🍁එකසිය දහ හත්වන දිගහැරුම🍁

2.9K 568 263
                                    

දවස් කිහිපයක් එක දිගට ගත වෙලා යද්දි නිකේත්ලගෙ බැජ් එකේ ළමයි එක්සෑම් එකත් ඉවර කරල එක දිගටම ක්ලිනකල් එන්න පටන් අරගත්ත නිසා මටත් වැඩ වැඩි උනා...කොහොම උනත් එයාලට එක්සෑම් අස්සෙම තමයි ක්ලිනකල් දාලා තිබුනෙ..... එක්සෑම් අස්සෙ ක්ලිනකල් තිබුනම තමයි ළමයි අසරණ වෙන්නේ.... කොහොම උනත් බ්‍රහස්පතින්දා දවසක උදේ සිසේරියන් එකක් කරල වෝඩ් ක්ලාස් එක කරල ළමයි ෆැකල්ටි යන්න නැගිටිද්දි මන් එළියට ආවෙ නිකේත්ට අඩගහගෙන....

" නිකේත් මාත් එක්ක පොඩ්ඩකට එනවද ?"

දැන් උන් කොහොමත් මොනවහරි කාලා කරලා තමයි ආයෙ ලෙක්චර්ස් යන්නෙ...... මට නිකේත්ගෙන් ඕනෙ උනේ විනාඩි පහයි.....

කෝට් එකට අත් දෙක දාගෙන ඉස්සරහින් ආව මම රූම් එකට යද්දි ටික වෙලාවකට පස්සෙ නිකේතුත් රූම් එකට ආවා....

මුල් දවස් වල නිකේතුයි මායි එකට ඉද්දි හැමෝටම සෑහෙන ප්‍රශ්නයක් මගෙන් බැනුම් අහපු කොල්ලම ඇයි මාත් එක්ක කියල .....ස්ටුඩන්ට්ස්ලගෙ ඉදන් ඇටෙන්ඩන් දක්වා ඒක ගැටලුවක් වෙලා තිබුනේ.....පස්සෙ මන් හැමෝවම දැනුවත් කලා නිකේත් මගේ කසින් කෙනෙක් කියල .....

" ඇයි ?"

මන් පුටුවෙන් ඉදගනිද්දි නිකේත් ඇහුවෙ  ඒකගෙ බෑග්ගෙත් උස්සන් රූම් එකට ඇවිත්...මන් ඉදගන්න පුටුව පෙන්නුවෙ වතුර බෝතලයක් බොන ගමන්....

" මට ඔයාගෙන් දෙයක් දැනගන්න ඕනෙ....."

" කියන්න...."

" ඔයාගෙ අප්පච්චීගෙ අසනීපෙ මොකද්ද කියල ඔයා දැනගෙන ඉදියානෙ...."

" හ්ම්ම්...."

" ඒක සීයට සීයක් හොදයිද දැන්.... මන් අහන්නෙ එයා තවම බෙහෙත් බොනවද ? රෝග ලක්ෂණ පෙන්නනවද ඒ වගේ දේවල් ?"

" අප්පච්චී තාම බෙහෙත් ගන්නව අයියේ..... එයාට තියෙන්නෙ ඩිප්‍රෙශන් වල මොන වගේ ස්ටෙප් එකක්ද කියල මම දන්නෙ නැහැ..... "

" සෙල්ෆ් හාමින් වගේ තිබුන්ද ඒ කාලේ......."

" අප්පච්චීට ඕක මතු උනේ අපි දෙන්නා පානදුරේ ගෙදර ඉදිය මුල් කාලෙ වගේනේ.... මන් ගෙස් කරල තියෙන විදියට....... ඒ දවස් වල අප්පච්චී ගෙදර ඉදියෙ නැතිම තරම්..... මට එච්චරටම දේවල් මතක නැහැ අයියෙ....."

Hollow Spirit🍁 [ Zhanyi Complete  ]Where stories live. Discover now