chapter 13

97 19 5
                                    

Chapter 13
Hurt soo good
Written by Anna

ටෝච් එකේ එලියේ ආවේ ගෙදර ෆ්‍රිජ් එක පැත්තෙන්... ජන්කුක් හෙමින් සැරේ තමන්ගේ දුරකථනය අතට අරගෙන ටෝච් එක ෆ්‍රිජ් එක පැත්තට ඇල්ලුවේ එතැන කවුද ඉන්නේ බලන්න...

ජන්කුක්ට දකින්න ලැබුණේ අලුතින් ගෙනාපු වැනිලා අයිස්ක්‍රීම් බකට් එක බිම තියාගෙන හැදි දෙකකුත් අරගෙන හිගන්නෝ දෙන්නෙක් වගේ බිම වාඩිවෙලා ඉන්න ටේහියුන්ග්වයි, ජිමින්වයි.. ටෝච් එක අල්ලලා තියෙන්නේ ජිමින්, එතකොට ටේ ඒ දිහා බලාගෙන හිටියේ අයිස්ක්‍රීම් හැන්දක් කටේ දාගන්න ගමන්...

ජිමින් ටෝච් එකත් පැත්තකින් තියලා අයිස්ක්‍රීම් හැන්දක් කන ගමන් ජන්කුක් දිහා බැලුවා...

"දැන් තමුන් කොහෙද මේ මහ රෑ යන්නේ..."

"මං මේ නෑගම් යනෝ.. ඇයි අවුලක් ද..."

ජිමින් හරහට අහද්දී ජන්කුක් ඊට දෙවෙනි වෙන්නේ නැතුව හරහට උත්තරයක් දුන්නා...

එතකොට ටේ ආයේ ජන්කුක් දිහා බලාගෙන මොනවදෝ ඇහුවා...

"ඔයා අල්ලපු ගෙදරට යන්නේ..."

"අනේ නෑ මං මේ හොරකමේ යන්න හැදුවේ.. ඔයත් එනවද යන්න..."

ජන්කුක් ටේට උත්තර දුන්නෙත් හරහට වගේ...
ජිමින් ආයේ පාරක් ජන්කුක් එක්ක කතා කලා.

"උබ මොකෝ පොඩි එකෝ හරහට ම කතා කරන්නේ.... ගහනවා උස්සලා පොලොවේ..."

"අනේ මේ මටත් වඩා කොටයි.. එනෝ මෙතන කියවන්න..."

මහ රෑ නිශ්ශබ්දතාවයට නිසා ම පොඩි සද්දයක් වුණත් දෝංකාර දුන්න නිසා හැමෝම තමන්ගේ බෙලෙක් කටවල් ටික වහගන්න තීරණය කරලා සාම ගිවිසුම් ගහන්න තීරණය කලේ අයියලා සැට් එක අවදිවුණොත් තුන්දෙනාටම කෙලවෙන ලකුණු තිබුණු නිසා...

"මේ තමුසේ යන මගුලක යනෝ...හැබැයි.."

"හරි හරි මං කටපියාගෙන ඉන්නම්... ඔය ඩබලත් කටපියාගෙන ඉන්නවාකෝ.. ඩීල් "

"හරිනේ ජන්කුක් එහෙනම් ඩීල්.."

"ඕකේ ඩීල්.. හැබැයි උදේ වෙද්දී ගෙදර ඇතුලේ ඉන්න ඕනේ කොල්ලෝ..."

"එල එල...."

"මේ.. ඒක නෙවෙයි අයිස් ක්‍රීම් හැන්දක් ඕනේද..."

HURT SOO GOOD [|JK|] ●ONGOING●Where stories live. Discover now