Chapter 24

56 9 15
                                    

"අනුත් නැගිටින්න, දැන් උදේ වෙලා තවම නිදිද?" දෙව්හස් උදේ සිට කැගහන්නෙ නුවර යාමට සූදානම් වීය. උදෑසන හත පසු වුනද අනුත් නැගිටීමට සූදානම් නැති සේය.

"තව විනාඩි පහක් දෙන්න දෙව් මට නිදිමතයි."

"ඔව් මන් කියද්දි නිදාගන්න කියලා ස්පයිඩර් මෑන් බල බල හිටියේ පොඩි එකා වගේ.මහ රෑ වෙනකන් ෆිල්ම් බලලා දැන් ඉතින් නිදාගන්නවා."දෙව්හස් බැන බැන තේ වක් කලේය.

"අනුත් මේ තේක බීලා ඇහැරෙන්න".

අනුත් නින්දේම තේ පානය කලේය. ඉන්පසුව බොහෝ අපහසුවෙන් දෙව්හස් ඔහුව නාන කාමරය වෙත යවා ගන්නට සමත් විය.අනුත් ලෑස්ති වී ආ පසුව කා,බී ඔවුන් වාහනයට නැග ගත්තේය.

"මන් ඩ්‍රයිව් කරන්නම් දැනටත් පරක්කු වෙලා තියෙන්නේ" දෙව්හස් එසේ පවසමින් මෝටර් රථයේ යතුරු ගත්තේය.

ඔවුන් නුවර යන්නෙ තනිවම නොවීය.ඔවුන් සමග ෂේන් ඇතුලු පවුල එකතු වීමට නියමිත විය.ඔවුන් නුවර ගොස් පේරාදෙණිය උද්භිද උද්‍යානයට ගොස් රැය ගිමන් හලක ගත කර නැවතත් නිවසට පැමිණෙන්න නියමිත විය.

ඔවුන් නුවර ගොස් දළදා මාලිගාව වැඳ මහනුවර කෞතුකාගාරය බලා ගියේ මගදී එකතු වූ ශේන් හා ආරාධා සමගිනි.ඔවුන් වැදුම් පිලිවෙත් ඉටු කොට එලියට බසින විට පොද වැස්සක් ඇරබී අතර එය දිගු වැස්සක් බවට පරිවර්තනය වීමට වැඩි වේලාවක් ගත නොවීය.

ඔවුන් කුඩයක් හෝ රැගෙන විත් නොතිබුන අතර ශේන් හා ආරාධා කෙසෙ හෝ පොද වැස්සේම පැන ගන්නට සමත් විය.අඩ හෝරාවක් පමන වැස්ස පායන තෙක් සමන් දේවාලය අසල රැඳුණු ඔවුන් වර්ශාව මධ්‍යයේම යන්නට තීරණය කළේය.නුවර වැව රවුම අසලට පැමිනි විට වර්ශාව අඩු වී තිබුනු නමුත් තවමත් වසිමින් තිබුනු අතර මුලු වැව රවුමම  දැරුවේ හුදකලා බවකි. අනුත් මහ වැස්ස මැද දෙව්හස්ව නතර කරගත්තේය.

"දෙව් මට කියන්න දෙයක් තියෙනවා"
අනුත් දෙව්හස් දෙස බලා සිටියේ බලාපොරොත්තු සහගත ලෙසිනි.දෙව්හස්ගේ මුහුන පුරා ඇදී යන වතුර බිඳු  ඔහුට එක් කළේ  සරාගී බව මුසු කඩවසම් බවකි. අනුත් තදින් කෙල ගිල්ලේය.ඔහුට කරන්නට අවශ්‍ය වුනේ එක් දෙයකි.නමුත් මෙය එයට වෙලාව හෝ ස්ථානය නොවීය.

Soft Zone Where stories live. Discover now