chapter 27

99 18 21
                                    

Chapter 27

"හියුන්ග් එද්දී අපිට චොක්ලට් ගේනවද"

"ඇයි තොපිලා දෙන්නා පොඩි එවුන් ද යකෝ"

"ඒ පණ්ඩිත කතා වැඩක් නැහැ හියුන්ග් අපිට කන්න මොනාහරි ගේන්න ආයේ එද්දී..."

"අනේ මන්දා උබලා දෙන්න නම් තකට තක ඕයි... තොපිලා දෙන්නා මං ගියා කියලා නටන්න ලෑස්ති වෙන්න එපා තේරුණා ද.."

"ඇයි වදේ අපි බබාලා ද යකෝ..."

"බබාලා නෙවෙයි තොපිලා දෙන්නා වගේ අණ්ඩපාලයෝ දෙකක් මං දැක්කාමයි.. අර පොඩිඑකාත් ඔතනට එකතු වුණාම හොද සන්නියක් නටන්න ඇහැකියි..."

"එලෙස කෙලෙස හියුන්ග්... අපි හෙණ අහිංසකයි ඒයි..."

"එලෙස මෙලෙසයි කියලා විග්‍රහ කරන්න බැහැ බොල.. තොපිලා දෙන්නා අනුන්ට බාල්දි පෙරලන්නේ නැතුව හිටිංකෝ..."

නම්ජුන් හිටියේ එයාර්පෝට් එකේ...අලුත් ප්රජෙක්ට් එකේ වැඩකට ලන්ඩන් යන්න ඇවිත් හිටියේ...එයාව ඇරලවන්න විමින් ඩබලත් එයාර්පෝට් එකට ගිහින් හිටියා...

මේ අතරේ ජන්කුක් ද එයාර්පෝට් එකට තමන්ගේ බොඩිගාර්ඩ් එක්ක යන ගමන් හිටියේ...

යුංගිට වුණත් හොදටම කේන්ති ගිහින් හිටියේ.. කේන්තියෙන්ම තමන්ගේ කාර් එකට නැගලා ජන්කුක්ගේ පසුපසින් යන්න ගියේ දෙකින් එකක් බේරාගැනීමේ අරමුණින්ය... හොබී ද කාර් එකට නැග්ගේ තම මිතුරා යන දේවාලයක තමනුත් ඔහු සමග යන බව සිතා ගත් නිසාය. යුංගී තම මෝටර් රථය ඉතාමත් වේගයෙන් පදවමින් සිටියි.හොබී නම් හොදටම බයවෙලා හීන් දාඩියත් දානවා ෂීට් බෙල්ට් එක එක අතකින් අල්ලගෙන අනිත් අතෙන් වාහනේ උඩ තිබුණු හැන්ඩ්ල් එකෙනුත් අල්ලගෙන යුංගිට ආඩපාලි කියවන්න පටන්ගත්තා...

"මොන ලබ්$@$@$ ද හු%@$@ කරන්නේ. මැරෙන්නද තෝ ඔය මගුල එලවන්නේ."

"අර පො#$##$ව මං අද මරනවා. වල් බල්ලා. ඌ කොහොමද haeriට එහෙම කරන්නේ. හොබා අද මාව නවතන්න එපා. එහෙම වුණොත් මම උබවත් මරලා ඌවත් මරලා හිරේ යනවා..."

"අනේ හිරේ කෙසේ වෙතත් ඔය යන වේගෙට අඩි හයක් යටට යන්නවෙයි සතෝ.."

මේ වෙනකොටත් ජන්කුක් ගුවන්තොටුපොළ ඇතුලට ඇවිත් ඉවරයි.ඈත ඉදලා එන ජන්කුක් නම් ජූන්ව හා අනිත් ඩබලව දැක්කා.. ඔවුන් තුන්දෙනා නම් උදේ වුණු කිසි දෙයක් හරියට දන්නේ නැහැ.. හදිසියේ ම ජූන්ට ලන්ඩන් යන්න වෙන බවත් ජන්කුක් පවා දැනගෙන හිටියේ නැහැ...ජන්කුක් ඔවුන් අසලට ගියත් දැක්කේ නැහැ වගේ ඉස්සරහින් හිට ගත්තා...

HURT SOO GOOD [|JK|] ●ONGOING●Where stories live. Discover now