🍁 දසවන දිගහැරුම 🍁

3.4K 749 403
                                    


මට එහෙන්මම නින්ද යද්දි මන් ආයෙ ඇස් ඇරියෙ එයා මගේ මූණට එබිලා තට්ටු කරනකොට....

" කොල්ලෝ.... නැගිටින්න.... ගෙදර ආවා"

මන් ඇස් ඇරල බැලුවම එයා එහෙම කිව්වෙ බෙහෙත් පාර්සලෙත් අරන් වාහනෙන් බහින්න ලෑස්ති වෙලා...

" ම්හ්.... අයියෙ...මන් ගෙදර ...යන්නම් "

" එපා..... මන් ඔයාව ගෙදර නොයවන්නෙ හේතුවක් ඇතුව..... "

එයා කිව්වෙ ජීප් එකෙන් බහින ගමන්.....

මමත් ඈලි මෑලිකමේ ජීප් එකෙන් බැහැලා වැනි වැනි හිටගත්තෙ  ඒ මනුස්සය ලෙඩෙක් තරමට වත් මාව කෙයා නොකර ගෙට යද්දි....

" අම්මා ගෙදර නෑ ..."

ම්ම්ම්.......හෑ.....

මොකා....ක්.....

මන් ඇස් තඩිස්සි කරල එයා දිහා බලද්දි එයා පාපිස්ස යටින් යතුර අරන් දොර ඇරන් ගියේ ඇතුළට....

" මිස්...කෝ ?"

" එයා උදෙන්ම පානදුරේ ගියා...."

හෑ.... අද ක්ලාස් ආවා නන් මට හැරිලා යන්න වෙන්නෙ....

" පාන...දුරේ...ඇයි...ඒ ??"

" නැන්දගෙ දුව ලොකු ලමේක් වෙලා...."

" ලොකු ලමේක්.... ඒ කිව්වෙ ?"

එයා මට දැම්මෙ WTF බැල්මක්...

" ලොකු ලමේක් අභූ ? ඔයා ඕක දන්නැද්ද ?"

" නැහැනේ...ඇයි ඉතිං ඒකට විශේශයෙන් ගියේ....කොහොමත් ළමයි හැමදාම එක ගාන ඈ .....ලොකු වෙනවා තමයි "

මන් කිව්වෙ පෙරෝගෙන සෝපාවෙන් ඉදගන්න ගමන්....

" අයියෝ කොල්ලෝ.... "

" ඇයි ?"

" අර දැකල නැද්ද මල පෙරේතයෙක් වගේ කාමරේ අස්සෙ කෙල්ලොන්ව  හිර කරන් ඉදල කපන්න කිරි ගස් හොය හොය යන්නෙ.... "

මුකා.....ක්....

" ඔය ඇත්තමද ? "

" අනේ අම්මෝ අභූ.... ඔයා එක්ක ඉදියොත් මට පිස්සු හැදෙයි "

" ඇයි කිරි ගස් කපන්නෙ..."

" ඒක මන් දන්නෑ "

" ඇයි කෙල්ලොන්ව කාමරේ අස්සෙ තියන් ඉන්නෙ ?"

Hollow Spirit🍁 [ Zhanyi Complete  ]Where stories live. Discover now