🍁අනූ හයවන දිගහැරුම🍁

Start from the beginning
                                    

" තව ටිකෙන් කෝවිලේ පූජාවක් තියෙනව.... ඔයාව එක්ක යන්නද මම...අද පොංගල්නෙ.... ඒ පූජාව ගොඩක් හොදයි..."

වාහනේට නැගල ස්ටාර්ට් කරන ගමන් මන් කිව්වෙ එයා පෝන් එක දිහා බලන්ම මන් දිහා බලද්දි....

" යන්..... "

" අප්පච්චීට කිව්වද මෙහෙ එනව කියල ...."

" පැටියා කියන්නකො...."

" ඊව්ව්ව්......"

මන් වාහනේ පාරට දැම්මෙ එයා සීට් එකට හේත්තු වෙලා ලොකු හුස්මක් ගනිද්දි...

" මම අම්මා එක්ක රන්ඩු උනා පැටියො....."

ස්ටෑන්ඩ් එකේ ඉදල ගෙදරට පැය භාගෙක වගේ දුරක් තියෙනව... ටික දුරක් වාහනේ අරන් යද්දි එයා කිව්වෙ මන් දිහා බලාගෙන.......

" මට සදෙව් අයියා කිව්වා...."

" එයා කොහොමද එහෙම තීරණයක් ගන්නෙ.....? මන් ගැන නොහිතා දිනිති ගැන හිතලා....."

" මිස් මොකද්ද දැන් කියන්නෙ..."

" එයා කියන්නෙ දිනිතිව භාරගන්න කියල ..ඒ කෙල්ලව බලාගන්න පිට කෙනෙක්ට දෙන්න බැහැලු..... "

" ඔයා මොකද කිව්වෙ....."

" මන් කිව්වා ඉතිං අයියගෙ ගෑනිව බැදගන්න මට පිස්සුද කියල .....ඉන්න තැනක අයියා උනත් මොනා හිතාවිද කියල .... "

" අපි ගැන කිව්වද ?"

" ම්හ් "

" ඒක හොදයි...... පස්සෙ හෙමීට අපි ගැන කියන්න පුලුවන් ....ඉතිං මිස් මොකද්ද ඉතිං කිව්වෙ...."

" දිනිතිව බැන්දා කියල මට පව් පිරෙන්නැහැලු... අම්මාට තව අවුරුද්දක් දෙකක් දිනිතිව බලාගත්තත් අනාගතේ දිනිතිට යන කලදසාව ගැන එයාට තීරණයක් ගන්න බැරි නිසා තමයි එයා කියන්නෙ ...... "

" ඔයා මොකද්ද හිතන්නෙ මිස්ගෙ තීරනය ගැන "

" දිනිතිගෙ පැත්තෙන් ඒක සාධාරණයි පැටියො.... අම්මලට උනත් හැමදාම ඒ කෙල්ලව බලන්න බෑ.... ඒ කෙල්ලව අහක දාන්නත් බෑ...ඒ ඉන්නෙ අපෙ අයියගෙ දරුවගෙ අම්මා..... ඒත් පැටියො මම....... මම ආදරේ කරන කෙනෙක් මේ ලෝකෙ ඉද්දි මම කොහොමද එහෙම වෙන කෙනෙක් ගැන හිතන්නෙ.... මම කිව්වා මම ආදරේ කරන කෙනෙක් ඉන්නව කියල ....අම්මා හිතන් ඉන්නෙ මම ආදරේ කලේ දිනිතිට කියල ....."

Hollow Spirit🍁 [ Zhanyi Complete  ]Where stories live. Discover now