Chapter 19

89 24 14
                                    

Chapter 19
Hurt soo good
Written by Anna

ඩල්මී හෝන් ගහන්නේ පිස්සුවෙන් වගේ... ඒ මදිවට කාර් එකේ ලයිට් එක ඕනෑකමින්ව හේරීගේ මූණ පැත්තට ඇල්ලුවා.... පිස්සුවෙන් වගේ හිනාවෙවී කාර් එක හේරී පැත්තට එනවා... හේරී කාර් එක දැකලා හිටපු තැනම ගල් ගැහුණා...හෝන් එකේ සද්දේ කාර් එකේ ලයිට් එක මූණට ම වදිද්දී හේරීට මතක් වෙන්න පටන් ගත්තේ අවුරුදු විස්සක අතීතයයි...හේරී හුස්ම ගන්න බැරුව බිම වාඩිවුණා....ඇයට සිහියක් තිබුණේ නැහැ කාර් එක තමන්ගේ පැත්තට එනකොට අයින්වෙන්න ඕනේ කියලා..ඒ වෙනුවට හේරී කලේ බිම වාඩිවෙලා කන්දෙක හයියෙන් වහගෙන ඇස් පියාගත්ත එක විතරයි.... ඩල්මී වේගයෙන් කාර් එක පැදෙව්වට හේරී ලගට එද්දී කාර් එකේ වේගය බාල කලා... අවසානයේ හේරී ලග දී කාර් එකේ තිරිංග තද කලා... ඒත් තවමත් ඩල්මී හිනාවෙවී හෝන් එක උඩ නැගගෙන වගේ හෝන් එක නාද කරනවා....කාර් එකේ ලයිට් එකත් හේරීගේ මූණ පැත්තට අල්ලමින් ඒක ඔන් ඕෆ් කරනවා... නිමි නිමි දැල්වෙන ආලෝකයක් තමන්ගේ මූණට වැටෙද්දී හේරී තවත් කලබලයි.... ඩල්මී මේ හැමදේම බලාගෙන ඉදලා හිනාවෙවී කාර් එකෙන් බහින්න අඩිය තිබ්බා....

මේ අතර හේරී තමන්ගේ හුස්මත් එක්ක සටන් කරනවා... ඇයට දැනටමත් පැනික් ඇටෑක් එක ඇවිත් ඉවරයි...

හේරී බිම වාඩිවෙලා හිටයේ කාර් පාකින් එකේ වුණාට හේරීට මැවිලා පේන්න ගත්තේ තමන් කාර් එකේ පිටුපස ෂීට් එකේ වාඩිවෙලා ඉන්නවා වගේ....

හේරීට එතකොට අවුරුදු පහයි... නිදාගෙන ඉන්න තමන්ගේ  සහෝදරයාගේ එහා පැත්තේ හේරී වාඩිවෙලා හිටියා... ඒ වුණාට ඇයගේ අවදානය තිබ්බේ තමන්ගේ කාර් එකේ වේගයෙන් ම එහා පැත්තේ යන කාර් එක දිහාවටයි... හේරී කාර් එකේ ජනේලයෙන් එබිලා අනෙක් කාර් එකේ හිටපු චූටි පිරිමි දරුවාට එක දිගට බායි කියනවා... ඒ චූටි පිරිමි ලමයාත් එක දිගට ඇයට බායි කියනවා... ඇයට මුලින් පේන්න ගත්තේ ඒ දසුනයි....

ඇයට එකපාරට ම හිනාගියා... මොකද ඒක සතුටු හිතෙන දසුනක් නිසා... ටික මොහොතකට හේරී පියවි සිහියට එන්න හැදුවත් නිවී නිවී දැල්වෙන ආලෝකය නැවත ඇයගේ මුහුණට එල්ලවුණා...ඩල්මී ආයේ එකපාරට ජනේලෙ ඇතුලට අත දාලා හෝන් කරපු නිසා හේරීට ආයේ හුස්ම ගන්න බැරිවුණා...

HURT SOO GOOD [|JK|] ●ONGOING●Where stories live. Discover now