Chapter 10

77 16 1
                                    

Chapter 10
Hurt soo good
Written by Anna

"පුංචි දරුවා පුලුවන් තරම් හයියෙන් දුවනවා..."

" කලු ඇදගත්ත මිනිස්සු හැමෝම තමන්ගේ පස්සෙන් මහ වේගයෙන් දුවගෙන එන්නේ..."

"පුංචි දරුවා බයෙ නිසා ඇස් වලින් වැටෙන කදුලුත් පිහිද පිහිද පුලුවන් ඉක්මනට පාර දිගේ දුවනවා...."

"පුංචි කකුල් රිදුණත් බය වැඩිකමට දතවත් හයියෙන් දුවනවා..."

"වාහනයක ආලෝකයක් එකපාර ම තමන්ගේ දෙසට ආවේ ඒත් එක්කමයි..

"පුංචි දරුවා දැක්කේ තමන් ලේ විලක් මැද්දේ ඉන්න විදිහයි..."

ටේ හියුන්ග් දහඩියත් දමමින් අවදි වුණේ හුස්ම ගන්න බැරුවයි... එහා පැත්තේ ටේගේ තනියට නිදාගෙන හිටපු ජිමින් පවා ගැස්සිලා අවදිවුණේ ටේගේ අවදිවීම නිසා... හුස්ම බොහොම අමාරුවෙන් ඉහලට පහලට අදින ටේව දැකලා ජිමින් ඉක්මණට මේස උඩ තිබුණු බෙහෙත් පෙත්තක්  වතුර වීදුරුව එක්ක දුන්නා.. ටේත් පුලුවන් තරම් ඉක්මනට බෙහෙත් පෙත්ත කටේ දාගත්තා... ජිමින් ටේව බදා ගත්තේ ඔහුව සන්සුන් කරවන්නයි...

"මට දැන් හොදයි ජිමිනා.. මං දැන් පොඩි එකෙක් නෙවෙයි...."

"ඔක්කොටම වඩා පණ්ඩිතකම නම් තියෙනවා..."

ජිමින් ටේ සන්සුන් වුණාට පස්සේ කොට්ටෙන් දමලා ගහලා ගියේ බාත්රෑම් එකටයි...

ටේට පොඩි කාලේ ඉදලා ඒ භයානක හීනය පේනවා... මං දන්නවා ටේ දැන් ලොකුයි කියලා කොච්චර ලෝකෙට පෙන්නන්න ගියත් ඒ අර පොඩි කොල්ලාම තමයි.. කොච්චර ශක්තිමත් ද කියලා පිටත පෙන්නන්න ගත්තත් එයා හරි තාමත් තනිකමෙන් ඉන්නේ....

උදේ පාන්දර අපි දෙන්නා කම්පැනි එකට යන්න ලෑස්ති වුණා..ටේ තමයි වාහනය ඩ්‍රයිව් කලේ...හැබැයි ඊලගට වෙන්න තියෙන දේ දැනගත්ත නම් මම අද වාහනේ අතට ගන්නවා සත්තයි...

අපි මින් කම්පැනියේ වාහන නතර කරන තැනට ආවා.. ඒත් එක්කම තවත් කාර් එකක් ආවේ මං හිතන්නේ කරුමෙට ම තමයි.. ටේ වාහනේ නම්බර් ප්ලේට් එකෙන් ම වාහනේ හේරීගේ කියලා අදුරගත්තා.... හේරී ආවේ ඩ්‍රයිවර් කෙනෙක් එක්ක.. හේරීගේ වාහනේ නතර කරන තැනට අපේ එකා ගෙනිහින් වාහනේ දැම්මා..

HURT SOO GOOD [|JK|] ●ONGOING●Where stories live. Discover now