🍁එකසිය විසි වන දිගහැරුම🍁

Start from the beginning
                                    

කොහොම උනත් උදෙන්ම ලෑස්ති වෙලා එළියට ආවට මන් දැන් කරන්නෙ හොස්පිටල් යන එක නම් නෙමෙයි....

නිකේත්ගෙ කකුල හොද වෙලා තිබුනත් ආයෙ රිදෙන්න අරගත්ත වගක් කියපු නිසා ඊයෙත් කොල්ලා ෆැකල්ටි ආවෙ නැහැ......  කොල්ලගෙ තත්වෙත් බලලා කොල්ලගෙ අප්පච්චිට ලයින් පාරක් දාලා එන්න තමයි මන් මේ උදෙන්ම යන්න හදන්නේ.....

නැත්තන් ඉතිං වෙන මොන මගුලකටද මෙහෙම පාන්දර දුවන්නෙ ?

නෑ ඇත්තටම මට ඕනෙකමක් තිබුනා නිකේත්ව බලන්න....  අනික මේ ටිකේම මන් වෝඩ් ක්ලාසස් පවා ස්කිප් කරල නිකේත් වෙනුවෙන් හෙන අසාධාරණයකුත් අනික් ස්ටුඩන්ට්ස්ලට කලා..... තවදුරටත් ඒක එහෙම කරන් යන්න මට බැහැ....එක්කො නිකේත් හොස්පිටල් එන්න ඕනෙ නැත්තන් පාඩුව විද ගන්න ඕනෙ....

කල්පනා කරමින්ම වාහනේ ඩ්‍රයිව් කරන් ආව මම එයාලගෙ ගෙදර ඉස්සරහ නතර කරද්දි විනාඩි කිහිපයකින් මට ඇතුළට යන්න ගේට් එක විවෘත උනා...

කල්පනා කරමින්ම වාහනේ ඩ්‍රයිව් කරන් ආව මම එයාලගෙ ගෙදර ඉස්සරහ නතර කරද්දි විනාඩි කිහිපයකින් මට ඇතුළට යන්න ගේට් එක විවෘත උනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මන් වාහනේ ඇතුළට දැම්මෙ පාර්ක් කරල තිබුන BMW එක බලාගෙන උනත් අප්පච්චයා මන් දන්න තරමින් වැඩට යන්නෙ ඒකේ නෙමෙයි.... එයා ඔය එයාගෙ පෞද්ගලික ගමන් බිමන් තමයි ඕකෙ යන්නෙ...... ඒ නිසා වාහනේ දැක්ක පලියට අප්පච්චී ගෙදර කියන්නත් බෑ !

මන් වාහනෙන් බැස්සෙ වටපිට බලමින් උනත් වෙනද වගේ මාව පිළිගන්න ගේ ඉස්සරහ කවුරුත් ඉදියෙ නෑ....ඒක එහෙම වෙන්න ඕනෙ..... මොකද තාම වෙලාව උදේ අටට වගේනේ......

දන්න විදියට ඔය අප්පච්චී ඔෆිස් යන්නෙත් අට ටිකක් පහු වෙලා..... ලෑස්ති වෙනවද දන්නැ.....

කොණ්ඩෙත් අතින් උඩට කරල හදාගන්න ගමන් මන් වටපිට බලමින් ගෙට ආවත් එකපාරටම උළුවස්සෙන් මතු උන එයාව දැකල මන් ඉක්මනට අඩියක් පස්සට තිබ්බෙ ඇගේ වැදෙන්න කලින් උනත් එයාගෙ ඇගේ වැදිලා මම වැටේවි කියන බයෙන්ද මන්දා එවෙලෙම එයාගෙ අත මගේ ඉන වටේ එතිලා තිබුනා......

Hollow Spirit🍁 [ Zhanyi Complete  ]Where stories live. Discover now