chapter 22

57 10 15
                                    

අනුත් විමසිලිමත් බැල්මක් හෙලා
"මොකද්ද?" යනුවෙන් විමසුවේය.
"මට ලංකාවට ආපූ වෙලාවේ ඉදන් පරන දේවල් මතක් වෙනවා. මගේ අතේ කීදෙනෙක්ගේ ලේ ගෑවිලා ඇතිද? මන්... මන් ..." දෙව්හස් වෙව්ලන්නට විය. අනුත් ඔහුව වැළඳගත්තේය.
"හැම දෙයක්ම හරි. ඔයා තවදුරටත් එයා නෙමෙයි.ඔයා දැන් හොඳ පඩියක් ගන්න රස්සාවක් කරන කෙනෙක්." අනුත් පැවසුවේය.

දෙව්හස් අනුත්ගෙ උරහිසට හිස තබාගෙන සිනාසිණි.පලවෙනි පියවර සාර්ථක විය.
දෙව්හස් අඬන්න ඔන්න මෙන්න ස්වරයෙන් මෙසේ කීවේය.
"අයියේ,මට ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න යන්න ඕනේ,මගෙත් එක්ක යමු.මට මෙහේ කවුරුත් නෑ ,ෂේන් අයියලට කරදර කරන්න බෑ ,ප්ලීස්"
කිසිවක් සැක නොකල අනුත් එයට එකග විය.
"ඔයා අපොයින්ට්මන්ට් එකක් දාලා කියන්න මන් එන්නම්" අනුත් එසේ පැවසුවද දෙව්හස්ව අත් නොහැර ඔහුගේ හිස අත ගෑවේය.දෙව්හස්ට යම්තාක් දුරකට වරදකාරී හැඟීමක් දැනිණි.

"අයියේ, මට ඔයාට කියන්න දෙයක් තියෙනවා." දෙව්හස් මඩ නිහඬතාවයකට පසු පැවසුවේය 
"එපා,මන් දන්නවා කියන්න යන දේ ,මට ඒක අහන්න බෑ"
"මන් ඔයාට ආදරෙයි අනුත්"
"මල්ලි ඔයා පොඩ්ඩක් හිතන්න,මන් ඔයාට වඩා සැහෙන වැඩිමල්. ඔයා ඔයාගෙ වයසේ කෙනෙක්ව හොයාගන්න.මට දැන් අවුරුදු 30 ක් වෙනවා.අනික මන් බේබද්දෙක් වගේම මැරුණු කෙනෙක්ට ලව් කරන  කෙනෙක්.තේරුමක් නැති දේවල් කරන්න එපා"
" ඒත් මට ආදරේ කරන්න පුළුවන් නේ මන් තනියෙන් ආදරේ කරන්නම්."
අනුත් වචනයක් හෝ පැවසුවේ නැත.ඔවුන් අතර තිබුනෙ නිශ්ශබ්දතාවය පමණි.

"අනුත් අයියේ, ඔයා එන්නකෝ අපි රට යමු,මන් ඔයාව බලා ගන්නම්"
අනුත් හට කියන්නට දෙයක් සිතා ගත නොහැකි විය.
"දරුවෝ,"
"මට දරුවා කියන්න් එපා.මන් ඔයාගේ ලමයා නෙමෙ නේ. මට නම කියන්න ,දෙව්හස් ."
"දෙව්හස්, මට එහෙම එන්න බෑ තේරුම් ගන්න.මට රස්සාවක් නෑ මන් එන්නෙ මොකටද නිකන් ඉන්නද. ඒක කරන්න බෑ මට"
"ඉතින් අපි රස්සාවක් හොයමු"
"මන් වගේ එකෙක්ට රස්සාවක් දෙන්නේ නෑ කවුරුත්,මන් මර්ඩරර් කෙනෙක් ඒක කලේ ඩිෆෙන්ස් එකට වුනත්.මන් හිතන්නේ නෑ මට රස්සාවක් ලැබෙයි කියලා"

"අපි ට්‍රයි කරමු ඉතින්.. අපි හරියටම දන්නේ නෑ නේ රස්සාවක් ලැබුනොත් එහෙම.."
"ලැබුනොත් මගේ බීමත්කම හින්දා ඒක නැති කර ගනී මන් ... මන් අවුල් ජාලයක් දෙව්... ඔයාට මාව හදන්න බෑ ..මන් ඔයාව පහලට ඇදගෙන යයි මාත් එක්ක්ම"
"එහෙම වෙන්නෙ නෑ ... මට විශ්වාසයි .. ඔයා නිසා තමයි මන් මෙහෙම ඉන්නේ අයියේ නැත්තම් මන් තවමත් මැරයෙක් විතරයි.ඔයයි මට මගේ ජිවිතේ හදාගන්න චාන්ස් එකක් දුන්නේ.මට ඕනේ ඔයාට උදව් කරන්න"
"ඔයා මට උදව් කරන්න ඕනේ නෑ ..මන් බලපොරොත්තු වුනේ එක දෙයයි ඒ ඔයා හොදින් ඉන්නවා දකින්න මට ඒක ලැබුනා. ඉතින් මන් වෙන දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ"

Soft Zone Where stories live. Discover now