chapter 02

154 26 56
                                    

Hurt soo good
Chapter 02
Written by Anna.

මැනිෂන් එකෙන් එලියට ආපු ජන්කුක් ආයේ පාරක් මැනිෂන් එක දිහා හැරිලා බැලුවේ හරිම කුතුහලයෙන්... මොකද තමන්ගේ පියාගේ නොදැකපු පැත්ත නිසා ජන්කුක්ට ඇති වුණේ පුදුම කුතුහලයක්...ඒත් මේක ඒකට කාලය නෙවෙයි කියලා ඔහු දන්නවා... ඉක්මනට රියදුරා සමග තමන්ගේ මෝටර්රථයට නැගපු ඔහු නැවතත් ජින්ට ඇමතුමක් ගැනීමට උත්සහ කලත් ඔහු ප්‍රතිචාර දැක්කුවේ නැහැ... මැනිෂන් එක තිබුණේ forest road කියන පාරේ කෙලවරක... මහ වනාන්තරයක් දෙපසට වෙන්වෙලා තිබුණේ මේ පාර නිසා.. මෙහෙම පාරක් කෙලවර අධි සුඛෝපභෝගී මැනිෂන් එකක් තියෙන්න හේතුවත් ජන්කුක්ට නම් පැහැදිලි මදී... මැනිෂන් එක තිබුණේ ලන්ඩන්වලට ටිකක් එලියට වෙන්න නිසාත්, වැස්ස නිසා මෝටර්රථය වේගයෙන් ධාවනය කරන්න බැරි නිසාත් හිතපු තරම් ඉක්මනට ප්‍රධාන නගරයට එන්න ටිකක් වෙලාව ගියා.. ජින්ගෙන් ලද තොරතුරු අනුව ජන්කුක් ආවේ තමන්ගේ මවට අයිති රෝහලටයි... ඒ එන අතරතුර ජන්කුක්ට හමුවුණේ රෝහලේ ප්‍රධාන පෙලේ වෛද්‍යවරියක් වුණ තමන්ගේ සහෝදරී වගේ ඉන්න එලීවයි...

"නූනා.."

"අහ්.. ඔන්න අදත් බාල්දියක්..."

"මේ කෙල්ල මාර මුරණ්ඩුයි..."

"අද නම් ටිකක් බරපතලයි වගේ.."

"තුවාල ද එයාට..."

"මොන තුවාලයක් ද බං අර වගේ ලක්සරි කාර් එකක් පැද්දා ම.. පිටිපස්සෙන් ආපු කාර් එකේ මනුස්සයගේ බෙල්ල නම් උලුක්වෙලා තිබුණා..."

"අහ්.." ජන්කුක් සැනසුම් සුසුම් හෙලන්නට වුණේ ඊටපස්සේ...

"හැබැයි ඊට වඩා අවුලක් වගේ... කන්ටේනර් එකක් ඉස්සරහින් ගිහින් තිබිලා... "

"මොකක්...කන්ටේනර් එකක්"

"ජින්ගෙන්ම අහගන්නකෝ... විඅයිපී රූම් එකේ ඇති... ඔයාම ගිහින් බලන්නකෝ..."

ජන්කුක් රෝහලේ කෙලවර තිබූ විඅයිපී කාමර තිබූ පැත්තට යන අතරතුර දී ඔහුව දකින වෛද්‍ය කාර්යමණ්ඩලය වගේම හෙද කාර්ය මණ්ඩලයත් ඔහුට ආචාර කලේ රෝහලේ අනාගත උරුමක්කාරයා ඔහු නිසාවෙනි..
විඅයිපී කාමර අසලට යද්දී ම ඔහුට ජින්ව හම්බවුණාට පස්සේ හැම විස්තරයක් ම ඔහුගෙන් දැනගන්න ලැබුණා...

HURT SOO GOOD [|JK|] ●ONGOING●Όπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα