🍁එකසිය දහවන දිගහැරුම🍁

2.2K 510 271
                                    

" ඔය ඉස්සරහ චර්ච් එක ලගින් හරවන්න අංකල්...."

" මෙතනද අභූ මහත්තයෝ..."

" ඔව් ඔව්..... හරවල හෙමින් ඉස්සරහට යමුකො..... "

රාජ් අංකල් මන් කියපු නිසා අයියලගෙ ගෙවල් පාරටම වාහනේ හරවද්දි මන් ශර්ට් එකේ කොලර් එක පොඩ්ඩක් පිළිවට හදාගත්තෙ බැරෑරුම් හුස්මක් පිට කරන ගමන්.....

" ඔය ඔතන පේන ගෙදර අංකල්...."

මන් කිව්වට පස්සෙ රාජ් අංකල් වාහනේ අයියලගෙ ගෙදර ඉස්සරහින්ම නැවැත්තුවෙ ඒ අවට වාහන කිහිපයක්ම නවත්තල තිද්දී...

ලොකු හුස්මක් පිට කරල බ්ලේසර් එක අතට අරගෙන මන් කෝකටත් කියල ශර්ට් එකේ රදවගෙන ඉදපු කණ්ණාඩි දෙක ඇස් වලට දාගත්තෙ කාර් එකෙන් බහින්න හදමින් උනත් එතකොටත්  රාජ් අංකල් උගුර පෑදුවම මන් එයා දිහා බැලුවා....

" රණ්ඩු සරුවල් ඇති කරගන්ඩ එපා අභූ මහත්තයෝ.... ආහන් මහත්තයා මට කිව්වා ,අභූ මහත්තයට වැඩි වෙලා ඉන්ඩ නොදී ඉක්මනට එක්කන් එන්ඩ කියල ....."

" බය වෙන්නෙපා.... මන් ඉක්මනට එනවා...... "

රාජ් අංකල්‍ට හිනාවක් දුන්න මන් කෝන්ඩෙ අතින් උඩට කරගෙන වාහනෙන් බැස්සෙ අයියලගෙ ගේට් එක ඉස්සරහ.....

කළු ට්‍රවුසර් එකට සුදු අත් දිග ශර්ට් එක යට කරල වැලමිට ළගට වෙනකන් නවල තිබුන මන් බ්ලේසර් එක අතට ගත්තේ ඇත්තටම ඒක දාගන්න නම් නෙමෙයි.....  ඒක නැතුව හිස් වගේ නිසා ඒක අතට අරගත්තා මිසක් මේ මගුලට තනි සුදු ඇදන් යන්න මගෙ හිතේ ලොකු ආශාවක් තිබුනා....

ඒත් එහෙම බැහැනේ......

ම්ම්........

කිව්වත් වගේ අද තමයි මිස්ටර් ශාන් රණ්දෙණිය සහ මිස් දිනිති දිසානායකගෙ වෙඩින් එක.... 

මිස්ටර් රන්දෙණිය කතා කරලම ඉල්ලුව මේකට සහභාගී වෙන්න....ම කියල .....

නැත්තන් ඉතිං ඇත්තටම මෙහෙම දේකට ඇවිත් බලන් ඉන්න මට පු# අමාරුවක් නම් තිබ්බෙම නැති තරම්....ඒත් අයියා මට කිව්වා එන්න කියල .... මගේ ඉස්සරහම දිනිති අක්කව කසාද බදින්න එයාට ඕනේ කියල එයා කිව්වෙ මොන වගේ හේතුවකටද කියල මන් දන්නැ.... සමහර විට එයාට මාව චුට්ටක් රිද්දන්න හිතෙන්න ඇති....

Hollow Spirit🍁 [ Zhanyi Complete  ]Where stories live. Discover now