"මේ හේරීයෝ..."
"ඇයි යුංගියා..."
"මොකෝ තොලට වුණේ...."
"අහ්... මේ...මේ තොල හැපුණා අනේ...."
යුංගි හේරී දිහා බලාගෙන ඉද්දී හේරී තොලත් අතින් වහන්න හදන ගමන් උත්තර දුන්නා..
"හැපුණ ද හැපුව ද...."
ජිමින් කකුල් දෙකත් ටේගේ කරේ තියාගෙන එහාපැත්තේ හිටපු හොබීටත් හේත්තු වෙලා ඉදගෙන ඇහැට කනට නොදැනෙන්න වගේ ඇහුවේ කට කොණින් හිනාවෙන ගමන්... ජිමින් කියපු දේට යුංගියි ජිනුයි එකපාරටම හේරී දිහා හැරිලා බැලුවේ පුදුමෙන් වගේ.. හේරී ජිමින්ටත් ඔරව ඔරවා කතාව මග අරින්න හැදුවා..
"ඔව් ඔව්.. මං ම හපාගත්තා.. හැපුණා වදේ.. තොල හැපුණා හදිස්සියට කෑම කද්දී..."
"මං නම් හදිස්සියට කද්දී තොල නෙවෙයි දිව වැඩිපුරම
හැපෙන්නේ... "පුටුසැටිය උඩ ජිමින්ගේ එහාපැත්තේ වාඩිවෙලා හිටපු ටේ තමයි ආයේ එකපැරට හිනාවෙනගමන් කතාව පටන්ගත්තේ... හේරී ඩබලටම හැටට හැටේ රවන්න ගත්තා.. ජිමිනුයි ටේයි නම් මෝඩ ජෝඩුව වගේ එකිනෙකා දිහා බලාගෙන හිනාවෙනවා...
ඇත්තටම ජන්කුක් එක්ක හේරී ආදර සම්බන්ධතාවයක් පටන්ගෙන කියලා ජිමිනුයි ටේයි විතරයි දැනගෙන හිටියේ.. සහෝදරයා වගේ හිටපු ජින්වත් ඒ ගැන දැනගත්තේ නැහැ... හේරී ජන්කුක් අතර යාලුකමට එහාගියපු බැදීමක් තියෙනවා කියලා හැමෝම දන්න නිසා කවුරුත් ඒ දෙන්නාට වැඩිපුර අවදානේ දුන්නේ නැහැ.. ඒ වුණාට අර මෝඩ ජෝඩුව පොඩිඑකාට බටර් ගාලා ඕපදූපේ ගාණට හොයාගත්තා... යුංගීගෙන් ටිකක් කේස් නිසා හේරී වගේම ජන්කුක් වුණත් අලුතින් පටන්ගත්ත යාලුකමට එහා ගියපු සම්බන්දේ රහසක් විදිහට තියාගත්තා.. කොහොමත් එලිපිට කරන ලව් වලට වඩා හැංගි හැංගී කරන ලව්වල වෙනම රහක් තියෙනවා...
මේ අතරේ ලන්ඩන්වල තමන්ගේ මැනිෂන් එකේ තිබුණු ලොකුම ලොකු පොත්කාමරයට වෙලා හිටපු මිස්ටර් ජියොන් වාඩිවෙලා හිටියේ හාන්සි පුටුවක... අතේ තිබුණු පින්තූරේ දිහා ඔහේ බලාගෙන හිටියට මොකද මිස්ටර් ජියොන් හිටියේ වෙනම ම ලෝකෙක...
YOU ARE READING
HURT SOO GOOD [|JK|] ●ONGOING●
Fanfictionමගේ ම ආදර කතාවට මට ම ලෝබකම් කියන්න බෑ ද කූ _හේරී_