Chapter 05

15 7 2
                                    

" එකත් ඒමද "

හර්මයින් ඇහැව්වා

" ඔව් "

ඇල්රික් කීවා.

" ඒක නෙමෙයී මම පොඩි දෙයක් අහන්නද "

මැඩී අපී දිහා බලන ගමන් ඇහැව්වා 

" ඔව් අහන්න "

" ඔයාලා මායාකාරයෝද "

"ඔව් "

රොන් උත්තර දුන්නා.

" අපි හිතන් හිටියා එයාලා ඉන්නේ පුරාවෘත්ත වල කියලා "

" එක හරිය්ට ඔයාලා ඉන්නවා වගේමයි. වෙස් මාරූ කරන්න පුලුවන් වෘකයෝ ඉන්නවා වගේමයි "

හර්මයිනී කීවා

" ඉතින් ඊට පස්සේ මොකද උනේ "

මාමා ඇහුවෙ ඊලගට වුන දේ ගැන හිතා ගන්න බැරුව.

ඇල්රික් ආයම කතාව පටන් ගත්තා.

" ඉතින් එයා එක පාරටම කතා කරා. කතා කරලා මට මගෙ රැල අතඇරලා යන්න කිව. එයාලාට තමාඅදැන් රැල අයීතී කියල කීවා. ඒත් මම බයගුල්ලෙක් වගේ මගෙ රැල පැන ගන්න කැමතී උනේ නෑ. ඒ වගේ බය ගුල්ලෙක් වගෙ තමන්ගේ රැල එක පාරටම අතඇරලා දන්න පුලුවන් මොන නායකයාටද. "

" ඒක ඇත්ත "

මට කියවුනා

මගේ දිහා බලපූ ඇල්රික් ආයම කතාව පටන් ගත්තා .

" මාව ගිනිවලල්ලේ හිර කලා විතරයී මාව බෙර ගන්න කියලා ඉස්සරහාට ආව රැලේ දෙතුන් දෙනෙක් වත් ඔය වගේම ගිනි වලලූ වල හිර කලා. මම මගේ ඇල්ෆා තනතුර අයින් කරන් ගියෙ නැත්තම් මගේ රන්චුව විනාශ කරනවා කිවා. ඒකයි මම පැනලා ආවෙ. ඒත් එක්කන මගේ ලගම සහයකයො දෙන්නත් ම එක්ක පැනලා ආවා. "

ඒ එක්කම අපිට බැලුනේ මැඩීයී රිඩියනුයි දෙන්න දිහා

" ඔහ් නෑ නෑ.. ඒ දෙන්නා නෙමෙයී  . "

අපී ටික ඒ දෙන්නා දිහා බලපූ බැල්මෙන් එ දෙන්නා ඇල්රික්ගේ ආරක්ශකයෝ දෙන්නා කියලා හිතුවා කියලා තේරුන ඇල්රික් කීව..

ඒත් එක්කම ඒ ලග තුබ්බ ගසක් උඩ ඉදන් ගෑනූ කෙනෙකුයී පිරිමී කෙනෙකුයී බිමට පැන්නා. ඒ දෙන්නාගේ බිමට පැනිල්ලෙන් එක පාරටම අපි ටික ගැස්සිලා ගියා

වෘක නාදය ( Harry potter  X Wolfblood )Where stories live. Discover now