🍁අනූ පස්වන දිගහැරුම🍁

1.2K 219 3
                                    

එදායින් පස්සෙ දවස් කිහිපයක් ගෙවිලා ගියේ ලොකු විශේෂ සිද්ධියක් සිද්ධ නොවී.... කියන්න තරම් ලොකු දෙයක් නොවුනත් මම ඉදියෙ හිතේ අවුලෙන්.... මොකක් නමුත් යමක දෙයක් ඉව වැටිලා තිබුන නිසා හිත සතුටින් ඉන්න පුලුවන්කමක් තිබුනෙ නෑ......

ඒත් ඉතිං කොච්චර ප්‍රශ්න තිබ්බත් මනුස්සයෙක් විදියට අපි හැමතිස්සෙම සතුටින් ඉන්න උත්සහ කරන්න ඕනෙ..... සතුට අපි ළග රදවගන්න පුලුවන් අපිටම විතරයි ..... කෙනෙක්ට තව කෙනෙක්ගෙ සතුටක් වෙන්න කීයට වත් බැහැ.... ඒ කෙනා සතුටට හේතුකාරණයක් විතරයි ..... සතුට පවත්වාගන්න පුලුවන් තමන්ටම තමයි ......

සතුට , නිදහස , මානසික  නිදහස , ආදරය අපි මනුස්සයෙක් විදියට බලාපොරොත්තු වෙන දේවල්...... ඒත් හරියටම හිතල බැලුවොත් ඒ දේවල් ජිවීතේට ලන් කරගන්න පුලුවන් අපිටම විතරයි ..... පොඩි දුප්පත් පැලක ඉන්න සමහර මිනිස්සු  සතුටි ඉන්නත් විශාල මන්දිරයක ඉන්න සමහර මිනිස්සු  අසතුටින් ඉන්නත් හේතුව ඒක....හැබැයි ඉතිං  පොඩි දුප්පත් පැලේ ඉන්න හැම මනුස්සයම සතුටින් නෑ.. මන්දිරේ ඉන්න හැම මනුස්සයම දුකෙනුත් නෑ.....

කොහොම උනත්  තමන්ට තමයි තීරණය කරන්න පුලුවන් තමන් ඉන්නෙ කොහොමද කියල ..... තමන්ගෙ මානසික නිදහසත් ඇති කරගන්න පුලුවන් තමන්ටම තමයි ..... වටේපිටේ මිනිස්සුන්ට උනත් ඒකට දායක වෙන්න පුලුවන් එක සීමාවක් තියෙනව..... ඒ සීමාවෙන් එපිට ඒ මිනිස්සුන්ට උනත් කරන්න දෙයක් නැතුව යද්දි තමන්ගෙ වටේ ඒ සතුට , නිදහස රදවගන්න පුලුවන් තමන්ටම තමයි ....

මන් ලොකු හුස්මක් පිට කලා..... කරන හැම දෙයක්ම අපි සතුටෙන් කරන්න ඕනෙ.... ආදරය උනත් වෙන ඕනෙම දෙයක් උනත්..... ඉගෙන ගනිද්දි උනත් සතුටින් ඉගෙන ගන්න ඕනෙ.... ඒක වෙන කිසි දෙයක් ගැන හිතනවටත් වඩා තමන් තමන් ගැන හිතල  ගන්න ලොකු තීරණයක්..... 

අයියගෙයි මගෙයි අතරෙ රණ්ඩුවක් එහෙම සිද්ධ උනත්  යාපනේ ආව දවසෙන් පස්සෙ ඒව නිකන්ම ශේප් වෙලා ගියා.... ඕව ඔහොම තමයි ඉතිං ...අර කතාවක් තීන්නෙ බත ඉදෙනකන් විතරයි කියල ..... ආන් ඒ වගේ.....

හැබැයි ඉතිං හිටපු ගමන් ඔය බත ඉදෙන්න සෑහෙන කාලයක් යන අවස්ථාත් නැතුවාම නොවෙයි.....ම්ම්.....

Hollow Spirit🍁 [ Zhanyi Complete  ]Where stories live. Discover now