Chapter 15

91 21 17
                                    

Chapter 15
Hurt soo good
Written by Anna

ඊයේ රාත්‍රියේ දී හේරී බීමත්ව හිටපු නිසා තමන්ගේ හදවතේ ජන්කුක් ගැන ඇති වෙලා තිබුණු ඇත්තම හැගීම් පාපොච්චාරණය කලා...  සතුට වැඩිකමට ජන්කුක් මුලු රැය ම නිදි වර්ජිතව  හේරී අසල ඉන්න හිටියා... උදේ පාන්දරම යුංගි අහපු ප්‍රශ්නවලට බොහොම අමාරුවෙන් උත්තර බැදපු ජන්කුක්ගේ කේන්තිය ඇවිලීමට සමත් වුණේ ජන්කුක්ගේ පියාගේ දුරකථන ඇමතුමයි...

තම පියා සමග සීතල යුද්දෙක ඉන්න ජන්කුක් කේන්තිය මැඩලගෙන හේරී ලගට ගියේ හේරීට තමන්ගේ හිතේ තියෙන හැගීම් පාපොච්චාරණය කිරීමට වුණත් උදේ වෙද්දී හේරීගේ වචන වල වෙනසක් වෙලා තිබුණා...
හේරීගේ දිගින් දිගටම කියන්නෙම ජන්කුක් කියන්නේ තමන්ගේ මිතුරා පමණක් බවයි... ඊයේ කියපු හැමදේම අත්වැරැද්දක් කියලා කියනවා...
පොඩ්ඩ නැත්තම් කේන්ති යන ජන්කුක් මාරාවේශ වුණ නිසා හේරීට පැනික් ඇටෑක් එකක් ආවේ හිතන්නෙවත් නැති මොහොතකදීය... එතැන් සිට අද කොටස

පුටුව උඩ වාඩිවෙලා ඔරලෝසුවේ කටු කැරකෙන දිහා එකදිගටම බලාගෙන හිටපු හේරී ජන්කුක් දිහා ඇහැක් ඇරලා බැලුවේ නැහැ... හේරී කියන්නේ තමන් කොච්චර වැටිලා හිටියත් තමාගේ වටිනාකම දැනගෙන වැඩ කරන කෙල්ලෙක්... ජන්කුක් ඉස්සරහ වුණත් එහෙමයි... හේරී කියන්නෙ යටත් වෙන්න කැමති නැති නිදහස් චරිතයක්... කාගෙවත් වචනවලට නැවෙන්න කැමති නැති කෙල්ලෙක්... ඒත් ජන්කුක් ඉස්සරහ ඇය අසරණවෙන්නේ ඇයටත් නොදැනීමයි... හේරීගේ හිතේ ජන්කුක්ට ඇති අසීමිත ආදරය නිසා එහෙම වෙනවා ඇති... මොනවා වුණත් දැන් හේරී ඉන්නේ ජන්කුක් එක්ක කේන්තියෙන්...

"දැන් අවුලක් නැද්ද හේරී....මට සමාවෙන්න මැණික....I am really sorry"

................

"මාත් එක්ක තරහ ද මැණික..."

................

"මං මහ කැත විදිහට නේද කතා කලේ... මට සමාවෙන්න හේරීයෝ..."

...............

ජන්කුක් කොච්චර කතා කලත් හේරී නෙවෙයි ජන්කුක් එක්ක වචනයක් කතා කලේ... ඇය එකදිගට ම කලේ ඔරලෝසුවේ කටු කැරකෙන දිහා බලාගෙන හිටපු එක විතරයි...

HURT SOO GOOD [|JK|] ●ONGOING●Where stories live. Discover now