chapter 18

80 10 11
                                    

අනුත් හැඟීමක් නැති දෑසින් බලා සිටියේ නිතිල්ගේ සොහොන් කොත දෙසයි.ඔහුට දැනුනේ හිස් බවකි. සත්‍යය නම් ඔහු කලෙක නිතිල් හට පෙම් කල බවයි.නමුත් ඔහු සම්බන්ධයකට නිතිල්ගේ ඇති අකමැත්ත වටහාගෙන සිටියේය.එම නිසාම ඔහු එම හැඟීම් සඟවා ගත්තේය.පසුකාලීනව එම
හැඟුම් නැතිවී ගොස් ඒ වෙනුවට සහොදරත්වයක් ඇති විය.එනමුදු මේ මිය ගොස් සිටින්නේ තමන් කලක් පෙම් කල තරුණයායි. කලෙක තමන්ගේ දිවියට ආලොකයක් ගෙන ආ පුද්ගලයයි. ඔහු නැවත නොඑන බව ඉර හඳ මෙන් තහවුරුය. තමන්ට දෙවසරකින් බාල වූ නිතිල් විහත්ම දැන් අවසන් ගමන් ගොසිනි.

ශේන් උන්නේ නිම් නොවෙන කෝපයකිනි. එය කවරෙක්ගෙන් පිටකර ගන්නද යන්න ඔහු දැන සිටියේ නැත.මේ සියල්ල සිදු වීමට මුල් වූ තැනැත්තා ජිවතුන් අතර නැත. නමුත් ඔහුගේ නොවන නාමික පුතා ජිවතුන් අතර සිටි.ශේන් සොහොන් කොත අසල සිටින අනුත්ට පයින් පහර දුන්නේය.
"ශේන්"

ඔහු සෙලවුණේ හෝ නැත.
"මේ ඔක්කොම තොගේ මහ එකා නිසා ඒ පකයා මගේ එකාගේ මුලු ජිවිතේම විනාස කලා.ඌව රේප් කෙරෙව්වා. දැන් ඌව මරල දාලා. තොපිට හෙණ ගහලා මදි.බල්ලො,තිරිසන්නු" එසේ පවසමින් ඔහු අනුත් හට පහර පිට පහර එල්ල කලේය.
"මට සමාවෙන්න...." අනුත් වේදනාවෙන් පැවසීය.
"මගේ අප්පා කියල හිතන් හිටපු එකා කරපු හැමදේකටම මන් සමාව ඉල්ලනවා.උබට ඇති වෙනකන් ගහපන් ...ඕනේ නම් මාව මරපන්...."අනුත් සන්සුන් ලෙසින් කීවෙය

කොහිදෝ හිඳ ආරාධා කඩාපාත් නොවන්නට ඔහු සත්‍ය වශයෙන්ම අනුත්ව මරා දමන්නට තිබිණ.
"මනුස්සයෝ,ඔහොම කලාම හරි යනවද ?
උබ මූව මරා ගත්තම හරි යනවද ...?
වික්‍රමාරච්චි මැරිලා ඉවරයි ශේන්.. අනුත් කියන්නේ උගේ ලේවත් නෙමෙයි.ඇයි ඌට දඩුවම් කරන්නේ..." ආරාධා බොහො අපහසුවෙන් ශේන්ව අනුත්ගෙන් ඉවතට ගෙන ගියාය.

අනුත් හිරේ යාමෙන් වැලකුනේ පුර්වයේ පිනකට මෙනි.වික්‍රමාරච්චි ඝාතනය සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල නොවුයේ එය ආත්ම ආරක්ශාවට කලක් බව ඔප්පු කිරිමට සමත් වීම නිසාවෙනි.එමෙන්ම වික්‍රමාරච්චිගේ යට ගැසී තිබුනු සියලුම අපරාධ එලියට පැමිණියේය. ඔහුගේ සහචරයින් බොහොමයක් අත්අඩංගුවට පත් විය. ඔහුගේ සියලුම දේපළ රාජසන්තක කෙරිනි.

Soft Zone Donde viven las historias. Descúbrelo ahora