🍁එකසිය දෙවන දිගහැරුම🍁

2.2K 506 151
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🍁 vnteggkie thank you so much ❤❤

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🍁 vnteggkie thank you so much ❤❤

.
.
.
.
.
.
.
.

මම ඉදියෙ කාමරේ ඇද උඩට වෙලා බැල්කනි එකෙන් පේන අහස දිහා බලාගෙන.... අද හරිම ලස්සන දවසක්.....උතුරු කරේ අහසට ඉර මුදුන් වෙලා තියෙද්දි තල් ගස් අස්සෙන් ඈතෙන් හමාගෙන එන හුළග බැල්කනි එකේ ඇරල තියපු දොරෙන් මගේ කාමරේ අස්සට ගලාගෙන එනව..... ඒ අතරින් පතර ඇගට සනීපයක් දැනෙන හීතල හුළගකුත් හමාගෙන යන්නෙ නැතුවම නෙමේ.....

ආයෙත් පාරක් ආව හුළග මගේ නලලට වැටිලා තිබුන කෙස් රොද අවුස්සල දාලා යන්න ගිහාම මගේ මූණට ලාවට හිනාවක් ආවා...මම ඉදියෙ හරිම සැහැල්ලුවෙන්...හිතේ ගින්නක් තිබුනත් කලින් සති වලට වඩා සැහැල්ලුවක් මගේ ඇතුලේ තිබුනා......

සමහර විට මට උන දේයින් මන් ලොකු පාඩමකුත් ඉගෙන ගත්තා කියල මට හිතුනා .... පහුගිය සති කිහිපය දිහාහැරිලා බලද්දි මන් කල්පනා කලා මන් ඒ දේ නිසා පුදුම විදිහට වැටුනේ.... ඒ දේ දරාගන්න මට පුළුවන්කමක් තිබ්බෙ නැහැ.....

මන් හිතන්නෙ මන් තව හිත හයිය කොල්ලෙක් වෙන්න ඕනෙ....

වෙන ඕනෙ දෙයක් දරාගන්න පුලුවන් කම මට තිබුනා...... පොඩි කාලෙ ඉදන්ම අප්පාගෙ අඩත්තේට්ටම් ඉවසන්න ලැජ්ජ නැතුව දවස් ගානෙ අප්පව බේරගන්න පොලිසියට යන්න , පහුවදා ආයෙ ස්කෝලෙ ගිහින් ළමයින්ට ගුරුවරුන්ට මුහුණ දෙන්න එතන ඉදන් මගේ ජිවිතේ අවුරුදු දහ අටක්ම සිද්ධ උන හැම දෙයක්ම මැදිහත් සිතෙන් දරාගන්න මට පුලුවන් උනා.... ඒත් මේ දේදි මාව පුදුම විදිහට බිමට වැටුනා.... මට දැනුත් හිතෙනව මගේ වටේ අයිය , අනුක් අයියා , සිත්තප්පා නොහිටියා නම් සමහර විට මට කරන්න ඕනෙ මොකද්ද කියලත් හිතාගන්න බැරුව යාවි....

Hollow Spirit🍁 [ Zhanyi Complete  ]Where stories live. Discover now