BF FOREVER part 73....

Start from the beginning
                                    

( v කෝපගෙන පැවසුවත් ඔහුගේ ඒ හැසිරීම දැක jkගේ මුවින් මහ හඬින් සිනහවක් පිට වන්නට විය )

Jk - මට පේන්නේ......... එක හුරතලයෙක්ට ඊරිසියා හිතිලා වගෙයි.

V - ඊරිසියා?? පුහ් ඊරිසියා කරන්නම කෑලි දෙකනේ. වංගෙඩියයි මෝල් ගහයි වගේ දෙන්නා එක ලග හිට ගත්තාම. Changbin බතලයා එක්ක ජොන් ජන්කුකී ඉරට්ටා..... ඊයාහ්....

Jk - ඒකට කියන්නෙ ඊරිසියාව නෙවෙයි නම් මං changbinගෙ කොහෙන් ඇල්ලුවත් ඔය හැටි කියවන්නෙ මොකෑ ?

V - ඔව් ඔව් මෝඩයාහ්.... මට ඊරිසියයි.

Jk - අනෝ ඉතින්.... ගෙදර වගෙ හිටියනම් මෙලහකට බදාගෙන කිස් කරලා. Cute චූටියා මගෙ.. ඒ ලමයට හරියට steps ටික අල්ල ගන්න බැරි උනා. ඉතින් මං කියලා දුන්නා. ඕකට ඔය හැටි ඊරිසිය ගන්න ඕන යෑ.

V - දැන් තවුසෙට ඊරිසියා නැද්ද මාව යොන්ජුන් කිස් කරද්දි??

Jk - ඊරිසිය නෙවෙයි මාරයා ආවේශ වෙන්නෙ. ඕකව මතක් කරන්නවත් එපා. මං changbinව බදාගෙන කිස් දෙන්න ගියෙ නෑනේ. Dance steps  ටික කියලා දුන්නා විතරයි.

V - ඒ උනාට ආයෙ එහෙම එපා. මං ආස නෑ.

Jk - හරි චූටි සෑර්. ඔයා කියන එකක් තමයි ඉතින්.

????- Excuse me.... මං ඇතුලට එන්නද??

( කිසියම් පුද්ගලයෙකු පැමිණ ප්‍රශ්න කරන්නට වූයේන් අසුනෙන් නැගිටි jk දොර අසලට ගමන් ගන්නට විය )

Jk - අහ් මෙයානේ මේ. මං ඒත් බැලුවා කවුද කියලා.

(පැමිණි පුද්ගලයා සමග jk පන්ති කාමරයට ඇතුල් විය )

Jk - ලමායි.... අපේ ටේලර් මහත්තයා ඇවිත් ඉන්නෙ.... මුලින්ම first team  එක එන්න. ඊට පස්සේ අනිත් team එක එන්න.

( සිසුන් විසින් තෝරාගත් ඇදුම් මෝස්තරය  ටේලර් මහතාටත් පෙන්වූ jk පසෙකින් අසුන් ගන්නට වූයේ සිසුන්ගේ මිමි ලබා ගන්නා නිසාවෙනි )

Tailor - අපි මුලින්ම ගෑණු දරුවන්ගේ මිම්ම අරන් ඉමු නේද??

Jk - ඔයාට හොදයි කියලා හිතෙන විදියක් කරන්න හියුන්ග්....

( පැය භාගෙක පමණ වේලාවක් ගෙන ගැහැණු දරුවන්ගේ මිමි ලබා ගන්නට වූ අතර ඊලග වාරය පැමිණියේ පිරිමි ලමුන්ටයි )

BF foreverWhere stories live. Discover now