BF Forever part 69....

152 26 19
                                    

Part 69....

V - ඇහැරුණාද හියුන්ග්?? දැන් 2.30 යි. දවල් බෙහෙත් බොන්න වෙලාවත් හරි. අඩුද හියුන්ග් දැන්??

( jkගේ හිස අත ගාමින්)

Jk - ඔළුවේ බර ගතියනම් ටිකක් අඩුයි. දවල්ට බෙහෙත් බිව්වා ම අනිත් අමාරුකම් ටික හරි යයි. ඒ බෙහෙත්වලට නින්ද යනවා චූටි.

V - කෝ එන්න මං ලඟට.

( තම පපුවට තුරුළු කර ගනිමින් )

V - හියුන්ග්.... මං social mediaවල search කරලා costume  ටිකක screen shot ගහ ගත්තා. Designed ටික බලන්නකෝ.  හොදයි වගේ නම් අපිට කැමති colours  වලින් මහ ගන්න පුළුවන්නෙ.

Jk - අනේ චූටි ඔයාගෙත් ඔළුවට නිදහසක් නෑ නේද මේ competition  එකක් නිසා??

V - එහෙම නෑ හියුන්ග්. කොහොමත් නිකන් ඉන්න එකනේ. මං ආසාවෙන් හෙව්වේ. ඔයා බලන්නකෝ.

( තම ජංගම දුරකථනය jk අතට දෙයි. බොහෝ කාල වේලාවක් ගත් jk  v ලබාදුන් ජායාරූප වලින් costume  කිහිපයක් තෝරා ගන්නට විය )

Jk - හැම එකක්ම මාරම ලස්සනයි චූටි. හිතා ගන්න බෑ මොකක් select  කරන්න ද කියලා. බැලූ බැල්මට නම් expensive  වැඩියි වගේ. Class එකේ දරුවන්ට ඔය හැටි මුදලක් ගෙවන්න නැති වෙයි චූටි.

V - අනේ මේ හියුන්ග් ඔයා පැහෙන්නෙ නැතුව ඉන්නකෝ. Appa ඒ හැමදේම බලා ගන්නම් කිව්වනේ. අපි හෙටම ලමයින්ගේ මැෂිමන්ට් ගමු. එතකොට කල් වේලා ඇතිව නීට් එකට costume ටික ready කර ගන්නත් පුලුවන්නෙ.

Jk - ඔයා අද මගෙ හයියට හිටියෙ නැත්නම් මේ වෙලාවෙ හැටියට මං කොච්චර අසරණ වෙන්න තිබුණද චූටි. Love u මැණික. තෑන්ක්ස් හැමදේකටම.

V - love u too මගෙ හියුන්ග්.

( දෙතොල මත හාදුවක් තවරමින් )

V - ඔයා ඔහොමම ඉන්න. මං දවල් කෑම එක අරන් එන්නම් හොදද.

Jk - එපා චූටි. අපි පල්ලෙහාට ගිහින් කමු. මෙච්චර වෙලා කාමරේට වෙලා හිටියනේ.

V - ම්ම් කෝ එන්න. මගෙ කරට අත දාන්නකෝ. මං එක්කන් යන්නම් ඔයාව.

( jkව ඉතා ප්‍රවේශමින් පහත මාලයට රැගෙන යන්නට විය)

Jin - මගෙ පුතා ඇහැරුණාද?? දැන් කොහොමද පුතේ? මං තව ටිකකින් කෑම ගේන්න හැදුවේ කාමරේට.

BF foreverWhere stories live. Discover now