Chapter 8

156 20 28
                                    

අනුත්  සිටියේ කලබලයට පත්වයි. ඔහුගෙ පෙම්වතා කරදරයක බව ඔහුගෙ සයවැනි සංවේදනය ඔහුට පැවැසීය.නමුත් ඔහුට ඒ පිලිබදව කිරීමට කිසිවක් නොතිබිණි.
අවසානයේ ඔහු තිරණය කලේ තමන්  එම කල්ලියේ මූලස්ථානයට රහසේ ඇතුළු වන බවයි. ඔහුට සැලැස්මක් නොතිබුණි.ඕනෙම දෙයකට මුහුන දීමට සිතාගෙන ඔහු එම මූලස්ථානය පෙදෙසට ගියේය.එහි ඇතුළු වීමට ඇති රහස් ක්‍රමය කුමක් වන්න ඇතිද ඔහු කල්පනා කලේය. Blood maniacs ලට ඔවුන්ට ආවේණික පච්චයක් තිබුණා අතර එය සැඟවූ රහස් කේතයක් විය මෙහිද එවැන්නක් පැවැතීමට හැකිය. ඔහු ඒ දෙසට පැමිණෙමින් සිටි අයකු ගෙ පසු පසින් ගොස් අල්වා ගත්තේය. අවසානයේ ඔහුට මාංචු දමා පාලනය කරගැනීමට සමත් විය.

"මේක ඇතුලට යන විදිහ කියනවා"
අනුත් ඝෝෂාකාරී නොවූ නමුත් දරුණු හඬකින් විමසීය.
මං දන්නේ නෑ මන් කියන්නේ නෑ ඔහු ට කෑගසන්නට නොහැකි වෙන්න අනුත් ඔහුගෙ ගෙල වටා පටියකින් සිර කර තිබුණි. ඔහුට මිමිනුමක් හැර වෙනත් කිසිවක් පිට කිරීමට නොහැකි  විය

"මැරෙන්න ආස නැත්තං කියනව කොහොමද යන්නේ ඇතුලට"
ඔහු සරදම් සහගතව සිනා සී
"කියන්නේ නෑ කැමති දෙයක් කරනවා"
එකවරම මාංචු දමා සිටි තැනැත්තාගේ හිසට තදබල පහරක්  වැදුණි.

"මොන මගුලක් කරනවද අයිසේ හදන්නේ තමුසෙගෙ මහා ලොකු ප්‍රේම කතාව නිසා කල්ලි දෙකක් මරා ගන්න වැඩ කරන්නද "
Devil ගෙ හඩ අනුත් ගෙ කන්  බීරි කරමින් නැගුණු අතර දඩස් යනුවෙන් Devil ඔහුගෙ
මුහුන මැදට පහරක්  දුන්නේය.

"තමුසෙ හදන්නේ කන්න දුන්නා අත හපා කන්න හුත්තා තොට ඕනේ විදිහට යන්න අම්බලමක් නෙමේ එ. තෝ අහු වුණොත් අපි ඔක්කොම වලේ පකයෝ"

අනුත් හිස බිමට බර කරගෙන ඔහු කියන දේ අසා සිටියේය. තමන් හැඟිම් වලට වහල් වී ක්‍රියා කල බව ඔහුට වැටහිණි.නමුත් තමන්ගේ ආදරය දුක් විඳින විට ඔහු නිකන් බලා සිටින්නේ කුමන සිතකින්ද

"එය කරදරයක ඉන්නේ අනේ ප්ලීස් මට උදවු කරන්න මාස දෙකක් එයාට ඔය අපායේ ඉන්න බැරි වෙයි"

ඩෙවිල් කේන්තියෙන් තොර හිස් සීතල හැගීමකින් ඔහු දෙස බලා සිටියේය.
"යමු ඇතුලට" ඩෙවිල් කීවේය.
"ඒත් කොහොමද"
ඩෙවිල් අනුත් අතට පිහියක් හා පිස්තෝලයක් දුන්නේය.ඉන්පසුව ඔහු මාංචු දමා සිහි නැතිව සිටි මිනිසාට වෙඩි තැබීය.

Soft Zone Where stories live. Discover now