chapter 07

16 8 4
                                    


අපී ගියපූ පාර දිහා බලාගෙන හිටියේ වෙන කවුරුත් නෙමෙයී prof. Dumbledore  සහ prof . Lupin දෙන්නා.

" ඒ කව්ද "

ඒ දිහා ඉව කරලා බලන ගමන් ඇල්රික් ඇහැව්වා .

" බය වෙන්න එපා එයාලා ඔයාට උදව් කරයි. "

මාමා කීවා.

"ඒත් මට මෙතන warewolf  කෙනෙක් ඉන්නවා වගේ දැනෙනවානේ "

ඇල්රික් ගොරවන ගමන් කීවා.

" හරී හොදටම දන්නවා නේ. එයාලා දවල් ට warewolf  ලා විදිහට හැරෙන්නෙ නෑ කියල. ඒ වගේම එයාල මනුස්සයෙක් විදිහට ඉන්න කොට කාටවත් කරදර කරන්නෙත් නෑ කියලා "

" හරී මම සන්සුන් වෙන්නම්. හැබැයී කරදරයක් වුනොත් දන්නවානේ "

" නෑ අපී කාගෙන්වත් කරදරයක් වෙන්නෙ නෑ. මෙච්චර වෙලා අපව විශ්වාස කලා වගෙ මේ ටිකෙත් අපව විශ්වාස කරන්න. අපී ඔයාලාට උදව් කරනවා ."

ඉතින් අපී ඔක්කොමලාම professor  ලා දෙන්න ඉන්න හරියට ගියා. ඒත් ඇල්රික් සහ එයාගේ සහයකයො දෙන්නා එක පාරටම prof . Lupin ගේ ලගට ගිහින් එය වටේට යන ගමන් එයාව ඉව කරන්න ගත්තා. ඒ වෙනකොටත් ඇදන් හිටිය දිග කලිසමේ සාක්කූ වලට අත් දෙක දාන බලාන හිටිය prof. Lupin ඔකෙන් අපහසුතාවට පත් වුනා කියලා අපට තෙරුනා.

ටිල වෙලාවක් යනකමෙයාව ඉව කරපු ඇල්රික් සහ එයාගේ සහයකයන් දෙන්නා එයාව ඉව කරන එක නතර කරලා එහාට වුනේ

" මෙයා නේද ඒ warewolf "

කියල අහන ගමනුයි .

" ඔව් මම තමා එ. එතකොට ඔයාල කව්ද "

" යාලුව අපී ඔක්කොම කතා කරමු. කලබල වෙන්න එපා  "

මාම prof . Lupin ගේ පිටට තට්ටූවක් දාන ගමන් කීවා.

" prof . Lupin දැන් ඔයාට හොදද "

මම prof lupin  ගෙන් ඇහැව්වා .

" මම කී පාරක් කියල තියෙනවාද හැරී මට මමා කියලා කතා කරන්න කියල. මම තවදුරටත් මෙහෙ prof. කෙනෙක්  නෙමෙයී නේ. "

" සමාවෙන්න ලුපින් මාමේ. "

" ඔයාලා තුන්දෙනා අද දවසටම කිසීම පන්තියකට සම්බන්ද වුනෙ නෑ නේද "

Professor dumbledore  අපී දිහා හොදට බලන ගමන් ඇහැව්වා .

" ප්‍රොෆෙසර් අද සෙනසුරාදා නේ අද පන්තී තිබ්බද ?

වෘක නාදය ( Harry potter  X Wolfblood )Opowieści tętniące życiem. Odkryj je teraz