🍁එකසිය දහඅටවන දිගහැරුම 🍁

Start from the beginning
                                    

විනාඩි දහයකට විතර පස්සෙ i8 එකක් කැෆේ එක ඉස්සරහ නතර වෙද්දි මන් බරැති සූසුමක් පිට කරල එකේන් බැහැලා එන නිකේත් දිහා බැලුවා.... ඒ කොල්ලට තියෙන්නෙ අයියලගෙ පෙනුමමයි..... ඒ ගතිගුනමයි... සන්සුන් නිවිච්ච පෙනුමක්..... ඒ ඇස් බාප්පගෙ ඇස්ම තමයි ....

කොල්ලා මන් ළගට ඇවිත් මගේ ඉස්සරහින් පර්සලයක් තිබ්බෙ මන් ඒ දිහා බලලා නිකේත් දිහා බලද්දි....

" හොස්පිටල් යන්නෙ නැද්ද ?"

" උදේට කාලා යන්න ආවා.... තව ටිකෙන් යනව...මේ මොකද්ද ?"

මන් අහද්දි නිකේත් ඔරලෝසුවෙන් වෙලාවත් බලලා මගේ ඉස්සරහෙන් ඉදගත්තා.... අද ෆැකල්ටි යන නිසා කොල්ලා ස්ක්‍රබ් එක වෙනුවට ඇදන් ඉදිය් ශර්ට් එකයි ට්‍රවුසර් එකයි.... හරිම ලස්සනට පිළිවලට ශර්ට් එක ඇදල ඒක ට්‍රවුසර් එකට යට කරල වැලමිට ළගට වෙනකන් අත නමල බෙල්ට් එක දාලා හරි පිළිවලයි....

" හෙට නිවාඩුවක් දාන්නකො...."

මගෙ මූන දිහා බලන් කොල්ලා කියද්දි මන් ඇහිබැමක් ඉස්සුවා....

" මොකටද....බොගෙ කෙල්ල බලන්න යන්නද ?"

" පිස්සුද අනෙ.... හෙට දවස ඔයාට මතකම නැද්ද ?"

කොල්ලා අහද්දි මන් පොඩි හිනාවක් දැම්මා....

" ජිවිතේටම එකම දවසයි අමතක කලේ...... එදයින් පස්සෙ අමතක වෙලා නෑ....."

මන් කියද්දි නිකේත් හිනා උනා.....

" හෙට මොකද කරන්නෙ....කේක් කපල පාර්ටි එකක්ද ?"

මන් ඇහුවෙ හෙට අයියගෙ බර්ත්ඩේ එක නිසා.....

" පිස්සුද අයියෙ....අපෙ අප්පච්චී කේක් කැපුවොත් බැරියැ..... අපි කළුතර බෝධි යනව හෙට.... මමත් ක්ලිනකල් එන්නැ.... ඔයා එනවද යන්න...."

නිකේත් අහද්දි මන් පුටුවෙ ඉස්සරහට බර උනා....

" මම ?"

මන් ඇහුවෙ මගේ පැත්තට ඇගිල්ලකුත් දික් කරගෙන....

" හ්ම්..... "

මන් කකුලක් පිට කකුලක් දාගෙන නිකේත් දිහා බලන් ඉදියා...

" මල් පහන් පූජා කරල පොඩියට පූජාවක් තියල එනව අයියෙ.... ලොකූවට කරන්න අපි දෙන්නම දන්නෙ නැහැ ඉතිං .... "

Hollow Spirit🍁 [ Zhanyi Complete  ]Where stories live. Discover now