🍁අනූ එක්වන දිගහැරුම🍁

5.5K 660 225
                                    

එදා මම මතුගම ගිහින් ඇවිත් අදට මාසෙකටත් ළගයි..... තාම රිසාල්ට්ස් අවුට් උනේ නැහැ..... ඒ නිසා මන් ක්ලාස් ටික කරගෙන ගෙදරට වෙලා පාඩුවේ ඉදියා.... මම අහල තියෙනව ගොඩාක් අය කියන විදියට ඉගෙන ගන්න ළමයෙක්ගෙ ජිවිතේ හොදම කාලෙට මේ ආෆ්ටර් ඒලෙවල් ගෙදර ඉන්න කාලෙ..... හොදට එක්සෑම් එක කළා නම් හිතේ බරක් නැහැ.... අනික රිසාල්ට් එනකන් කරන්න මහා ලොකූ දේවල් ගොඩක් නැහැනේ.... තරුණ වයස නිස  බහුතරයක් දෙනාට හිතේ බරක් නැහැ.... නිදහසේ ඉන්න පුලුවන් ..... කවදහරි දවසක කැම්පස් ගිහින් ඒ අවුරුදු පහ ඉවර වෙලා කැම්පස් අවුට් උනත් මේ වගේ නිදහසක් ලැබෙන්නෙ නෑ.... ඊළගට කැම්පස් අවුට් වෙල ජොබ් එකකට යන්න ඕනෙ ජොබ් ඇප්ලයි කරන්න ඕනෙ.... ජිවිතේ සංකීර්ණයි !

මේ වගේ නිදහසක් ආයෙ ලැබෙන්නෙ නෑ......

ඉංග්ලිශ් ඇන්ඩ් අයිටී කෝස් එකකට යන්න කියල කිහිප දෙනෙක්ම කිව්වත් අයියා නම් කිව්වෙ ඕලෙවල් ඉන්ග්ලිශ් තියෙන නිසා ඕනෙ නැහැ කියල .... අනික ස්පෝකන් ගියා කියල තෙරුමක් නැහැ..... මාස දෙකෙන් සුද්දෙක් වෙන්නෑනේ...මොනව උනත් කැම්පස් ගිහින් තමයි ඉගෙනගන්න වෙන්නෙ.... ඒ නිසාම මන් තීරණය කලා ගෙදරට වෙලා ඉන්නව කියල .....අයිටී උනත් සාමාන්‍ය දැනුමක් තියෙන නිසා මටත් හිතෙනව ප්‍රශ්නයක් නැහැ කියල ......

අයියලගෙ පැත්ත ගත්තොත් අයියල මතුගම ගෙදර විකුන්නා....එයාලා දැන් ඉන්නෙ පානදුරේ.....මොකද අයියට කොළඹට මාරුවක් ලැබුන නිසා.... දැන් ඒ පවුල ගොඩක් සතුටින්.... අයියලගෙ අප්පච්චීටත් උසස්වීමක් ලැබුනා... එයාත් දැන් ඉන්නෙ කොලඹ ..... ඒක සතුටක් ඇත්තටම ..එයාලා හැමෝම එක තැනක ඉන්න එක...... 

නිකේත් සතියකට කලින්  ස්කෝලෙ යන්න පටන් ගත්තා..... අයියට ඕනෙ උනේ නිකේත්ව කොළඹ ස්කෝලෙකට දාන්න....  ඒ නිසා නිකේත්ව බෝයිස් ස්කූල් එකකට දැම්මෙ අයියගෙ මැදිහත් වීමෙන්.... ඒත් ඉතිං ලේසි නෑ කොල්ලට.... කොළඹ ළග උනාට ස්කූල් ටයිම් ෆුල් ට්‍රැෆික්.... ස්කූල් වෑන් එකක යන්නත් කැමති නෑ...  කොල්ලට මෙහෙ හුරුත් නැති නිසා කෝච්චි බස් වල යවන්න බැහැනෙ.... මුල් දවස් කිහිපයේ අයියා කොහොමත් උදේට කොළඹ වැඩට යන නිසා කොල්ලව දාගෙන ගියා.... ඒත් අයියට නම් හත පහු වෙලා ගෙදරින් ගිහාම ඇති..... අනික අයියා ඕෆ් වෙන්නෙ හවස් වෙලානෙ....ඒ ප්‍රශ්නත් එක්ක අයියා ඉන් පස්සෙ දවස් දෙකක් නිවාඩු දාලා නිකේත්ට ට්‍රේන් එකේ කොළඹ යන්න එන්න පුරුදු කළා.... ඇත්තටම අයියා නිකන් නිකේත්ගෙ අප්පච්චී වගේ.....

Hollow Spirit🍁 [ Zhanyi Complete  ]Where stories live. Discover now