Chapter 17

88 10 22
                                    

හාත්පසින්ම ගිනි දළු ඇවිලුනේ  සියලු දෙනාට හුස්ම ගැනීමට අපහසු කරමිනි.
සියලු දෙනාම මාංචු දමා සිරකර තිබූ නිසා  එලියට යාමට මාර්ගයක් නොවීය.

"එහෙනම් මේක තමයි අවසානය"අනුත් මද සිනහවකින්  පැවසුවේය.
"එහෙම මේක ඉවර වෙන්නෙ නෑ" එසේ කියූ දෙව්හස් මාංචු බිඳ දමාගෙන නැගිට්ටේය.
"ඔයා කොහොමද....." ආරාධා පුදුම වුනාය.

"අමතක වුනාද මම රුද්‍ර කෙනෙක්. අපිව පුහුණු කරන්නෙ මීට වඩා දරුණු සිටුවේෂන් වලට"

ඒ වන විටද ගිනිදළු ඔවුන් අසලටම පැමිණ තිබුණි.දෙව්හස් වහ වහා දිව ගොස් සියලු දෙනාගේම මාංචු ගැලෙව්වේය. ඔවුන් පැන යාමට මාර්ගයක් සෙව්වද හාත්පස ඇවිලෙන ගිනි ඔවුන්ගේ පලායාමේ මාර්ග අවහිර කර තිබුණි.

හාත්පස බැලූ නිතිල් දුටුවේ ජනේලයකි.ඔහු වහාම අසල තිබූ පුටුවකින් එයට පහර දුන්නේය.පහරදී ජනෙල් වීදුරුව බිඳ දමා එයින් සියලු දෙනාම නිවසේද ඉවතට පැනගත්තේය.

ඉවතට පැන යන්තමින් හුස්ම අල්ලා ගන්නා විට ඔවුන්ගේ හිස දෙසට එල්ල වූයේ පිස්තෝලයකි.
හිස ඔසවා බලන විට ඔවුන් දුටුවේ වික්‍රමාරච්චි ඇතුළු ඔහුගෙ හෙංචචයියන්ය.

"උඹලා මැරිලවත් පලයන්. මං මෙච්චර කල් කරපු වැඩේ වතුර යන්න දෙන්නෙ නෑ"
ඔහු වෙඩි තැබීමට  සූදානම් වනවාත් සමගම ඔහුගේ අතට විශාල පහරක් එල්ල විය.ඒ නිතිල් විය.

"අපි එහෙම ලේසියෙන් මැරෙන්නේ නැහැ වික්‍රමාරච්චි, අපි මැරෙන්නේ උඹව මරාගෙනමයි"

එසේ කියූ නිතිල්  පා පහරක් වික්‍රමාරච්චි දෙසට එල්ල කරනවාත් සමඟම  සියලුම මැරයන් සහ අන්ඩ්‍රාස් සමගම   නිතිල්ට පහර දීමට ඔහු දෙසට පැමිණියේය. ඔවුන්ගෙන් තුවක්කු කිහිපයක් උදුරාගත් නිතිල් එකක් අනුත් දෙසටද අනික දෙව්හස් දෙසටද විසි කළේය.සටන ඉතා කළහකාරී ලෙස ඇවිලි ගියේය.මැරයින් රැසකගේ මරණයද උදා කිරීමට ඔවුන් සමත් විය.වික්‍රමාරච්චි  පසෙකට වී කෝපයෙන් දැල්වෙන දෑසින් ඔවුන් දෙස බලා සිටියේය. අවසානයේ එක් අයෙකු පමණක් ඉතිරි වන ලෙස ඔවුන් සියලු දෙනාම මරා දැමීමට සමත් වී සිටියේය.

Soft Zone Where stories live. Discover now