🍁එකසිය එක්වෙනි දිගහැරුම🍁

1.7K 272 22
                                    

.
.
.
.
.
.
.
.
🍁🍁🍁🍁🍁🍁

අපි ආයෙ අයියලගෙ ඔෆිස් එක තිබ්බ තැනට එද්දි වෙලාව දොළහ විතර උනා.... මන් වාහනෙන් බහිද්දිම අයියා ඉස්සරහ ඉදගෙන ඉදිය නිසා එයායි මමයි එහෙන්මම ඇවිදගෙන ආවෙ එයා reservation එකක් දැම්මා කියපු කොරියන් රෙස්ටුරන්ට් එකට....

ඒ රෙස්ටුරන්ට් එකට වැඩි දුරක් නැති නිසා අපි පයින් ඇවිදන් ගියේ හෙවණ ගස් පිරුණු පාරක් මැද්දෙන්.... ප්‍රධාන පාරෙන් යන්න පුලුවන් කම තිබුනත් එයා කිව්වා මේ පාරෙ අපිට නිදහසේ විදගෙන යන්න පුලුවන් කියල .....


" ඉතිං අනුක් අයියා මොකද කිව්වෙ ..?"

ඒ පාරෙ දෙපැත්තෙම තිබුනෙ මහා විසාලෙට වැවුනු ගස් ජාතියක්.... ඒවයෙ අතු විශාලෙට බෙදිලා ගිහින් තියෙද්දි මුළු පාරම ඒකේන් හෙවණ දෙන්න ඒ ගස් වලට පුලුවන් උනා....

ඒ පාර තිබුනෙත් පොඩි ශෝර්ට් කට් එකක් කියල අයියා කිව්වා.... ගෙවල් නම් තිබුනෙම නැති තරම්.... පාර දෙපැත්තෙම ඉඩම් වල කාර්‍යාල වගේ දකින්න පුලුවන් උනාට ඒවයේ ගේට්ටු විවර උනේ මේ පාරට නොවෙන නිසා පාරෙ සෙනගක් මහ ලොකුවට ඉදියෙ නැහැ ඉදල හිටල යන වාහනයක් දෙකක් මිසක්....

" ම්ම් ?"

එයා කලින් අහපු ප්‍රශ්නෙට උත්තර නොදී මන් තාප්පයක් උඩින් ඇවිදන් යන පූසෙක් දිහා බලන් ඉද්දි මගේ අතින් ඇදල මගේ අතට එයාගෙ අත පටලවාගෙන එයා ආයෙ ඇහුවා....

" වැඩි දෙයක් නෑ.... මගෙන් ඇහුවා එකේක කෝසස් ගැන කියල යන්න කැමතිද කියල ....."

" ඉතිං ?"

" මන් කැමති නැහැ කිව්වම ඉතිං සෙකන්ඩ් එකක් කරන්න කියල කිව්වා...."

" ම්...... මොකද දැන් පැටියා හිතන්නෙ...."

" සෙකන්ඩ් එකක් කරනවා කියන එක මට හිතන්න වත් අමාරු වාක්‍යක්...."

මන් ලොකු හුස්මක් පිට කරල අයියා එක්ක පාරෙ ඉස්සරහට ඇවිදන් ගියේ එයාගෙ අතකට හේත්තු වෙලා...

" MCQ බැලුවට පස්සෙ මට හිතුනා හොද රිසාල්ට් එකක් ඒවි කියල .... අනික යාපනේ ගිය නිසා තමයි මන් තීරණය කලේ පොත් සේරම බෙදල දාන්න.... මතුගම ඉදියා නම් මන් අනිවාරෙන් සෙකන්ඩ් එකත් ටච් එකේ යනව..."

Hollow Spirit🍁 [ Zhanyi Complete  ]Where stories live. Discover now