එක පෙලට

72 17 5
                                    

Hurt soo good එක පෙලට

අවුරුදු විස්සක් තිස්සේ ලන්ඩන්වල සාමාන්‍ය ජීවිතයක් ගත කරන මින් හේරී උපතින් ම ධනය බලය අසීමාන්තිකව හිමි මින් පවුලේ බාල දියණිය වුණි... තේරෙන බාසාවෙන් කිව්වොත් හේරී කියන්නේ රත්තරන් හැන්දක් කටේ තියාගෙන ඉපදුණු කෙල්ලෙක්..දශක කිහිපයක් තිස්සේ හේරීගේ පියාට අයිති මින් කම්පැනියට රට ඇතුලත වගේ ම පිටරටත් ආර්ථික වශයෙන් ප්‍රබල තැනක් හිමි විය... අවාසනාවක තරම නම් අවුරුදු විස්සකට පෙර කුමන හෝ හේතුවකට හේරීට තම දෙමාපියන් රිය අනතුරකින් ජීවිතක්ෂයකට පත්වුණා... අනතුර නිසා පුංචි හේරී පවුලට අයිති ධන ස්කන්ධයේ ප්‍රධානතම හිමිකාරිය වුණා.

කොතරම් ධනයයක් තිබුණත් ඇය සමාජයේ හංවඩු ගැහුණා අනාථයෙක් කියන නමෙන්.. සමහරක් අය කිව්වේ ඇයගේ තියෙන කාලකණ්ණිකමට පවීලේ අයට එහෙම වුණා කියලා.. හේරීගේ නීත්‍යානුකූල භාරකාරත්වය ඇයගේ ලොකුපියාට හිමි වුණා.. ඒත් හේරී අවුරුදු විස්සක් ම ලන්ඩන්වල තනියම ජීවත් වුණා.. ඒ ඇයි.. ඒ දේටත් හේතු ඇති...

ලන්ඩනයේ ගෙවුණු අවුරුදු විස්ස තුල ඇයගේ ලග හිටපු එක ම කෙනා ජන්කුක්... අවුරුදු විස්සක් ඇතුලත හේරී ජන්කුක් හොදම යාලුවෝ වුණා... ජන්කුක් කියන්නෙත් උපතින් ම සල්ලිකාරයෙක්ගේ පුතෙක්.. මිස්ටර් ජියොන් ලන්ඩනයේ ප්‍රබල නමකට හිමිකම් කියන ව්‍යාපාරිකයෙක්...ඒ වගේ ම මිසිස් ජියොන් ලන්ඩනයේ රෝහලක අයිතිකාරියයි... මිසිස් ජියොන්ගේ රෝහලේ වැඩ කරන ජින් කියන්නෙ ජන්කුක්ගේ සහෝදරයා වගේ කෙනා.. දන්න කාලේ ඉදලා ජන්කුක් එක්ක එක ගෙදර හැදුණු වැඩුණු ජින් දැන් වෛද්‍යවරයෙකි...

හේරීගේ පියාගේ අවසාන කැමැත්තට අනුව හේරී අවුරුදු 25 සම්පූර්ණ වන විට මින් කම්පැනිය ඇය බාර ගත යුතුයි.. හේරීට කම්පැනිය ඇත්තට ඕනේ නැහැ.. හේරීට ඕනේ නිදහසේ ජීවත්වෙන්න විතරයි.. ඒත් හේරීගේ ලොකුඅප්පාගේ වුවමනාවට ඇයගේ උපන්දිනයට මාස තුනකට පෙර තම උපන් රටට ආවේ වැඩ බාර ගැනීමටයි... මේ ටික කාලේ ඇතුලත හේරීගේ හිතේ ජන්කුක් ගැන තියෙන හැගීම යාලුකමකට වඩා එහා ගියපු දෙයක් කියලා හේරී තේරුම්ගත්තා

මිස්ටර් ජියොන් මේ ටික කාලෙට ගොඩක් වෙනස්වෙලා කියලා ජන්කුක් තේරුම් අරගෙන තිබුණා...ලගකදී ඉදලා ජන්කුක් හේරීට ලං වෙනවට ඔහුගේ කැමැත්තක් තිබුණේ නැහැ... ජන්කුක්ව හේරීගෙන් ඈත් කරන්න හිතාගෙනම ජන්කුක්ගේ කරමතට ඔහුගේ කම්පැනියේ වගකීම පැටෙව්වේ බොරු ලෙඩක්ද මවාපාමින්ය...
ඒ ටික කාලය ඇතුලත ජන්කුක් තමන්ගේ පියාගේ නොදැකපු පැත්තක් එකපාරට ම පෙනෙන්නට පටන්ගත්ත නිසා ජන්කුක් හැමවිටම කේන්තිගන්නට හුරුවෙලා හිටියා... ඒත් අන්තිමට  ජන්කුක්ගේ මුරණ්ඩුකමට හේරී ගිහින් ටික දවසකට පස්සේ ජන්කුක් ඔවුන්ගේ උපන් රටට ගියා...ඒ වන විටත් ජිනුත් තමන්ගේ උපන් රටට ගිහින් තිබුණේ... ඉතින් දැන් මිස්ටර් ජියොන්ට ඕනේ ජන්කුක්ව ආයේමත් ලන්ඩන් වෙත ගෙන්නගන්නයි...

මේ අතරේ හේරීට අලුත් සහෝදරයෝ පිරිසක් හමුවුණා... ඇත්තටම හේරීට පවුලක කියන හැගීම එකපාරට දැනෙන්න ඇති....

යුංගීගේ උපන්දිනය දවසේම තමයි හේරීගේ දෙමාපියන්ගේ අනුස්මරණය  දිනයත් යෙදිලා තිබුණේ... ඉතින් ඔවුන් st. Roach පල්ලීයට ගියේ ඒ මතක සංවත්සරයටයි...ඒ වගේම ලෝකෙට රහසක් වුණු ටේගේ දෙමාපියන්ගේ  අනුස්මරණයත් එදා ම තිබුණත් ටේ හා ජිමින් ඒක අනෙක් අයගෙන් හැංගුවා.. හැමෝම දන්නේ ටේ හා ජිමින් ජීවවිද්‍යාත්මක විෂම නිවුන් සහෝදරයෝ ලෙසයි...

ඒ වගේම ජිමින්ගේ පියාගෙන් කාලෙකට පස්සේ මිසටර් ජියොන්ට දුරකථන ඇමතුමක් ලැබුණේ ජන්කුක් තම රටට ආවද කියා දැනගැනීමටයි...

හේරී සිදුවූ අනතුර නිසා කම්පනයට බෙහෙත් ගන්නවා වගේ ම ටේත් සිදුවුණ අනතුර නිසා පීඩා විදිනවා... ඒ වගේම යුංගිත් ලගකදී ඉදලා තමන්ට පෙනෙන අමුතු සිහින නිසා පීඩාවෙන් ඉන්න බව වරක් හොබීට පවසා තිබුණා...

ලොකුඅප්පාගේ දියණිය වුණු ඩල්මී හැමවිට ම හේරීට ඊර්ෂ්‍යාවෙන් හිටියා... ඇයට කම්පැනිය තමන්ගේ කරගන්න ආසාවක් තිබුණා..හේරීගේ හැමදේම තමන්ගේ කියලා හිතාගෙන ඇය උමතුවෙන් වැඩ කරන්නේ...ඩල්මීගේ උමතුව ඇයගේ උපරිම සීමාව පැන්නුවා කියන එකට හොදම සාක්ෂිය වුණේ හේරීගේ අතීත මතකවල කම්පන ප්‍රයෝජනයට ගනිමින් ඇයට හිරහැර කරන්න පෙලබීමයී..

මේ අතර මිස්ටර් ජියොන්ට ඕනේ පුලුවන් ඉක්මනට ජන්කුක්ව තමන් ගාවට ගෙන්න ගන්නයි...ජන්කුක්ට මේ අතර මහ අමුතු සැකයක් හිතේ පැන නැගුණා... විසිදෙවන පරිච්ඡේදය අවසන් වුණේ,

"හේරීගේ පේරන්ට්ලාගේ මරණයට බැරිවෙලාවත් ඔයාගේ සම්බන්ධයක් තියෙනවද අප්පා..."

ජන්කුක්ගේ මෙම ප්‍රශ්නාර්ථයත් සමගයි....

නීත්‍යානුකූල භාරකාරයෙක් හිටියත් හේරී ඇයි තනියම ලන්ඩන්වල අවුරුදු විස්සක් හිටියේ?

මිසට්ර පාර්ක් සහ මිස්ටර් ජියොන්  කලින් ඉදලා ම අදුරනවද....

එකපාරටම මිස්ටර් ජියොන් වෙනස්වෙන්න පටන්ගත්තේ ඇයි... මිස්ටර් ජියොන්ගේ මේ සැක හිතෙන වැඩ මොනවද...ජන්කුක්ව හේරීගෙන් ඈත් කරන්න ඔහුට පුලුවන් වේවීද...

ආදරයයි යාලුකමයි අතරේ දෝලනය වෙන හේරීගේ ජන්කුක්ගේ සම්බන්ධකමට ඉස්සරහට මොනවා වේවිද...

රැදී සිටින්න hurt soo good සමගින්....

Hiii,

කාලෙකින් update දෙන්න බැරිවුණ නිසා පොඩි සාරාංශය දුන්නොත් හොදයි කියලා හිතුණා... කතාවේ update ඉක්මනට දෙන්නම්... එතකන් බලාගෙන හිටපු අයට thanks💝










HURT SOO GOOD [|JK|] ●ONGOING●Where stories live. Discover now