chapter 3

306 38 9
                                    

■අතීතය ■

ඔහු සිටියේ බිම වැටී තුවාල සහිතවයි. ඔහු නැගිට ගත්තේය. 
"උඹ මන් තරං දක්ෂ නෑ කියලා මන් පලි
ද? කෙල්ල එක්ක රොන්දේ යන වෙලේ ප්‍රැක්ටිස් කලා නම් ඉවරයි නේ " ඔහු තම
මුහුනේ ඇති වැලි පිසදමා පැවැසීය.
"උඹ එනවද බල්ලො මට උගන්නන්න "
අනිකා එසේ පවසමින් ඔහු ගෙ කොලරයෙන් අල්ලා ගත්තේය.

"මොකද්ද මෙතන මේ වෙන්නේ "
එහි සිටි පිරිස එකවරම කලබල විය.

"අනුත් අයියේ , අපි මේ "
අනුත් ඔවුන් දෙස හෙළුවේ එතරම් යහපත් බැල්මක් නොවීය තමන් විහින්
කරදරයක වැටුණු බව ඔවුන්ට තේරුණු බැවින් මඩ දූවිලි වැදුණු නිල ඇඳුම ඇඳ සිටි සිසුවා හැර අන් සියල්ලම මග ඇර ගියේය

ඔහු තරමක් බිය වීය. අනුත් යනු මෘදු කරුණාවන්ත අයෙක් වුවත් ඔහුව තරහ ගැස්වීම නොකළ යුතු බව මුළු පාසලම
දැන සිටියහ.
ඔහුද හෙමින් සීරුවේ ලිස්සා යන්නට උත්සහ දැරීය .
"ඔහොම ඉන්න, නිතිල් නේද නම"
ඒ හඬ හිතුවාට වඩා මෘදු විය.
"ඔව් අයියේ"
"එන්න තුවාල වෙලා නේද බේතක් දාගන්න යමු"

අනුත් අනිකා දෙස බලා සිටියේය. නිතිල්
යනු පාසලේ දැල් පන්දු කණ්ඩායමේ ජවසම්පන්න ක්‍රීඩකයෙකි එමෙන්ම ඔහු
කවි සහ කතා ලියන අයෙකි. අනුත් ඔහුගෙ සියලුම පොත් කියවූ අතර ඔහු ඒවා සදහා විචාර ද ලිවිය.

අනුත් ඔහුව රැගෙන ගියේ තමන් නිතරම සංගීත පුහුණු වීම් කරන කුඩා කුටිය වෙතටයි. පියානෝව කුඩා බංකුව සහ වයලීනය එම කුඩා කුටිය අලංකාර කර තිබුණි. පසෙකින් තිබු කුඩා  පෙට්ටියක් ගත් ඔහු එය විවෘත කර තුවාලය පිරිසුදු කිරීම කලේය
"ඇයි මේ වලි දාගන්නේ . බාස්කට් බෝල් ටීම් එකේ කැප්ටන් වෙන්න නේද ඉන්නේ " අනුත් විමසුවේ මෘදු හඬිනි.
"ඒක තමයි ප්‍රශ්නෙ ඌට නැතුව මට හම්බුනා කියලා "
"ඉතිං ඒකට උබට ගහන්නේ ඇයි. අනික උන් ගහන්න ආවම චණ්ඩියා වෙන්න යන්නේ නැතුව පාඩුවේ ඉන්නවා. නැත්තන් සර්  කෙනෙක්ට  කියනවා " අනුත් ඔහුට කියද්දී එය  ඔහු සාවධානව අසා සිටියේය.
නිතිල් අනුත්ට ගරු කලේය.  ප්‍රධාන ශිෂ්‍ය නායකයා එමෙන්ම සමස්ථ ලංකා කරතේ හා සංගීත තරගවලින් නිරතුරුවම ඔහු ප්‍රථම ස්ථානයට පත් විය
නමුත් ඔහු කිසිවිටෙක රණ්ඩු වලට පැටළුණේ නැත.ඔහු ඒවා නිශ්ඵල ලෙස හිතන බව නිතිල් දැන සිටියේය.
"ඒත් අයියේ  අපේ සටන් අපිම කරන්න ඕනේ .නැත්තන් අපිට වෙන්නේ දුක් විඳින්න. "
"ඉවරයි "
"හෑ" ඔහු පුදුම විය
"බේත් දාලා ඉවරයි "
"තැන්ක් යූ බං  "
අනුත් බංකුව උඩ වැඩිවී පියානෝ වාදනය ආරම්භ කලේය. නිතිල් එහි සිට ඔහුගේ වාදනයට සවන් දුන්නේය.
සංගීතය ඔහුගෙ ආත්මය සුවපත් කරන්නාක් මෙන් ඔහුට දැනිණ.අතීතයේ රිදුම් හෙමින් තුනී වි යනු ඔහුට දැනිණ

        ○•••••••••••••••••••••••••••••••••○

■වර්තමානය■

ඔහු තවමත් පුදුමයෙන් බලා සිටියේය . එම වදන් ඔහුට මතක් කලේ ඔහුවය .
"නිතිල් " ඔහු සෙමින් මිමිනුවේය.
ඔහු ට හුස්ම ගැනිමේ අපහසුවක් දැනුණි.

To be continued........
ලස්සනයි නැතුව කතාව ගැන කියාගෙන යන්න.
කතාව ගැන හොඳ comment දෙකක් හරි තිබ්බොත් හෙට තව එකක් දෙනව

Soft Zone Where stories live. Discover now