Chapter 07
Hurt soo good
Written by Anna
ගුවන් යානයෙන් අහස දිහා බලාගෙන ඉද්දිත් මට ජන්කුක්ව මතක් වුණේ... මේ ගෙවුණ සති දෙක තුනට එයා හරියට වෙනස් වෙලා.... මට තේරෙන්නේ නැහැ එයාගේ වෙනසට හේතුව මොකක් ද කියලවත්... අවුරුදු විස්සකට පස්සේ මං මගේ උපන් රටට එන්නේ... මට ආයෙත් මෙහෙ එන්න ඕනේ වුණේ නැහැ... ඒත් කරන්න දෙයක් නැහැ මට පැවරුණු වගකීම ඉෂ්ට කරන්න ඕනේ...අනික මට කෙනෙක්ව මේ කාලේ ඇතුලෙදී ගොඩක් මග ඇරුණා....නිල් පාට අහස හරි ම පියකරුයි... ඒ වගේ ම බියකරුයි... ඒත් මේ කෙලවරක් නැති අහස පුදුම නිදහසක් තියෙන්නේ... හරියට භාවනාවක් වගේ...බලන් හිටියත් ඇති හිත පිරිලා යනවා... හුලග වෙලා ඉපදිලා මේ අහසේ පාවි පාවී ඉන්න නම් කියලත් හිතුණා...
පැය ගණනක ගුවන් ගමනින් පසුව මම ආවේ මගේ මව් රටට... ඒත් මට නම් මෙතන නරක හීනයක් ම විතරයි...අවුරදු ගණනාවක් ගියපු නිසා මම මෙහෙ බිස්නස් පැත්ත ඇරෙන්න සාමානය ජීවිතය ගැන වැඩි දෙයක් දන්නේ නැහැ... ඒත් ඉතින් මම ගිය දවස් දෙක තුනේ මෙහෙ විස්තර ටිකක් හොයලා බැලුවා...ගෙදර මිනිස්සුන්ටත් මම එන වෙලාව කිව්වේ නැත්තේ මට කාටවත් කරදර කරන්න ඕනේ නැති නිසා...ගුවන් තොටුපලේ අවශ්‍ය වැඩ කටයුතු ඉවර වෙලා මං මගේ ලගේජ් අරගෙන මම බුක් කරපු ටැක්සියට නැග්ගා..
මුලු නගරය ම දැන් ගොඩනැගිලිවලින් පිරිලා ගිහිල්ලා..මං අවුරුදු පහේදී මෙහෙ මෙච්චර ගොඩනැගිලි තිබුණේ නැහැ.. ඔව් දැන් අවුරුදු විස්සක් ම පහුවෙලා නිසා හැමදේම සංවර්ධනය වෙලා පිලිවෙල වෙලා... ඒ වගේ ම ගොඩක් දියුණු වෙලා... අහසට ඉනිමගවල් බදින්න පුලුවන් තරමේ උස ම උස ගොඩනැගිලි වලින් මෙහෙ පිරිලා ඉතිරිලා....මං අහලා තිබුණා මිනිස්සු මෙහෙට සිහින දේශය කියලා කියනවා කියලා... ඔව් මෙහෙ ලස්සන දැක්කාම මටත් කියන්න පුලුවන් ඇත්තට ම සිහින දේශයක් කියලා...ඒත් හැමෝම දකින ලස්සන ඇතුලේ කාටවත් පේන්නේ නැති භයානක අදුරු අවලස්සනක් තියෙනවා කියලා අවුරුදු විස්සකට කලින් වුණ සිද්ධිය හැම රෑක ම මට මතක් කරනවා...මං මැරි මැරී ඉපදන්නේ නැති ටික විතරයි ඒවා මතක් වෙද්දී... ඒ නිසා හැමෝගෙ ම සිහින දේශය මට නම් බයානක සිහිනයක් විතරයි.. ඒකයි මේ වැඩේ මට ඕන විදිහට ඉවර කරලා දාලා මට මගේ ගෙදර වගේ තැනට ඉක්මනට දුවලා යන්න ඕනේ වෙන්නේ...
YOU ARE READING
HURT SOO GOOD [|JK|] ●ONGOING●
Fanfictionමගේ ම ආදර කතාවට මට ම ලෝබකම් කියන්න බෑ ද කූ _හේරී_