Chapter 10

153 24 13
                                    

       සේවකයන් අනුත්ව ජන ශූන්‍ය ස්ථානයකට රැගෙන ආවේය. එහි තිබු ගරා වැටුනු නිවසකින් මුහුණ වසා ගත් තැනැත්තෙකු  නිතිල්ගේ සිහිසුන් සිරුර ඔසවාගෙන ආවේය.අනුත් වහාම ඉදිරියට ගොස් ඔහුව තම තුරුලට ගත්තේය.

නිතිල්ගේ තත්ත්වය දුටු විට ඔහුට කඳුළු නැගිණි.

"අනේ මගේ පන මෙතැනින් පස්සේ ඔයාට කිසිම කරදරයක් වෙන එකක් නෑ"

ඔහු නිතිල්ව  නිවසට රැගෙන ආවේය. නිතිල් 9 වසරේදී ඔහුගෙ දෙමාපියන් මියගිය පසු ඔහු සිටියේ ඔහුගෙ පුංචි හා බාප්පාගේ නිවසේයි. පුංචි හා බාප්පා ඔහුට සැලකුවේ ඔවුන්ගේ දරුවෙක්ට මෙනි. නිතිල් සිය නැන්දා අතින් අපහරණය වීම ගැන ඔවුන් දැන සිටියේය. ඔවුන් එම නිසාම තවත් නිතිල්ට සෙනෙහස දැක්වූයේ ඔහුට නැවැතත් එවන් අත්දැකීමකට මුහුණ පෑමට නොදෙන්නේ යැයි සිතාගෙනයි මීට දෙවසරකට පෙර ඔවුන් දෙදෙනාම අනතුරකින් මිය ගිය අතර එයින් පසු අනුත් නිතිල් සමඟින් මෙම නිවසේ දිවි ගත කලේය.

නිතිල් පැවැසූ පරිදි ඔහුගෙ නැන්දා මියගොස් තිබුණි.නමුත් ඇය නැවැත පැමිණියේ කෙසේද යන්න අනුත්ට ගැටලුවක් විය.

" දවසක් ගෙදර කවුරුත් නැති වෙලාවක මාව කාමරේ තියාගෙන ඉන්නකොට මගේ අයියා ආවා එයාට තරහ ගියා ,මොකද එයා මට ගොඩක් ආදරෙයි එයා ලොකු පොල්ලකින් ගැහුව පාර එයා වැටුණා හුස්ම ගත්තෙත් නෑ. අපි ගොඩක් භය වුණා. කාමරේ ලේ තිබුණේ නැ .අපි එයාව අමාරුවෙන් වත්ත පහල තිබුණ වලට දාලා ආවා ඇවිත් අපි ගෙදර  හෝදලා  එයාගෙ බඩු පිච්චූවා  කවුරුත් දැනගත්තෙ නෑ එයාට මොනවා වුණාද කියලා"

එසේ නම් ඇය සිහි අහිමිව ඉන්නට ඇති නමුත් මේතරම් කාළයක් ඇය නොපැමිණි හේතුව ඔහුට සිතා ගැනීමට නොහැකි විය.
කෙසේ නමුත් ඇය අද මිය යා යුතුයි.

ෂේන් හා ආරාධා නිවසින් පිටතට ආවෝය.
" මල්ලී"  ෂේන් බෙරිහන් දුන්නේය.
ෂේන් ,නිතිල්  එක කුස උපන් සහෝදරයෝ විය.
නිතිල්ගේ  පෙනුමෙන් තත්ත්වය තේරුම් ගත් ඔහු "කව්ද"
"උබේ නැන්දා"
"ඒත් ඒකි"
"ඒකි මැරිලා නෑ මං ඒකි අනිවා මැරෙන්න වග බලා ගන්නවා"
අනුත් ස්ථිර හඬින් කීවේය.
"උබලා දන්නවා නේ කරන්න ඕනේ දේ" අනුත් ෂේන් හා ආරාධාගෙන් ඇසුවේය.
ඔහු ඉඟි කල දේ ඔවුන් තේරුම් ගත්තහ.
"මන් යනව බං මිස්ටර් වික්‍රමආරච්චිට දුන්න පොරොන්දු ඉෂ්ට කරන්න"
"ඒ බල්ලා ,අනුත් උඹ කොහොමද ඌගෙ රූකඩයක් වෙන්නේ " ආරාධා ඇසුවේය.
"නිතිල් වෙනුවෙන් ඕනම දෙයක් , උබලා පරිස්සමෙන් හොදේ, මුන් මිනිස්සු නෙමේ යක්කු ...මට විශ්වාස නෑ මුන් කිව්ව දේ කරයි කියලා ඒ නිසා...."
ඔවුන් හිස සොලවා වැටහුණ බව ඇඟෙව්වෝය.

Soft Zone Where stories live. Discover now