Chapter 6

184 25 65
                                    

අනුත් උදෑසන නැගිට පුහුණු වීම ආරම්භ කල අතර වෙනදාට  මෙන්
" ඔහොම නෙමේ ,පොඩ්ඩක්වත් හයියක් නැද්ද ,මීට වඩා හොඳට පුංචි ලමයි පුෂ් අප්  කරනවා" වැනි නපුරු අදහස් දැක්වීමට එහි ඩෙවිල් නොසිටියේය.
ඔහු එහි සිටි වෙනත් අයකු සමග කතාවට වැටුණි
"කොහෙද ඔයාලගෙ පොඩි බොස් ,පේන්න නැහැ නේ "
අනුත් විමසීය.
පොඩි කේස් එකකට එයාව ලොකු බොසා ගාල්ලේ යැව්වා
"අර අපිට විරුද්ධ මැර කල්ලියක් අපේ ඩීල් එකක් අරගෙන එ මදිවට අපේ උන්ට වෙඩි තියලා පොඩි බොසාගෙන් හම්බ වෙයි ඕකුන්ට ආයේ වලපල්ලට තමයි කෙලින්ම "

ඔහුට මතකයට නැගුනේ  නිතිල්වය. ඔහුද තමන්ගේ අතීත සිදුවීම් වල ප්‍රතිඵලයක් ලෙස නිතරම කේන්ති ගන්න අයෙක් විය. ඩෙවිල්ටද එවන් හේතුවක් තිබිය හැකිදැයි ඔහු කල්පනා කලේය.එය ඇසීමට ඔහු අකැමැති විය මන්ද එසේ යමක් ඇත්නම් එය බොහෝවිට මෙම මැර කල්ලියේ අභ්‍යන්තර යමක් විය යුතුය. එවැනි දෙයක් විමසා තමන්ගේ ආදරණීයයා බේරගැනීම සදහා ඇති එකම මාර්ගය ඉවත් කරගත නොහැක
ඔහු ඒ පිළිබඳව සිතමින් සිටියදී එහි සිටි ලූසිෆර් නම් අයෙක් ඔහු අතට තුවක්කු දුන්නේය. "පොඩි බොස් කියන්න කිව්වා වැඩිය කල් නෑ කියලා දැනටත් ඒ මහත්තයා ජීවත් වෙනවද ෂුවර් නෑ කියලා ඒ නිසා පුළුවන් තරං ඉක්මනට වෙඩි තියන්න පුරුදු වෙන්න කියලා"

අනුත්ට දැනුනේ  තම හෘද ස්පන්දනය නැවැතුණු බවකි තම පෙම්වතාට හිරිහැරයක්  වීම  ඔහුට දරාගත නොහැකි වනු ඇත . ඔහු තුවක්කුව අතට ගත්තේය.
එහි බරට ඔහු බිම කඩා වැටුණි
"ඔහොම නම් බැ බොසා ඉතින් තුවක්‌කු ව අල්ලගන්න බැරුව මොන ගහ ගැනිලිද "
එසේ කියූ ලුසිෆර් පැමිණ ඔහුගෙ උරහිසට පහර දුන්නේය
"බොසා ගහගන්න දන්නවා වුණාට අතේ හමයි කටුයි විතරයි නේ ඉන්න මන් කියන්නම් වැඩක්"

            ■■■■■■■■■■■■

අනුත් පුදුම වි බැලුවේය තමාව මෙලෙස ගැට ගසා ඔහු කුමක් කරන්න යනවාද යන්න ඔහුට ගැටලුවක් විය
"බොසා භය වුණාද බඩසම කරන්න යනවා කියලා භය වෙන්න එපා බොසා මන් නැ නේ ඔය කොලු සීන් වලට"
අනුත්ව ගැට ගසා තිබුණේ බාර් එකකය .
"බොසා දැන් ඔහොම ඉඳගෙන ඔය පොල්ලෙන් උඩට එන්න"
අනුත් කඹය දෑතේ පටලවා ගෙන බාර් ගැසීම ආරම්භ කලේය. මුලදී අසීරු වුවත් කීප වතාවක් කරන විට ඔහුට එහි රිද්මයක් සොයා ගැනීමට හැකි විය.

Soft Zone Waar verhalen tot leven komen. Ontdek het nu