Chapter 17
Hurt soo good
Written by Annaයුංගීගේ උපන් දිනේ දවසේ ම හේරීගේ දෙමාපියන්ගේ අනුස්මරණ සංවත්සරේ තිබුණ නිසා හැමෝම එකතුවෙලා ඩේගු යන්න තීරණය කලා.. ටේ හා ජිමින්ද වැදගත් වැඩකට සෝල්වලින් පිට යන බව කිව්වා...එතැන් සිට ඉස්සරහට.......
ටේ හා ජිමින් දෙදෙනාත් දීර්ඝ ගමනකින් පස්සේ ගමනාන්තයට ලං වුණා... එය පල්ලියකි... ST. Roach කියලා පල්ලියේ ගේට්ටුවේ උඩින් ම නම ගහලා තිබුණා... ටේ ලොකු හුස්මක් අරගෙන පහලට අදිද්දී ජිමින් ඔහුගේ උරහිසට තට්ටුවක් දැම්මේ ටේව සන්සුන් කරන්න හිතාගෙන... ඔවුන් දෙදෙනාගේම අතේ සුදු පාට ලීලි මල් තිබුණා... ඔවුන් පල්ලිය පැත්තට ඇවිදගෙන යද්දී පල්ලියේ පියතුමා සමග ඔවුන්ගේ දෙමාපියන් වුණ මිස්ටර් පාර්ක් හා මිසිස් පාර්ක් කතා කර කර හිටියා.. ඔවුන් දෙදෙනාත් පියතුමා ලගට ගිහින් ආචාර කරද්දී පියතුමාත් ඔවුන් දෙදෙනාට ආචාර කලා... ටේ දිහා බලාගෙන හිටපු පියතුමා ටේට පියකරු හිනාවකින් ටේට සංග්‍රහ කලා...
"ටේ දැන් හරියට අප්පා වගේමයි.."
හැමෝම ටේ දිහා බලාගෙන හිනාවෙද්දී මිස්ටර් පාර්ක් නම් හිනාවෙවී පියතුමාට කිව්වේ,
"හැබැයි ෆාදර්, ඔම්මා වගේ ම හරි ආඩම්බරයි...."
"අනේ නිකන් ඉන්න අප්පා... "
ටේ එහෙම කිව්වේ හිනාවචවී... ඊටපස්සේ පියතුමා ජිමින් දිහා බලාගෙන හිනාවෙවී ඇහුවේ;
"ජිමින් ටිකක් උස ගිහින් වගේ..තාමත් දකින දකින ගෑනු ලමයට උසුලු විසුලු කරනව ද..."
"උසුලු විසුලු නම් කමක් නෑ ලයිනුත් දානවනේ...නේ ද කොටෝ... මං හිතන්නේ ඒවා අප්පාගෙන් පුරුදුවෙලා තියෙන්නේ..."
"අනේ පලයන් යන්න හිකනලා... "
"ඔය ඉතින් ඉන්න කොහෙද කියලා මතක නෑ රණ්ඩු කරන්න ගත්තාම.. අපි එහෙනම් යන්නම් ෆාදර්..."
ඔවුන් ගියේ පල්ලියේ එහා කෙලවරේ තිබුණ කනත්ත දෙසටයි....ඔවුන් සොහොන් කොත් තුනක් අතරමැදිව හිටගෙන බලාගෙන හිටියා...මිසිස් කිම්, ලිට්ල් කිම්, මිස්ටර් කිම්.. කොත් තුනේ අකුරු කරලා තිබුණේ එහෙමයි... ටේ ඒ දිහා බලාගෙන හිටියා... ගෙනාපු ලිලී මලුත් කොත් උඩින් තියලා සොහොන් දිහා ඔහේ බලාගෙන ඉදලා ලොකු හුස්මක් එලියට පිටකලා... ජිමින් හා මිස්ටර් පාර්ක් ටේගේ කරවටේ අත් දාගෙන ඔහුව සැනසුවා....
YOU ARE READING
HURT SOO GOOD [|JK|] ●ONGOING●
Fanfictionමගේ ම ආදර කතාවට මට ම ලෝබකම් කියන්න බෑ ද කූ _හේරී_