක විදිහෙ භයානක දේවල් හිතෙන්න අරන් තිබුනා .
අන් කවරදාකටත් වඩා ඔහු ටේහ්‍යුන්ග් ගැන බයෙන් හිටියා..
මොකද ටේහ්‍යුන්ග් ජන්කුක්ට ආදරේ කරන තරම් තමන්ට වත් ආදරේ කරන්නෑ කියලා ජින් හොදින්ම දන්නවා..
යම් හෙයකින් ජන්කුක්ට ඔහුගෙන් ඈත්වෙන්න වුනොත් තවදුරටත් ටේහ්‍යුන්ග්ව රැකගන්නෙ කොහොමද කියන එක ජින්ට විශාල ප්‍රශ්නයක් වුනා.

අපි මොනවම හරි කරමු හ්‍යුන්ග්.. එයාලා තනිවෙලා නෑනෙ..
අපි ඔක්කොම එයාලා එක්ක ඉන්නවනෙ

මොනව කරන්නත් ජන්කුකී තාම නෑනෙ නම්ජුනා.. වෙච්ච දෙයක් කතා කරලා දැනගන්නවත් ෆෝන් එක ආන්සර් කරන්නෙත් නෑනෙ...මේ කොල්ලට කරදරයක්ද දන්නෙත් නෑ..

අපි තව ටිකක් බලමු හ්‍යුන්ග්...

නම්ජුන් කියන්නෙ බැල්කනියේ ඇදි පුටුවක වාඩිවෙලා උන් ජින්ගෙ හිස තම බදට හේත්තුකරගනිමින්..
ඔහු ඒ අතැගිලි ජින්ගේ කෙස් අතර යවමින් හිටියා..

නම්ජුනා ...
මං අවුරුදු ගානක් මේ දේවල් දරාගෙන හිටියා... තවත් මට බෑ නම්ජුනා..
මං කොච්චර අසරණද දන්නවද..
අවුරුදු ගානක් තිස්සෙ එක දිගටම කරදර එක්කම එල්ලිල ඉදලා මට තවත් මේවට මූනදෙන්න ශක්තියක් ඇත්තටම නෑ නම්ජුනා....
අද වෙනකොට ටේහ්‍යුන්ගෙ සතුට හොයලා දෙන්න තියා මට මගෙ සතුටවත් හොයාගන්න බැරුව මං අතරමං වෙලා ඉන්නෙ නම්ජුනා.

ජින් ඒ කියපු දේ නිසා ඔහුගෙන් ඈත්වුනු නම්ජුන් බැලුවෙ ජින්ගෙ මුහුන..
ඒ ඇස් වල කදුලු දිලිසෙමින් තිබුනා.. වචන වලට පෙරලන්න බැරි දහසතුත් එකක් හැගීම් ඒ ඇස් වල ලියවිලා තිබුනා...
නමුත් ඒ හැම හැගීමක්ම එකින් එක කියවන්න නම්ජුන්ට හැකියි.
ආදරේ කියන්නෙ ඒ වගේ අමුතු ප්‍රාතිහාරික දේකට.....
ඒ නිසා ජින් මොන තරම් දුකක් හිතේ තියන් ඉන්නවද කියලා නම්ජුන්ට තේරුම් ගන්න අපහසු වුනේ නෑ..

හ්‍යුන්ග්...
මං ඔයා වෙනුවෙන් මොනවද කරන්න ඕන.. ඔයාගෙ දුක නැතිවෙනවා නම් මං ඕනම දෙයක් කරන්නම්ම්

මගෙ ලගට එන්න නම්ජුනා...
ටික වෙලාවකට මගෙ ලගට එන්න...
දැනට ඔයාට කරන්න පුලුවන් එච්චරයි

ඒ ඉල්ලීමට ඉඩ දෙමින් නම්ජුන් ජින් අසලුන් වාඩිවුනා.. ඒ ඇසිල්ලෙන් ජින් තම හිස තිබ්බෙ නම්ජුන්ගෙ උකුල මත.

හ්‍යුන්ග්...
මේ තරම් බලාපොරොත්තු නැතිකරගන්න එපා.
දැනට මෙතන තියෙන්නෙ කුකීගෙ අබොජිගෙ ප්‍රශ්නෙ විතරයි..
ඉන්ඩස්ට්‍රි එක ඇතුලෙ එයාලට ප්‍රශ්නයක් නෑ...
බිස්නස් ෆීල්ඩ් එකේ උනත් ලොකුවට බලපාන එකක් නෑ. මොකද බිස්නස් කියන්නෙ පුද්ගලික දේවල් වලට වඩා ප්‍රොෆිට් ටාගට් වෙන දෙයක්නේ..ඉස්සර තරමට මිනිස්සු මේ දේවල් ගැන දැන් හොයන්නෑ හ්‍යුන්ග් ..

නම්ජුනා... එදා මං ඔයාට හැමදේම අමතක කරන්න කිව්වෙත් මේ නිසා..

මොකද්ද හ්‍යුන්ග් .. ඒකෙයි මේකෙයි තියෙන සම්බන්දෙ මොකද්ද ..

සම්බන්ධයක් තියෙනවා නම්ජුනා... ජන්කුක්ගෙයි ටේහ්‍යුන්ගෙයි මේ ප්‍රශ්න වලට උදව් කරන්න අපි ඉන්නවා...
ඒත් ඔයයි මමයි මේ විදිහට ඉස්සරහට යන්න ගත්තොත් ඔයා හිතනවද අපිටත් මේ වගේ ප්‍රශ්න නොඒවි කියලා...

මට තේරෙන්නෑ හ්‍යුන්ග්.. මං තේරුම් ගන්න උත්සාහ කරන්නෙත් නෑ.
අපි ඕවා නොහිතා ඉමු .

නොහිතා බෑ ජුනා..
අපිත් මෙහෙම ඉන්න ගියොත් ඒ එන ප්‍රශ්න වලට අපි කොහොමද මූනදෙන්නෙ , ඒ ප්‍රශ්න අපිට මේ පොඩ්ඩන්ට දාන්න බෑ නම්ජුනා...
අනික ඔයාගෙ මමායි ඩැඩායි උනත් එයලගෙ එකම පුතාගැන බලාපොරොත්තු තියාගෙන ඇතිනේ..

ඇයි හ්‍යුන්ග් , රිදෙන තුවාල ආයෙම පාරගන්නෙ.. එකම දේ කතා කරන එකෙන් ඔයයි මායි දෙන්නම ආයෙ ආයෙ විදවන එක විතරයි නේද වෙන්නෙ..

මෙච්චර දවසක් මං ඔයා දිහා බලන් හිටියා නම්ජුනා...ඔයාගෙ ඔය මූනෙන් මට හොදක් නම් පෙනුනෙ නෑ නම්ජුන්...
ඒකයි මං ආයෙමත් ඔයාට මේක පැහැදිලි කරන්න හැදුවෙ..ඔයා සතුටින් ඉන්න ඕනෙ... ඒක මට දකින්න ඕනෙ..

හ්‍යුන්ග්... ඒවා ගැන දැන් කතා කරන්න එපා...මේ හිටිය විදිහට ඉස්සරහටත් මං ඉන්නම්.. කාලය ඔහොම ගෙවිලා යයි හ්‍යුන්ග්... සතුට කියන දේ අපි හැමෝටම එකම විදිහට උරුම නෑනේ

ඒත් නම්ජුනා....

මොකුත් කියන්න එපා හ්‍යුන්ග්...
එහෙම උනොත් මට..
මට ඔයාව කිස් කරන්න හිතෙනවා..

නම්....

ජින්ට එපමනයි කියන්න ලැබුනෙ...
තම උකුල මත් උන් ජින් වෙත පහත්වූ නම්ජුන් ජින්ව සිපගත්තා..
ගින්නෙන් දැවෙන හදවතට සීතල වතුරක් ගලා එනවා වැනි හැගීමක් ජින්ගෙ ලේ නහර පුරා විහිදී යන්න උනා..දැවෙමින් තිබුනු හැගීම් සෙමින් සෙමින් නිවී යන බවක් දැනුනා..
දෑස් පියාගෙන සියුම්ව තමාව සිපගනිමින් ඉන්න නම්ජුන්ගෙ දෑසින් ගලාගෙන ආපු කදුලු බිංදුවක් ජින්ගෙ මුහුණට වැටිලා බොදවෙලා ගියා..
හිටි ආකාරයෙන්ම අත ඔසවලා ඔහුගෙ මුහුන ස්පර්ශ කල ජින් එක් මොහොතකින් ඒ උකුලෙන් නැගිටලා නම්ජුන්ව බැල්කනියෙ කෙටි බැම්මට හේත්තුකර ආපිටඔහුව සිපගත්තා...

ආදරේ කියන්නෙ එහෙම දෙයක්..
හැගීම් කොයිතරම් හිර කරගෙන හිටියා උනත් නොහිතන මොහොතක අනික් හැමදේම යටකරගෙන එක්වරම නැගීසිටිනවා..
මෙවර ජින්ට සිදුවුනේ එවැන්නක්... මිනිත්‍තු ගනනාවක් උමතුවෙන් මෙන් න්ම්ජුන්ව සිපගත් ජින් එක්වරම ඔහුව අතහැර අනෙක් පසට වී හති දැමුවෙ දැඩි ආයාසයකින්...

අහම්බෙකින් මෙන් බැල්කනියට එමින් සිටි ජිමින්ට පෙරදී ඔවුන්ගේ කතාව ඇසුනෙන් ඔහු පසෙක හිද මදක් ඊට සවන් දුන්නත් එක්වරම නම්ජුන් ජිට කල දෙයින් සහ නැවත ජින් විසින් නම්ජුන්ව සිපගත් ආකාරයට නම් ඔහුගේ සැකය සියයට සියයක් තහවුරු වුනා..
ඔවුනුත් එකිනෙකාට බැදුනු ආදරයක් නිසා දුකෙන් විදවනවා කියලා තේරුම් ගන්න ජිමින්ට මීට වඩා සක්ශි
ඕනවුනේ නෑ

*****************

මේ අතර ජන්කුක් නිවසට එනවිට සවස හයත් පසුවී තිබුනා..
ඔහුගෙ මුහුනෙන් පෙනෙන්නට තිබුනෙ කරදරකාරී බවක්. කිසිවක් යහපත් අතට සිදුවී නොමැති බව ඔහුව දුටු මතින්ම තේරුම් ගතහැකියි... ...

ජන්කුක්.. ජන්කුක්.. මොකද වුනේ...අබොජි මොනවද කිව්වෙ...

වැඩක් නෑ හ්‍යුන්ග් .. එයා ඉස්සර වගේමයි .. සමහරවිට ඊටත් වඩා නරක අතට හැරිලා දැන්... එයා එක්ක කතාකරලා දිනන්න බෑ...
මං කියන්න ඕනෙ ටික කියලා ආවා...

එහෙම බෑනෙ ජන්කුක්..
කේන්ති නොගෙන මේවා විසදගන්න ඕනනෙ..කේන්තියෙන් ගන්න තීරණ හොදම තීරණ නෙවේ කුකී..

ටේහ්‍යුන්ග්ට රිදෙන කිසිම දේකදි මං ඉවසන්නෙ නෑ හ්‍යුන්ග්..ටේහ්‍යුන්ග්ට රිදවන්නෙ කවුරු උනත් මගෙන් සමාවකුත් නෑ..
එයා මගෙ අබොජි උනත් එච්චරයි..
හරි උනත් වැරදි උනත් මම ගන්නෙ ටේහ්‍යුන්ට හොදක් වෙන තීරණයක් විතරයි... අනිත් දේවල් යකාට ගියාවෙ... ටේහ්‍යුන්ගී කොහෙද...

පැළඳගෙන උන් කබාය ඉවත්කරමින් ජන්කුක් අහන්නෙ යුන්ගිගෙන්..
ඔහුගෙ හඩ වෙනදට වඩා වේගවත් වෙලා , ආවේගශීලී වෙලා තිබුනා..
මේ වෙලාවෙ ඔහු ඉතා කේන්තියෙන් ඉන්න බව නම් ඕන කෙනෙකුට පැහැදිලිව පෙනෙන කරුණක්..

ටේ ඔයා ගිය වෙලාවෙ ඉදන් තාමත් එලියට ආවෙ නෑ ..

මොකක්... කන්න වත් ආවෙ නැද්ද ..

නෑ....

ආයිශ්...

කලබල වෙන්න එපා කුකී...දැන් ටේහ්‍යුන්ග් ලගට යමු..
ඒත් තව එක වතාවක් හෙමින් සැරේ අබොජි එක්ක කතාකරන්න . අපිට තව දවස් තුනක් තියෙනවා ආපිට යන්න...
ඊට කලින් විසදුමක් කරගන්න බලමු...

බලමුකො හ්‍යුන්ග්..
අබොජි ළඟ උනත් වැදවැටෙන්න යන්න මං ආස නෑ.. මොකුත් නොතේරෙන කාලෙ එයා නිසා මං විදවපු තරම් හොදටම ඇති.
එයා මාව පාවිච්චි කරේ එයාට දිනාගන්න බැරිවුනු හීන මං ලවා
සැබෑ කරවගන්න..ඒත් තවත් බෑ හ්‍යුන්ග්..
මේ මගෙ ජීවිතේ.... දැන් ඉදන් මං ජීවත් වෙන්නෙ මට හරී කියලා හිතෙන විදිහට..

******************

ටේහ්‍යුන්ගී.. මේ දොර අරින්න , මං ආවා...

ජන්කුක්ව බලාපොරොත්තුව සිටියාක් මෙන් එක මොහොතකින් කාමරේ දොර ඇරුනත් කාමරේ තුල ටේහ්‍යුන්ග් පේන්න හිටියෙ නෑ..

ටේහ්‍යුන්ගී.... ??

අහම්බෙකින් මෙන් දොර පිටිපස බලපු ජන්කුක්ට හීල්ලුනා...

ඔහු තවමත් පෙරදා රෑ ඇදපු පිජාමා ඇදුම පිටින් , කොන්ඩෙත් අව්ල් කරගෙන , ඇස් දෙකත් රතුකරගෙන ,
ඒ මුහුන දිගේ ගලපු වේලුනු කදුලු පාරවල්.. මේ විදිහට අසරණයෙක් වගේ වැටිලා ඉන්න ටේහ්‍යුන් දැක්කම ජන්කුක්ට ඉහිලුම් නෑ..

අනේ ටේහ්‍යුන්ගී...

ටේහ්‍යුන්ගේ පාමුල දනගැසූ ජන්කුක් ඔහුව දෑතින්ම බදාගත්තා...

මට සමාවෙන්න ටේ..
මං නිසා මෙච්චර දුකින් ඉන්න එපා..
මේ තරම් කඩා වැටෙන්න එපා..
කෝ නැගිටින්නකෝ..
අපි වොශ් කරන් ඇවිත් කෑම කමු...

ජන්කුක් පිටුපසින්ම ආපු යුන්ගිටත් හෝසොක්ටත් සුසුමක් හෙලුනෙ ටේහ්‍යුන්ග් ඉදපු විදිහ දැකලා...
ඔවුන් කවදාවත් හිතලා තිබුනෙ නෑ සෙල්ලක්කාර දගකාර ටේහ්‍යුන්ග් ආදරයක් වෙනුවෙන් මේ තරම් මානසිකව කඩාවැටෙයි කියලා .
ප්‍රශ්නය පටන් ගන්නත් කලින්ම ඔහුගෙ හිත කඩන් වැටිලා....
පිටතින් පේන දගකාරයාගෙ ඇතුලෙ මොනතරම් අහිංසක කෙනෙක් ජීවත් වෙනවද කියලා ඔවුන් පැහැදිලිවම තේරුම ගත්තෙ අද..

ටේහ්‍යුන්ග්ව දෑතින්ම ගත් ජන්කුක් නාන කාමරයට ඔහුව ගෙන ගිහින් ඔහුගෙ සියලු ඇදුම් ඉවත්කර පිරිසිදු කලා.. නැවත ඇදුමක්ද ඇන්දවූ ජන්කුක් ටේහ්‍යුන් අසලින් වාඩිවුනේ ඔහුගෙ හිසත් පිරිමදිමින්.

ටේහ්‍යුන්ගී...
මේ තරම් කලබල වෙන්න එපා...
මං කොහොමටවත් ඔයාව අතාරින්නෙ නම් නෑ.. පුංචි ප්‍රශ්නයක් තියෙනවා තමයි... මට දවස් කීපයක් දෙන්න ,
මං ඒක විසදගන්නම්.

ඔයා ඔහොම හිටියොත් මට මොකුත්ම කරගන්න බැරිවේවි..

මගෙ ශක්තිය වගේම මගෙ එකම දුර්වලකමත් ඔයා ටේහ්‍යුන්ගී...

මේ වෙලාවෙ මට ඕනෙ ශක්තිය විතරයි..ඔයා මට ඒකට උදව් කරන්න..

කිසිත් නොකියූ ටේහ්‍යුන්ග් බැලුවෙ ජන්කුක් දෙස... වෙනදට දිලිසෙන ඔහුගෙ දෑස් අද මලානික වෙලා ගිහින් තිබුනා..

කූ... මට දුක මං ගැන නෙවේ..
මං නිසා ඔයා දුක් විදින එක ගැන. කරදර දාගන්න එපා...
ඔයාගෙ ගෙදර අයට මං නිසා
රිද්දන්නත් එපා... ම්ම්...
පුලුවන් නම් ඒ අයව කැමති කරගන්න
බලන්න ..එහෙම බැරිනම් ආයෙමත් එන්න එපා කූ... මං ඒක දරාගන්නම්... ඔයාව ගෙදර අයගෙන් උදුරගන්න තරම් මට ආත්මාර්ථකාමි වෙන්න බෑ...

ටේහ්‍යුන්ග් කියපු දේට ජන්කුක් නැගිට්ටෙ කේන්තියෙන්..

මේ මොනවද ටේහ්‍යුන්ග් ඔයා කියන්නෙ...
මං මේ තරම් දේවල් කරන්නෙ අපි දෙන්නා වෙනුවෙන් අපේම ලෝකයක් හදාගන්න ..
ඔහොම ලේසියෙන් අතෑරලා දාන්න පුරුදු වෙන්න එපා.ඒක මටනම් කොහොමත් පුරුදු දෙයක් නෙවේ ටේ..
මං ප්‍රශ්නෙ විසදගන්නකල් ටිකක් ඉවසලා ඉන්න... ඒ හොදටම ඇති...

අනික සැරෙන් සැරේට අතාරින්න කියලා මට කියන්න එපා.
මොකද මං දෙයක් ලගට ගන්නෙත් සදහටම...
ඒ වගේමයි අතෑරියොත් ඒත් සදහටම...
එහෙම උනොත් මේ ජීවිතේ ආයෙ කිසිම දවසක මගෙ ළඟ ඔයාට ඉඩක් නැතිවෙයි....
ඒකද දැන් කරගන්න ඕන ඔයාට...ආ..

ජන්කුක් එවර නම් කතාකලේ ටිකක් තදින්. මේ විදිහට ලේසියෙන් දෙයක් අතෑරලා දාන්න හදන එක ජන්කුක්ට පේන්නම බැරි දෙයක්...
තමන්ට ඕන දේ කොහොමහරි ලබාගන්න හැකිතරම් සටන් කරන එකයි ජන්කුක්ගෙ පුරුද්ද

හරි කූ.. තරහා ගන්න එපා...
මං ඕන තරම් කල් බලන් ඉන්නම්..
ඕන තරම් කල්... ජීවිත කාලෙම වුනත්...පුලුවන් කමක් තිබුනොත් කවදම හරි එන්න... ඒ වෙනකල් මම අතාරින්නෙ නැතුව ඉන්නම්.. මටත් ඕන නෑ ඔයාගෙන් ඈතට යන්න.

ටේහ්‍යුන්ග් එලෙස කිව්වත් ඒ හඩේ තිබුනු අවිනිශ්චිතතාව දෙන්නටම අදුනගන්න පුලුවන් වුනා..
නමුත් ඒ ගැන තවත් කතාකරන්න ජන්කුක්ට වත් ටේහ්‍යුන්ග් වත් ඕන වුනේ නෑ..

********************

නව වසරක් උදාවුනත් මේ සොහෝදරයින් හත්දෙනාට නම් එයින් සතුටක් තිබුනෙ නෑ...
ජන්කුක් , ටේහ්‍යුන්ග් එක අතක වේදනා විදිනකොට අනිත් අතෙන් නම්ජුන් සහ ජින් වේදනාවෙන්...
මේ අය දිහා බලන් ඉන්න හෝසොක්ටත් යුන්ගිටත් ජිමින්ටත් කොයි විදිහකින් වත් හිනාවෙලා ඉන්න කාරණයක් හොයාගන්න බැරිවුනා...
ලියා වැනි තමන්ව සම්පුර්ණයෙන්ම තේරුම් ගන්න පුලුවන් විදිහෙ කෙනෙක් තමන් එක්ක ඉන්න එක කොයිතරම් වාසනාවක්ද කියලයි ජිමින් කල්පනා කරේ ..

උදේම ජන්කුක්ට ඇමතුමක් ලැබුනෙ ඔහුගෙ පියාගෙන්...

ඔව්... කියන්න...

හරි මං දැන් එන්නම්..
ගෙදරට එන්නද...

නැත්නම් ....

හැන් ගඟ ළඟ පාර්ක් එක..
ඒත් ඇයි...

හා හා හරි එන්නම්...

කේන්තියෙන් ඇමතුම විසන්දිකල ජන්කුක් ඉක්මනින් තම කබායත්, තොප්පියත් , මුව ආවරනයකුත් රැගෙන නිවසින් පිටවුණේ කීසිවකුටත් නොදන්වා

අහම්බෙකින් මෙන් මේ කතාව අසා සිටිය ටේහ්‍යුන්ග්ට දැනුනෙ කුතුහලයක්....

හ්‍යුන්ග්... හ්‍යුන්ග්...
මට ඔයාගෙ ජැකට් එකක් දෙන්නකෝ....හුඩී එකක් හරි කැප් එකක් හරිත් දෙන්න ..

මගෙ එකක් මොකටද..

පන්ඩිත නොවී දෙන්නකො අනේ..මං ටිකකට එලියට දුවලා එන්නම්....

ජින් ගෙන් අලුත්ම කබායකුත් තොප්පියකුත් ඉල්ලා ගත් ටේහ්‍යුන්ග් වහාම නිවසින් පිටවුණේ ජන්කුක් පසුපස යන්න..
ටේහ්‍යුන්ග්ට ඕන වුනේ ඔහු මේ කාටත් නොකියා තනිව විසඳන්න උත්සාහ කරන ප්‍රශ්නෙ මොකක්ද කියලා දැනගන්න ..

මිනිත්‍තු පහලවකින් පමන ජන්කුක් හන් ගඟ අසල උද්‍යානයේ රැදීසිටියා..

ටේහ්‍යුන්ග්ද ඔහුට නොපෙනන ලෙස ඒ ආසන්නයෙන් ගැවසුනා.. ජන්කුක් කිසිලෙස සිතුවෙ නෑ ටේහ්‍යුන්ග් මේ මොහොතේ ඔහු අසල ගැවසෙමින් තමා ගැන ඔත්තු බලමින් ඇති කියලා...හිතනවා නම් එවැනි දේට වඩා බැරෑරුම් දේවල් ඕන තරම් මේ දින කීපයට ජන්කුක්ට ලැබිල තිබුනා..

මද වෙලාවකින් එතනට පැමිණියේ උස මහත හැඩි දැඩි පෙනුමෙන් යුතු මැදිවියේ පුද්ගලයෙක් සහ ඉතා සුන්දර හුරු බුහුටි තරුණියක්...

පිරිමි පුද්ගලයා නම් බැලූ බැල්මට ජන්කුක්ගෙ පියා බව තේරුම් ගැනීමට හැකියි... නමුත් ටේහ්‍යුන්ග්ට තිබුන ප්‍රශ්නෙ මේ තරුණිය කව්ද කියන එක..

ජන්කුක් වෙත පැමිනි ඇය ඔහුගේ ගෙලේ එල්ලී වැලදගත්තෙ ජන්කුක්ද ඇයව ආපිට වැලදගන්නකොට..
ඒ වැලදගැනීම කොයිතරම් ආදරනීයද කියලා තේරුම් ගන්න ටේහ්‍යුන්ග්ට අපහසු නෑ.
ඒ දෙස බලා සිටි ටේහ්‍යුන්ගේ නම් සියොලඟම වෙව්ලා ගියේ තමන්ට යමක් අහිමි වෙන්නට යනවාදෝ වැනි හැගීමක් දැනීමෙන්...

තවත් ටික වේලවකින් ජන්කුක්ගෙ පියා එතැනින් නික්ම ගියේ ඇයව ඔහුසමග තනි කරලා..ඔහුද කිසිම අකමැත්තකින් තොරව ඇය සමග එහා මෙහා ඇවිදිමින් සිනාසෙමින් කල් ගෙවූවේ ඇයව බොහෝ කල් සිට දන්නා හදුනන අයෙක් මෙන්...

එලෙස එහා මෙහා යන එක මොහොතක පාර මාරුවෙන්නට යමින් සිටියදී ඩිලිවරි ගෙනයන යතුරුපැදියක ගැටීමට ගිය ඇයව ජන්කුක් මොහොතකින් තමා වෙත ඇදගනු ලැබුවා..

ජන්කුක්ට නම් ඒ මොහොතේ මතක් වුනේ මීට ටික කාලයකට පෙර තම දෑස් ඉදිරියේ ටේහ්‍යුන්ග්ව අනතුරට ලක්වුණු ආකාරය..
ඒ බියෙන්ම ඇයව පඩුපසට ඇද ගත්තත් ඔහුට මතක් වුනේ නෑ තවමත් ඇය ඔහුගේ අත් අතර බව..

ජන්කුක්... ඒයි ..ජන්කුක්... අතාරිනවකො..

ආහ්... සොරි යුමී..
බලාගෙන , පාරෙ යනකොට සැලකිල්ලෙන් යන්න..

කුමාවෝ ජන්කුක්...

ඔවුන් කතා කරන බස් නොඇසුනත් තමාට ඉදිරියෙන් මේ පේන රූපයන්, සිද්දීන් සියල්ල එක් කර ඔහු විසින්ම ඇදගත් අමුතු චිත්‍රයක් නිසා ටේහ්‍යුන්ගේ නම් පපුවත් රිදෙමින් තිබුනෙ...

ඔවුන් දෙදෙනා අසල තිබූ සෙනග ඉතා අඩු කෝපි හලකට ඇතුල්වෙනවාත් , ජන්කුක් ඇය වෙනුවෙන් මිලදී ගන්නවාත් , ඉන්පසු ඔවුන් තම දුරකතන අංක පවා හුවමාරු කරනවාත් බලා සිටි ටේහ්‍යුන්ග් ආපිට එන්නට හැරුනෙ හැමදේම තමංගෙ දෙපා මුල කඩන් වැටුනාක් වැනි හැගීමකින්...

******************

එදින රාත්‍රියේ බොහෝ වේලාවක් කල්පනාවෙ ගිලී සිටි ජන්කුක් නාන කාමරයට වැදුනෙ මේ දේවල් කොහෙන් කෙලවර වේවිද කියලා කල්පනා කරමින්..

ජන්කුක් මේ හැමදේම දැනටමත් නම්ජුන්ටත් ජින්ටත් පැහැදිලිකරලා දීලා තිබුනා.
පසු දින ආපසු ඔවුන් සිඩ්නි බලා යාමට නියමිත වුවත් ජන්කුක්ට ඔවුන් සමග යා නොහැකියි.. තම පියාගේ තීරණ වලට යටත් නොවෙන බවට ඔහු හිතාගෙන හිටියත් මේ මොහෙතේ මද කලකට ඔහුව නිහඩ කිරීමට නම් තමා ඔහුගේ බස් පිලිගත්ත බවක් මවා පෑ යුතු බව ජන්කුක් තේරුම් අරන් තිබුනා...

එදා යුන්ගි කියපු දේ හරි බව ඔහුට වැටහෙන්නෙ දැන්...
කේන්තියෙන් ගන්න තීරන හැමවෙලාවෙම හරිම තීරණ නෙවේ..
මේ වෙනකොට ආපිට යාමට පෙර තමා විසින් විසදිය යුතු ගැටලුවක් ඉතුරු වෙලා තියෙන බව දන්න ජන්කුක් තීරණය කලා තවත් ටික දිනක් කොරියාවේම රැදිලා ඉන්න.

ජන්කුක් නාන කාමරයේ සිටින අතරතුර ඔහුට ඇමතුමක්....
දුරකතන තිරයේ " යුමී " ලෙස සටහන් වෙලා තිබුනා....

ටේහ්‍යුන්ග් දුරකතනයට පිලිතුරු දුන්නෙ ගැහෙන හදින්

හලෝ... ජන්කුකී... කොහොමද ඩාලින්

එහා කොනෙන් ඇහෙන ඒ පුංචි කෙල්ලගෙ කටහඩ ටේහ්‍යුන්ගේ හද දවමින් තිබුනා..

හනේ... ඔයා නිදිද ඔය...
බලන්නකෝ ඔයාගෙ අබොජිලා මෙහෙ ආවනෙ බබා.. මං හිතන්නෙ අපි දෙන්නාගෙ මැරේජ් එක ගැන කතා කරන්න...

ඇයි කුකී කතා නැත්තෙ... නිදිද... ඔයාගෙ අබොජිත් මෙතන ඉන්නව දැන්..

ආහ්... හරි එහෙනම් පස්සෙ ගන්නකෝ... බායි...

ටේහ්‍යුන්ග් කිසිවක් කියන්න හැදුවත් ඇගෙන් ඊට අවසරයක් ලැබුනෙ නෑ..
ඊට පෙර ඇය ඇමතුම විසන්දි කර දැමුවා.

නමුත් ඇගේ කතාවෙ අමුත්තක් නම් ටේහ්‍යුන්ග්ට දැනුනා. ඇය කතා කලේ කලබලකාරී ස්වරූපයකින්..
ඒ වගේම මවාගත්ත ආදරනීය බවකින් ...
නමුත් ඒ කුමක් නිසාද කියලා ඔහුට තේරුම් ගත නොහැකි වුනා..
මොනවගේ දෙයක් ඉස්සරහට සිද්දවෙන්න යනවද කියලා ටේහ්‍යුන්ට හිතාගන්න බෑ.. ඔහුගෙ ඔලුවෙ රැඳුණු එකම දේ වුනේ ඇය කියපු එකම දෙයක් විතරයි...

"අපේ මැරේජ් එක"

ඒ හඩ ආයෙ ආයෙමත් ටේහ්‍යුන්ගේ හිස ඇතුලේ දෝංකාර දෙන්නගත්තා..

ජන්කුක් නානකාමරයෙන් එන්නට පෙර ඇමතුම සම්බන්ද දත්ත මකා දැමූ ඔහු ඇදට ගොස් නිදි ලෙස සිටියෙ ඊලගට ජන්කුක් කුමක් කරාවිද කියලා දැනගන්නට..

නාන කාමරයෙන් පිටතට ආපු ජන්කුක් සැහැල්ලු ඇදුමකට මාරුවෙලා දුරකතනය බැලුවෙත් එහි කිසිවක් නොවූ හෙයින් දුරකතනය පසෙක දමා ටේයුන්ගේ නලලත සිබ ඇදේ අනෙක් පසෙන් ඇලවුනේ ඉදිරියට කලයුතු දේවල් ගැන කල්පනා කරමින්..

********************

ටේහ්‍යොනා... ඔයා යන්න කලින් කරන්න අමතක වුනු දෙයක් තියෙනවා...

මොකද්ද හ්‍යුන්ග්...

මේ තියෙන්නෙ ක්‍රිස්ටල් එකේ ඩොක්‍යුමන්ට් වගයක් ..මෙතන අත්සන් කරලා යන්න. එතකොට ලීගල් දේවල් ඔක්කොම මට ඉක්මනින් කම්ප්ලීට් කරලා ක්‍රිස්ටල් එකේ ශෙයාර්ස් සේරම ඔයාගෙ නමට හරවන්න පුලුවන් .
ඔයා සැරෙන් සැරේ මෙහෙ එන්න ඕන නෑ එතකොට...

හොදට අහගන්න හ්‍යුන්ග්....
මම කියලා තනි කෙනෙක් නෑ මෙතන..
මම කියලා කියන්නෙ අපි හත්දෙනාටම...
ඔයාට පුලුවන්නම් ක්‍රිස්ටල් එකේ ශෙයාර්ස් සමානව හතකට බෙදන්න... අන්න ඊට පස්සෙ මං අත්සන් කරන්නම්
මට මේ දේවල් තනියෙන් බදාගන්න ඕන නෑ . මගේ කියලා ඉන්න ඔයාලා හැමෝම මට අනිත් දේවල් වලට වඩා වටිනවා

ටේහ්‍යුන්ග් එම ලිපි ගොනුව ඉවත දැමූවේ නොසැලකිල්ලෙන්..
ඔහුට මේ මොන දේ තිබුනත් වැඩක් නෑ , තමන් ආදරේ කරන අය ළඟ නැත්නම් .. පොඩි කාලෙ ඉදන් ඔහු ආදරේ කරපු හැමදේම ඔහුගෙන් දුරස් වුනා...
ඔහුගෙ මව ,
ඔහුගෙ සූ...
ඔහුගෙ පියා..
ඔහුගෙ හ්‍යුන්ග්...
දැන් ආයෙමත් ඔහුගෙ මුලු ජීවිතේම වෙච්ච ජන්කුක්වත් අහිමිවෙන්න යන්කොට මේ දේපල වත්කම් ලබාගෙන මොනවා කරන්නද කියලා ටේහ්‍යුන්ග් කල්පනා කලේ...

දෛවය ඔහු එක්ක මොන වගේ සෙල්ලමක් කරනවද කියලා ඔහුට හිතාගන්න බෑ..

ඔවුන් පැමින හිටියේ ගුවන් තොටුපලට. ටේහ්‍යුන්ග් සහ අනෙක් අය ආපසු සිඩ්නි බලා පිටත්වෙන්න තවත් ටික වෙලාවයි ඉතිරි වෙලා තිබුනෙ.

ජන්කුක් ටේහ්‍යුන්ග් වෙත ලංවුනේ වේදනාවෙන්. නමුත් එය නොපෙන්වා ඉන්න ඔහු දැඩි උත්සහයක් ගත්තා..

ටේහ්‍යුන්ගී...
මේ දේවල් ගැන හිතන්න එපා...
පුලුවන් තරම් ඉක්මනින් මං ආයෙමත් එනවා... දන්නවා ඔයා කොච්චර දුකෙන්ද ඉන්නෙ කියලා ... ඒත් ටිකක් ඉවසන්න ටේහ්‍යුන්ගී... මං වෙනුවෙන්...

කූ... ඒ ගැන හිතන්න එපා...
ඔයා මං ගැන නොහිතා මේ වෙලාවෙ ඔයා ගැන හිතන්න කුකී...
එන්න හදිස්සි වෙන්න එපා..
ආවෙ නැතිවුනත් මං තරහා නෑ කුකී... ඔයා වෙනුවෙන් නිසා තමයි මේ තරම් ඉවසන්නෙ..ම්ම්..ඔයා කියනවානම් තවත් ඉවසන්නම්... ඕන තරමක්... පරිස්සමෙන් ඉන්න කූ... මං යන්නම්...

ටේහ්‍යුන්ග් ජන්කුක් අසලට ඇවිත් ඒ දෙතොලට හාදුවක් තිබ්බෙ සමහරවිට මේ ඔවුන්ගෙ සමුගැනීමදෝයි සිතමින්.. නොහිතූ මොහොතක ඒ ඇහෙන් කදුලක් ගිලිහිලා ජන්කුක්ගේ අතක් මතට වැටුනා...
ජන්කුක් තවත් වචනයක් හෝ කියනට ප්‍රථම අනෙක් පස හැරුනු ටේහ්‍යුන්ග් ඉදිරියට ඇදුනෙ ඒ ඇස් කදුලින් බොදවෙලා යනකොට...

ජන්කුක්ටත් දැනුනේ ඒ හා සමානම වේදනාවක්..
ඔහු හිතුවෙ ටේහ්‍යුන්ග් තාමත් තම පියාගේ විරුද්ධත්වය නිසා මේ විදිහට දුකෙන් ඉන්නවා කියලා ..
ඔහු හීනෙකින් වත් හිතුවෙ නෑ දැනටමත් සිද්ධ වෙන හැමදේ ගැනම ටේහ්‍යුන්ග් දන්නවා ඇති කියලා....

එය එසේ දැන සිටියා නම් ජන්කුක් ටේහ්‍යුන්ග්ට මේ විදිහට යන්න ඉඩ දෙන්නෙ නෑ කීයටවත්..
ඒත් අවසනාවකට දෙදෙනා අතර ඇතිවුනු මේ සුලු දුරස්වීමක් නිසා
තවත් කොයි කාලෙකට ඔවුන් විදවාවිද..

************************************
💜️ Shashi 💜️

Continua a leggere

Ti piacerà anche

233K 13.3K 37
Taekook ⚠️ រឿងភាគខ្លីᕦ⁠༼⁠✩⁠ل͜⁠✩⁠༽⁠ᕤ
10.8K 1.6K 28
ඔහුට ලැබෙන සුවිශේෂී හැකියාවක්.... 💫 පියෙකු වීමට වෙර දරන තවත් තරුණයෙක්..... 🥺👨‍👧.... නමුත් එය සාර්ථක කරගැනීමට හැකි වේවිද 😕 අනාත වූ පුංචි දැරියක්...
630 181 15
දෑසින් දකින දෙයම නැහැ වෙන්නේ ඇත්ත... තීරණය ගන්න පෙර ඕනේ සොයා බලන්න... කතාවක් ලස්සන කරගන්න විශ්වාසය තියෙන්න ඕනේ උපරිමයෙන්ම... උත්සහය ඇත් නොහැර ආදරය වෙ...
19.7K 3.7K 38
Tae " ඒයි කිරි කෑල්ල...!! " Jk " මොකද!! " Tae " මං තමුසෙට ආදරෙයි ඕයි... " Taekook ff top-tae bottom-jk