🍁අනූවන දිගහැරුම🍁

3.2K 662 364
                                    

දවස් තුනක අපේ නිවාඩුව ඉවර වෙද්දි දුකෙන් උනත් RIU එකට සමුදීලා අයියයි මමයි මතුගම එන්න පිටත් උනා.....

අපි චෙකවුට්  වෙලා එන්න හදද්දි හොටෙල් එකෙන් අපිට දැනුම් දුන්නා අපි දෙන්නට ලන්ච් එකත් අරගෙනම යන්න පුලුවන් කියල .....මොකද අපි ආව දවසෙ ලන්ච් එකට ඉදියෙ නැති නිසා..... ලන්ච් එකත් අරගෙන අපි දෙකට විතර තමයි මතුගම එන්න පිටත් උනේ.....

එක දිගට වැහි දවස් ගෙවිලා ගිහින් පායන දවස් දැන් උදා වෙලා තිබුනා.... මට නම් ඉතිං කොහොමත් පෑවිල්ලක් තමයි තිබ්බෙ....යාපනේට එහෙමට වැස්සක් තිබුනෙ නැහැනෙ.....ඒත් අද වෙනදට වඩා රස්නෙ ටිකක් වැඩි නිසා අයියා මගින් මට අයිස් ටී එකක් අරන් දුන්නා.....

අපි ඉදියෙ බෙන්තර හරියෙ වගේ.....

අද ප්ලෑන් එක දැන් මතුගම ගිහිල්ලා මිස්ව බලලා වැල්ලවත්තෙන් බස් එකට නගින එක.... අම්මට මම කිව්වා අද ගෙදර එනව කියල ....හෙට උදේ තමයි මතුගමින් බහින්න වෙන්නෙ.....

" ම්ම්ම්...... මේක හරි රසයි....."

අයිස් ටී එකෙන් බාගයක්ම හිස් කරල මම කිව්වම එයා වාහනේ ඩ්‍රයිවින්ග් කරමින්ම මගේ දිහා බැලුවා....

" මේ....බීලා බලන්න පොඩ්ඩක් "

මන් එයාගෙ මුවට බටේ ලන් කරල එයා කට අරිද්දිම මගේ ඇගිල්ලක් එයාගෙ කටට දැම්මෙ එයා ගොං බඩුවක් වගේ මගේ ඇගිල්ල උරද්දි......පස්සෙ එයා මූණ ඇඹුල් කරගනිද්දි මන් හිනා උනේ මහ කැත විදියට....

" අනේ පිස්සු කොල්ලා....."

එයාගෙ කොණ්ඩෙ අවුල් කරල මන් එයාගෙ නිදහස් අතට අයිස් ටී එක දුන්නෙ එයාගෙ මුවට දාපු ඇගිල්ල මගේ දෙතොල් අතරින් තියාගන්න ගමන්....

" ම්ම්.....රහ හොදයි...."

එයා කිව්වෙ ආයෙ මට අයිස් ටී එක දීලා......

" ආ අයියෙ මේ..... පී ඇන්ඩ් එස් එකෙන් නතර කරන්න..... පුතාට මොනවහරි අරගෙන යන්න ඕනෙ..... එයා කන්න ආසම මොන වගේ දේවල් වලටද ?"

මන් අහද්දි එයත් පොඩි කල්පනාවකට වැටුනා.....

" පැණිරසට ආසයි "

" අනෙව්ව්.... මගේකා....!"

අයියා පොඩි හිනාවක් දැම්මා....

Hollow Spirit🍁 [ Zhanyi Complete  ]Where stories live. Discover now