🍁එකසිය එක්වෙනි දිගහැරුම🍁

Start from the beginning
                                    

" දැන් පොත් නැති නිසාද ඒ ගැන හිතන්නවත් අමාරු ?"

" තව හේතු තියෙනව ඉතිං ...."

මන් බිම බලාගෙන කිව්වට පස්සෙ එයා මගේ කොණ්ඩෙ අවුල් කරල දැම්මා....

" නිදහසේ ඉන්න වෙලාවක හිතන්න.....ම්..... "

" ම්...... අනුක් අයියා එක්ක කතා කලාම නම් මාර සහනයක් දැනුනා මට.... එයා මාව motivation කලා වගේ .... අතාරින්න හිතුන හැම හේතුවක්ම මට හිතන්න බැරි වෙන්න එයා වහල දැම්මා.....ඒක හරියට මට නිදහසට කියන තිබුන හැම හේතුවක්ම එයා නැති කරල දැම්මා වගේ......"

" දැන් ගෙදර ගිහින් හිතන්න මොනවද කරන්නෙ කියල ..... ආයෙ එක්සෑම් කරනව නම් පොඩ්ඩක් ක්ලාසස් එහෙ මෙහෙ කරගෙන ටයිම් එක හදාගන්න.... සෙල්ලම් කරන්න ඕනෙ නම් යන්න..ඒව නවත්තන්න එපා.....පෝන් එකෙන් ඈත් වෙන්න.....ම්...... මගේ පැත්තෙන් ඔයාට කරන්න පුලුවන් හැමදෙයක්ම මන් ඔයාට කරන්නම්....ඔයාගෙ පැත්තෙන් වැඩේට ෆෝකස් කරල මේ පාර නම් හරියටම කරනව කියල අධිෂ්ඨානය තියාගෙන වැඩ කරන්න....."

එයා කිව්වම මන් ආයෙ ලොකු හුස්මක් ගත්තා....

" හිතුනොත් මම කළුතරින් බෝඩිමක් හොයාගන්නව.... මට පරණ ගුරුවරු නැතුව ක්ලාස් යන්න බැහැ වෙන අයගෙ.... පරණ ගුරුව........"

මන් එහෙම කියල එයාගෙ මූණ බලද්දිම මට ආයෙ මතක් උනේ මන් කොහොමද ආයෙ බයෝ මිස් ළගට ගිහින් ඉගෙන ගන්නෙ කියල ....

මට හිතුන දේම එයාටත් හිතුන නිසා එයාගෙ මූණ අප්සට් යද්දි මන් ඔළුව දෙපැත්තට ගැසුවා....

" අලල්ලා දාන්න..... ඒ ගැන කතා කරල වැඩක් නැ "

මන් කිව්වෙ.....

" අනුක් අයියාට උනත් ආයෙ ක්ලාස් කරන්න කියල ඉල්ලන්න බැහැනෙ අයියේ.... ඒ මනුස්සයත් නිදහසේ ඉන්න දවසෙනෙ ඔය පොඩි ගානකට මට ක්ලාස් එක කලේ...... එහෙම බැලුවම යාපනේම ක්ලාස් යන එක හොදයි වගේ..... "

" ක්ලාසස් යන්නම ඕනෙද ඔයාට ?"

අයියා අහද්දි මන් කල්පනා කලා......

" ම්ට දැන් අමතකයි සේරම..."

" නෝට්ස් හොයාගෙන වැඩ පටන් අරගෙන බලන්න... බොරුවට ක්ලාස් වල පැය පහ හය පුටු රත් කරනවට වඩා ඔයාට තනියෙන් වැඩ කරන්න වෙලාව ඉතුරු කරන එකනෙ වටින්නෙ..... ඔයාට බැහැම කියල හිතෙනව නම් යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක්ව හරි සර් කෙනෙක්ව හරි ගෙදරට ගෙන්නගන්න.... ඔයා තනියෙම කරගන්න දෙයක්නෙ ඉතුරු වෙන්නෙ...."

Hollow Spirit🍁 [ Zhanyi Complete  ]Where stories live. Discover now