BF FOREVER....

152 21 6
                                    

Part 13....

Jk - දැක්ක ද චූටි සර් එයාගේ හුරතලේ??

V - ම්ම් ඔව් එයාගේ වොයිස් එක හරි කියුට්. ඔයාට ගොඩක් ආදරෙයි වගේ. මොකක්ද අර මල්ලි බබෙක් ද කවුද කෙනෙක් ගැන ඇහුවේ?

Jk - ඔව් චුටි සර්. උදේට මෝනින් හග් එකයි කිස් එකයි , රෑට් ගුඩ් නයිට් හග් එකයි කිස් එකයි නොදී හිටියොත් මට දවස් ගාණක් යනකන් කන් දෙකට ඇබ ගහන් ඉන්න වෙන්නෙ. ආහ් ඒකද???? මං එයාව බය කරලා තියෙන්නෙ මෙහෙ මල්ලි බබෙක් ඉන්නවා කියලා. පව් එයා හිතන්නෙ මල්ලි බබා කියන්නෙයි චූටි සර් කියන්නෙයි දෙන්නෙක් කියලා.

V - මට ද මල්ලි බබා  කියන්න් එතකොට??

Jk - හරි හරි ඒ සූකිරි බඩිල්ලව ජෙලස් කරන්න ඕන නිසයි එහෙම කිව්වෙ. සොරි..

V - අපි යමුද ඔයාගේ මල්ලි බලන්න?? මට ආස හිතුණා එයා එක්ක කතා කරන්න.

Jk - මට ප්‍රශ්නයක් නෑ චූටි සර්. ඒත්..... මේ.... ඒ....ත්....

V -   ඔයා අකමැති නම් කමක් නෑ jk ඒක ප්‍රශ්නයක් නෙවෙයි.

Jk - න් නෑ චූටි සර්.... අපි ඉන්නෙ හරිම දුප්පත් ගෙදරක. එහෙ චූටි සර්ට සැප පහසුව මදි වෙයි කියලා මට බයයි.

V - මොකක්ද ඒ කියන කතාව?? මෙච්චර ලොකු ගෙදරක හිටියා කියලා ඔයා මං ගැන එහෙම හිතන්න එපා. අඩුම තරමේ මගෙ අප්පා , ඔම්මා ගැනවත් එහෙම හිතන්න එපා. ලොකු ගෙයක් තිබුනා කියලා අපි සැප පහසුව ම  හොයන්නෙ නෑ jk. මාත් ආසයි සරලව ජීවත් වෙන්න.

Jk - ඕ මයි ඕ මයි ඕ මයි ගෝඩ්..... හත්තික්කේ චූටි සෑර්ට සෑහෙන්න කේන්ති යනවනේ අනේ. හරි හරි අපි යමු. චූටි සර්ට ඒවගේ තැනක ඉන්න එක ගැටලුවක් නෙවේනම් අපි දැන් උනත් යමු.

V -  ඔහොමම ඉන්න මං ඉක්මනට change කරන් එන්නම්.

( එහෙම කියපු v හරි ආසාවෙන් එයාගේ room එකට ගිහින් ඇදුම් මාරු කරගෙන පල්ලෙහාට ආවා)

V - හරි මං redy. අපි යමු.

Jk - ලොකු සර් මට බනියිද දන්නෙ නෑ චූටි සර්ව අපේ ගෙදර එක්කන් ගියා කියලා.

V - විකාර නැතුව ඉක්මනට යමුකෝ අපි. ඔයාගේ මල්ලි මොනවගේ කෑමවලට ද ආස?එතකොට toys එහෙම තියේද එයාට?

BF foreverWhere stories live. Discover now