🍁එකසිය එකොළොස්වන දිගහැරුම 🍁

Start from the beginning
                                    

ලොකු හුස්මක් අරගෙන මන් බාගයක් කාලා තිබුන Danish එකෙන් ඉතුරු බාගෙම කටට ඔබාගෙන ලස්සන ලතේ ආර්ට් එකක් ගියපු කොෆී එක අතට අරගත්තා.....

දැන් ටිකකට කලින් අම්මයි සිත්තප්පයි ගියා මට හෙට ගෙනියන්න අවශ්‍ය බඩු කිහිපයක් අරගෙන එන්න.... වැඩි පැත්ත ලෑස්ති කරල තියෙන්නෙ..... ඒත් අපෙ අම්මට මොකක්ම හරි අඩුපාඩුවක් මතක් වෙනව.... සැරෙන් සැරේ එක්කො ටූත්බ්‍රශ් එකක් හරි මතක් වෙනව..... සිත්තප්පත් ඊයෙ ඉදන් අම්මට කඩේ ගිහින් එපා වෙලා ඉදියෙ......ඉන් පස්සෙ අද එයා කිවා උදේ ඉදන් මතක් වෙන දේවල් කොලේක ලියාගන්න....හවස එක්කගෙන යන්නම් කියල .....

කිව්වත් වගේ ඒ දෙන්නා හවස යද්දි මන් පොඩ්ඩක් එළියට ආවෙ ඇවිදින්න..... අපි නැවතිලා ඉදියේ කටුණායක එයාපෝර්ට් එකට ඇවිදින දුරෙන් තිබුන හොටෙල් එකක..... තට්ටු කිහිපයක්ම තිබ්බ හොටෙල් එකට හරි ලස්සන ගාර්ඩ්න් එකක් තිබුනා...

පැයක් විතරම ගාර්ඩ්න් එකේ ඇවිදපු මන් කොෆී එකක් ගෙන්වගෙන පාරට ළග එළියෙ තිබ්බ ටේබල් එකකින් ඉදගත්ත..... මොකද එතනට හරිම ලස්සනට හොටෙල් එකේ ගාර්ඩ්න් එකයි මේන් රෝඩ් එකයි සේරම පේනව.....

හෙට උදේ එකයි ගානකට තමයි ෆ්ලයිට් එක...... ඒ කියන්නෙ ඉතිං අද රෑ දොළහට වත් ගේට්ස් ළගට යන්න එපැයි... වැඩ ගොඩක් කරගන්න තියෙන නිසා සිත්තප්පා කිව්වා රෑ නවය දහ වෙද්දි වත් අපි යමු කියල ..... කලින් පාරක් සිත්තප්පා එක්ක දවසකට බැංකොක් ගිය නිසා Airport එකේ වැඩ ගැන නම් මට ලොකු අවුලක් නැහැ... ඒත් අර එහෙට ගිහින් ඉතිං අවුරුදු ගානක් තනියෙම ජීවත් වෙන එක ගැන නම් පොඩි චකිතයක් තියෙනව....  හැමදෙයක්ම තනියෙම කරගන්න එක ඇත්තටම ඉතිං කොච්චර තනියෙම ඉන්න ආස උනත් ඒක ලේසි නෑ...... තමන්ට ඉන්නෙ තමන් විතරයි .....ලෙඩක් දුකක් හැදුනත් තනියෙම ඒ දේවල් මැනේජ් කරගන්න වේවි...

මන් සාක්කුව අවුස්සල ෆෝන් එක අතට අරගත්තේ කොළඹ ඉදන් මොස්කව් වලට යද්දි මට ගෙනියන්න ඕනෙ උන එකම දේ හෙලෝ කියන්න පුලුවන් ෆෝන් එක විතරක් නිසා....

ෆෝන් එක අතට ගත්ත මන් දෙවරක් නොහිතා ගැලරි එකේ සේරම ෆොටෝස් ඩිලීට් කරන්න අරගත්තා.... මුළු ගැලරි එකම හිස් කරල ෆේස්බුක් එකට ගිහින් අකවුන්ට් එක ඩිලීට් කරල දැම්මේ ඇත්තටම ආයෙ අම්මයි සිත්තප්පයි ඇරෙන්න වෙන කා එක්ක වත් මිතුරුදමක් වත් ඕනෙ නැහැ කියන චේතනාවෙන්.... ඉන්ස්ට්‍රා එකත් අයින් කරල දාලා වට්සැප් එක පොඩ්ඩකට තියාගත්තෙ රටින් පිටවෙනකන්.....

Hollow Spirit🍁 [ Zhanyi Complete  ]Where stories live. Discover now