Chapter 19

69 10 11
                                    

වසර පහකට පසුව දෙව්හස් නැවතත් ශ්‍රි ලංකාවට පය තැබීය.ඔහුට නැවත පැමිණීමට
උවමනාවක් නොතිබිණි.නමුත් තමන්ගෙ දිවිය නැවතත් නිවැරැදි  මාර්ගයට ගෙන ඒමට උපකාර කල අය වෙනුවෙන් ඔහු මෙහි විය.

ඔහුට අනුත් පිලිබදව කල්පනා විය.මෙම වසර කිහිපය තුළ ඔහු යමක් වටහා ගත්තා නම් ඒ ඔහු අනුත් වෙනුවෙන් හැඟීම් පවතින බවයි.මේ වන විට දෙව්හස් උපාධිය සම්පූර්ණ කර රැකියාවක් ලබාගෙන සිටියේය.

ඔහුගේ දුරකථනය එක්වරම නාද විය. ඔහුගේ මුහුණට සියුම් මදහසක් එක් විය.
"කියන්න අක්කේ"
"ලෑන්ඩ් කරලාද ඉන්නේ?"
"ඔව් අක්කේ"
"ම්ම්, දැන් කොහෙද යන්නේ හොටෙල් එකකටද නැත්තම් .."
"සොහාන්ගේ ගෙදර නවතින්න බැලුවේ.. නිතිල් අයියව බලලා ,ශේන් අයියලගේ ගෙදරත් ගිහින් තමයි එහෙ යන්නේ ඌ මාව ගන්න ඇවිත් ඇති."

"ම්ම්,පරිස්සමෙන් මල්ලි,මේ මෙන්න මිහාශා
ඉල්ලනවා"
"හෙලො පොඩි එකා,ගියා නේ පරිස්සමෙන්"
"ඔව් මිහාශා මන් මේ එයාපොට් එකෙන් එළියට යන ගමන්.."
"හොදයි හොඳයි,  පරිස්සමෙන් පලයන් පොඩි එකා වෙලාවට කාපන්. පුලුවන් හැම වෙලාවටම කෝල් කරපන්. වලි වලට එහෙම යනවා නෙමේ , තේරුණා නේ"
"හරි හරි බං,අනේ උබ මගේ අක්කව බැඳගනින්කෝ මට පාඩුවේ ඉන්න දීලා"
"මං නම් කැමති..කොහේද අක්කා කැමති නෑ නේ ,එයා මට ආදරේ නෑ" මිහාශා නෝක්කඩු ස්වරයෙන් ඔහුට පැමිණිලි කලේය.
දෙව්හස් අතින් කට වසාගෙන සිනාසුණේය.
"මන් නැත්තම් කවුද උබට ආදරේ? අර එරිකා කියන එකීද?"

"එරිකා කියන්නෙ මගේ හොස්පිටල් එකෙ වැඩ කරන කෙනාද.. ?එයා මේකට ආවේ කොහෙන්ද?" මිහාශා අසනු ඇසී දෙව්හස් හට සිනහව පාලනය කරගත නොහැකි විය.
"ඔය ඉරිසියාව බන් අර කියන්නේ රුසියාවට වඩා ලොකුයි ඉරිසියාව කියලා.. වෙන එකක් නෙමේ ඔය,උබ ළඟින් වෙන එකෙක් හිටගත්තත් අපේ එකීට ඉරිසියාව"
"මල්ලී උබ ලග හිටියා නම් කනවා මගෙන්"
දිව්‍යාගේ කටහඬ නැවතත් ඇසිණි.
"හරි හරි මන් තියන්නම් .. see you"
එසේ පවසා ඔහු දුරකතන ඇමතුම විසන්ධි කලේ මීළඟට අහන්නට ලැබෙන බැනුම් වලින් ගැලවීමටයි

ඔහු ගුවන් තොටුපොළින් පිටතට පැමිණි විට බෝඩ් එකක් ඔසවාගත් සොහාන් දුටුවේය.
"මචං, දැක්ක කල් කොල්ලා දැන් හැන්ඩි වෙලා" සොහාන් පැවසුවේය.
සොහාන් හෙවත් ලුසිෆර් තවමත් බ්ලඩ් මේනියක්ස්හි මැරයෙකි. ඔහු එම ස්ථානයට ආදරේ කරන බව කියමින් එයින් පිට වූයේ නැත.ඔහු දැන් විවාහයක් කරගෙන සිටින අතර ඇයද මැර පවුලක නිසා විසල් ගැටලුවක් නැත.

Soft Zone Where stories live. Discover now