BF FOREVER part 73....

Start from the beginning
                                    

Jk - දැන් ඊයේ අරුන් එක්ක පොර බැඳලා බැඳලා මෙතන පණක් ඇතුව dance කරන්න ශක්තියක් තියෙනව ද තමුන්ට??

( තරමක් කෝපගෙන )

V- ගිහින් නටා ගන්න එකයි ඇත්තෙ. මටෝන්නෑ කෙහෙම්මල් ප්‍රැක්ටිස්.

Jk - මහන්සි නැත්නම් එනවා ඉතින්. පණ්ඩිතයනේ කොහොමත්.

( කෙසේ හෝ අවසානයේ vත් නර්තන පුහුණුව ආරම්භ කරන්නට විය )

AFTER 3 HOURS....

Jk - yeah thats good...... perfect ලමයි.... ඔයාලා නියමෙට dance කරනවා. චූටි චූටි අඩුපාඩු ටිකක් දැක්කා. දැන් පුංචි break එකක් ගන්නකෝ. අපි break එකෙන් පස්සේ ඒ අඩුපාඩු ගැන කතා කරමු.

( සමහරක් සිසුන් වෙහෙස දරා ගත නොහැකිව  බිම හාන්සි වූ අතර තවත් සමහරු වතුර බෝතල් හිස් වන තුරු පානය කරන්නට විය.)

Jk - මහන්සි නෑ????

( වගේ වගක් නොමැතිව දහඩිය පිස දමමින් සිටින v දෙස බලමින් jk ප්‍රශ්න කරන්නට විය )

V - නැහ්.

Jk - Break එකක්වත් නැතුව පැය තුනක් එක දිගට dance කරලත් මහන්සි නෑ කියන්නෙ පුදුම මනුස්සයෙක්නෙ මෙයා.

V - හා.

Jk - මොකෝ දැන් පුප්පන්නේ?? එපා කියද්දිත් කොහොම හරි practice  කරන්න ආවනේ බලෙන්ම. ආයේ මොනාටද ඔය මූණ පුම්බන් ඉන්නෙ?

V - නිකන්.

Jk - මාව කේන්ති ගස්සන්නැතුව හේතුව කියන්න චූටි. මොකද තරහින් වගේ ම්ම්?? මං ආස නෑ ඔහොම ඉන්නවට.

( v අසලින් අසුන් ගනිමින් )

V - මං දැක්කා ඔක්කොම.

Jk - මොනා ද??

V - ඔක්කොම.

Jk - මොනාද අනේ කියන්නෙ?? තේරෙන්න කියන්නකෝ.

V - අර බතලයා එක්ක dance කරපු හැටි මං දැක්කා.

Jk - කවුද බතලයා?? Academy  එකේ මහත ලමයි නෑනේ චූටි.

V - ඒ උනාට මට වැඩිය මහතනේ.

Jk - කවුරු ගැනද කියන්නෙ අනේ?? කේන්ති ගස්සන්න එපා හරිද ගොඩක් හොදින් කියන්නෙ.

V - යාහ් ජොන් ජන්කුකී මං කතා කරන්නෙ changbin බතලයා ගැන. තවුසේ ඒ බතලයගේ ඉණ දෙපැත්තෙනුයි අත් කකුල්වලිනුයි අල්ලන් dance කරන හැටි  මං දැක්කා.

BF foreverWhere stories live. Discover now