🍁එකසිය විසි වන දිගහැරුම🍁

Start from the beginning
                                    

මන් එයා දිහා බලන් ඉදල උගුර පාදද්දි එයා අත අහකට අරගත්තෙ මන් දිහා බලාගෙන...

" ගුඩ් මෝනින්....."

මන් කිව්වෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මන් කිව්වෙ...

" ගුඩ් මෝනින්.... අද හොස්පිටල් යන්නැද්ද ?"

" නිකේත්ව බලලා යන්න ආවෙ...එයා අදත් එන්නේ නැද්ද ? කකුල ආයෙ රිදෙන්න ගත්තා කිව්වෙ....."

" ඒ ළමයගෙ කම්මැලිකම..... "

එයා කිව්වෙ එයා ඇදන් ඉදිය යුනිෆෝම් එක ආයෙත් එහෙට මෙහෙට කරල කොලර් එක නවාගන්න ගමන්..... එයා අද වැඩට යනව වගේ.....

" කම්මැලිකම කිව්වෙ ?"

" කකුල රිදෙන්න විදියක් නැහැ..... පෙරේදා මං එක්කගෙන ගිගින් කකුලට පත්තුවකුත් බැන්දවෙව්වා.... දැන් හොදයි... ගෙට වෙලා ඉන්න තීන ආසාවනෙ..... "

" ආහ් ?"

" පුලුවන් නම් බැනල ඇදන් යන්න.....  සතියෙම ලෙක්චර්ස් ගියෙත් නැ පොතක් බලනව මන් දැක්කෙත් නැ....."

එයා කියද්දි මන් ලොකු හුස්මක් ගත්තා...

" කොල්ලට මහන්සි ඇති...... මේ දේවල් එක්ක ගැටෙන එක ලේසි නැහැ......ඉවරයක් නෑ..... මේ අවුරුදු පහ කියන්නෙ පුදුම කට්ටක් .....ෆැකල්ටි යනව ආයෙ හොස්පිටල් යනව ආයෙ පාඩම් කරනව ..... "

මන් ඔළුව දෙපැත්තට ගැසුවා.....

" නිකේත් හොදයි තව..... ගොඩක් ස්ටුඩන්ට්ස්ලා පොඩි දේකට උනත් දවස් ගනන් නිවාඩු දාලා පොඩි හරි සැනසීමක් ලබන්න උත්සහ කරන්නෙ..... හැබැයි එයාලා දන්නව ආයෙම වැඩ වලට බහින්න ඔනෙ ආයෙම ඒ කට්ට කන්නම ඕනෙ කියලත්....."

" ගොඩක් කියල කිව්වෙ ............?"

එයා අහද්දි මන් හිනාවෙලා එයා දිහා බැලුවා.......

Hollow Spirit🍁 [ Zhanyi Complete  ]Where stories live. Discover now